IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙයි

 

(ඩයනා උදයංගනී)

පසුගිය මහ මැතිවරණයේ දී රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරයකු ලෙස තේරී පත් වූ ප්‍රේමලාල් ජයසේකර මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ පාර්ලිමේන්තුවේදී අද (8) දිවුරුම් දුන්නේ ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා දැනට මරණ දඬුවම නියමව රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින අතර අද පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමට මන්ත්‍රීවරයා බන්ධනාගාර ආරක්ෂාව යටතේ පැමිණියේ ය.

ප්‍රේමලාල් ජයසේකර මහතා මන්ත්‍රීවරයකු ලෙස කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දීමේ අවස්ථාවේ දී විපක්ෂයේ මන්ත්‍රීවරු කළු පැහැති සාටක පැළඳ සිය විරෝධය පළ කරනු දක්නට ලැබිණි. 

 

(  ඡායාරූප - ළහිරු හර්ෂණ ) 



අදහස් (45)

ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙයි

indika Tuesday, 08 September 2020 08:42 AM

69 බලාපොරොත්තුවුණු දේවල්ද මේ? තවත් දේවල් ඉදිරියේදී අසන්නට ලැබෙයි. අහෝ රටට වෙන්න යන දෙයක්..

:       8122       6661

RaveendraTuesday, 08 September 2020 09:55 AM

සුදුවත කමලින් වතුසුදු මල්මෙන් සැරසුනත් අපි..... අසුචි ඇග පිරි ක්‍රෝධය ගත පිරි සතුටින් අපි..... මෙවරත් දිනුවේ කව්රුන්ද විමසුවොත් අපි..... නිවනක් නැත කිවිසුම් යන හැටි.....

:       1807       1524

gayangaTuesday, 08 September 2020 02:30 PM

2/3 ලැබුණා මහජනතාවට... බහුතරය නිවැරැදිද?

:       1219       154

පුරවැසියෙක් Tuesday, 08 September 2020 09:25 PM

“ඇත්තටම මට මේ රට ගැන හරිම කලකිරීමක් දැනෙනවා. මම සැමියගේ මරණය සම්බන්ධ මේ නඩු තීන්දුව දෙන වෙලාවේ ඒක අහගෙන හිටියා. ඒකේ ඔවුන්ට තිබුණු චෝදනා එක එක කියවා දඬුවම් නියම කළා. මරණ දඬුවම විතරක් නෙවෙයි වසර ගාණක් හිරගත වීමත් මේ දඬුවම තුළ තිබෙනවා. අපි හිතුවා මේ ජනාධිපතිතුමා ආවමවත් මේ රට යහපත් රටක් වෙයි කියලා. ඒත් මේ වගේ මිනිස්සු පාර්ලිමේන්තුවට යවන තරමට අපේ රට පිරිහිලා. මේ සිද්ධියේදී මගේ මහත්තයා මැරුණා. තවත් දෙන්නෙක් තුවාල වුණා. කොච්චර බරපතල සිද්ධියක්ද? මට මුළු ලංකාව ගැනම ලොකු කලකිරීමක් ඇතිවුණා. ඒකේ වේදනාව තියෙන්නේ අපට. අපි අහිංසක මිනිස්සු. අපටත් හිතක්, පපුවක් තියන අය. වුණේ මොකක්ද කියලත් රටම දන්නවා. නීතියෙන් මොන දේ වුණත් මේවා කරපු අයගේ හෘද සාක්ෂියට මොන සාක්ෂියක්වත් හංගන්න බැරිවේවි. අපි දුක්වෙනවා. ඉවසීම සහ කලකිරීම හැරෙන්න වෙන දෙයක් හිතෙන්නේ නෑ. කොහොම ජයපැන් බිව්වත් මේ කරපු අයට දිට්ඨධම්මවේදනීයව මේ ආත්මේදීම කර්මය පළදෙනවා. ප්‍රජාතන්ත්‍රවාදයට මුවාවී කෙරෙන අසාධාරණ සමාජ ක්‍රමයට විරුද්ධව සටන්කළ මාදුළුවාවේ සෝභිත හිමි නවතපු තැනින් පටන්ගෙන සමාජ සාධාරණය වෙනුවෙන් නායකත්වය දෙන්නට ඕමල්පේ සෝභිත හිමිට නොහැකි මන්ද?

