ඉන්දිකා රාමනායක
බන්ධනාගාර 15 ක් ආශි‍්‍රතව ගත වු මාස දෙක තුළ සිදුකළ වැටලීම් වලින් ජංගම දුරකතන 115 ක් සමඟ නීතිවිරෝධී භාණ්ඩ රැසක් අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සඳහන් කරයි.
බන්ධනාගාර තුළ සිටි බුද්ධි නිලධාරීන් මෙම වැටලීම් සිදුකර ඇති බවත් අත්අඩංගුවට ගත් සෙසු භාණ්ඩ අතර සිම් කාඞ් පත් 127 ක්, ජංගම දුරකතන බැටරි 57 ක්, දුරකතන චාජර් 27 ක්, හා කුඩා ප්‍රමාණයේ මත්ද්‍රව්‍ය පැකට් 116 ක් තිබු බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
මෙම නීති විරෝධී භාණ්ඩ වැඩි වශයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ හා කළුතර බන්ධනාගාර වලින් එම ද එම නිලධාරියා කියා සිටියේය.
කළුතර බන්ධනාගාරයෙන් ජංගම දුරකතන ප්‍රමාණය 17 ක් සහ සිම්කාඩ් පත් 13 ක් අත්අඩංගුවට ගත් බවද එම ආරංචි මාර්ග පවසයි.
බන්ධනාගාර තුළ සිදුවන මෙම නීති විරෝධී ජාවාරම් නැවැත්වීම සඳහා බුද්ධි නිලධාරීන් දිනපතාම රාත්‍රී කාලයට මෙහෙයුම් සිදුකරන බවද එම උසස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
බන්ධනාගාර වලින් දුරකතන 115 ක් සොයා ගැනේ
suwaris Friday, 07 December 2018 11:15 AM
නිලධාරීන්ට මෙය විසඳීමට වුවමනාවක් ඇත්නම් සිරකුටි දුරකථන ජාල ආවරණයන් නොමැති කලාපයක් බවට පත්කරන්න. අඩු වියදමකින් කළහැකි සාර්ථකම විසඳුම එයයි. බොරු මාධ්‍ය සංදර්ශන නොකර පිළියම් යොදන්න නිලධාරීන් සිතට ගන්න.
Mohamed Saturday, 08 December 2018 02:47 AM
ඇයි බැරි මේ ගොල්ලන්ට රුපියල් 5000 වියදම් කරලා සිග්නල් ජැමර් එකක් දාන්න.
sandy123Saturday, 08 December 2018 06:15 AM
අයියෝ ඔයාට තේරෙන්නේ නැත්ද අයියා? එහෙම කලොත් ජරාව කන්න ලැබෙන්නේ නැහැනේ. ඉතින් හොඳ දේවල් ක්‍රියාත්මක කරන්නේ ඇයි?
PerakumSaturday, 08 December 2018 09:32 AM
මොහමෙඩ් ඔබ හරියට හරි. කාලයක් තිස්සේ එන මේ යෝජනාව බන්ධනාගාර කොමසාරිස් ඇතුළු නිලධාරි මණ්ඩලය විවිධ හේතු දක්වමින් ප්‍රතික්ෂේප කරනවා. ඊට හේතු ඉතින් අපි හිතාගන්න ඕනෑ...! ලංකාව තුළ මත් ද්‍රව්‍ය උවදුර සහ පාතාල උවදුර පවතිනතාක් බන්ධනාගාර නිලධාරීන් මීට විරුද්ධ වන්නේ මන්දැයි ඔබටත් මටත් සිතා ගත හැක.