IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ට්‍රම්ප්-කිම් හමුවේ සත්කාරකත්වයට සිංගප්පූරු ඩොලර් මිලියන 20ක්


(සිංගප්පූරුවේදීය)

ඓතිහාසික ට්‍රම්ප්-කිම් හමුවේ සත්කාරකත්වය දැරීමට පමණක් සිංගප්පූරුඩොලර් මිලියන 20කට ආසන්න මුදලක් වියදම් වන බවත් එසේ වුවත් ලෝක සාමය වෙනුවෙන් තමන් එම පිරිවැය දැරීමට සූදානම් බවත් සිංගප්පූරු අගමැති ලී සියැන් ලොන් පවසයි. 

 

ට්‍රම්ප්-කිම් හමුවේ ආරක්ෂාව වෙනුවෙන් දැරීමට සිදුවන පිරිවැය ඉන් අඩක් (සිංගප්පූරු ඩොලර් මිලියන 10ක්) බව ද පැවසේ. 

කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් බවට පත් කිරීම වෙනුවෙන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතර ඓතිහාසික හමුව හෙට (12) එනම් ජූනි 12 වැනිදා පැවැත්වීමට නියමිතය. 

 

මෙම ඓතිහාසික හමුව වෙනුවෙන් ස්ථාපිත කර තිබෙන ‘ජාත්‍යන්තර මාධ්‍ය මධ්‍යස්ථානයට’ පැමිණ මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් සිංගප්පූරු අගමැතිවරයා ඉහත කරුණු සඳහන් කළේය. 

 

ඇමෙරිකා ජනාධිපතිවරයා සහ උතුරු කොරියා නායකයා අතර හමුව ආවරණය කිරීම වෙනුවෙන් ජනමාධ්‍යවේදීන් විශාල සංඛ්‍යාවක් පැමිණෙන බවත් එමෙන්ම ඒ සඳහා ඉහළම ආරක්ෂාවක් ද අවශ්‍ය බැවින් සමුළුවේ සත්කාරකත්වය දැරීමටත් එහි ආරක්ෂා වෙනුවෙනුත් අති විශාල වියදමක් දැරීමට සිදුවන බව සිංගප්පූරු අගමැතිවරයා මාධ්‍යවේදීන් හමුවේ කීවේය. 

හමුවට සහභාගී වන්නේ ඇමෙරිකා ජනාධිපතිවරයා සහ උතුරු කොරියා නායකයා වීමත් සමුළුවේදි සාකච්ඡාවට ලක්වන කරුණු නිසාත් මීට පෙර සිංගප්පූරුවේ පැවැති රාජ්‍ය නායක හමු සහ ජාත්‍යන්තර සමුළුවලට වඩා වැඩි ආරක්ෂාවක් මෙම හමුවට අවශ්‍ය බව ද සිංගප්පූරු අගමැතිවරයා පෙන්වා දුන්නේය. 

සමුළුව පැවැත්වෙන හෝටලය අවට ආරක්ෂාව දැඩි කිරීමෙන් සහ පොලිස් නිලධාරීන්ගෙන් පමණක් ආරක්ෂාව සැපයීම ප්‍රමාණවත් නොවන බැවින් ගුවන්, සාගර සහ ගොඩබිම් ආරක්ෂාව වෙනුවෙන් දැවැන්ත ආරක්ෂක මෙහෙයුමක් දියත් කරන බවත් ඕනෑම 

ආකාරයක තර්ජනයක් හෝ ප්‍රහාරයක් වෙනුවෙන් ආරක්ෂක අංශ සූදානම් කරන බවත් සිංගප්පූරු අගමැතිවරයා කීය. 
“මේක මහ පරිමාණ මෙහෙයුමක්. මෙය ඉහළ පෙළේ හමුවක්. ඒ නිසා කිසිවක් වරදින්න ඉඩ දෙන්න බැහැ” සිංගප්පූරු අගමැතිවරයා කීවේය. 

“මෙම හමුව වෙනුවෙන් අපි දරන පිරිවැය ඉදිරි දිනකදී නැවත උපයා ගන්න ලැබේවි කියලා අපි හිතනවා. ඔබ ලෝකයේ තිබෙන හැම දෙයකම වටිනාකම ගණනය කරලා බැලුවොත් මේ මුදලින් කරන්න පුළුවන් ගොඩක් දේවල් ඔබට මග හැරෙනවා” සිංගප්පූරු අගමැති ලී පැවැසීය. 

ආරක්ෂක වියදමට අමතරව හමුව වෙනුවෙන් පැමිණෙන මාධ්‍යවේදීන් වෙනුවෙන් අති විශාල මුදලක් දැරීමට ද සිංගප්පූරුවට සිදුව තිබේ. ට්‍රම්ප් කිම් හමුව ආවරණය කිරීම වෙනුවෙන් සිංගප්පූරුවට මාධ්‍යවේදීන් 2,500කට ආසන්න පිරිසක් පැමිණ සිටින බව එරට සන්නිවේදන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. මාධ්‍යවේදීන් වෙනුවෙන් එම අමාත්‍යාංශය ‘ජාත්‍යන්තර මාධ්‍ය මධ්‍යස්ථානයක්’ ද ස්ථාපිත කර තිබේ. එහි වියදම සිංගප්පූරු ඩොලර් මිලියන 5කට ආසන්න බව පැවසේ. 

