IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


නවසීලන්ත අගමැතිනිය බිළිඳා සමඟ රාජකාරියට

වෙලින්ටන්හිදීය (රොයිටර්)

තම පළමු දරුවට උපත ලැබීමෙන් සති හයකට පසු නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආඞ්න් තම බිළිඳා සමඟ රාජකාරියට පැමිණියාය. 

අගමැති ධූරය හොබවමින් සිටියදී මාතෘ නිවාඩු ගත් පළමු නවසිලන්ත අගමැතිනිය වන්නේ ද ජසින්ඩා ආඞ්න්ය. 

නවසීලන්ත අගමැතිනිය ගර්භණී සමයේදීද අගමැති ධූරයේ වගකීම් දරමින් කටයුතු කිරීම කාන්තා නායකත්වයේ ප්‍රගතිය පෙන්නුම් කිරීමේ සංකේතයක් යැයි බොහෝ දෙනා පෙන්වා දී තිබිණි.

ධුරය දරමින් දරුවකුට උපත දුන් දෙවැනි අගමැතිනිය වන්නේ ද ජසින්ඩා ආඞ්න්ය. ඊට පෙර බෙනාසීර් බූතෝ 1990 වසරේදී අගමැති ධූරය දරමින් සිටියදී දරුවකුට උපත දුන්නාය.  

   “දිනපතා දරුවාට කිරි දීම, නිදි කිරීම සහ දරුවගේ ඇඳුම් ගැන මම හැමතිස්සේම වද වෙනවා. සමහර වෙලාවට කිසිදු උනන්දුවක් නැති දේවල්වලටත් දැන් උනන්දුවක් ඇතිවෙලා. මං මේ දේවල් කරන්නේ පළවෙනි පාරට. හැම අම්මා කෙනෙක්ම මේ අත්දැකීමට මුහුණ දෙනවා. ඊට පස්සේ එය සාමාන්‍ය දෙයක්” යැයි රූපවාහිනි සාකච්ඡාවකට එක්වෙමින් නවසීලන්ත අගමැතිනිය පවසා තිබිණි.  

055



අදහස් (15)

නවසීලන්ත අගමැතිනිය බිළිඳා සමඟ රාජකාරියට

Appuhami Thursday, 02 August 2018 05:43 PM

ආඩම්බරයි අම්මේ ඔබ වැනි මව්වරුන් ගැන අසන්නට ලැබීමත්

:       212       711

Nandalal DE SILVA - Franceo Thursday, 02 August 2018 06:24 PM

අන්න එකට අපේ රටේ අම්මලා! අපේ ගමේ අම්මා කෙනෙක් දරුවෙක් ලැබිලා සති තුනකට පස්සේ ඔක්කොම දාලා අවුරුදු දෙකක කොන්ත්‍රාත් එකක් ලැබිලා රට ගියා.

:       450       138

DasunThursday, 02 August 2018 09:52 PM

ඒ ගියේ මුදල් තන්හාවට පමණක්මද අනික ඇයගේ කැමත්තෙන්මද. එහෙම අහන්නේ සමරවිට සැමියාට තිබෙන මුදල් අවශ්‍යකමට හෝ අන්ත නැති බැරිකමටත් දරු සෙනෙහස යට කරන්න වෙන නිසා.

:       1       34

Shyama ArachchigeFriday, 03 August 2018 01:28 AM

නවසීලන්ත අගමැතිනියට නිවාඩු හිටිය කියල අගහිඟ කම් ඇතිවෙන්නේ නැහැ, ගෙදර අනෙක් අයට කෑම බීම හිඟ වෙන්නේ නැහැ. බිල් ගෙවන එක කරදයක් වෙන්නේ නැහැ, ගෙවල් කුලී, අනෙක් දරුවන්ගේ පාසල් වියදම් වලට ප්‍රශ්න නැහැ. ඔය කියන අම්මට දරුවෙක් ලබා දීලා එයාව හම්බ කරන්න රට යැව්ව දරුවාගේ තාත්ත මොකද ඔය ගැන කියන්නේ..?

:       0       27

Nalika Thursday, 16 August 2018 04:00 AM

ඇය දිරිය මාතාවක් .තම රාජකාරිය දේව කාරිය කරගත්ඇය සියල්ල ඉටුකිරිම ට චිත්ත ධර්‍ය ශක්තිමත් ව තබා ගැනිම වටිනා බවත් මෙය ලාංකිය කාන්තාවට සහ විශේෂයෙන්ම රජයේ රැකියා කරන කාන්තාවන් ට ආදර්ශයකට ගත හැකි.

:       0       0

piyalFriday, 03 August 2018 05:41 AM

ඒක දුප්පත්කම හා සම්බන්ද දෙයක්නේ මහත්තයෝ.

