IMG-LOGO

2024 අප්‍රේල් මස 17 වන බදාදා


ඇලෝසියස්ට - පලිසේනට බන්ධනාගාරයෙන් කන්න දීලා නෑ

නිමන්ති රණසිංහ

 

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක කසුන් පලිසේන යන මහත්වරුන් දෙදෙනාට අද (19) උදෑසන 6 සිට පැය 8 පමණ කාලයක් කෑම හෝ වතුර ලබා දී නැතැයි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණයට කරුණූ වාර්තා කළේය.

මෙම සිද්ධියට අදාළ නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ අද කැදවු අවස්ථාවේ දී මෙම කරුණු අනාවරණය විය.

එම නඩුව ආරම්භ වන මොහොතේ එනම් දහවල් 1.30ට බන්ධනාගාර රැඳවියන් වෙත දහවල් ආහාරය සැපයු බව බන්ධනාගාර නිලධාරියෙක් සඳහන් කළේය.

එහෙත් සැකකරුවන් දෙදෙනා මෙතෙක් නිරාහාරව සිටීම සම්බන්ධයෙන් මීට වඩා සැළකිල්ලක් යොමු කළ යුතු බවත් මින් ඉන් ඉදිරියට එවැන්නක් සිදුනොවන ආකාරයට කටයුතු කරන ලෙස මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාරයට අවවාද කළාය.

එසේම සැකකරුවන් තවදුරටත් ලබන 2 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

 



අදහස් (16)

ඇලෝසියස්ට - පලිසේනට බන්ධනාගාරයෙන් කන්න දීලා නෑ

Chaminda Thursday, 19 July 2018 10:27 AM

මොනවා උනත් මෙව්වා කැත වැඩ සිංහල අපි හතුරෙක් උනත් කන්න දීලා යවන ජාතියක්.

:       3       231

wedage Thursday, 19 July 2018 10:31 AM

රටම කාපු නිසා බඩවල් පිරිලා ඇති.?

:       91       147

පිටිගල මිලානෝ Thursday, 19 July 2018 10:43 AM

කාපු සල්ලි ටිකම මදැයි, ආයේ තවත් මොනවා කන්නද?

:       65       104

sam Thursday, 19 July 2018 10:53 AM

කාපු ජරාව මදිද?

:       0       147

pissa Thursday, 19 July 2018 11:25 AM

අපි නොකා නොබී මහන්සියෙන් හම්බ කරපු සල්ලි ගිලිනකොට මොනවද දන්නේ නැහැ හිතුනේ.

:       0       0

රවින් Thursday, 19 July 2018 11:39 AM

ටික ටික එලියට එන්නේ. අනිකුත් බන්ධනාගාර ගතවුවන්ට දුන්නු කෑම දීලා නොකැවද? නැතිනම් නොකා හිටියද? කියල හරියට හොයල බැලුවනම්? අනිකුත් දවස් වලට හම්බවෙන විශේෂ ආහාර වේල අද ගෙනත් දෙන්න බැරිවෙලා, ඇයි ඉතින් උසාවිය ඇතුලෙනේ. ඉන්නෙත් විශේෂ මැදිරියක. එතකොට සාමාන්‍ය කෑම දෙන්නේ නැතිව ඇති.

:       0       0

d.upul Thursday, 19 July 2018 11:56 AM

ඔයාලා මහා බැංකුව හොරකම් කරපු රඟ කොච්චරද කියනවනම් අද මිනිස්සු වේල් කීයක් බඩගින්නේ ඉන්නවද කියලා දන්නවද?

:       0       0

maalaka Thursday, 19 July 2018 01:00 PM

පුදුම පිරිසක් අදහස් දාලා තියෙන්නේ..

:       1       0

Bamunuarachchi Thursday, 19 July 2018 01:21 PM

බන්ධනාගාරයේ සේවය කරන මිනිස්සු අන්තිමයි.

:       0       0

Bamunuarachchi Thursday, 19 July 2018 01:57 PM

චමින්ද ඔබ හරි.

:       1       43

naradha Thursday, 19 July 2018 03:18 PM

මේක මහා අමනුෂ්‍ය ක්‍රියාවක්.

