IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


‘‘නායකයෝ හොරකම් කරනවා නම් ගෝලයෝ බය නැතුව හොරකම් කරනවා‘‘

(අනීෂා මානගේ)

නායකයෝ හොරකම් කරන්නේ නැත්නම් ගෝලයො හොරකම් කරන්න බය වෙනවා. නායකයෝ හොරකම් කරනවා නම් ගෝලයෝ බය නැතුව හොරකම් කරනවා යැයි මගී ප්‍රවාහන කළමණාකරන, විදුලිබල සහ බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (14) පැවසීය.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙසේ පැවසූයේ අඟුණකොළපෑලැස්ස කලවැල්වල ප්‍රදේශයේදී පැවැති උදලු තල සහ පැළ ලබා දීමේ වැඩසටහනකට එක්වෙමිනි. 

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද කීවේය.

       ‘‘මට විශාල වගකීම් රාශියක් තිබෙනවා. මගේ මේ එක් ආයතනයක් අක්‍රීය වුණොත් මුළු රටම අක්‍රීය වෙනවා. මට වගකීමක් තිබෙනවා ප්‍රශ්න නොමැතිව මේවා පාලනය කරන්න. පාඩු ලබන සියලු ආයතන වසර තුනක් ඇතුළත ලාභ ලබන ආයතන බවට පත්කරනවා. ලංගමයේ පාඩු ලබන ආයතන ප්‍රමාණය අඩුවෙලා තිබෙනවා. මාස දෙකක් ඇතුළත මේ සියල්ලම ලාභ ලබන ආයතන බවට පත්කරනවා. කරන්න බැරි දෙයක් නැහැ. කැපකිරීමයි ඕනෑ.

මේ අවුරුද්ද ඇතුළත අපි සංවර්ධන වැඩකටයුතු සියල්ල අවසන් කරනවා. ඊළඟට තිබෙන ප්‍රශ්න අපි දන්නවා. රැකියා, කර්මාන්ත, නිවාස ආධාර ආදිය අපෙන් බලාපොරොත්තු වෙනවා. අපේ පැත්තෙන් ලබා දිය හැකි සහයෝගය අපි ලබා දෙනවා. සෑම ගෙදරකටම රුපියල් 40,000 පමණ ආදායමක් එන ආකාරයේ වැඩපිළිවෙලක් සකස් කිරීමයි.

මේ කාලෙට සමහරු ඕනෑ තරම් පොරොන්දු දෙනවා. කිසි දෙයක් නොකළාට පොරොන්දු දුන්නාම ඒවාට සමහරු රැවටෙනවා. ඡන්දයක් තිබෙනකොට අපේ ජනතාව රැවටෙනවා. ඕනෑම මොහොතක ඡන්දයක් ඒමේ හැකියාවක් තිබෙනවා.

ඡන්දය ගැන දැන් ජනතාවගේ එතරම් උනන්දුවක් නැහැ. මේ රටේ ජනතාව වැඩියෙන්ම උනන්දු වුණේ ගෝඨාභය මහත්තයා ඉදිරිපත් වුණ මැතිවරණයයි. පිටරටින් පවා ඇවිත් එතුමාට ඡන්දය දුන්නා. මීළඟට තිබෙන අභියෝගය මේ අයගේ ඡන්දය ලබා ගැනීමේ වැඩපිළිවෙලක් තිබේද යන්නයි.

ගෝඨාභය මහත්තයාගේ ජනප්‍රියභාවය නැතිවෙලා නැහැ. එතුමා හිතුවාටත් වඩා හොඳින් රට පාලනය කරනවා. මඩ ගැසීම, චරිත ඝාතනය කිරීම දැන් සාමාන්‍ය ස්වරූපයක් බවට පත්වෙලා.

මෙය වෙනස් කරන්නයි අපි බලාපොරොත්තු වුණේ. මනාප නැති ඡන්ද ක්‍රමයක් එනවා නම් මොන තීන්දුවක් මට ආවත් අනිවාර්යෙන් මම ඡන්දය පාවිච්චි කරනවා. මනාප ඡන්දය හේතුවෙන් ගම් බෙදෙනවා. එහෙම වුණාම මිනිස්සුන්ට දේශපාලනය කළකිරෙනවා.‘‘ යැයි ඒ මහතා පැවසීය.

 



අදහස් (11)

‘‘නායකයෝ හොරකම් කරනවා නම් ගෝලයෝ බය නැතුව හොරකම් කරනවා‘‘

Raveendra Friday, 14 February 2020 01:03 PM

අම්මපා මෙයත් ඉදල හිටලා හොද හොද දේවල් හොයාගන්නවනේ හැබෑට... මෙච්චරකල් අපි කිසිවෙකු මේ වගේ දේවල් දැනගෙන හිටියේ නැහැනේ.

