ආරිරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ
අර්ජුන ඇලෝසියස් සමඟ ගනුදෙනු කළ බව කියන මන්ත්‍රීවරුන් ගැන විස්තර ඇතුළත් බැඳුම්කර කොමිෂන් සභා වාර්තාවෙන් දැනට ලැබී ඇත්තේ කොටසක් පමණක් හෙයින් සම්පුර්ණ ලේඛන ලැබුණු විගස ඒවා ඉදිරිපත් කිරිමට කටයුතු කරන බව කතානායක කරු ජයසුරිය මහතා පාර්ලිමේන්තුවේ දී අද (5) දැන්වීය.
තමා වෙත ලැබී ඇත්තේ එම කොමිෂන් සභා වාර්තාවේ C 350 – 360 දක්වා වු කොටසක් පමණක් යැයි ද කතානායකවරයා කීය.
මේ සම්බන්ධයෙන් කතානායකවයරා විශේෂ ප්‍රකාශයක් කරමින් මෙසේ ද කීය.
භාණ්ඩාගාර බැඳුම්කර විමර්ශන කොමිසන් සභාවට අදාළ සමහර වාර්තා එළි දක්වා නොමැති බැවින් ඒ කරුණ මුල්කර සමාජයේ විවිධ මාධ්‍ය නිවේදන නිකුත් වෙමින් පවතී.
සමහර අසත්‍ය ප්රවෘත්ති පළවීම නිසා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත්, පාර්ලිමේන්තුවටත්, පොදුවේ රටටත් විශාල අපකීර්තියක් ඇති වී ඇත. එය ඉතා කණගාටුදායක සිද්ධියකි.
මා වෙත අද දින ලැබී තිබෙන C 350 – 360 දක්වා ලේඛන සමස්ත ලේඛනවල කොටසක් පමණක් බැවින් අද (5) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් ඒකමතිකව තීරණ කළ පරිදි සම්පුර්ණ ලේඛන ලැබුණු විගස ඒවා මෙම සභාවට ඉදිරිපත් කිරිමට කටයුතු කරන බව දන්වමි.
එම නිසා මේ අවස්ථාවේ සියලු පාර්ශවයන්ගෙන් මා ඉල්ලා සිටින්නේ වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙසත්, අසත්‍ය ගොත ලද සාවද්‍ය මාධ්‍ය නිර්මාණ තුළින් පාර්ලිමේන්තුව හා එහි සාමාජිකයන් අපකිර්තියට ලක්වීමට ඉඩ නොතබන ලෙසත්ය.
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 2971ක මුදලක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කතානායකට ලැබුණේ ලේඛන වල කොටසක් පමණලු
Bamunuarachchi Tuesday, 05 June 2018 05:36 PM
ලැබුන ඒවත් ඔරිජිනල් ද කියලා බලන්න. අපිට නම් විස්වාස නැත.
Chanak Los angeles Tuesday, 05 June 2018 08:49 PM
වාර්තාවක කොටස් කොටස් ලැබෙන සිරිතක් තිබෙනවාද ?
Ranjith Silva Wednesday, 06 June 2018 12:56 AM
පරක්කු වෙන්න වෙන්න අසත්‍ය දේ සත්‍ය වෙනවා.ඕක ලැබුනොත් බස්නාහිරෙන් ඉර පායාවි.
lusena Wednesday, 06 June 2018 03:14 AM
ඔය වාර්තාව පිටසක්වල ලේඛනාගාරයකද තියෙන්නේ ? කඩිනමින් වාර්තාව එලියට දාන්න.
rama Wednesday, 06 June 2018 03:40 AM
අවසානයට වෙන්නේ මොනවත් එහෙම එකක් නැ කියාවී.
Lapaya Wednesday, 06 June 2018 04:47 AM
ඉතුරු ලේඛන එළියට එයි 2020 න් පස්සේ. හොරකම මෙච්චර එළිවෙලත් තවත් හංගන්නේ ඡන්දෙ ඉවර වෙනකල් ද ?
s rathna Wednesday, 06 June 2018 06:57 AM
1977 සිට 2005 දවා රටේ දේපල විකුන විකුණා රට අගාදයට දාලා . නැවතත් 2015 සිට පටන් ගත්තා හොරාකන්න. පවු අහිංසක ජනයා.....
sirimal Wednesday, 06 June 2018 08:13 AM
ලංකාවේ ඇලෝසියස් ඇරෙන්න වෙන කිසිම ප්‍රශ්නයක් නැද්ද? මේක අනෙක් සියලුම අපචාර වසාගන්න සියලුම දෙනා භාවිතා කරන බවයි පෙනෙන්නේ. කෝ දැන් අර එළිවෙනකල් නඩු අහන උසාවි?