IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


රුසියාවේ විපක්ෂ නායක පොලිස් අත්අඩංගුවට


(ඒ.එෆ්.පී/රොයිටර් ඇසුරිනි - 055)
රුසියාවේ විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි මහතා පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. රුසියාවේ අගනුවර සංවිධානය කර තිබූ දූෂණ විරෝධී විරෝධතාවලදී විපක්ෂ නායකයා එලෙස අත්අඩංගුවට පත්ව ඇත.  විරෝධතාකරුවන් අගමැති දිමිත්‍රි මෙද්වදෙව් මහතාට දූෂණ චෝදනා එල්ල කරන අතර ඔහු අගමැතිධුරයෙන් ඉවත් විය යුතු යැයි ද ප්‍රකාශ කරති. රුසියාව පුරා දූෂණ විරෝධී විරෝධතා පැවැත්වෙන අතර රට පුරා පැවැති විරෝධතාවලදී 500කට වැඩි පිරිසක් අත්අඩංගුවට පත්ව තිබේ.
බොහෝ විරෝධතා නිල අවසරයකින් තොරව සංවිධානය කර තිබී ඇතැයි ද විරෝධතාවලදී රුසියානු ජනාධිපතිවරයාට චෝදනා එල්ල කර ඇතැයි ද ඒ.එෆ්.පී සහ රොයිටර් ඇතුළු විදෙස් පුවත් සේවා වාර්තා කර තිබිණි.
“පුටින් නොමැති රුසියාවක්. පුටින් හොරෙක්” යනුවෙන් විරෝධතාකරුවෝ කෑ ගැසූ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මෙවර උද්ඝෝෂණ 2011 සහ 2012 වසරෙන් පසු පැවැති විශාලතම ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ යැයි ද වාර්තා විය.
මධ්‍යම මොස්කව් නුවර පැවැති විරෝධතා රැළියකදී විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි මහතා අත්අඩංගුවට පත්විය. විරෝධතාකරුවෝ විපක්ෂ නායකවරයා අත්අඩංගුවට පත්වීම වැළැක්වීමට උත්සහ ගත්තද එය ව්‍යර්ථ විය. විරෝධතා අඛණ්ඩව පවත්වාගෙන යන්නැයි අත්අඩංගුවට පත්වීමෙන් පසු ට්විටර් පණිවිඩයක් යොමු කරමින් විපක්ෂ නායකවරයා සඳහන් කළ බව ද විදෙස් වාර්තාවල දැක්විණි.
‘මිත්‍රවරුනි මම හොඳින්, මා නිදහස් කරගන්න වෙහෙස වෙන්න එපා. දිගටම දූෂණයට විරුද්ධව සටන් කරන්න’ යනුවෙන් රුසියාවේ ප්‍රධාන විපක්ෂයේ නායකයා සඳහන් කර තිබේ. රුසියානු පොලිසිය විපක්ෂ නායකවරයාගේ කාර්යාල කඩාවැදී ඔහුගේ කාර්ය මණ්ඩලයත් විරෝධතා සජීවීව විකාශය කරමින් තිබූ උපාංගත් අත්අඩංගුවට ගෙන ඇතැයි ද වාර්තා විය.
ශාන්ත පීටර්ස්බර්ග්, ව්ලැදිවොස්ටොක්, නොවෝසිබර්ස්ක්, ටොම්ස්ක් ඇතුළු නගර රැසක විරෝධතා පැවැති අතර එහිදි සිය ගණනක් අත්අඩංගුවට පත්ව තිබේ. රුසියාව පුරා සාමකාමී විරෝධතාවල නිරත සිය ගණනක් පිරිස් අත්අඩංගුවට පත්වීම සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය ද සිය අප්‍රසාදය පළ කර තිබේ. 



