(සටහන සහ ඡායාරූප - මහනුවර විශේෂ චමිල් රුපසිංහ)
උඩුනුවර ප්‍රදේශයේ වර්ෂාව සමගින් හමා ගිය දැඩි සුළඟකින් ඊයේ (05) පස්වරුවේ නිවාස 30 කට පමණ හානි සිදුවි ඇති අතර පුද්ගලයන් 120 ක් පමණ අවතැන් වී සිටියි.
මේ අතර නිවාස මතට විශාල ගස් පෙරලීම නිසා කුඩා දරුවෙකු ඇතුලු 3 දෙනෙකු රෝහල් ගත කර ඇති බව උඩුනුවර ප්‍රාදේශිය ලේඛම් නන්දන ගලබොඩ මහතා පවසයි.
දැනට සතියක පටන් මධ්‍යම කඳුකරය දෙසට පවතින අධික වර්ෂාව සමග දැඩි සුලං තත්වයක්ද හටගෙන ඇති අතර ඊයේ පස්වරු 4.30 ත් 5.00 ත් අතර උඩුනුවර ප්‍රදේශයේ රංගම, ලගමුව, කිරිවවුල වැනි ප්‍රදේශයන් හරහා හමා ගිය දැඩි සුළඟ නිසා නිවාස 5කට පමණ සම්පූර්ණයෙන්ම අලාභහානි සිදුවී ඇති අතර අනික් නිවාස මතට විශාල ගස් කඩා වැටීම නිසා අර්ධ වශයෙන් හානි සිදුවි ඇති බව ප්‍රදේශිය ලේකම් පවසයි.
ආපදාවන්වලට ලක්වු පිරිස් ඔවුන්ගේ ඥාති නිවෙස්වල තාවකාලිකව පදිංචි කර ඇති අතර ඔවුන් සදහා අවශ්‍ය පහසුකම් ලබා දිම සදහා කටයුතු යොදා ඇති බවත් නිවාස ප්‍රතිසංස්කරණය කර ගැනිම සදහා රජය මගින් ලබාදෙන ආධාර මුදල් දින 3ක් ඇතුලත තක්සේරු කර ලබාදීමට කටයුතු යොදා ඇති බවද නන්දන ගලබොඩ මහතා පවසයි.
ආපදාවන්වලට ලක්වූවන් සදහා උඩුනුවර ප්‍රාදේශීය සභාව දවුලගල, වෙලම්බඩ, කඩුගන්නාව, ආරක්ෂක හමුදාව හා ප්‍රදේශවාසින් එකතුව සහන සැලසීමට කටයුතු කරමින් සිටින බවද නන්දන ගලබොඩ මහතා පවසයි.
ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්
රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.
මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ
බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ
අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත
ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
වැස්සෙන් - සුළඟින් මහනුවර නිවාස 30 කට හානි