ඩී.ජී.සුගතපාල
නීති විරෝධි ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම සහ ප්‍රවාහනය කිරිම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා හමුවේ අද (11) විභාගයට ගත් අවස්ථාවේ කටහඬ පරික්ෂණයක් සඳහා දෙවැනි සැකකරු රජයේ රස පරික්ෂණවරයා වෙත ඉදිරිපත් කිරිමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දුන්නේය.
මහේස්ත්‍රාත්වරයා මෙසේ අවසර ලබාදුන්නේ සැකකරු නැව් අතර සම්බන්ධතා පැවැත්විම සම්බන්ධයෙන් කටහඬ පරික්ෂණයක් සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු සමඟ රජයේ රස පරික්ෂකවරයා වෙත ඉදිරිපත් කිරිමට නියෝගයක් නිකුත් කරන ලෙස කරන ලද ඉල්ලීමක් සළකා බැලීමෙන් පසුවය.
ඇවන්ගාඩ් නෞකාවේ කපිතාන්වරයාවු ගෙනඩි ගැව්රිලොව් පාවෙන අවි ගබඩාවේ අවි බාරකරුවන දොන් තෝමස් ඇල්බට් විජේතුංග තිලකරත්න සහ එහි මෙහෙයුම් කළමනාකරුවන මිල්ලනියගේ සුමුදු නිලුපුල් කොස්තා යන සැකකරුවන් තිදෙනාට එරෙහිව මෙම නඩුව පවරා ඇත.
පළමු සැකකරුගේ නීතිඥවරයා කරුණු දක්වමින් කියා සිටියේ ඔහු මෙම ගිනි අවිවලට කිසිදු සම්බන්ධයක් නොමැති අතර ඔහු කලේ කපිතාන් හැටියට රැකියාවක් පමණක් බවය.
නීතිවිරෝධි ගිනි අවි ප්‍රවාහනය කිරිමේ චෝදනාව යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2015 ඔත්තෝබර් 15 වැනි දා ඇවන්ගාඩ් නෞකාව අත් අඩංගුවට ගෙන වැඩිදුර පරික්ෂණ සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙන ලදී.
ඒ අනුව කරන ලද පරික්ෂණවලදී නැවේ තිබී ටි56 ගිනි අවි 549ක් 84 එස් ගිනිඅවි 264ක් එල්.එම්.ජී.ගිනිඅවි 2ක්ද උණ්ඩ 204674ක් සොයාගෙන ඇත.
වැඩිදුර විභාගය දෙසැම්බර් 16 වැනි දාට කල් තබන ලදී.
යාපනය තරුණයින් පිරිසක් විසින් වාර්ෂිකව සිදුකරනු ලබන පොර පොල් තරඟයක් වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා පොල් ගෙඩි කිහිපයක් වෙන්දේසි කිරීමේදී එක් පොල් ගෙඩිය
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සිටින වෛද්‍යවරුන්ගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තු වෛද්‍ය මන්ත්‍රීවරුන්ගේ සංසදය නමින් නව සංසදයක් අද (25) පිහිටුවා ගනු ලැ
චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ උස
2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.
පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේ ම ශ්‍රී ලංකාවේ ඊළඟ මැතිවරණ ප්‍රතිඵලය ලියැවුණු හෙයින් එය දේශපාලනයෙන් තොර ප්‍රහාරයක් ලෙස කිසිසේත් ම හැඳින්විය නොහැකි යැය
අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඇවන්ට්ගාඩ් නඩුවේ දෙවැනි සැකකරු රස පරීක්ෂක වෙත