(ඩබ්ලිව්.ඒ. අසේල)
විශේෂ අවශ්‍යතා ඇති දියණියක කළ පහරදීමකිනි හඟුරන්කෙත ඇකිරිය ප්‍රදේශයේ පස්දරු මවක් මියගොස් ඇතැයි පොලීසිය කියයි.
අද (9) මෙය සිදු වී තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුද 75 ක මවක් වන අතර අය විශේෂ අවශ්‍යතා ඇතිදරුවන් දෙදෙනකු සමඟ මෙම නිවසේ ජීවත් වී තිබේ.
ආබාධ වලින් පෙළෙන රෝගී වූ දියණියන් දෙදෙනෙකු සමග නිවසේ ජීවත් වී ඇත.
අද උදෑසන නිවසේදී එක් දියණියක් විසින් මවට හා ආබාධිත නැගණියට පහර දී ඇති අතර එම පහරවලින් මව මියගොස් ඇත.
මීට පෙරද මෙවැනි පහරදීම් පිළිබඳ කිහිප විටක්ම පොලීසියට පැමිණිලිද ලැබී ඇත.
පහරදුන් සැකකාර දියණිය හඟුරන්කෙත පොලීසියේ නිලධාරි කණ්ඩායමක් විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර ඇය නිවසේ තිබූ මෝල් ගහකින් මවට පහර දී ඇති බවට පොලීසිය සැකකරනු ලබයි.
ඕමාන මුහුදේදී අනතුරට පත් ඉන්ධන ප්‍රවාහන නෞකාවක සිටි ශ්‍රී ලාංකික නාවිකයන් 21 දෙනකු බේරා ගැනීමට ඉරාන හදිසි සේවා සමත් වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.
පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන බවට කළ පොරොන්දුවකින් එක වාර්තාවක් අතපුච්චාගත් බවත් බලයට පැමිණි පසු පාස්කු දින ත්‍රස්ත ප්‍රහ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම
සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දනය කිරීම සදහා පොලිස් නිලධාරීන් 100 ක් පොලිස් විශේෂ කාර්ය බළකාය යටතේ පුහුණුවීම් සිදුකරමින් පවතින බව පොලිස් මූලස්ථානය පවසය
අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු මෙන්ම මානවහිතවාදී දේශපාලනඥයකු වූ පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්
ඥානාර්ථ ප්‍රදීපය කතෝලික පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරිල් ගාමිණී පියතුමා අනිද්දා(19) පෙරවරු 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබේ.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දියණියගේ පහරදීමෙන් මව මරුට
Ruhunu Saturday, 09 May 2020 10:58 AM
භව කර්ම කියන්නේ මෙවට තමයි.
Ravindra Saturday, 09 May 2020 02:58 PM
ආනන්තරීය පාපකර්මයක්...
thusharaSaturday, 09 May 2020 05:30 PM
පාප කර්මයක් වෙන්නේ එක සිතමු මූලිකවූ ක්‍රියාවක්නම්. නමුත් මෙහි සදහන් පරිදි ඔවුන් නිසි මානසික තත්වයකින් පසුවන දරුවන් නෙවෙයි
lankasriSaturday, 09 May 2020 05:50 PM
මැරීමේ චේතනාව නැතත් පහරදීමේ චේතනාව ඇති නිසා හා එයින් මව මිය ගියේ නම් එය ආනන්තරීය පාපකර්මයකි. මානසික ආබාධිත බාවය අදාළ නොවේ.
MD Saturday, 09 May 2020 05:14 PM
ඇත්තටම දුකයි... ගමෙ ග්‍රාම සේවක ඉදලා ඉහළටම මෙ පවට කොටස් කාරයෝ වෙන්න වෙනවා. සොරි...
අබිලින් Sunday, 10 May 2020 01:09 AM
දාරක ප්‍රේමය නිසාත් මානව හිමිකම් සංවිධානවල කටයුතු නිසාත් මෙම තත්වයන් ඇතිවෙනවා කියලයි මම සිතන්නේ. පුරාණ ලංකාවේ මෙවැනි දරුවන් ඇතිදැඩි නොකළ බව එදා හෙළදිව පොතේ දැක්වෙනවා. වත්මනේ එවැනිදේ කළ නොහැකිනම් සමාජයට පලක්නැති මෙවැනි දරුවන් රැක බලා ගැනීමටත් නඩත්තු කිරීමටත් රජයේ ආයතන පිිහිටුවිය යුතුය. මෙයින් විශාල පිරිසකටත් රැකියා සාදා දිය හැකිය.
සාරසීSunday, 10 May 2020 08:33 AM
කිසිම මවක් මෙවැනි ආබාධිත දරුවන් කාටවත් දෙන්නේ නෑ . අවශ්‍ය වන්නේ එවැනි දරුවන් ට ඉගැන්වීමේ ක්රමවේදයයි. නැත්තෙත් ඒකයි.. සාමාන්‍ය මිනිස්සු අතරේ කීයෙන් කී දෙනාද ඒ දරුවන් දිහා ආදරයෙන් බලන්නේ. එයාලා පුංචි කාලේ ඉදලා සාමාන්‍ය සමාජයට හුරු කරන්න ඕන.... එහෙම තනිවෙලා ඉන්නකොට එයාලා ප්‍රචණ්ඩකාරී වෙනවා හැම මවකටම ආදරය දුන්නත් එයාලා මෙහෙයවන්න දැනුම මදි . ලංකාවේ සමහර පාසල්වල පංති තියෙනවා. වෙන ක්‍රමවේදයක් මගින් මෙයාලාට ඉගැන්වීමක් ඕන.... හැබැයි ඒ පොත්පත් නෙවෙයි, සංගීතය චිත්‍ර, නැටුම්, කනබොන හැටි වෙලදසැලකට ගිහින් බඩුගන්න හැටි... වගේ ...මට එහෙම පුතෙක් ඉන්නවා එයා ඉපදුණු ගමන් මම කලේ එයාලා ට තමාගේ වැඩ කරගන්න හැටි උගන්නන හැටි ගැන, එයාලා හසුරුවන හැටි ගැන මම ඉගන ගැනීමයි... ඊට පස්සේ තව පුතෙක් ඉපදුනා එයා දැන් වෛද්‍යවරයෙක්... දෙන්නම එකට හැදෙනකොට ඒ පුතාටත් ලොකු මගපෙන්වීමක් උනා මල්ලී.
ravi Sunday, 10 May 2020 07:43 AM
ලෝක අම්මාවරුන්ගේ දිනය වන අද ... මෙ වගේ දෙයක් කියවීමට වීමගැන අපි ඉතාමත් කණගාටු වෙමු...