 

මෙම හමුවේ සත්කාරකත්වය දැරීම සහ එය සිංගප්පූරුවට කොතරම් වැදගත් වන්නේ ද යන්න සිහිතබා ගත යුතු බව ද අගමැති ලී සියැන් ලොන්ග් මාධ්‍යවේදීන් හමුවේ කීවේය. 

 

“මෙම හමුව නිසා යම් යම් අපහසුතා ඇති වේවි. මාර්ග අවහිර වේවි. තදබද ඇතිවේවි. එහෙත් ඔබ මෙය තේරුම් ගනිවී කියලා මම හිතනවා. අපි මෙය කරන්නේ යහපත් අරමුණක් ඇතිව. මේක ජාතික ව්‍යායාමයක්. එක්ව සහයෝගයෙන් වැඩ කරලා සිංගප්පූරුවට මොනවද කරන්න පුළුවන් කියලා ලෝකයට පෙන්වන්න පුළුවන් වේවි කියලා මම විශ්වාස කරනවා” යැයි ද හෙතෙම කීය. 

 

සිංගප්පූරු අගමැති ලී සියැන් ලොන් සෙන්ටෝසා දූපතේ පලාවන් කිඞ්ස් සිටි හී ස්ථාපිත කර සිටින සිංගප්පූරු ගුවන් හමුදා බලකා කඳවුරේ ද නිරීක්ෂණ චාරිකාවක නිරත විය. 

 

“නිලධාරීන් විශාල කාර්යභාරයක් ඉටු කර තිබෙනවා. කෙටි කාලයක් ඇතුළත ලොකු පීඩනයක් යටතේ ඔවුන් ඔවුන්ගේ රාජකාරී හොඳින් ඉෂ්ඨ කර තිබෙනවා. අපට සූදානම් වෙන්න තිබ්බේ කෙටි කාලයක් පමණයි. තිබ්බේ සති දෙකක්” යැයි ද අගමැති ලී කීය. 


“මෙවැනි හමුවක් පැවැත්වීමේදී රටවල් දෙකටම සුදුසු ස්ථානයක් තෝරා ගැනීම දුෂ්කර කාර්යයක්” යැයි අගමැති ලී පෙන්වා දුන්නේය. 


ඇමෙරිකා එක්සත් ජනපදය සහ උතුරු කොරියාව ‘සිංගප්පූරුව’ ඓතිහාසික හමුවේ සත්කාරක රට ලෙස තෝරාගෙන ඇත්තේ සිංගප්පූරුව එම රටවල දේශපාලනික සහ රාජ්‍ය තාන්ත්‍රික අවශ්‍යතා සපුරන නිසා යැයි ද අගමැති ලී පැවැසීය. 

 

“ඒ නිසා රටවල් දෙකම හමුවේ සත්කාරකත්වය දරන්නැයි අපෙන් ඉල්ලුවාම අපට බෑ කියන්න. අපි එය කළ යුතුයි. මෙය හොඳින් කරන්න අපට පුළුවන්” යැයි මාධ්‍යවේදීන්ට පිළිතුරු දෙමින් සිංගප්පූරු අගමැතිවරයා කීවේය. 

 

“මේ හමුව හැම අතින්ම අපට වැදගත් වෙනවා. අපේ කීර්තීනාමය, ලෝකය අපි දිහා බලන විදිය වගේම අපට මෙයින් හොඳ ප්‍රසිද්ධියක් ලැබෙනවා. මෙය අපේ රටට ධන ලකුණක්. අපේ රටේ හමුව පවත්වන්නැයි අපි ඉල්ලුවේ නැහැ.

 

 ඔවුන් අපෙන් ඇහුවා අපි එකඟ වුණා. එය සිංගප්පූරුව ඇමෙරිකාව, උතුරු කොරියාව සහ ජාත්‍යන්තර ප්‍රජාව සමඟ අපේ තිබෙන හොඳ සබඳතාව පෙන්නුම් කරන්නක්” යැයි ද ඔහු පෙන්වා දුන්නේය.

 

සිංගප්පූරුව යනු ඇමෙරිකාව සහ උතුරු කොරියාව යන රටවල් දෙකම සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වන රටවල් කිහිපය අතරින් එකක් බව ද අගමැති ලී කීවේය.

 

‘ද ස්ටේ‍්‍රට්ස් ටයිම්ස්’ ඇසුරිනි

(055)



අදහස් (1)

ට්‍රම්ප්-කිම් හමුවේ සත්කාරකත්වයට සිංගප්පූරු ඩොලර් මිලියන 20ක්

Sanath Monday, 11 June 2018 08:08 PM

මේ මුදල ලංකාවේ රුපියල් වලින් කෝටි 240 ක් විතර. බැඳුම්කර මගඩියෙන් මංකොල්ලකාපු සල්ලි වලින් අපිට මේවගේ සුපිරි හමුවීම් කීපයක්ම කරන්න තිබුන.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 184 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 539 0

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 515 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1330 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2782 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1821 1

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 234 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1453 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site