:       0       65

anaWednesday, 09 September 2020 03:42 AM

බහුතරයේ මතය නිවැරදි නොවේ ජනප්‍රිය මතයයි.

:       61       130

ABCTuesday, 08 September 2020 10:05 AM

නාම යෝජනා ලැබී ඇත්නම් ඡන්දය ලැබී ඇත්නම් අධිකරණයෙන් චෝදනා ලබා වරදකරුවකුවූ මිනිමරුවකු උවද පාර්ලිමේන්තුවේ සිටිය යුතුබව ඔහුගේ නිගමනය වේ. පාර්ලිමේන්තුවට පත්වූ පසු මන්ත්‍රීවරයකු චෝදනා වලට අදිකරණයෙන් වරදකරුවකු කළහොත් ඔහුත් පාර්ලිමේන්තුවේ සිටිය යුතුබව කතානායක වරයාගේ ප්‍රකාශයෙන් සපතවේ.

:       1498       1815

nimalTuesday, 08 September 2020 11:03 AM

අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේලා මේ ගැන කතා නොකරන්නේ මක්නිසාද? අධිකරණයෙන් වැරැදිකරුවන් වූ පුද්ගලයන් පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමට සුදුසුද?

:       6545       2286

nimalTuesday, 08 September 2020 01:41 PM

සෑම දේකටම මැදිහත්ව පූජ්‍ය පක්ෂයේ නායක හිමිවරුන් නිහඬව ඉන්නේ මන්ද? රටේ මුරදේවතාවුන් කියන්නෙත් ඔබවහන්සේලාම නේද? රටේ උත්තරීතර පාර්ලිමේන්තුවක මිනීමරුවන් සිටිය හැකිද?

:       1565       1339

Kuma Tuesday, 08 September 2020 02:01 PM

එයාලා අටපිරිකර ලැබෙන පැත්තට හොඳ කියනවා.

:       1803       576

KamalTuesday, 08 September 2020 12:10 PM

මෙය ආරම්භයක් පමණි...

:       787       1101

NIMALTuesday, 08 September 2020 06:16 PM

ආරම්භයට වඩා අවසානය ආරම්භයක් වන්නට පුළුවනි. රටේ ජනතාව ඡන්දය ලබාදුන්නේ වෙනසක් බලාපොරොත්තුව වුවත්, මෙවැනි ජනතා බලාපොරොත්තු බිඳවැටෙමින් තිබේ. දූෂිතයන්, මිනීමරුවන් පාර්ලිමේන්තු යවා කිරිබත් කන පක්ෂයක් බවට පොහොට්ටු පක්ෂය පත්ව ඇත.

:       59       127

aliTuesday, 08 September 2020 11:33 PM

ගව ඝාතනය නැවතීමට කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කරන පොහොට්ටු පක්ෂයේ නායකයන් මිනිස් ඝාතනයට මරණ දඬුවම නියමව සිරගතව සිටි චොකා මල්ලි පාර්ලිමේන්තුවට ගෙනැවිත් දිවුරුම් දීම වැළැක්වීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් නොකළේ මන්ද?

:       217       122

siri Tuesday, 08 September 2020 08:45 AM

කියලා වැඩක් නැහැ.

:       1649       375

Perera Tuesday, 08 September 2020 08:46 AM

අභිනවයෙන් පත්වන අපේ මිනීමැරුම් කටයුතු පිළිබඳ ඇමැතිතුමාට සුබපැතුම්... ශ්‍රී ලංකාවට ජයවේවා..!!! 

