IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


‘‘අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගෙන්වන්න සියල්ල සූදානම්‘‘

(බිඟුන් මේනක ගමගේ)

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා සිංගප්පූරුවේ සිට මෙරටට ගෙන්වීමට අවශ්‍ය සියලු කඩදාසිත් මහේන්ද්‍රන්ටත් වඩා ලොකු මහත්වරුන්ට උසාවියේ කූඩුවට නගින්නට සිදුවන ලිපිගොනු සියල්ලත් හදා අවසන් යැයි ද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වැනි සංවත්සරයේ ප්‍රධාන දෙසුම කරමින් පැවැසීය.

තම පාලන කාලයේදී ආණ්ඩුවට සිදුකළ ලොකුම හූනියම මහ බැංකු කොල්ලය යැයි ද එහි වගඋත්තරකරුවන් සියලු දෙනා දේශපාලනයෙන් ඉවත් විය යුතු යැයි ද ජනාධිපතිවරයා අවධාරණය කර කීය.

පළාත් සභා මැතිවරණයක් නැවත මේ රටේ පැවැත්විය නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි කී හෙතෙම එවැනි තත්ත්වයක් නිර්මාණය කිරීමේ පළමු වගඋත්තරකරු අගමැතිවරයා යැයි ද චෝදනා කළේය.

පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් තමන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කළ විමසීමේදී ඒ බව තහවුරු වී යැයි ද ජනාධිපති සිරිසේන මහතා සඳහන් කළේය.

අද දිනයේදී මෙසේ ආරම්භ කළේ මීළඟ ජනාධිපතිවරණයේදී ජනතාව බලවත් කරන මානවවාදී ව්‍යාපාරය යැයි ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිපත්ති සමග 2020 දී ආණ්ඩුව හදන්නේත් සිය පක්ෂය යැයි ද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 



අදහස් (33)

‘‘අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගෙන්වන්න සියල්ල සූදානම්‘‘

Amila Tuesday, 03 September 2019 12:43 PM

එයාපෝර්ට්, පාරදිගේ ඇවිද්දනවා. මඩු වලිග, කඩුත් මතක්වෙනවා මහත්තයෝ.. ඇයි ගිය ආණ්ඩුවේ අල්ලපු හොරු තොගයත් මතක් වුණා.. ඡන්ද කිට්ටුවෙනකොට උඩ එන ඡන්ද නැති වෙනකොට යටයන අමුතු සිද්ධි..

:       1       449

senaTuesday, 03 September 2019 03:30 PM

කියලා වැඩක් නැහැ අමිල මෙයාගේ කයිවාරුව විතරයි.

:       0       140

NissankaWednesday, 04 September 2019 09:28 AM

දැන් කුඩුකාරයෝ එල්ලලා ඉවරද එතකොට...? මෙයා බලයට ආවේ කලින් ආණ්ඩුවේ හොරු අල්ලනවා කියලා. දැන් ඒවා අමතක කරලා ඒ හොරුන්ටම ආයේ බලය අරන් දෙන්න වැලිකනවා.

:       0       25

ගොන්ගාලේ ගොඩබණ්ඩා Tuesday, 03 September 2019 12:53 PM

‘‘අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගෙන්වන්න සියල්ල සූදානම්‘‘ගෙනල්ලා නිදොස් කොට නිදහස්. ඡන්දෙ ලං වෙනකොට ඔක්කොමලා වීරයෝ. රජ වැඩකාරයන්. ජනතාවත් රතු, කොළ, නිල් මෙකී නොකී පාටවලට බෙදිලා රතට වඩා කොළ හොඳයි, කොළට වඩා නිල් හොඳයි, කහයි කොළයි එකතු වුණාම කොහොමත් නිල් තමයි, අපි කැපුවත් ...තමයි. අවසානේ ජීවත්වෙන ටික කාලෙට එක එකා රජ කරලා තමන් දුක් විඳලා මැරිලා යනවා. වෙන්න ඕනේ එහෙම නොවෙයි. තම තමන් කැමති පාටට ඡන්දෙ දීලා කවුරුහරි බලයට ආව දවසේ ඉඳලා සියලු දෙනා එකතුවෙලා බලයට ආව එකාව හරි පැත්තට තල්ලු කරන එක. ඒත් එහෙම වෙන්නේ නෑ. පැරදුණු එකාට දිනුව එකා කරන හැමදේම වැරදි... දිනුව එකාගේ අයට තමන්ගේ දිනපු එකා කරන ඕනේදෙයක් හරි. අපි තවමත් හරිම නොදියුණු ජාතියක්. ඒක උගත් නූගත් සැමදෙනාට වලංගුයි. කිසිම කෙනෙකුට තමන්ගේ දැක්මක් නෑ. හරිම කණගාටුයි. එහෙම දෙයක් තේරෙන්නෙත් නෑ...

