IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


මාලදිවයිනේ හිටපු ජනපති සිය රටට යන බව කියයි

කොළඹදීය (ඒ.එෆ්.පී)

මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඞ් නෂීඞ් තමන් නැවතත් සිය රටට යන බව අද (3) නිවේදනය කළේය.

රාජ්‍ය ද්‍රෝහි සහ ත්‍රස්ත චෝදනා එල්ල කරමින් මොහොමඞ් නෂීඞ් සිර ගත කිරීමට මාලදිවයිනේ වත්මන් ජනාධිපති අබ්දුල්ලා යමීන් කටයුතු කළේය.  

මොහොමඞ් නෂීඞ් ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත්වූ එරට පළමු ජනාධිපතිවරයාය. 

ඔහු සිරගත කරන ලද්දේ 2015 වසරේදීය. ඔහු වසර දෙකක සිට ශ්‍රී ලංකාවේත් බි්‍රතාන්‍යයේත් කාලය ගෙවූ අතර වැඩි හරියක් සිටියේය ශ්‍රී ලංකාවේය.

නෂීඞ් සිරගත කරන ලද්දේ දේශපාලන වුවමනාවකට යැයි එක්සත් ජාතීන්ගේ ජාතීන්ගේ සංවිධානය එම සමයේදී නිවේදනය කළේය.

මොහොමඞ් නෂීඞ්ට සැප්තැම්බර් 23 පැවැති ජනාධිපතිවරණයට තරග කිරීම ද තහනම් කර තිබූ අතර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ ඔහුගේ පක්ෂයෙන් ඉදිරිපත් වූ ඊබ්‍රහිම් මොහොමෙද් සෝලිය. වත්මන් ජනාධිපති අබ්දුල්ලා යමීන් ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූ අතර නොවැම්බර් 17 වැනිදා දක්වා ඔහු ධුරයේ කටයුතු කරනු ඇත. ඔහුගේ නිල කාලය අවසන් වන්නේ එදිනටය.

රාජ්‍ය ද්‍රෝහි සහ ත්‍රස්ත චෝදනා එල්ල කරමින් මොහොමඞ් නෂීඞ් 2015 වසරේදී සිරගත කෙරුණි. එම චෝදනාවලට වරදකරු කරමින් ඔහුට වසර 13ක සිර දඬුවමක් ද නියම කළේය. එම අවධිය වනවිට අසනීප තත්ත්වයෙන් පසු වූ නෂීඞ් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වූ අතර ඔහු නිදහස් කරන්නැයි ජාත්‍යන්තරයෙන් ද දැඩි පීඩනයක් එල්ල විය.

ඒ අනුව ඔහු වෛද්‍ය ප්‍රතිකාර ලැබීම සඳහා තාවකාලික නිදහසක් ලැබූ අතර ඒ අනුව වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඔහු එක්සත් රාජධානියට ගියේය. 

වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා එක්සත් රාජධානියට යෑමට නෂීඞ්ට අවස්ථාව ලබාදීමට අබ්දුල්ලා යමීන් පාලනය පියවර ගත්ත ද නෂීඞ් රටින් ගිය පසු ඔහු රටින් පිටුවහල් කළේ යැයි අබ්දුල්ලා යමීන් පාලනය නිවේදනය කළේය.

නෂීඞ් තවමත් වරදකරුවකු ලෙස සැලකෙන අතර ඔහු නැවත වරක් මාලදිවයිනට ගියහොත් අත්අඩංගුවට පත්වීමේ අවදානමක් ඇත. කෙසේ නමුත් නොවැම්බර් 17 වැනිදා යමීන්ගේ නිල කාලය අවසන් පසු වූ නෂීඞ් මාලදිවයිනට යනු ඇතැයි පැවසේ.

මේ අතර අත්අඩංගුවේ සිටි මාලදිවයිනේ තවත් හිටපු ජනාධිපතිවරයකු වන මවුමූන් අබ්දුල් ගයුම් මීට දින කිහිපයකට පෙර ඇප මත නිදහස ලැබීය.

055



අදහස් (2)

මාලදිවයිනේ හිටපු ජනපති සිය රටට යන බව කියයි

සනත් Wednesday, 03 October 2018 07:54 PM

අබ්දුල් ගයුම් කියන්නේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිගේ කාලයේ සිට 2010 පමණ දක්වා අවුරුදු 30කට වැඩි කාලයක් අඛණ්ඩව මාලදිවයින පාලනය කළ ජනාධිපති වරයායි...

:       0       0

Chanak Los angeles Thursday, 04 October 2018 05:11 AM

ජනපති වෙලා ඉඳලා මන්ත්‍රී කෙනෙක් කෙනෙක් වෙන්න ආසාවක් එහෙම නැතුව ඇති ?

:       42       73

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 214 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 348 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 63 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 518 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 1470 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 3721 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 305 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1677 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site