ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න
ඇඳිරි නීතිය පවතින අවස්ථාවේදී අලෙවි කරමින් තිබූ පරිභෝජනයට නුසුදුසු අර්තාපල් කිලෝ දහසක් විනාශ කර එම තොග අලෙවි මධ්‍යස්ථානයකට එරෙහිව නඩු පැවරීමට (08) දා පියවර ගත් බව ,මහරගම සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
ඇදිරි නීතිය පවතින අවස්ථාවේ දී තලවතුගොඩ නගර මධ්‍යයේ පිහිටි අලෙවි සල් කිහිපයක් ඉතා සූක්ෂම ලෙස වෙළඳසැල් වල පිටුපස දොරින් භාණ්ඩ විකුණන බවට මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ලද තොරතුරක් අනුව මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරින් සිදුකළ හදිසි වැටලීමකදී මෙම අර්තාපල් තොගය සොයා ගැනීමට හැකි වූ බව කියයි .
සෞඛ්‍යය ආරක්ෂිත බවින් තොර හා මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ තිබූ මෙම අර්තාපල් තොගය එම ස්ථානයේදීම විනාශ කර දැමීමට මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පියවර ගත් බව පැවසේ .
මෙසේ විනාශ කර දැමූ අර්තාපල් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ දෙකකට ආසන්න බව ද පැවසේ.
තවදුරටත් විමර්ශන සිදු කිරීමේදී මෙම අලෙවිසැල් හිමිකරු ජංගම රථ හරහා භාණ්ඩ අලෙවි කිරීමට ඇඳිරිනීති බල පත්‍ර හතරක් ලබාගෙන තිබූ පුද්ගලයකු බවට ද තොරතුරු අනාවරණය වූ බව පැවසේ.
මීට අමතරව තලවතුගොඩ නගර මධ්‍යයේ හොර රහසේ භාණ්ඩ අලෙවි කළ තවත් වෙළඳසැල් තුනක් වටලා එහි හිමිකරුවන්ට තරයේ අවවාද කිරීමට ද පියවර ගත් බව පැවසේ.
චිත්‍රපටයක් නිෂ්පාදනය සඳහා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10ක් වංචා කළැයි විශ්වාසය කඩකිරිමේ චෝදනාව යටතේ හිටපු උපකාරක පන්ති ගුරුවරයකු වූ උපුල් ශාන්ත සන්
2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.
පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේ ම ශ්‍රී ලංකාවේ ඊළඟ මැතිවරණ ප්‍රතිඵලය ලියැවුණු හෙයින් එය දේශපාලනයෙන් තොර ප්‍රහාරයක් ලෙස කිසිසේත් ම හැඳින්විය නොහැකි යැය
අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.
අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු
සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පරිභෝජනයට නුසුදුසු අර්තාපල් කිලෝ 1000ක් විනාශ කරයි
Raveendra Wednesday, 08 April 2020 06:11 PM
කරුණාකර මෙවන් කාලකන්නි හිගන මුදලාලිලාගේ කඩවල් වල නම් මෙන් එම මුදලාලිලාගේ නම්ගම් චායාරුපද සහිතව පලකරන්නේ යැයි ඉල්ලා සිටින්නෙමු. එවිට මෙවන් හිගන මුදලාලිලාට අනාගතේදී නම් බිස්නස් කිරීමට නොහැකි වෙන තත්වයක් උදා වෙනු ඇත. එලෙසම මුන්ට දිය යුත්තේ 88/89 යේ දඩුවම් බවත් අප ප්‍රසිද්ධියේම සදහන් කරන්නෙමු.