:       0       152

MaheeTuesday, 03 September 2019 01:49 PM

ඉතාම නිවැරදි විග්‍රහයක්.. ඒ අනුව අපේ පවුලේ ඡන්ද හතරම නාගානන්ද කොඩිතුවක්කුට දෙන්න අපි තීරණය කළා. මෙතෙක් සිදුවුනේ රට මංකොල්ලකෑමනේ. හරි ගියේ නෑ. දැන් හරියන්න හෝ වරදින්න නාගානන්දගේ වැඩ පිළිවෙල තමයි ක්‍රියාත්මක කළ යුත්තේ.

:       148       359

RaveendraTuesday, 03 September 2019 05:02 PM

ඉතාම අගනා කාලෝචිත විග්‍රහයක් ඔබ විසින් සඳහන් කර ඇත්තේ. අවාසනාවකට මේ අම්බරුවන් 225න් එකෙක් හෝ ඔබගේ වැදගත් අදහස් කියවීමම තියා ඇහැක් ඇර නොබලනු ඇත. උගත් යයි කියන ගොන් රැලත් ඒ ඒ ගොන් තඩියන් වන්දනාමාන කරන මූසල පක්ෂවල වන්දි බට්ටයන්වීමත් මොනතරම් අඥාණද?

:       0       15

ගොන්ගාලේ ගොඩබණ්ඩාWednesday, 04 September 2019 04:04 AM

මම කියපු දේ හරි බව විපක්ෂයේ අය අද කියපු කතාවකින් ඔපු වෙනවා. උදය ගම්මන්පිල කියනවා කේ පී (කුමරන් පද්මනාදන්) ගෙනාව වගේ මහේන්ද්‍රනුත් ගේනවලු. කේ පී කොහෙද ඉන්නේ ? එයාට දුන්න දඩුවම මොකක්ද කියල කවුරුහරි දන්නවද ? එයාගෙන් සොයාගත් සල්ලි රත්තරන් කොහෙද ? දැන් දෙපැත්තේම අය ආණ්ඩු බලය ගත්ත. කවුද දඩුවම් දුන්නේ ? ඔක්කොම බොරුව කරන්නේ. මහේන්ද්‍රන්ටත් එහෙමයි. මහේන්ද්‍ර හොරෙක් කියල 2004 අනුර බණ්ඩාරනායක පාර්ලිමේන්තුවේ හෙලිකලා. දැන් 2019 . අවුරුදු 15ක් එකම හොරා දෙපැත්තෙන්ම ආරක්ෂා වෙනවා. අනෙක් හැම දේමත් එහෙමයි. ඔක්කොම හොරු. දෙපැත්තට බැන ගැනීමේ තෘප්තිය විතරයි ජනතාවට ලැබෙන්නේ. ඒ ජොලියට දේශපාලනය කරමින් ජනතාව වලපල්ලට යනවා. මේකතව පරම්පරා ගානක්ම යයි.

:       0       25

Dilan Tuesday, 03 September 2019 01:03 PM

ඇයි දැන් කුඩුකාරයන් ඔක්කොම එල්ලුම්ගස් යවලා ඉවරද..?

:       0       32

RaveendraWednesday, 04 September 2019 01:54 AM

මක් කිවා.....??? එතකොට අපි ජිවත් වෙන්නේ කොහොමද බෝල.....බොලාට විහිලුවක්වත් නොතේරෙන හැටි හැබෑට...