:       36       84

ඇත්ත සත්‍යපාලFriday, 03 August 2018 12:14 PM

පියල් ඔබ හරි. අපේ රටේ මිනිසුන්ගේ මානසිකත්වය මේ පුවතින් හොදින් තේරුම් ගත හැකියි. පිටරට නම් සියල්ල මහා ඉහලින් අගයනවා. අපේ රටේ කොයි තරම් අම්මලා දරුවා කොක්කනියක දාගෙන හේනට කුඹුරට ගල් වැඩපලට ගිහින් වැඩ කරනවද. අනිත් කරුණ රටේ දේවල් ගැන පුවත් රැසක් තිබෙද්දී වැඩිම පිරිසක් කියවූ පුවත මේක. "පිට රට දේ සිරි සැප දේ" වෙලා.මේක තමයි රටට ලොකුම හෙනේ.

:       7       18

ubamama Thursday, 02 August 2018 07:49 PM

මව් පදවිය අති උතුම් නමුත් පොවන්නේ දෙනුන්ගේ කිරි...

:       13       6

Ravi Thursday, 02 August 2018 08:19 PM

අපොයි අපේ සමහර අම්මලාට නම් මහගෙදර ඉන්න ඔක්කොම බවලතුන් ගෙන්නා ගෙන අහල පහල කාන්තාවන්ගේනුත් අතට පයට වැඩ කරවා ගත්තත් මදි. අපි මව් පදවියට ගරු කරන නමුත් පුළුවන්කම තිබියදීත් එදිනෙදා පුංචි වැඩක් කර ගන්න බැරි මව්වරු ඉන්නවා. මගේ නෝනාගේ නංගි ගෙදර හැමෝම හුරතල් කරලා බන්දලා දුන්නා. අන්තිමේ බබා ලැබුනාම අපේ නැන්දම්මා ගිහිල්ලා උදව්වට නැවතුනා මදිවාට අපේ නෝනා දවස ගානේ ගිහින් උයලා දීලා එනවා. නිකනුත් නෙවෙයි උදේට වැඩට එන්න පරක්කු වෙනවා කියලා කාර්යාල ප්‍රධානියාගෙන් බැනුම් අහගෙන.

:       1       10

Raveendra Friday, 03 August 2018 03:11 AM

ඇත්තෙන්ම අප මෙතුමියට සුබ පතනවා මෙලොව තිබෙන උතුම්ම සම්පත සමග තමන්ගේ මවුබිම වෙනුවෙන් තම යුතුකම ඉෂ්ටකිරීමට මෙසේ ක්‍රියා කිරීම පිළිබඳව. මේ තමයි නියම දේශපාලඥයින් යන වැදගත් වචනයේ අර්ථයෙන්ම ක්‍රියාකාරන උතුම් මිනිසුන්. අප රටේ දේශපාලඥයින් කියන්නේ මුළු රටම විනාශ කරන දේශපාලුවන්වීම මොනතරම් පාපයක්ද??? අවසාන වශයෙන් අප ඔබතුමියට ප්‍රර්ථනා කරනවා ඔබට ලැබුණු උතුම් දරු සම්පත සමග තමන් උපන් මවුබිමට එහි උන්නතිය සදහා සේවය කිරීමට සියලු ශක්තින් ලැබේවා !!!!

:       0       48

siri Friday, 03 August 2018 03:19 AM

අපේ රටේ බබාලගෙ තාත්තලා, සීයලා පාර්ලිමේන්තු ගිහින් නිදි.

:       1       45

Indhika Friday, 03 August 2018 06:38 AM

අපෝ ඕක මොකක් ද. ලංකාවේ මුළු පාර්ලිමේන්තුවේම ඉන්නේ බිළිදුන්නේ.

:       0       104

dumudu kariyapperuma Friday, 03 August 2018 07:24 AM

අපේ පාර්ලිමේන්තුවට හොඳ ආදර්ශයක්....

:       0       3

kalani Saturday, 04 August 2018 10:08 AM

නවසිලන්තේ අම්මා වගේම අපේ ඈත ගම්මානවල අම්මලා අලුත උපන් බිලිඳා රැගෙන හේනේ, කුඹුරේ වැඩට යනවා. වෙනසකට ඇත්තේ ඔවුන් පිටුපස යන්නේ නැති එක. දුප්පත්කම, දේශපාලන බලය සහ අධිපති මතවාදය පිටුපස අපි යනවා.

:       1       17

L.T. upali weerasinghe Thursday, 16 August 2018 08:18 AM

ගෙදර බුදුන් අම්මා කියන්නේ මෙවැනි අයටයි....

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 12 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 328 0

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 393 1

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 647 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 579 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 93 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 307 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1681 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site