:       1519       2145

Ashan Tuesday, 08 September 2020 08:47 AM

පැතූ වෙනස ලැබෙමින් තිබේ..

:       1627       1844

විජිත් Tuesday, 08 September 2020 09:23 AM

කුණු තියෙන තැනට මලු කුණු එකතුවෙන්නේ. දැනටත් මිනීමරුවන් කීදෙනෙක් ඉන්නවද?.. සිල් මුහුණක් පැළඳගෙන දියවන්නාවේ භූත මන්දිරයේ ඉන්නවාද කියලා දන්නෝ දනිති. මගේ ගණන් බැලීම අනුව නම් 11 ක් ඉන්නවා. එකා 3දෙනෙක් මරපු අයත් ඉන්නවා. ඒ නිසා මේ එක මිනිහෙක් මරපු " අහිංසකයා " තවම පුරුදුවෙන්න L බෝඩ් එක ගහගෙනලු ඉන්නේ. හෙට අනිද්දා 20 සම්මත කළාට පස්සේ (කරගන්න පුළුවන් වුනොත්) මේ ගොල්ලන්ට " නඩු නැති අළුගෝසු " ඇමතිකම වුණත් දෙන්න ජනාධිපතිට බලය ලැබෙනවා. 69 ලක්ෂයක බයියන්ට හරි ජොලි ඇති නේද...? අපි බලාගෙන ඉන්නවා. 20 පැනගත්තොත්... ඔය 69 ලක්ෂයක් වන බයියන්ට තමයි අවුරුදු 5 පුරා හොඳට බඩකට පුරාම " පරිප්පු" කන්න වෙන්නේ. දැන් ඉතින් චොකා මල්ලි.. නීතිපතිට කොකා පෙන්නුවා වගේ හෙට, අනිද්දා උසාවියටත් කොකා පෙන්වලා.. බයිෆෝස් එකෙන් නිදහස් වේවි... බැරිවුණොත් ජනාධිපති සමාව...!!! මිනීමැරුවත් මැරුවේ නැහැ වගේ ඉන්න පුළුවන් එකම රස්සාව තමයි දියවන්නාවේ " ජරාව කන " ජොබ් එක. ලැජ්ජයි.. අපි චූටි කාලේ කොහොම තිබුණු වාසනාවන්ත රටක්ද? අද මේ අපායක් වෙලා තියෙන්නේ...

:       1346       3017

සෑම් Tuesday, 08 September 2020 09:32 AM

පක්ෂේ වැඩි හරියක් අපරාධකාරයින්, මිනීමරුවන්... ඒ නිසා ඔය මිනීමරුවා ඔතනට වැඩි නැහැ. මිනීමරු ආණ්ඩු පක්ෂෙට ජයවේවා...!

:       1429       3018

Ratne Tuesday, 08 September 2020 09:43 AM

නීතියෙන් මිනීමරුවකු ලෙස තීන්දු කරන ලද පුද්ගලයකු වෙනුවෙන් පෙනී සිටින ආණ්ඩුවක් සහ අභියාචනාධිකරන තීන්දුවක්. ලැබූ ඡන්ද ප්‍රමාණයෙන් 10% මේ ආණ්ඩුව අහිමි කර ගැනීමක් මෙම තීරණය නිසා සිදු වනු නොඅනුමානය. යහපාළු ආණ්ඩුව වගේම මෙම රජයේ ආයු කාලය ද 2025 අවසන් වීමේ ලක්‍ෂණ පෙන්නුම් කිරීමක්.

:       1419       2043

fairoos Tuesday, 08 September 2020 09:58 AM

මෙතුමාව පාර්ලිමේන්තු එවපු රත්නපුර ජනතාවට සුබපැතුම්.!

:       2361       533

RaveendraTuesday, 08 September 2020 11:06 AM

මෙතුමා යන උතුම් වචනයේ තේරුම ඔබ දන්නවද..? නීතිගරුක මිනිසුන්හට පමණක් සුදුසු බව දන්නවද...?