:       0       18

Asanka Tuesday, 03 September 2019 01:12 PM

ඔන්න ඊළඟ මෙගා නාටකය.. හැමෝම සාලේ සැටියේ වාඩිවෙලා බලා ඉමු.. අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගෙන්වලා කටු ඉඹුලේ නග්ගන හැටි.., අර මදූශ්ලාව නැග්ගුවා වගේ...

:       0       152

isurandi Tuesday, 03 September 2019 01:31 PM

මොකද මේ හැමෝම නින්දෙන් නැගිටලා වගේ... හරිම උද්යෝගයෙන් වැඩ දැන් නම්. මිනිස්සු ඔච්චර මෝඩ නැහැ දෙයියනේ... අවුරුදු 5ක් ඇතුළත කරන්න තිබ්බ දේවල් මේ මාස 3,4 ට කොහොමද කරන්නේ?

:       0       225

Chanak los angeles Tuesday, 03 September 2019 01:55 PM

2015 මැතිවරණ පොරොන්දුව කොහෙද විසිකලේ?

:       0       65

සේන Tuesday, 03 September 2019 02:01 PM

එහෙම මිනිසුන් ලංකාවට ගෙනැල්ලා දඬුවම් දෙන්න පුලුවන් කෙනෙකුට රට බාර දීලා ගෙදර යමු නේද මහත්තයෝ?

:       1       93

athuraWednesday, 04 September 2019 05:30 AM

එතකොට එයා උදයංගටත් දඬුවම් දෙනවද?

:       0       2

Raveendra Tuesday, 03 September 2019 02:02 PM

මෙයත් අපේ සූත්තර පුංචා වගේම "නාන තුවාය ඇඳගෙන ඔලුවෙන් හිටගත්ත ගමන්මයි " ඉන්නේ.. අනේ හැබෑට අපේ පතෝල මුදලාලිටත් ගිය කල අම්මපා...

:       1       203

jagath Tuesday, 03 September 2019 02:22 PM

අවුරුදු 4රා මාරක් පොල් ගෙඩියක් හිටවලා ඒ ගහේ ගෙඩියක් කඩලා ලෙලිගහලා, බිඳලා පොල් ගාන්නලු හදන්නේ... මේක තමයි අවුරුදු *හතරා මාරේ* කතාව

:       0       50

kaanthi Tuesday, 03 September 2019 02:24 PM

කට අරුයොත් ටොම් පච... අවුරුදු හතරාමාරක් ගියා ඔය කතාව කියන්න.

:       0       101

Nandalal DE SILVA - France Tuesday, 03 September 2019 02:28 PM

මේ වගේ වාචාල කතා කියන්න මෙයාට මතක් වුනේ ජනාධිපතිවරණය ලංවෙන කොට වීම ඇත්තෙන්ම හාස්‍යජනක කතාවක් නොවේද? ඔය සිද්ධිය වෙලා දැන් වසර කීයක් ගත වුණාද? එදා මෙදා තුළ මෙයා නිදි වැදිලද හිටියේ? දැන් මෙයා හූනියම් කපන කට්ටඩියෙක් වෙලාද? රනිල් මැතිතුමාගේ රජයේ දූරදර්ශී වැඩසටහන් රාශියකට "කකුලෙන් අදිමින්" වින කළ සිරිසේන දැන් එයාගේ බැරිකම අගමැතිතුමාගේ පිට දැමීමට කරන මෙවැනි මුග්ධ කතා, ගැලරිය පිනවීමට මිස වෙන මොනවටද කරන ඒවාද කියා ඕනෑම කොණ්ඩේ බැඳපු චීනෙකුට වුණත් පැහැදිලි වෙනවා. දෙවැනි වරටත් රටේ උසස්ම තනතුර ලබාගැනීමට වලිකන මොහුගේ දේශපාලන දිවියේ අවසාන මාස කිහිපය පෙනි පෙනී ඔහු දැන් වියරු වැටී තිබෙන බව ඉතාමත්ම පැහැදිලිය..! සිරිසේන සිහින මැව්වත් ජනතාව ඒවාට නොරැවටෙනු ඇත.