:       0       0

Raveendra Thursday, 19 July 2018 03:48 PM

චමින්ද මයා සමග අපද 100% එකග වෙනවා. එහි කිසිදු තර්කයක් නැහැ.

:       0       0

Lal Thursday, 19 July 2018 05:13 PM

කන්න හෝ බොන්න නොදීම වරදක්. ඒකේ දෙකක් නෑ. හැබැයි අපි ඇලෝසියස් හෝ ඔහුගේ නීතිඥයා කියන දේ පිළිගත යුතුද? එසේ පිළිගතයුතු තරම් යහපත් කල්ක්‍රියාවක් මෙතුමන්ලා සතුව තියෙනවද? සොයා බැලීමකින් තොරව වචනය පමණක් පිළිගැනීම බුද්ධිමත් ඔබට කෙතරම් දුරට ගැළපේද? ඔබ ඔබෙන් විමසන්න.

:       0       1

RaveendraFriday, 20 July 2018 04:43 AM

ලාල් මයා වෙත , ඔබගේ අදහස්වලට ගරු කරන්නෙමු.

:       0       0

Dasuni Thursday, 19 July 2018 05:21 PM

මෙයාලා බන්ධනාගාර කෑමමද කන්නේ? පුදුමයි.

:       0       0

nuwan Thursday, 19 July 2018 05:26 PM

කොහොමත් ඔය බන්ධනාගාර නිලධාරීන්ව හොද පුහුණුවක් දෙන්න ඕනේ. ගොඩක් අයව පුනුරුත්ථාපනය කරන්න ඕනේ. කොහොම උනත් මේ දෙන්නටනම් එක වේලක් කෑවේ නැති උනාට මුකුත් වෙන්නේ නැ. ලංකාවම කාලනේ ඉන්නේ. අර්ජුන් මගේන්ද්‍රන් එක්ක එකතුවෙලා කරපු හොරකම නිසා අද ලංකාවේ කොච්චර අහිංසක මිනිස්සු එක වේලක් කන්න නැතුව ඉන්නවද? හැමදේම ගිනි ගණන් ගිහින්. කොහොමත් කර්මය පලදෙනවමයි. එකෙන් ගැලවුමක් නැ. අර්ජුන් මහේන්ද්‍රන්ටත් ඒ ටිකම වෙනවා.

:       0       32

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොත්තු රොටියට 1900ක් ඉල්ලූ මුදලාලි කූඩුවට
2024 අප්‍රේල් මස 16 1644 0

විදේශිකයකු කෙසෙල්වත්ත අලුත් කඩේ ප්‍රදේශයේ ස්ට්‍රීට් ෆුඩ් නමින් හඳුන්වන ප්‍රදේශයේදී ආහාර මිලදී ගැනීමට පැමිණි සිටියදී ඔහුට පරුෂ වචනයෙන් බැණ වැදී හිර


අවුරුදු කන්න මැති ඇමැති විස්සක් රට යති
2024 අප්‍රේල් මස 16 646 0

මැති ඇමතිවරුන් විස්සකට වැඩි පිරිසක් විදේශගතව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


පෙම් හබේ දුරදිග ගිහින් මවට-පෙම්වතියට පිහිපහර:පෙම්වතා මරුට
2024 අප්‍රේල් මස 16 1050 0

යාපනය ඉලවාලෙයිහිදී පුද්ගලයෙකු සිය පෙම්වතියට හා ඇයගේ මවට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමෙන් අනතුරුව ඔහුද මිය ගොස් ඇති බව ඉලවාලෙයි පොලිසිය සදහ


කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල වාහන තවම බාර දී නැහැ
2024 අප්‍රේල් මස 16 985 0

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර මාස තුනකට ආසන්න වී ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවු


ගවයින් රකින්න ගිය කත වන අලියාට බිලි
2024 අප්‍රේල් මස 16 376 0

මඩාටුගම නිදිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී වන අලියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මඩඅටුගම් පොලිසිය පවසයි.


නවතා තිබූ ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ
2024 අප්‍රේල් මස 16 561 0

ලංගම බස් රථයක් නවතා තිබු ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු දස දෙනෙකු පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 151 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1430 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1355 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site