:       0       203

fairoosTuesday, 08 September 2020 01:07 PM

පොඩ්ඩක් තේරුම් කරලා දෙන්නකෝ... ‘‘මහතා‘‘ කියන්නේ කාටද කියලා?

:       3       17

අබිලින්Tuesday, 08 September 2020 12:30 PM

සබරගමුවේ මිනිසුන්ට මුහුණු දෙකයි කියලා අහල ඇතිනේද?

:       0       118

Kumara Tuesday, 08 September 2020 10:13 AM

අනේ සුපර් මැන්ට ගිය කලක්.

:       105       145

වජිර Tuesday, 08 September 2020 10:17 AM

හිතාගෙන හිටියේ මේ ආණ්ඩුව හරි පාරේ යයි කියලා! බලාන ගිහාම ඔක්කොම එකයි

:       1304       2081

rohan Tuesday, 08 September 2020 11:08 AM

දැන් ඉතින් සියලු වර්ගයේ පාතාලයින් අන්තර්ගත බැවින්, මේ පාර්ලිමේන්තුව අංගසම්පූර්ණයි.

:       1271       1446

pradeepa Tuesday, 08 September 2020 11:11 AM

ඕනම ජරා වැඩක් කළත්, ජනතාව කැමැති නම් ඔහුට හෝ ඇයට පාර්ලිමේන්තු ඒමට බාධාවක් නැත.

:       397       480

Buddika Tuesday, 08 September 2020 11:21 AM

මේ ආරම්භය පමණයි. බොහෝ දේවල් ඉදිරියේදී දකින්න ලැබේවි. මේ මිනිස්සුන්ට බලය ලැබුණාම නීතියට, යුක්තියට ගරු නොකරන බව ආපු දෙනා සිටියත් 69 ලක්ෂයක් දැක්කේ නැහැ. මේ නිසාම අද මිනීමරුවන් පාර්ලිමේන්තුවට යනවා. දඬුවම් ලැබූවන් ළඟදීම නිදහස් වේවි.

:       1256       1044

Saranapaaala Tuesday, 08 September 2020 11:29 AM

දැන් 2/3 ශේප්.. චොකාමල්ලි එල්ලනකම් ඕනම පනතක් උඩින්ම පාස්...

:       408       147

Dinesh Tuesday, 08 September 2020 11:34 AM

දැන්වත් 69ට තේරෙනවද, කියන්නේ ලස්සන දෙවල්, කරන්නේ ගඳ ගහන දෙවල් කියලා... සැබෑ නායකයින් මෙසේ නොවේ...

:       1227       2319

lanka Tuesday, 08 September 2020 11:47 AM

මේ මනුස්සයා හිතයටින් දිවුරන්නේ මොනවා කියලද දන්නේ නැහැ...

:       450       111

Kuma Tuesday, 08 September 2020 03:52 PM

මේ වගේ කෙනෙකුට මෙහෙම දෙයක්...

:       39       7

LANKA Tuesday, 08 September 2020 12:05 PM

දැන් සැපයිද ඔබ සැමටම...?

:       1214       626

amila Tuesday, 08 September 2020 12:09 PM

අවුරුදු 5ක් මේ විගඩම් බලන් ඉමු. වෙන මොනවා කරන්නද? 2/3 දුන්නනේ... මේවාට කතා කරන්න ගියොත් ඉතින් අපිට වෙන්නේ කිසිවක් නැතිව යන්නයි.

:       1033       1069

Prabha Tuesday, 08 September 2020 12:40 PM

තීන්දුව දුන්නු නඩුකාරයත් අල්ලස් නඩුවක සැකකරුවෙක් නම්...

:       665       365

priyantha Tuesday, 08 September 2020 12:57 PM

මගේ අදහස අධිකරණ තීන්දුව කවදාවත් වෙනස් කරන්න බැහැ. ඒක නීතියෙන් විසඳන්න ඕනෑ. නැතිව ආණ්ඩුවට බැනලා වැඩක් නැහැ.