:       104       144

Chathuri Tuesday, 03 September 2019 03:01 PM

තමන්ට විශ්වාසද? අර්ජුන් මහේන්ද්‍ර එයි කියලා. දැන් තමයි කඩි කලා වගේ දඟලන්නේ... ඒ මිනිහා දන්නවා අත උඩින් පරදින බව... අලුත් නායකයා බලලා ඉදිරිපත් වෙයි 2020 කලින් ගෙන්වන්න... නැතිනම් වැඩක් නැහැනේ. එල්ලුම් ගහ වගේ තමයි මේකත්.. මේ දෙබස් සේරම ඡන්ද ගැට..., තමන්ගේ බලය නැවත ගන්න. හැම නායකයාම ඔය වගේ ඉස්සර මිනිස්සු රැවටුණා. දැන්, සම්පූර්ණ වෙනස් හරිම අමාරුයි.., වැඩ නොකරන කට්ටියට මහජනයාගේ කැමැත්ත ගන්න.. දැන් හොඳම දේ.., මහින්ද වගේ සවුත්තු වෙන්නේ නැතිව මේ ටික කාලයත් ඉඳලා.... තරුණ නායකයෙකුට, ජනතා කැමැත්ත උඩ රට බාරදීලා විශ්‍රාම යන්න.. සමාජ සේවය කරන්න දේශපාලනයෙන් සමුගන්න.. තවත් පව් රැස් වෙන එක විතරයි..

:       0       6

Hafeel Tuesday, 03 September 2019 03:32 PM

එතකොට ඇල්ලුම් ගහ ඉවරද? දැන් මහේන්ද්‍රන් නාට්‍ය.

:       0       109

Nimal Tuesday, 03 September 2019 03:56 PM

2019 අන්තිම දිහාවේ දැන් මේ අහන කතා 2014 අන්තිම දිහාවෙත් ඇහැව්වා වගේ මට මතකයි. රටකට ඕනෑ... ලා ලා ලා... ඒවා අහනකොටත් ඒ දවස්වල හරි සොමියක් දැණුනා වගේ මතකයි.

:       0       39

Aris Tuesday, 03 September 2019 06:36 PM

සිංගප්පුරු නිතිය අනුව පුරවැසිකම් දෙකක් තියා ගන්න බැහැ. ඒ වගේම වෙනත් රටකට වාසි දායක ලෙස වැඩ කරන්න බැහැ සිංගප්පුරු පුරවැසියෙකුට. ඉතින් අර්ජුන් හරිදේ නේ කරල තියෙන්නේ. පත්වීම් දෙන්න කලින් මේවා හොයා බැලිය යුතුයි.

:       0       2

බද්රානි Tuesday, 03 September 2019 07:32 PM

ඇත්තම කියනවා නම්, අර්ජුන මහේන්ද්‍රන්, ඔබ තරම් හානියක් මේ රටට සිදු කලේ නැහැ.අර්ජුන මහේන්ද්‍රන්ට ප්‍රථමයෙන් එල්ලා මැරිය යුත්තේ කවුරුන්ද කියන බව මේ රටම දන්නවා. එත්, රටේ ව්‍යවස්ථාව අනුව කරගන්න දෙයක් නැතිවයි ඉන්නේ?

:       0       22

sisira Tuesday, 03 September 2019 10:43 PM

අතින් අල්ලාගෙන රතු පලස මතින්ද කැඳවාගෙන එන්නේ.

:       0       18

lankasri Tuesday, 03 September 2019 11:47 PM

සේරමලා එකතු වෙලා මෙදා පාර දෙමු චන්දෙ නාගානන්දට එහෙම කලොත් රට කාපු සේරම වැඩි කල් නොයාම විස්වාසේට ඇතුලේ.

:       2       122

Saman Wednesday, 04 September 2019 02:29 AM

මෙයා තමයි ' මං සුදන' ඔක්කොම වැරදිකලේ අගමැති. එතකොට කියන්නකෝ, අර තවම රස්සාවක්වත් නොකළ නිකමෙක් වෙච්ච ඔහේගේ පුතාට අරතරම් වටිනා ගෙයක් කොළඹින් ලැබුණු විදියත්, අර පොත ලියපු දුව හෝටලයක අයිතිකාරයෙක් වුණු විදියත්...

