(ඉන්දිකා රාමනායක)
කොලොන්නාව කුණු කන්ද කඩා වැටීම නිසා විපතට පත්වූවන් සොයාගැනීමේ මෙහෙයුම් කෙරෙමින් පවතින අතරම අවදානමට මුහුණ දී සිටින පිරිස් ප්‍රදේශයෙන් ඉවත් කිරීමේ කටයුතුද කෙරෙමින් පවතී. කුණු කන්දේ විශාල කොටසක් දිරායාම හේතුවෙන් තල්ලු වී පැමිණීම නිසා ඇතැම් නිවෙස් කොයි මොහොතේ හෝ බිමට ඇදවැටීමේ අවදානමකට ලක්ව තිබේ.
ඉවත් කෙරෙන පිරිස් සඳහා කොලොන්නාව බාළිකා විද්‍යාලයේ තාවකාලික පහසුකම් සපයා තිබේ. විපතට පත්වූවන් සොයාගැනීමේ ප්‍රධානතම ගැටළුව වී ඇත්තේ කුණු කන්ද නාය ගිය 14 වැනිදා සිංහල අලුත් අවුරුදු දිනය වූ හෙයින් එම ප්‍රදේශයේ පදිංචිකරුවන්ගේ ඥාතීන් රැසක් එම නිවෙස් කරා පැමිණ තිබීම හේතුවෙන් නිශ්චිත වාර්තා සපයා ගැනීමේ අපහසුවයි.
ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ සහන කණ්ඩායම් වලට අයත් 500 කට වැඩි පිරිසක්, බැකෝ යන්ත්‍ර යොදාගනිමින්, කොලොන්නාවේ නාගහමුල්ල, නීල්ගෙවත්ත, දහම්පුර සහ 23 වත්ත යන ප්‍රදේශ හතරෙන් කණ්ඩායම් යමින් විපතට පත්වූවන් සොයා බලමින් සිටිති. කුණු කන්ද කඩා වැටි ඇත්තේ මීතොටමුල්ල දහම්පුර ප්‍රදේශයේ නිවාස145 ක් පමණ සිද්ධියෙන් විනාශ වි තිබුණි.
නායයෑමෙන් මියගිය 16 දෙනකුගේ සිරුරු මේ වන විට සොයාගෙන තිබේ. ඔවුන්ගේ සිසුරු කොලොන්නාව රජමහා විහාරයේ තැන්පත් කර ඇති අතර ආගමික වතාවත් වලින් පසුව කොලොන්නාව පොදු සුසාන භුමියේ හිමිදන් කෙරෙනු ඇත. සිද්ධියෙන් පවුල් 180 ට අයත් පුද්ගලයින් 625 දෙනකු අවතැන් වි ඇති අතර ඔවුන් කොලොන්නව ටෙරන්ස් ඇන් ද සිල්වා විද්‍යාලයේ රදවා සිටිති.
ඡායාරූප - ෂෙහාන් ගුණසේකර
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 2971ක මුදලක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
අවදානම් කලාපයෙන් පිරිස් ඉවත් කෙරෙයි