:       824       6602

බද්රානි Tuesday, 08 September 2020 02:15 PM

වැඩි සද්දයකුත් නැහැ. ඇදගෙන නාගෙනම හොඳට හෝදාගන්න එක කෝකටත් හොඳයි.

:       757       76

තුසිත Tuesday, 08 September 2020 02:32 PM

බහුතරයකගේ මනාපය ලැබුනේ මෙවැනි පාලනයකටයි. හිට්ලර් වැනි ඒකාධිපති පාලනයක් ඉල්ලූ වහලුන්ට මෙවැනි දේ සතුටක්ම විය හැකිය. ප්‍රජාතන්ත්‍රවාදී රටක උත්තරීතරම නීති සම්පාදනය කරන තැන මිනීමරුවන් සහ දූෂිතයන්ගෙන් පිරුණුකළ එවැනි රටක නීතිගරුක සමාජයක් ස්ථාපිත වේ යැයි බලාපොරොත්තු තබා ගැනීමත් මහා විහිළුවකි.

:       697       1018

බද්රානි Tuesday, 08 September 2020 02:51 PM

සමාජයේ පොඩි මිනිසෙක් වරදක් කලාම "තැලෙන යකඩේ ආචාරියා උඩ පැන පන තලනවා සේ" සමාජයට අවවාද දෙමින්, ලොකු ලොක්කන්ගේ තුප්පහි වැඩ දැක්කාම මොනවද කියන්නේ?

:       1952       804

Ratne Tuesday, 08 September 2020 06:01 PM

මීනීමරුවන් සහ කැලෑ පාළුවන් තුරුළු කර ගනිමින් ලාබාල ආණ්ඩුව විනාශ කර ගනීවි.

:       0       137

විජේ Tuesday, 08 September 2020 09:33 PM

මිනීමරුවා මිනීමරුවාමයි...

:       8       43

ranjith Tuesday, 08 September 2020 10:29 PM

රටටයන කලක්... අනාගත පරපුරට අපි බාරදිය යුත්තේ මෙවන් රටක්ද?

:       44       85

මෝ Tuesday, 08 September 2020 10:46 PM

පාර්ලිමේන්තුව ගුබ්බෑයමක් වගේ වුණා. මේ මිනීමරුවාට ඡන්දයි, දුන්න අයටයි හෙන ගහන්න ඕනේ. අනාගතේදී හිරේ ඉන්න මරණ දඬුවමට යටත් හුඟ දෙනෙක් පාර්ලිමේන්තු ඒවි... මේ පුද්ගලයාත් නිදහස් කරාවි. පාර්ලිමේන්තුව හිරගේ වගේ වේවි. මෙදාපාරත් ජනතාවට, වැරදුණා.

:       0       47

sharm warn Wednesday, 09 September 2020 04:36 AM

මේ අදහස් වලට කැමැත්ත අකමැත්ත දාලා තියෙන තාලෙන්ම බයියන්ගේ මානසිකත්වය පැහැදිලිව පෙන්නුම් කරනවා.

:       295       344

Ananda Wednesday, 09 September 2020 06:02 AM

මිනීමරුවන්ට පාර්ලිමේන්තුව.

:       67       87

Chinthana Wednesday, 09 September 2020 07:09 AM

මම 2010දී ලංකාවෙන් අයින් වුණා. මගේ තාත්තාටත් පින්... හැමදාම කිව්වේ පලයන් මේ රටින් කියලා. මම දැන් ඉන්නේ මැලේසියාවේ විවාහ වුණේ මැලේසියානු කාන්තාවක් සමග... මට දැන් ඕනේ දෙමව්පියන් ගෙන්වාගන්නයි.

:       403       1017

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1391 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 650 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 545 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 305 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 535 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 492 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1503 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site