:       0       45

සිරිබිරිස් Wednesday, 04 September 2019 04:59 AM

2015 ජනාධිපතිවරණයේදී බොහෝ දෙනෙක් කරූ ජයසූරිය පොදු අපේක්ෂකයා කරන්න කියද්දී එයට විරුද්ධව ඔබව පොදු අපේක්ෂකයා කලේ රනිල් නේද ජනපතිතුමනි රනිල් එහෙම නොකලානම් ඔබතුමාට ජනපතිවීමට තබා අගමැකි වෙන්නවත් බැහැකියල අපිටනම් හිතෙනවා

:       0       2

Indhika Wednesday, 04 September 2019 05:33 AM

ඔක්කොම ලෑස්තියි. ෆ්ලයිට් ෆුල් එක විතරයි ප්‍රශ්නයකට තියෙන්නේ. එය විසඳුන ගමන් එක්ක එනවා.

:       0       51

Ananada Wednesday, 04 September 2019 06:21 AM

දැන් නම් පිස්සුව හොඳටම වැඩිවෙලා .

:       0       22

nimal Wednesday, 04 September 2019 06:21 AM

මුන්ගේ පච අහල රැවටෙන අය ඉන්නවද බං. මේ මිනිහ ලංකා වේ නෙවෙයිද ඉන්නේ . මිනිහ හිතනවා ඇති ලංකාවේ මිනිස්සු තවමත් මෙයාගේ පච වලට රැවටෙනවා කියල. අම්ම පා තමුන්ගේ රටේ මිනිසුන්ව රවටන පාලකයෝ . වේදිකාවේ කට්ටිය දැකල දුක හිතෙනවා , පක්ෂේත් කෑවා රටත් කෑවා . චුත වෙලා යනවා යන්ඩ

:       0       22

sirimal Wednesday, 04 September 2019 08:51 AM

ගම්මන්පිල මහත්තයා කියල තියෙනවා "මහේන්ද්‍රන් අපි කුදලාගෙන එන්නේ කේපී ගෙනාව විදිහටමයි" කියලා. කේපී ගෙනාවා තමයි එ්ත් දුන්න දඬුවමක් නම් නැහැ. එයා දැන් හිටියටත් වැඩිය සන්තෝසෙන් ඉන්න බවයි පෙනෙන්න තියෙන්නේ.

:       0       75

Peiris Wednesday, 04 September 2019 09:09 AM

මේ උන්නැහේ පත්කරපු කොමිසමේ වාර්තාවේ හන්ගගත්තු පිටු එළියට දාන්නා බැරි වුනේ මොකද? පළාත්සභා ඡන්දෙ නොතියෙන්න ප්‍රධාන වැරදිකාරයා මෙයා.. නිර්පාක්ෂික ජනාධිපතිවෙලා කෙහෙල්මල් පක්ෂයක් බදාගෙන එ්කේ බලේ අල්ලන්න ඕනේ නිසා ඡන්ද කල් දමදම‍ා හිටියා.. අනුන්ට ඇඟිල්ල දික්කරන්න කලින් කණ්ණාඩියෙන් මුහුණ බලාගත්තා නම් තමයි හොඳ.. අර හොරෙන් අගමැති කරපු පොරගේ නාදයේ ඉන්න එවුන්ගේ බරපතල මූල්‍ය වංචා නඩු 33ක් නීතිපති ලව්වා යටගස්සලා ඉන්න ඩයල් එකනේ..

:       0       0

කමල් Wednesday, 04 September 2019 10:49 AM

"පළාත් සභා මැතිවරණයක් නැවත මේ රටේ පැවැත්විය නොහැකි තත්වයක් උද්ගතව ඇතැයි කී හෙතෙම එවැනි තත්වයක් නිර්මාණය කිරීමේ පළමු වගඋත්තරකරු අගමැතිවරයා යැයි ද චෝදනා කළේය..." නියම දෙයක්නේ අගමැතිතුමා කරලා තියෙන්නේ... කෝටි ගණනක් ඉතුරුවෙන සුදු අලියාව නැතිකරපු එකවෙනුවට දොස් නොකියා එය අගය කරන්න බැරි මොකද?

:       0       83

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 122 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 1439 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1233 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 715 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1785 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 88 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1546 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1435 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site