:       0       0

saradiyel Friday, 14 February 2020 01:14 PM

අනේ කුක්කු පැටියා හිටන්.. ඔහේට වැදිබණ කියන්න ඉගැන්නුවද? නිල්, රතු, කොළ ඔක්කොම මේ රටට කරන වින්නැහිය ගැන මිනිස්සුන්ට උගන්නන්න එපා.

:       0       127

chandima Friday, 14 February 2020 01:21 PM

ආදර්ශයක් දීලා වැඩේ පටන්ගන්නද යන්නේ...?

:       0       16

MaheeTuesday, 18 February 2020 12:52 AM

එහෙම නෙමෙයි චන්දිම ඕක වෙන්නේ. ගුරා ගෝලයින්ට හොරකම් කරන්න ඉඩ දෙනවා, පස්සේ දැක්කත් අහක බලාගන්නවා. ඉතින් ගුරා යමරෙට හොරකම් කරනවා. අහුවුනොත් අර ගෝලයෝ ඉන්නවා සුද්ද කරන්න, ඒ කියන්නේ තමන් කළාය කියලා ගුරාව සුද්ද කරන්න. ඒකට ගුරා ගෝලයින්ට සලකනවා, නඩු හබවලින් නිදහස් කරනවා. ගේම ඉදිරියටම යනවා.

:       0       0

saradiyel Friday, 14 February 2020 01:50 PM

එහෙම නම් ඒක උඹලාගේ ලොකු උන්ට කියන්න. අපිට කියන්නේ මොකද?

:       1       251

Chathuri Friday, 14 February 2020 01:58 PM

ඔබමයි කියන්නේ නායකයින් හොරා කෑවොත් ගෝලයොත් හොරාකනවා... කියලා ඉතින් බය නැතිව කියන්නකෝ.... මහින්දයි, ගෝඨයි දෙන්නමත් හොරා කෑවා කියලා සේරමලාට.... ඡන්දෙ ළංවෙන්න ඕනෑ හොරකම් වමාරන්න ඒකත් කියන්නේ. වහෙන් ඔරෝ සෑම පවුලක්ම 40,000 ගන්න කරන්න මාසික වැටුප කීදෙනෙක් මේ කතාව කිව්වද? මහින්දගේ ආර්ථිකය කඩන් වැටුණු ආටිකල් කියවන්නකෝ... සිංහලයින් රට පාලනය කරනවා කියලා හොරුන්ට රට බාරදීලා හරි යනවද? නුඹලාගේ කටවල්වලට වැහි නැති හෙන පාත්වෙන්න ඕනෑ.

:       12       215

saradiyel Friday, 14 February 2020 02:42 PM

ඒක හින්දද හොරකම් කරන්නේ? නැතිනම් කරන්නැද්ද? එතකොට වාහන ගෙන්නන්නෙත් එහෙමද?

:       0       39

කපුරු හාමි Friday, 14 February 2020 09:47 PM

අනික් අය ගැන මොන කතාද ?

:       0       0

mahinda Saturday, 15 February 2020 03:20 AM

පාර්ලිමෙන්තුවේ අද වෙනකල් කෝන්පිට්ටු හැදුවද ?

:       0       0

Nimal Saturday, 15 February 2020 11:12 AM

අපි ඔය කතාව දන්නේ අද ඊයේ නොවෙයි ඇමති තුමා. කවුද හොරකම් කළ නායකයින්, කවුද එයාලගේ ගෝලයන් කියාලා අපි දන්නවා. ඔයා හොර ගෙඩියා, ඔයත් දන්නවා නේද නොදන්නවා වගේ කතා කළාට?

:       0       23

sharm warn Monday, 17 February 2020 03:57 AM

" බැරි වෙනකොට මතක් වෙලා. ඇවිදින් පන්සල් .." කියලා සින්දුවක කොටසක් මම අහල තියෙනවා. මේ ඇත්තොත් මේ බැරි වෙනකොට මතක් වෙලාද මේ වගේ මේවා කියන්නේ ?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනුර ස්වීඩන් යයි
2024 අප්‍රේල් මස 25 110 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද රාත්‍රී ස්වීඩනය බලා පිටත්ව යන බව එම පක්ෂය පැවසීය.


කුඩ්ඩෙක් සමග හාදකම් පෑ එස්.ටී.එෆ් සෙබළා අල්ලයි
2024 අප්‍රේල් මස 25 115 0

සේදවත්ත මධුෂ් නැමැති අන්වර්ථ නාමයෙන් පෙනී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග දුරකතන ඇමැතුම් වාර 800 ක් පමණ ලබාගෙන ඇති බව කියන පොලිස් විශේෂ කාර්ය බළකා


රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 530 1

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 435 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 158 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 1587 2

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 318 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1705 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site