IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ඇමරිකාවේ ජාතික පිළිකා උපදේශක මණ්ඩලයට ලාංකික සම්භවයක් සහිත විද්‍යඥවරියක්

( තිළිණි ද සිල්වා )

ඇමරිකාවේ ජාතික පිළිකා උපදේශක මණ්ඩලයේ සාමාජිකාවක් ලෙස ශ්‍රී ලාංකික සම්භවයක් සහිත  ජෝන්ස් හොප්කින්ස් විද්‍යාඥවරියක වන අශානි තනූජා වීරරත්න මහත්මිය එරට ජනාධිපති ජෝ බයිඩන් විසින් පත් කරනු ලැබ ඇත.

ඇමරිකාවේ ජාතික පිළිකා වැඩසටහනේ ක්‍රියාකාරිත්වය පිළිබඳව එරට ජාතික සෞඛ්‍ය ආයතනයේ ජාතික පිළිකා ආයතන අධ්‍යක්ෂවරයාට උපදෙස් හා සහාය ලබා දීම අශානි වීරරත්න මහත්මිය ඇතුළු එරට ජාතික පිළිකා උපදේශක මණ්ඩල සාමජිකයින්ගේ  කාර්යභාර්ය වේ.

ශ්‍රී ලංකාවේ ඉපිද අප්‍රිකාවේ ලෙසෙතෝ රාජ්‍යයේ හැදී වැඩුණු මහාචාර්ය අශානි විරරත්න මහත්මිය ජීව විද්‍යාව පිළිබද උසස් අධ්‍යාපනය හැදැරීම සදහා 1988 දී ඇමෙරිකාවේ මෙරීලෑන්ඩ් හී සෙන්ට් මේරීස් කොලිජීයට ඇතුළත් වූවාය.පසුකාලීනව ඇය ජොර්ජ්  වොෂින්ටන් විශ්ව විද්‍යාලයෙන් සිය ආචාර්ය උපාධිය හිමිකර ගත්තාය.

අශානි වීරරත්න මහත්මිය ඇමෙරිකාවේ පිළිකා හේතුවෙන් වයසට යෑමේ බලපෑම පිළිබඳ  මෙලනෝමා රෝගය පිළිබද  විශේෂඥ වෛද්‍යවරියකි.

ඇය ජෝන්ස් හොප්කින්ස් බ්ලූම්බර්ග් ප්‍රජා සෞඛ්‍ය විද්‍යාලයේ ජෛව රසායන විද්‍යාව සහ අණුක ජීව විද්‍යාව පිළිබඳ ඊ.වී.මැකොලම්හි සභාපතිවරිය ලෙසත්, බ්ලූම්බර්ග්හි කීර්තිමත් මහාචාර්යවරියක ලෙසත්, සිඩ්නි කිම්මල් විස්තීර්ණ පිළිකා මධ්‍යස්ථානයේ පිළිකා ආක්‍රමණ හා මෙටාස්ටැසිස් වැඩසටහනේ සම-නායකවරිය ලෙසත් ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලයේ පිළිකා රෝග පිළිබඳ මහාචාර්යවරිය ලෙසත් කටයුතු කරමින් සිටියදී ජනාධිපති ජෝ බයිඩන් මෙම තනතුරට පත් කරනු ලැබ ඇත.

පාරිසරික ක්ෂුද්‍ර වර්ග – සාමාන්‍ය සෛල හා ගෙඩියක් වටා ඇති ව්‍යුහයන් – මෙටාස්ටැසිස් සහ ප්‍රතිකාර ප්‍රතිරෝධය කෙරෙහි ඇති කරන බලපෑම පිළිබඳව මහාචාර්ය වීරරත්න මහත්මිය විවිධ පර්යේෂණයන් සිදු කරන්නීය.

මෙලනෝමාවල වයසට යාමට හේතුවන ක්ෂුද්‍ර පරිසරය මෙටාස්ටැසිස් හා ප්‍රතිකාර ප්‍රතිරෝධයට බලපාන්නේ කෙසේදැයි අධ්‍යයනය කළ පළමු පර්යේෂිකාව ඇයයි.
ඇගේ අධ්‍යයනයන්හි ප්‍රතිශක්තිකරණ සෛලවල පටක හරහා සංක්‍රමණය වීමේ හැකියාව කෙරෙහි බලපාන ජෛව භෞතික වෙනස්කම් සෙවීමද ඇතුළත් වේ. ඉලක්ක කරගත් චිකිත්සාව සහ ප්‍රතිශක්ති චිකිත්සාව යන දෙකෙහිම වයස් සම්බන්ධ වෙනස්කම් ඇගේ පර්යේෂණ මඟින් සොයාගෙන ඇත.



අදහස් (16)

ඇමරිකාවේ ජාතික පිළිකා උපදේශක මණ්ඩලයට ලාංකික සම්භවයක් සහිත විද්‍යඥවරියක්

Nihal Friday, 17 September 2021 07:25 PM

ලංකාවේ හිටියා නම් සංවර්ධන සහකාර කෙනෙක්...

:       4       48

පිටිගල මිලානෝ Friday, 17 September 2021 08:14 PM

ලංකාවේ ඉපදිලාත් යන්තම් බේරුණා... ලෙසෝතෝ රටට ගිහිල්ලා ජීවත් වෙන්න. ලංකාවේ හිටියා නම් සර් කියකියා වහල්ලු වගේ ඉන්න වෙනවා.

:       10       35

BamunuarachchiSaturday, 18 September 2021 07:25 AM

ඇමරිකාවේදී බයිඩන් හම්බ උනානම් කොහොමද මචන් කියලනේ කතා කොරන්නේ නේද? තිබෙන හීන මානය.

