(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)
ඇඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරීව සිටි ඩී.ඩබ්.ධර්මරත්න මහතා අධිකරණයට නොපැමිණීම හේතුවෙන් ඔහුට එරෙහිව ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් ආර්.වී.එන්.කේ. රන්කොත්ගේ මහත්මිය අද (26) වරෙන්තු නිකුත් කළාය.
ඇඹිලිපිටිය නව නගරයේ නිවසක පැවති සාදයක් අතර පොලිසිය එහි කඩා වැදීමෙන් පසු මියගිය එක්දරු පියාගේ මරණය සම්බන්ධයෙන් සැකකරන සහකාර පොලිස් අධිකාරීවරයා දැනට ඇප මත නිදහස්ව සිටී.
ඊට අමතරව ඔහුගේ ඇපකරුවන්ට ඊළඟ නඩු දිනය වූ 2020 වසරේ මාර්තු 3 දින අධිකරණයේ පෙනී සිටින්නැයි නොතීසි ද නිකුත් කළාය.
වර්ෂ 2016 ජනවාරි 4 දින රාත්‍රී ඇඹිලිපිටිය නව නගරය පාරේ මෙන්ඩිස් ගොඩනැගිල්ලේ නිවසක පැවති සාදයට කඩා වැදුණු පොලිස් නිලධාරීන් අතර එවක ඇඹිලිපිටිය පොලීසියේ සහකාර පොලිස් අධිකාරීවරයාව සිටි ඩී.ඩබ්.ධර්මරත්න මහතා විසින් සුමිත් ප්‍රසංග ජයවර්ධන (29) තරුණයා ඉහළ මාලයකින් පහළට තල්ලූ කළ බවට සැකකරමින් මෙම නඩුව පැවැත්වෙයි.
එම සිද්ධියෙන් දින තුනකට පසු රත්නපුර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී සුමිත් ප්‍රසංග මරණයට පත්විය. දැනට වර්ෂ හතරකට ආසන්නව පවතින මෙම සිද්ධිය තවමත් මූලික විමර්ශන මට්ටමේ පවතී. එහි ලඝු නොවන නඩු විභාගය තවමත් පටන් ගෙන නැත.
මේ සම්බන්ධව වැඩිදුර විභාගය ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ 26 කැඳවූ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පැමිණි සැරයන්වරයා පැවසුවේ සිද්ධිය සම්බන්ධ රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාත්, ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙසුත් මෙතෙක් ලැබී නැති බවයි.
විජිත ජී පුංචිහේවා මහතාගේ උපදෙස් මත මරණකරුගේ ඥාතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ලක්ෂමන් රණසිංහ මහතා පැවසුවේ මේ සිද්ධියට වසර හතරක් ගතවීමට තව ඇත්තේ මාසයක් පමණක් බවයි. පරීක්ෂණ අවසන් කිරිමට රහස් පොලීසියට තවමත් නොහැකිවීම අගතියට පත් පාර්ශවය තවත් අගතියට පත් කිරිමක් බවද නීතීඥවරයා පෙන්වා දුන්නේය.
විමර්ශන පැවැත්වූ රහස් පොලීසිය හැම නඩු වාරයකදීම පවසන්නේ රජයේ රස පරීක්ෂක වාර්තා සහ නීති උපදෙස් මෙතක් ලැබී නැති බව යන්න යැයි ද නීතීඥවරයා පැවසුවේය. ඊළඟ නඩු දිනයට නීති උපදෙස් ලබාගෙන වාර්තා කරන ලෙස නියෝග කළත් ඊළඟ නඩු දිනයේත් එයම ප්‍රකාශ කරන බව ද නීතීඥවරයා කීවේය.
පෙර නඩු දිනය වූ ජූලි 30 දින කැඳවු අවස්ථාවේ දී මරණකරුගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ විජිත ජී පුංචිහේවා මහතා සිද්ධියේ විමර්ශන කටයුතු බාරගෙන ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දිගින් දිගටම මේ සිද්ධිය සම්බන්ධයෙන් උදාසීනව කටයුතු කරන බව අධිකරණයේ අවධානයට ලක්කළ බවද කීවේය.
එපමණක් නොව අද දින සැකකරු ද අධිකරණය පැමිණ නැති බවත් විමර්ශන නිලධාරීන් වගේම සැකකරුත් සිද්ධිය සම්බන්ධයෙන් සැහැල්ලූවට සිතන බව සඳහන් කළේය.
සැකකාර සහකාර පොලිස් අධිකාරීවරයා වෙනුවෙන් නීතීඥ රසිකා විජේකෝන් මහත්මිය පෙනී සිටියාය. ඉදිරිපත් කරුණු සැළකිල්ලට ගත් අතිරේක මහේස්ත්‍රාත්වරිය සැකකාර සහකාර පොලිස් අධිකාරී ඩී.ඩබ්.ධර්මරත්න මහතාට විරුද්ධව වරෙන්තු නිකුත් කළේය. එසේම ඔහුගේ ඇපකරුවන්ට ද නොතීසි නිකුත් කරමින් වැඩිදුර විභාගය 2020 මාර්තු 3 වැනිදා තෙක් කල් තැබීය.
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඇඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරී ධර්මරත්නට වරෙන්තු
kamani Tuesday, 26 November 2019 11:19 AM
මොහු ජිවිතාන්තය දක්වා කුඩුවේ සිටිය යුතු කෙනෙක්.
Mahee Tuesday, 26 November 2019 12:42 PM
අවුරුදු 4 ක් ගිහිල්ලත් මුලික විමර්ශනවත් අවසන් නැහැ! රස පරීක්ෂක වාර්තා, නීතිපති වාර්තා ලැබී නැහැ. පැමිණිල්ල හැමදාම එකම දේ කියනවලු වාර්තා නැහැ කියලා. ප්‍රශ්නයක් නෑ. කොයිතරම් සානුකම්පිතද නඩුකාර උත්තමයෝ?