අදහස් (11)

රුසියාවේ විපක්ෂ නායක පොලිස් අත්අඩංගුවට

prasanna Monday, 27 March 2017 03:49 PM

ඇමෙරිකාව අපේ රටට කරපු ටිකම රුසියාවටත් කරමින් පවතිනවා .... උන්ට හිතැති ගොන් රැලක් පත් කර ගන්න තමයි උත්සාහය..... අපේ රටේ වගේ, තණකොළ කන මිනිස්සු ඒ රටෙත් ඇති..... හොරෙක් වුනත් රටට හිතැති නම් , මහා ජාතියට හිමි තැන දෙනවා නම් , නායකකමට සුදුසුයි... ඒ මන්දයත් හොරු නොවන දේශපාලකයන් මෙලොව නොවසන බැවින්.... ඔක්කොම හොරු, නමුත් රටට, ජාතියට, මහජනතාවට අගතියක් නොකරන හොර තොර ගැනීම පමණයි අපට කරන්න පුළුවන්....

:       2747       2780

thilinaTuesday, 28 March 2017 05:24 AM

තිත්ත වුනත් මේක තමය් සත්‍ය..හොරු නොවන දේශපාලකයෝ කොහෙවත් නෑ..ඔවුන්ගෙන් රටට වන හානිය අවම කෙනා තමයි තෝරා ගන්න වෙන්නේ..අපේ මෝඩයන්ට නොතේරෙන්නෙත් ඕකම තමයි..

:       13       27

akilaWednesday, 29 March 2017 04:52 AM

වැරදියි, දියුණු දේශපාලන සංස්කෘතියක් තියෙන රටවල යහපත් දේශපාලකයින්, හොරු නොවන දේශපාලකයෝ, ඕනෑතරම් ඉන්නවා.

:       4       23

Vipula Wednesday, 29 March 2017 06:51 AM

අකිල හරි, අපේ මිනිස්සු තාම චන්දෙ දෙන්නේ පක්ෂ වලට, නැතුව අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති වලට නෙවෙය් , එහෙම කරලා හොරකම සදාරනිකරණය කරන්න හදනව, මේ රටේ දේසපලකයෝ හොරකම් කරපු සල්ලි එකතු කරනම් මේ රටේ ඔක්කොම නය ගෙවන්න පුළුවන්, හොඳම උදාහරණය චන්දෙන් ත්‍රී වීල් හයර් කරන කෙනෙක් කොළඹට පත්වීම ගන්න පුළුවන්, කොහොම උනත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ, "යමෙක් ජනතාවගේ දේපල සොරකම් කරය්ද ඔහු නායකත්වයට සුදුසු නැත."

:       1       15

gahalaya Monday, 27 March 2017 09:11 PM

මේ තණකොල කන එකෙක්

:       0       0

cyril Tuesday, 28 March 2017 04:22 AM

රටක්, ජාතියක්, ආගමක් නැතිව සල්ලි වලට කඹුරන සක්කිලි හැම රටේම ඉන්නවා

:       14       121

siri Tuesday, 28 March 2017 07:29 AM

මොකද මේ අපේ එක්කෙනා අාපු ගමන් වුන ඇබැද්දිය?

:       15       32

Daya Rohitha Tuesday, 28 March 2017 07:51 AM

ප්‍රසන්න සමග එකඟ වෙමි. කළ හැක්කේ හොරෙක් වුවත් රටට හා ජාතියට ආදරේ කරන හොරෙක් සොයා ගැනීමය .

:       16       28

sporty Tuesday, 28 March 2017 03:03 PM

විහිළුවක්

:       0       2

akila Wednesday, 29 March 2017 04:35 AM

රටකට ආදර්ශමත් නායකයෙක් තොරාගැනීමට ජනතාවට නොහැකි වීමෙන් පේන්නේ එම රටේ තිබෙන නොවිසුඳුනු සමාජීය ගැටළුයි හා ඉන් ඇතිවෙන පීඩනයෙන් පෙළෙන සමාජීය මට්ටමයි, කොටින්ම කිව්වොත් ඉන් පෙන්නේ රටක ඇති නොහැකියාවයි

:       0       9

vipula Wednesday, 29 March 2017 06:56 AM

දෙවැනි පින්තුරේ දැක්කම නම් මටත් හිතනවා රුස්සියාවේ පොලිසියේ හිටියනම් කියල හා ද ?, හොඳින් බලන්න ඒ නිලධරීන් ගේ අස් දිහා

:       0       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 591 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 1991 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1469 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 830 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 2031 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 98 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1548 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1437 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site