IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


පිටුවහල් කළ රයන් ඇතුළු පිරිස සීඅයිඩී බාරයට

(ටී. කේ. ජී. කපිල)


පාතාල නායක මාකඳුරේ මදූෂ්ගේ උපන් දින සාදයට සහභාගී වීම සදහා ඩුබායි  ගොස් සිටියදී එරට පොලිස් අත්අඩංගුවට  පත්  ජනප්‍රිය නළු රයන් වැන්රෝයන් ඇතුළු පුද්ගලයන් හතර දෙනෙකු අද(04) කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණිමෙන් පසු අපරාධ පරීක්සණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

 එරටින් පිටුවහල් කිරීමෙන් අනතුරුව  ඔවුන්  අද අලුයම ලංකාවට පැමිණ ඇත.
 

මෙම පිරිස අතර වෑන් රැයන් රියන් හිලරි ඇන්ටනි ජෙරාඩ්, කොඩිකාර ආරච්චිගේ චරිත පත්මන්, වලිපිටියගේ සුරාජ් කාවින්ද්‍ය සිල්වා, පතමෙස්ත්‍රිගේ දිමුතු සුරන්ත පෙරේරා සහ මොහොමඩ් කුතුබ්ඩීන් මොහොමඩ් වසීම්ඩීන් යන අය අයත් වෙති.
 
මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළ ආගමන - විගමන දෙපාර්තමේන්තු කවුටර් වෙත පැමිණ සිටියදී , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු සහ ජාතික බුද්ධි තොරතුරු අංශයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන කටයුතු සහ ඔවුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීම සදහා ඔවුන් කාර්යාලයට රැගෙන ගොස් අපරාධ පරීක්ෂණ  දෙපාර්තමේන්තු නිලධාරීන්ට බාර දී තිබේ.
   



අදහස් (16)

පිටුවහල් කළ රයන් ඇතුළු පිරිස සීඅයිඩී බාරයට

ගෝඩ් ෆාදර් Thursday, 04 April 2019 04:12 AM

පාදඩ ලෝකයට දැන ගියත් නොදැන ගියත් අතරමග !!

:       17       116

ravi Thursday, 04 April 2019 04:14 AM

මුළු රටම දෙවනත් කරපු ... වරෙන්තු පිට සිටිය පුද්ගලයන් සමඟ රහසිගතව හමුවීම කුමන්ත්‍රණ කාරීව හැසිරීම ඔවුන් සමග සාදයන් පැවැත්වීම ... මොවුන් ඔක්කොම " මදුෂ්ගේ " හයිය අරගෙන නීතිය හිනස්සපු රයන් අයියලා නේද .. ? නීතියට එරෙහිව නීතියෙන් , ලුහුබඳින පුද්ගලයින් සමග හමුවීම විතරක් .. ලොකු වරදක් නේද ? පුතාව හංගගෙන හිටිය තාත්තව පොලිසියෙන් අල්ලාගෙන ගිහින් හිරේට දාන අපේ රටේ .... අපි දැන් බලමු මදුෂ්ගේ "" රහසිගත මිතුරුකැලට "" මොකද වෙන්නේ කියල .. !

:       44       345

ravi Thursday, 04 April 2019 04:20 AM

කුඩු, කොකයින් , ගංජා , කසිප්පු ..... වලට ඇබ්බැහිවූවන් නොගහන දෙයක් නැහැ නේද ? මේ වගේ මාෆියා සංගමයක් විනාශ කිරීම ... නීතියෙන් අපේ රටට සිද්ද විය යුතු .. විශාල යුතුකමක් ! ! ! .

:       32       66

hemantha Thursday, 04 April 2019 04:34 AM

ඉන්න හැටි ....හිනා වෙවී ...

:       32       53

Mahee Thursday, 04 April 2019 04:47 AM

ඩුබායි සිට මේ පිරිස වරින් වර පැමිණේන හැටියෙන් මට නම් වැටහෙන්නේ එක දෙයයි. ඉතා ඉක්මනින් පරීක්ෂණ අවසන් කර එක්කෝ නඩු දැමීමට නැත්නම් නිදහස් කර යැවීමට ඔවුන් කටයුතු කරන බවයි. අපේ රටේ සැකකරුවන් අවුරුදු ගණන් රිමාන්ඩ් එකේ තියාගෙන ඉඳල අන්තිමට එලියට දානව, සමහරවිට නඩුත් නොදා. අපේ සල්ලි, ඒ මිනිස්සුන්ගේ කාලය, නිලධාරීන්ගේ කාලය… ඔක්කොම නාස්ති වෙනවා. යුක්තිය පසිඳ ලීම ප්‍රමාද කිරීම අතින් ලෝකයේ පළමු රට අපි වෙන්න ඕන. කිසිම බලධාරියෙකුට ඒක විසඳන්න උවමනාවක් නැහැ. වෙන් වුන භාර්යාවත් දරුවොත් මැරුණට පස්සේ තමයි නඩත්තු නඩුවලදී තීන්දුව දෙන්නේ. එහෙම අවස්ථා කීයක් නම් තියෙනවද වාර්තා වුණා....

