IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


වයිරසයෙන් ඉතාලියේ වෛද්‍යවරු 94ක් මිය යති

කොරෝනා වයිරසය හේතුවෙන් ඉතාලියේ වෛද්‍යවරුන් 94 දෙනකු මියගොස් ඇතැයි එරට වෛද්‍යවරුන්ගේ සංගමය අද (7) ප්‍රකාශ කළේය.

‘කොවිඩ්-19’ නව කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් හෙදියන් 26 දෙනකු මියගොස් ඇතැයි ද ඉතාලියේ හෙද සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශකවරයා කීය. 

එමෙන්ම හෙදියන් 6,549 දෙනකුට වයිරසය ආසාදනය වී ඇතැයි ද එම සම්මේලනය සඳහන් කළේය.
සඳුඳා වනවිට ඉතාලියේ ‘සුවසේවා’ සේවකයන් 12,681 දෙනකුට වයිරසය ආසාදනය වී ඇතැයි ද ඉතාලියේ සෞඛ්‍ය ආයතනය සඳහන් කළේය.

මුඛ ආවරණ, අත්වැසුම්, පෞද්ගලික ආරක්ෂණ උපකරණ, ආරක්ෂිත ඇඳුම් කට්ටල යනාදී වෛද්‍ය සැපයුම්වල හිඟය වෛද්‍යවරුන්ට, හෙදියන්ට, සෞඛ්‍ය වෘත්තිකයන්ට, රෝහල් කාර්යමණ්ඩලවල වයිරසය ආසාදනය වීමට ප්‍රධාන හේතුව යැයි ද සෞඛ්‍ය බලධාරීහු කීහ.

සී.එන්.එන්ඇසුරිනි 

055



අදහස් (3)

වයිරසයෙන් ඉතාලියේ වෛද්‍යවරු 94ක් මිය යති

Raveendra Tuesday, 07 April 2020 01:54 PM

මෙවන් කණගාටුදායක තත්වයක් අප රටේ ඇති නොවේවා යන්න අප සැමවිටම ප්‍රාර්ථනා කරන්නෙමු. පුරවැසියන් වන අපගේද වගකීමක් සහ යුතුකමකි ඔවුන්ගේ උපදෙස් හැකිතාක් දුරට පිළිපදිමින් ඔවුනට අපගේ උපරිම සහය ලබාදීම. ලංකා මාතාවට යහපතක්ම වේවා !! සියලු ලෝකවාසී අහිංසක මිනිසුන්ට යහපතක්ම වේවා !!

:       0       40

Prabha Tuesday, 07 April 2020 02:22 PM

මාරාන්තික බව දැන දැනත් උතුරු සහයට දැන් සිටින්නේ දකුණු ඉතාලියේ සෞඛ්‍ය සේවකයින් පමණයි.

:       0       22

ranjith Wednesday, 08 April 2020 12:57 AM

මෙවන් අවාසනාවන්ත තත්වයක්... මෙරට ඇති නොවීමට සියලු දෙන කැපවෙමු. සේවයට නොයා ගෙදරම ඉන්න රජයේ සේවකයෝ තම වැටුපෙන් සැලකිය යුතු ප‍්‍රතිශතයක් මේ සදහා පරිත්‍යාග කරන්න බේරී නේ නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 56 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 46 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 556 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 44 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 1955 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 374 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 226 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1540 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site