නිමන්ති රණසිංහ
ජාතික කෞතුකාගාරයට අයුතු ලෙස ඇතුළු වී පෞරාණික භාණ්ඩ සොරකම් කරන ලදැයි කියන සිද්ධියේ පළමු සැකකරු වූ ලන්සගේ ප්‍රියන්ත මෙන්ඩිස් නොහොත් ‘කංගැට්ටා’ නොහොත් ‘බලවලූවා’ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට දැනුම් දෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා වරෙන්තු නිකුත් කළේය.
සිද්ධියට අදාළ නඩුව අධිකරණය හමුවේ යළි කැදවූ අවස්ථාවේදී මෙම සැකකරු සහ අටවැනි සැකකරු (ජේ. ඒ.සේනාධිරගේ එස්ටිනා මිලිනා) අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මහේස්ත්‍රාත්වරයා එලෙස නියෝග කළේය.
ලන්සගේ ප්‍රියන්ත මෙන්ඩිස් නොහොත් ‘කංගැට්ටා’ නොහොත් ‘බලවලූවා’ නැමැති මෙම සැකකරු සිද්ධියට අදාළව වසර පහක් රක්ෂිත භාරයේ පසුවූ අතර, කොළඹ මහාධිකරණයෙන් ලද ඇප නියෝගයක් ප්‍රකාරව රුපියල් ලක්ෂ පහක පුද්ගලික බැදුම්කරයකට සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග නිකුත් වී තිබුණේ ඉකුත් 2017 වර්ෂයේ මාර්තු මස (31) වැනිදාය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කංගැට්ටා අල්ලන්න වරෙන්තු
පිටිගල මිලානෝ Monday, 30 July 2018 12:15 PM
හොඳ වෙලාවට බන්ධනාගාර සමූල ඝාතනය වෙලාවේ කන්ගැට්ටා එහි නොසිටියේ.... හිටියා නම් මෙයාගේ නමත් අඬ ගහයි. කඩුනේ හොරකම් කළේ...
erdi Monday, 30 July 2018 12:46 PM
අනේ කන්ගැට්ටා අනුන්ගේ පරිප්පු කාලා ඉවරයක් නෑ. කටුගේ කඩපු කන්ගැට්ටලා යහතින් ආයෙත් බලයට එන්නත් හදනවා. රට සුඛිත මුදිත කරන්න. මෙහෙමත් නෝන්ජල් මිනිස්සු ඉන්න රටක්. ඕනෙම කුණු ගොඩක් පොඩි මිනිහගෙ ඇඟට දාො ලොකු එකා ආරක්ෂා කරන වහල්ලු ඉන්න රටක්.
සතයපාල Monday, 30 July 2018 12:48 PM
ඒ සැරේ කං ගැට්ටාවත් අතුරුදහන් කරලා වගේ...