:       0       123

mudali Thursday, 04 April 2019 05:05 AM

බය වෙන්ඩ කාරි නෑ…. හවසට ගෙදර යන්ද පුළුවන්

:       0       120

Uditha - London Thursday, 04 April 2019 06:20 AM

නාට්‍යය අවසන් වෙන්න ළඟයි වගේ...

:       0       53

පිටිගල මිලානෝ Thursday, 04 April 2019 06:24 AM

නළු නිලි වාහන නිතරම දැඩි පරීක්ෂාවට ලක් කරන්න. ෂූටින් යන මුවාවෙන් කුඩු ප්‍රවාහනය කල හැකිය.

:       0       112

Sanath Thursday, 04 April 2019 06:27 AM

මෙයාලා එන බව දන්නේ නෑ වගේ...... ආගමන විගමන එකේදී සීඅයිඩී එකෙන් අඳුරගෙන අල්ලන නිසා හොඳයි... ඇයි මෙහේ ඉන්න තානාපති ගෙන්නලා වැඩේ පෙන්නලා දෙන්න බැරි...

:       0       23

Amila Thursday, 04 April 2019 08:56 AM

නාට්‍යය අවසන් වගේ දැන් ඉතින් විදුලි අර්බුදය තියෙනවානේ කතා කරන්න ! මට නන් හිතෙන්නේ මාදුෂ්ලා, කන්ජිපානිලා විශාල වශයෙන් කුඩු ගෙන්වන දේශපාලනයෙකුගේ ඉත්තෝ විතරයි. එහෙම නැත්තම් දැනටමත් මේවා ගෙනවන දේශපාලනය කරන කෙනෙක් අර දෙන්නා පිටින් යවලා තමන් සුදනා වෙන්න හදනවා වගේ. කොහොමත් ඔය දැඩි ලෙස මත්කුඩු විරෝධී වගේ දගලන චරිත ගැනත් පොලීසිය අවදානය යොමු කරන්න ඕන. මොකද සුදු ඇදගෙන ආගම ඉස්සරහට දාගෙන ඉන්න අය තමයි ලෝක හොරු.

:       0       11

SamanThursday, 04 April 2019 02:00 PM

අනිවාර්යයෙන්ම

:       0       1

sirimal Thursday, 04 April 2019 11:45 AM

අපොයි එහෙදි හරියට කන්නවත් දීලා නැතුවා වගෙයි පෙනෙන්නේ. හොඳටම ඇදිලා ගිහිල්ලා.

:       0       36

nali Saturday, 06 April 2019 06:49 PM

කලා කරුවෙක් ! කොතනින්න්ද ? කොහෙන්ද ?

:       0       3

raviSunday, 07 April 2019 09:45 AM

කලාකාරයෝ හිටපු කාලේ අවසාන වෙලා දැන් හුඟක් කල්..!! මේ රයන් වගේ අයට කියන්නේ.. මුලාකාරයෝ කියලා... ! තම..තමන්ගේ දූෂණ පෝෂණය කරගැනීමට එයාම හදාගත්ත මුලාවක් .!!! ඉතින් දැන් මෙයා පැටලිලා ඉන්නෙත් එයාගෙම මුලාවේ..!!!

:       0       2

ravi Sunday, 07 April 2019 07:48 AM

මේ..විදිහට රජය ...නීතිය , පොලිසිය හිනැස්සවීම නතර කල යුතුයි .... එහෙම නැතිවුනොත් මේවා ඔක්කොම බල්ලාට ගියා කියලා අපිට හිතන්න සිද්ද වේවි !!!

:       0       0

Sugath Tuesday, 09 April 2019 03:45 AM

කුඩුකරය්න්ට උදව් කරන්නන් කුඩු කාරයන්ට සමානයි. මේ ගොල්ලන්ටත් අර එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 835 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 297 1

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 358 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 312 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 492 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 4193 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1416 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site