IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


බැතිමතෙකුට පහර දුන්නැයි දෙවිනුවර දේවාලයේ කපුවා අත්අඩංගුවට

(ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ සුජීව සමරක්කොඩි)
 
ඓතිහාසික දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ දී පූජා වට්ටියට තබන ලද පඬුරක් ගැට ගැසීම සඳහා රෙදි පටියක් ඉල්ලා සිටි සිව් දරු පියකුගේ හිසට යකඩ බන්දේසියකින් පහරදී තුවාල සිදු කළැයි දේවාලයේ ප්‍රධාන කපුවා අත්අඩංගුවට ගත් බව ගන්දර පොලීසිය පවසයි.


ඉකුත් සිකුරාදා රාත්‍රී එම දේවාලයේ වාර්ෂික ඇසළ උත්සවයේ කෝල්මුර යාගය හෙවත් දේව තොවිලය පැවැත්වීමට පෙර මෙම සිද්ධිය සිදු වී තිබේ.


ප්‍රධාන කපුවාගේ ප්‍රහාරයට ලක්වු බව කියන හොරපාවිට, බමුණුගම පදිංචි බුද්ධික චන්ද්‍රකුමාර හිත්තැටියගේ (44) මහතා වෛද්‍ය ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහල වෙත ඇතුළත්කර සිටියි.


අකුරැස්ස ලංගම ඩිපෝවේ කොන්දොස්තරවරයකු ලෙස රැකියාව කරන ඔහු සිය බිරිඳ හා දරුවන් සිව් දෙනා සමඟ දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලය වැද පුදා ගැනීමට ගොස් තිබේ.


මාතර මහ රෝහලේ ප්‍රකාශකයකු පැවසුවේ බස් කොන්දොස්තරවරයාගේ හිසේ තුවාලයට මැහුම් හතක් යොදා ඇති බවයි.


කෙසේ වෙතත් දෙවිනුවර ශ්‍රී විෂ්ණු උපුල්වන් දේවාලයේ වාර්ෂික ඇසළ උත්සවයේ අවසන් දේව තොවිලය හා දේව දානය ආදී චාරිත්‍ර හේතුවෙන් සැකකාර ප්‍රධාන කපුවා අත්අඩංගුවට ගැනීම පොලීසිය ප්‍රමාද කර තිබිණි.



අදහස් (10)

බැතිමතෙකුට පහර දුන්නැයි දෙවිනුවර දේවාලයේ කපුවා අත්අඩංගුවට

පිටිගල මිලානෝ Sunday, 05 August 2018 10:08 AM

හොර කපුවන්ව එළවා එම තනතුරු ලංකාවේ විරැකියාවෙන් පෙලෙන උපාධිධාරීන්ට දෙන්න. ථේරවාදී බෞද්ධ මේ රටේ බුද්ධාගමට නිසිතැන දෙන්නේ නැහැ කියලා දේශපාලකයන්ටම දොස් කියන්න එපා... මේ හොර කපුවන්ගේ පිහිට සොයායන්නේ වැඩිහරියක් බෞද්ධාගමිකයෝනේ...

:       48       205

kapSunday, 05 August 2018 11:15 AM

උපාධිදාරියෙක්ට දීලා, එයත් කරන්න යන්නේ කපුකමද? නැත්නම් වෙන දෙයක්ද? කොහොමත් ඉතින් දේවාලෙක කරන්න පුළුවන් යාග හෝම විතරයි නේ.. හැබැයි බුද්ධාගම ගැන කිව්ව කතාව ඇත්ත...

:       0       39

Chaminda Sunday, 05 August 2018 10:09 AM

මාර නීතියක්නේ චාරිත්‍ර ඉවර වෙනකල් කපුවා ජොලියේ.. ඕක අනිත් පැත්තට වුනානම් අර මහත්මයා චාරිත්‍ර ඉවර වෙනකල් ඉඳියිද අත්අඩංගුවට ගන්න?

:       0       122

samSunday, 05 August 2018 10:33 AM

ඒ කතාව හරි. මේ කපුවා නැත්නම් වෙන කපුවෙක් ඔය වැඩේ කරන්න ඕනනේ...

:       0       61

samira Sunday, 05 August 2018 10:52 AM

අවිද්‍යාව මිථ්‍යාව සමග බැඳුණු මේ අන්ධභක්තිය කවදා කෙලවර වෙයිද? දැන්වත් මේ හොර කපුවන්ගේ පස්සේ යනඑක නවතීද මන්දා..

:       2       227

erdi Sunday, 05 August 2018 11:04 AM

නිකං රටේ මිනිස්සු රවටමින් ජීවත්වෙන අය.. මේ අපරාධ දෙවියන්ටවත් පේන්නේ නැද්ද? මෙච්චර දියුණු ලෝකයක් වෙලත් අපේ මිනිස්සු මේවට රැවටෙනවා මදිවට ගුටිත් කනවා. (මේ හොර කපුවන්ගෙන් කාන්තාවන්ට අප්‍රමාණ හිරහැර කරදර වෙනවද? එහෙත් ලැජ්ජාවට බයට ඔවුන් ඒවා කියන්න බයයි) මොන දේව කන්නලව්ද හොඳට බීලා පූජා වට්ටියට සල්ලි මදි වෙච්ච ගමන් මලපැනලා ගහන්න ඇති. මෙච්චර ස්වභාවික අනතුරු වෙන රටේ හෙනයක්වත් නැද්ද?

:       20       112

Naushad Sunday, 05 August 2018 11:06 AM

කපුවා කපෝති....

:       15       609

kalani Sunday, 05 August 2018 01:30 PM

ගතින් දිරාපත්ව, දොම්නසින් විපිළිසරව ලෙඩ දුකින් හෙම්බත්ව සිටින මිනිසා මිථ්‍යාවේ ගිලීයාම නිසා තක්කඩි හොර කපුවන්ගේ පහරකෑමට ලක්වීමම මේ බොරුවේ තරම හෙළිවන බව සිතන්න මිනිසුනේ.

:       0       113

N Fernando Sunday, 05 August 2018 03:30 PM

වඳින්න ගිය දේවාලය හිසෙහි කඩා වැටීම වගේ...

:       0       106

pakeer Sunday, 05 August 2018 04:38 PM

මාර වැඩක්නේ. මේ කපුවාට තියෙන්නේ මෙහෙ නීතිය නෙමිද? මේවා තමයි රටක පරිහානියට මුල. වහා අත්අඩංගුවට ගන්න ඕනේ.

:       0       109

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 43 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 363 0

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 459 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1244 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2688 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1779 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 234 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1451 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site