අමෙරිකාව තුළ දෙවැනි වරට කොරෝනා වෛරසය පැතිර යාම පිළිබඳ අනතුරු ඇඟවීමක් රෝග පිළිබඳ එරට ජ්‍යෙෂ්ඨ විශේෂඥයෙකු විසින් සිදුකර තිබේ.
රෝග පාලනය සහ වැළැක්වීම පිළිබඳ මධ්‍යස්ථානවල ප්‍රධානී රොබට් රෙඩ්ෆීල්ඩ් මහතා සිදුකර ඇති මෙම අනතුරු ඇඟවීම අනුව මෙම දෙවැනි පැතිරීම පළමු වරට වෛරසය පැතිරීමට වඩා හානිදායක ප්‍රතිඵල අත්කර දෙනු ඇත.
ඊළඟ ශීත සෘතුවේදී අමෙරිකානු ජාතියට පහරදීමට ඊට හැකියාව පවතින බවත් එය මුල් වතාවට වඩා දුෂ්කර වනු ඇති බවත් ඔහු සඳහන් කරයි.
ශ්වසනය මගින් පැතිරෙන රෝගයක් එකවර අවස්ථා දෙකකදී ව්‍යාප්ත වීම අමෙරිකාවේ සෞඛ්‍ය සේවා පද්ධතියට අධික පීඩනයක් ඇති කරනු ඇතැයිද ඔහු පෙන්වා දෙයි.
ආර්ථික කටයුතු සඳහා අමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයක් විවෘත කිරීමේ සූදානමත් සමඟ මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇති අතර ඉදිරියේදී ඇති විය හැකි දේ සඳහා සූදානම් වීමට එළඹෙන මාස භාවිතා කරන ලෙසත් සමාජ දුරස්ථතා මාර්ගෝපදේශ අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙසත් ඔහු අවධාරණය කරයි.
මේ අතර ග්‍රීන් කාඩ් බලපත්‍ර දින 60 කට අත්හිටුවීමට පියවර ගන්නා බව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කළේය.
අප ප්‍රථමයෙන් අමෙරිකානු සේවකයින් පිළිබඳ සැලකිලිමත් විය යුතු බව ඔහු සඳහන් කළේය.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ අමෙරිකාවේ ආර්ථික තත්ත්වය අනුව මෙම අත්හිටුවීමේ කාල සීමාව තවදුරටත් දිර්ඝ විය හැකි බවයි.
ස්ථිර පදිංචිය සඳහා සාමාන්‍යයෙන් වසරකදී ග්‍රීන් කාඩ් බලපත්‍ර ලක්ෂ 10 ක් පමණ අමෙරිකාව නිකුත් කරයි.
ජෝන්ස් හොප්කින්ස් විශ්විද්‍යාලයේ සංඛ්‍යා ලේඛන අනුව මේ වන විට අමෙරිවෙන් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 825,041 ක් වේ.
වෛරසය හේතුවෙන් මේ වන විට එරටේ සිදුවී ඇති මරණ සංඛ්‍යාව 45,063 කි.
(බීබීසී ඇසුරෙනි)
-226-
අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත
ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ
පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස
කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්
එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව
ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
අමෙරිකාවේ දෙවැනි කොරෝනා රැල්ලක් ගැන අනතුරු ඇඟවීමක්