IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ගම්මන්පිල ඇමැතිකම් එපා කියයි

(විනීතා එම් ගමගේ)

නව ඇමැති මණ්ඩලය පත් කිරීමේ දී ජනාධිපතිතුමන් හා අගමැතිතුමන් මුහුණ දී සිටින දුෂ්කරතාව ගැඹුරින් කල්පනා කර කිසිම ඇමැති ධුරයක් බාර නොගැනීමට තීරණය කළ බව දන්වා පිවිතුරු හෙළ උරුමය නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවා ඇත.

රාජපක්ෂ මහතාට සහය දුන් පාර්ලිමේන්තු කණ්ඩායමේ සිටින දින සීයේ අන්තර්කාලීන ආණ්ඩුවේ ඇමැති ධූර අපේක්ෂා කරන හිටපු කැබිනට් ඇමැතිවරු ගණන 38 ක් වූ බවත් කැබිනට් ඇමැති ධූර අපේක්ෂාවෙන් දිස්ත‍්‍රික් නායකයින් ගණනාවක් ද සිටි බවත් ගම්මන්පිල මහතා තම ලිපිය මගින් පෙන්වා දෙයි.

මෙවැනි තත්ත්වයක් යටතේ 10 දෙනෙකුට සීමා වූ ඇමැති මණ්ඩලයක් යෝජනා අන්තර්කාලින ආණ්ඩුව සඳහා යෝජනා වූ අතර, පසුව 15 දෙනෙක් දක්වා ඉහළ නැංවූ නමුත් එය සැකසීම අතිශයින්ම දුෂ්කර බැව් තමන් දන්නේ යැයි ද මන්ත‍්‍රීවරයා යැවූ ලිපියේ සඳහන් වේ.

මෙවැනි තත්ත්වයක් යටතේ ඇමැති මණ්ඩලය සැකසීමේ දී ජනාධිපතිවරයා හා අගමැතිවරයා මුහුණ දී සිටින දුෂ්කරතාව යම් තරමකට හෝ අවම කර දීම සඳහා මෙම පියවර ගත් බව ද එම  ලිපියේ සඳහන්වේ.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත වන යෝජනාවකින් පාර්ලිමේන්තුව විසුරුවා හරින මෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා නොසිටියහොත් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවාලිය හැක්කේ 2020 මාර්තු 1 වැනිදා බවත් ඒ අනුව අද පත්වූ ආණ්ඩුව පවතින්නේ දින සියයක් බවත් එම ලිපියේ වැඩි දුරටත් සඳහන් වේ.



අදහස් (32)

ගම්මන්පිල ඇමැතිකම් එපා කියයි

පිටිගල මිලානෝ Friday, 22 November 2019 10:55 AM

අනේ කරුණාකරලා පක්ෂයෙනුත් ඉල්ලා අස් වෙන්නකෝ... ලොකු උදව්වක්...

:       2191       2040

සේනක Friday, 22 November 2019 02:10 PM

මේ ගොල්ලන්ට මේ දවස් ගාණට, "ලොකු උදව්වක් ඉල්ලා අස්වෙන්න" කියනවා නම් එතකොට කලින් ආණ්ඩුවේ කට්ටියට මොකද කියන්නේ...?

:       203       319

RangaFriday, 22 November 2019 04:53 PM

සුදුසුකම් නැති කෙනෙකුට නේද කැමති..? මං මේ නිකමට ඇහුවේ...?

:       126       174

Cisco Friday, 22 November 2019 11:03 AM

හොඳ අගය කළයුතු ක්‍රියාවක්...

:       528       629

Stock market Friday, 22 November 2019 11:26 AM

කව්ද මේ අයට ඇමතිකම් දෙන්නේ..? ඇති ඡන්දයකුත් නැහැ..

:       575       641

naweenSaturday, 23 November 2019 03:01 AM

ආපහු අගමැති රනිල් වුණොත් හොඳයි නේද?

:       57       68

Mahesh Friday, 22 November 2019 11:32 AM

දුකට කියවෙන කතානේ. චමල්ටත් ඇමතිකමක් දුන්න එකේ ඔහොම ගැටලුවක් තියෙන්න බෑනේ..

:       310       331

Saman Friday, 22 November 2019 11:40 AM

මුලින්ම තමන්ට තියෙන නඩු වලින් නිදහස් වෙලා ඉන්න. ලොක්කා කොහොමත් නඩුවලින් නිදහස් වුණා... ජනාධිපති වූ නිසා

:       156       188

Nandalal DE SILVA - FranceFriday, 22 November 2019 08:16 PM

ඒ කියන්නේ මෙයාටත් ජනාධිපති වෙන්න කියලද? එහෙනම් මුළු රටටම අබ සරණයි.

:       1       7

ටින්කිරි බණ්ඩා Friday, 22 November 2019 12:16 PM

තනතුරක් හම්බවෙන්නේ නැති විත්තිය කලින්ම දැනගෙන "අනේ මේ මිදි මට එපා... එව්වා තිත්තයි" කියලා ලියුමක් දීලා..

:       514       672

Chathuri Friday, 22 November 2019 01:03 PM

මේ දින 100ටද? මෙතරම් ලොකු වැඩක් වගේ පෙන්වන්නේ...? නිමල් සිරිපාල ඇර අනිත් සේරම ගෙදර අරින්න ඕනෑ. රජයේ මුදල් වැඩිපුර අතගාන ඇමති ධුර, මහින්දට විමල් නැතිවම බැරිද?

:       191       381

සත්‍යපාල Friday, 22 November 2019 01:21 PM

බාරකාර ආණ්ඩුවක්නේ... ඒක හින්දා නිකම් ඉන්නවා. අපි නොදන්නවද ගම්මන්පිලගේ තරම... හරිම සුද්දවන්තයා .