:       4       1

පිටිගල මිලානෝ Saturday, 18 September 2021 11:48 AM

ඇමරිකාවේ බයිඩන්ට අමරිකානු පුරවසියෙක් සර් කීම සහ ලංකාවේ ඔක්සිජන් කන්නද කියපු අයට සර් කියන එක එකක්. ඔබ කුමන වර්ගයටද අයිති කියලා ඔබම වර්ග කරගන්න.

:       1       1

BamunuarachchiSunday, 19 September 2021 01:01 PM

සර් කියන වචනය ඉංග්‍රීසි ඩික්ෂනරියේම විග්‍රහ කරන්නේ මහත්මයකුට,පුද්ගලයෙකුට ගෞරව ලෙස ආමන්ත්‍රණය කරන නාම පදයක් ලෙසයි. එම නිසා සර් කියා ආමන්ත්‍රණ කිරීම ආමන්ත්‍රණකරන්නා අනිත් තැනැත්තාට කොතෙක් දුරට රෙස්පෙක්ට් කරනවාද කියන එක මත රැදී තිබෙනවා මිස ඔක්සිජන් කොපමණ ඕනෙද කියන එක මත රැදී නැත. මම ඇමරිකන් මූවීස් වල දකිනවා තාත්තාටත් දරුවන් සර් කියන අවස්ථා. දැන් ඔබ මාව වර්ග කරන්න මම ඔබව වර්ග කර අවසන්.

:       1       1

SUNIL MILANO Friday, 17 September 2021 08:59 PM

සරත් ... පිටරටකට වෙලා වහල් වැඩ කරමින් ජීවත් වුණාට... තමන් ඉපදෙන තමන් ඉපදුණ මව්බිමට අපහාස කිරීම... හරිම ලැජ්ජා සහගතයි...

:       17       17

DonFriday, 17 September 2021 11:51 PM

මෙතන රටට නෙවෙයි අපහස කරන්නේ. දේශපාලකයෝ හදලා තියෙන ක්‍රමයට.

:       3       17

KamalSaturday, 18 September 2021 07:25 AM

සුනිලුත් ඉතාලියට පැනගෙන නේද මව්බිම ගැන ලොකු කතා කියන්නේ?

:       0       1

kamalSaturday, 18 September 2021 09:36 AM

සුනිල්, හොරෙන් ඉතාලියට පැන්නට කමක් නැහැ, දැන්වත් දෙයක් ඉගෙනගන්න

:       0       2

පිටිගල මිලානෝ Saturday, 18 September 2021 10:49 AM

සුනිල්, ඔය තරම් ආසා නම් ලංකාවට ගිහිල්ලා ඔක්සිජන් කන්නද කියලා අහපු අයට, හොරුන්ට සර් කිය කියා වහලෙක් වගේ ඉතුරු ටික කාලය ජීවත්වෙන්න.

:       1       4

L.G.P.Jathunarachchi. Friday, 17 September 2021 09:28 PM

ඇයට මගෙන් හදපිරි සුබපැතුම්...!!! 

:       0       24

Rohana Friday, 17 September 2021 09:41 PM

ලංකාවේ සර් කියලා කතා කළේ නැත්නම් උසස්වීම් නෑ...

:       4       28

kapila Friday, 17 September 2021 10:38 PM

මැට්ටනේ, මේ ලංකාවට අපහාස කරනවා නොවේ. අපි අපහාස කරන්නේ මේ රට කන පාලකයින්ටයි. මෙතුමිය ලංකාවේ හිටියා නම් කවදාවත් පවතින ක්‍රමවේදය තුළ ඔයවගේ තැනකට යන්න බෑ. ඔයවගේ තැන්වලට ආණ්ඩුවෙන් යවන්න හදන්නේ පන්දන් අල්ලන මැට්ටෝ... ඔවුන් ගිහින් පිස්සු කෙළලා එනවා.

:       0       4

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 18 September 2021 08:10 AM

මව් බිමට ගෙනදුන් ගෞරවයට ඔබතුමියට ස්තූතියි. දක්ෂයාට,සුදුස්සාට නිසි තැන දෙනවාමයි.අපේ දේශපාලකයන් මේ වගේ පත්වීමක් කරනවානම්,අනිවාර්යයෙන්ම එයට පත්කරන්න උත්සාහ කරන්නේ,මේජර් ජෙනරාල් කෙනෙක්. පුදුමය කියන්නේ,මේ මේජර් ජෙනරාල් වරුන්ද,තමන්ට කළ නොහැකි හෝ දැනීමක් හෝ අත්දැකීම් නොමැති ඕනෑම තනතුරක් ලබා ගැනීමට තියෙන්නේ පුදුම එඩිතර කමක්. අපේ රටේ තරුණ හා සෑම වයසකම ජනතාව අතර බුද්ධි මට්ටම් හා ඉතා ඉහළ නිර්මාණ බුද්ධියෙන් හෙබි අය බොහෝයි.ඒත්,මේ රටේ ඒ සියල්ලට වඩා,ඉදිරියෙන් සිටිනුයේ දේශපාලන සුදුසුකම් පමණය.

:       0       2

sam Saturday, 18 September 2021 09:52 AM

ඔබතුමියට අපේ ආචාරය, හැබැයි ඔබතුමිය මෙහෙ හිටියානම් ඔය තනතුර හම්බවෙන්නේ නැහැ. ඒක හම්බවෙන්නේ නුගත් දේශපාලකයෙකුට කඩේ යන කෙනෙකුට.

:       0       4

Thejs Sunday, 19 September 2021 01:20 PM

ඔබට සුභ පැතුම් !

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 722 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 138 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 937 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 969 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1296 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1160 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 219 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site