:       89       237

Mahee Friday, 22 November 2019 02:15 PM

ඔන්න මං ලොක්කො දෙන්නට ලොකු උදව්වක් කලේ... නැත්නම් ඇමති මණ්ඩලේ හදාගන්න බැරුව මාර එරිල්ලක් එරෙනවනේ... ඒ හින්දා මාර්තුවෙන් පස්සේ මට හොඳට සලකනවා නේද? ඔන්න අමතක කරන්න එපා, හොඳේ...

:       90       360

ප්‍රේමතිලක පෙරමුණ Friday, 22 November 2019 02:33 PM

ඊළඟ වතාවේ ලොකු එකක් බලාගෙන වෙන්නැති... නැත්තං අතාරියි. අනේ යන්න මහත්තයෝ නිකං බයිලා නොගහ...

:       74       242

ajith Friday, 22 November 2019 03:04 PM

නරියත් කිව්වලු මිදි තිත්තයි කියලා. මේ මහත්තයා බොරු කියන්න දන්නෙම නැහැ.

:       107       237

ටි ඉන්දික Friday, 22 November 2019 08:04 PM

මෙයා මුලින්ම කැපුණා.. ඒකයි දැන් නිවේදන..

:       0       2

එරික් Saturday, 23 November 2019 12:30 AM

නායකයාගේ හැටියටලු ගෝලයෝ යන්නේ. බලන්න කොතරම් මහත්මා ගති ඇති කෙනෙක්ද? අපි පැතූ වෙනස මෙය නොවේද? ගෝඨා සර්ට දෙවියන්ගේම පිහිටයි...!

:       23       65

රමල් Saturday, 23 November 2019 01:01 AM

ඒකට මොකටද මහා ප්‍රසිද්ධියක්...? දෙගොල්ලන් කතා කරගත්තා නම් ඉවරයිනේ..

:       0       36

විනෝද් මල්හෝත්‍රා Saturday, 23 November 2019 02:13 AM

එක ටෙලිෆෝන් කෝල් එකෙන් ඕක කරන්න තිබුණනේ, නැත්නම් හම්බවෙච්ච වෙලාවේ කනට කරලා කියන්න තිබුණනේ. නිකම් රටට පේන්න ලියුම් ලියලා ඉදිරිපත් කරනවා, ඔහොම ලියුමක් ඇරියද දන්නෙත් නැහැ...

:       0       40

Don Saturday, 23 November 2019 02:22 AM

අර ඕස්ට්‍රේලියාවේ ධනපතියාට මොකද වුණේ?

:       1       16

GuneSunday, 24 November 2019 08:09 AM

නඩු කල්දැමීම නරකයි කියල මහජනයා කොයිතරම් නම් දොස් කියනවද? ඉතින් මහජනයාට කන්දෙන ආණ්ඩුවක් හැටියට අපි ඒවා ඉක්මනින්ම ඉවරයක් කරලා දාන එක නරකද?

:       0       0

sadis Saturday, 23 November 2019 03:53 AM

ඔය හිනාවත් එක්ක ගත්තත් මොනවා කරන්නද?

:       0       10

Kumara Saturday, 23 November 2019 04:46 AM

කවදාහරි අැමැතිකමක් කරලා තියෙනවද?

:       0       6

joe fernando Saturday, 23 November 2019 08:03 AM

අලුත් ඇමති කමක් හදමු 'ඇල්වතුර නිමලා බොන ඇමති'

:       1       6

සිසිල් සුදේශ් Saturday, 23 November 2019 08:49 AM

අර කවුද කිව්වාලු මිදි තිත්තයි කියලා...

:       0       0

L Anthony Saturday, 23 November 2019 10:19 AM

අනේ පව්... දැන් යන්න අනික් පැත්තට... ඔයාලට කොහේ ගියත් වෙන්නේ ඔයටිකම තමයි. තව අල්ලන්න පන්දම්...

:       1       7

යාපා Saturday, 23 November 2019 11:35 AM

අනේ පව්.., එජාප වහල්ලු ටිකක් තමන්ගේ දුක තුනීකර ගැනීමට මෙතන වෛරය පිටකරනවා.

:       587       939

ශ්‍රීSunday, 24 November 2019 04:00 AM

යූ ඇන් පී වහල්ලු කියලා පිළිගමුකෝ. එතකොට ඔහෙලා හිතන්නේ වහල් හිමියෝ කියලද ? ඔක්කොම වහල්ලු තමයි කොටින්ම.

:       15       133

nimal Saturday, 23 November 2019 05:54 PM

නරියා මිදී කන්න ගිහින්, එය නෙලාගන්න බැරි වූ විට මිදී තිත්තයි කීවලු

:       0       9

siri Saturday, 23 November 2019 07:43 PM

ඔබතුමාගේ උතුම් ආදර්ශයට හිස් මුදුනින් ගරු කරමි. ඔවැනි දෙයක් මීට පෙර රෙජී රණතුංග ප්‍රසන්න රණතුංගගේ පියා කලා. ඇමති තනතුරට වඩා රට ගැන හිතන එකට මගේ ප්‍රණාමය!

:       15       0

Rohana Sunday, 24 November 2019 04:12 AM

මේ කතාකරන්නේ හදවතට එකඟව නොවෙයි. නොලැබෙන දෙයට වෙන කතාවක් මේ කියන්නේ.

:       0       1

ChandanA Sunday, 24 November 2019 04:31 AM

කට වහගෙන ගෙදර යන්න කිව්වත් යන්න වෙනවා. මොකද යන්න වෙන පක්ෂයක් නැහැ. ලැබෙන ඡන්දයක් වත් නෑ

:       1       36

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 270 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 552 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 669 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 553 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 159 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1745 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 281 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1635 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1516 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site