IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


‘’ක්‍රිකට් ක්‍රීඩකයින්ට එල්ල කළ චෝදනාව හෙළා දකිනවා’’

(එම් .සුසිල් ප්‍රියන්ත)

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්ට රටේ වත්මන් ඇමතිවරයකු එල්ල කළ චෝදනාව තරයේ හෙළා දකින බවත් රටේ ප්‍රශ්න අමතක කිරීමට රටේ ක්‍රිකට් ක්‍රීඩාව ඇඳා ගැනීම බාල වර්ගයේ දේශපාලන උප්පරවැට්ටියක් බවත් සජිත් ප්‍රේමදාස මහතා රත්ගමදී පැවසීය.

රත්ගම පැවති ජන හමුවකදී සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.

ඒ මහතා මෙසේද පැවසීය.

             ‘’රජයේ ඇමතිවරයෙක් කියනවා 2011දි  පැවති ලෝක කුසලාන අවසන් මහා ක්‍රිකට් තරගයේදි අපේ ක්‍රිකට් ක්‍රීඩකයින් තරගය පාවා දුන්නා කියලා. ඕන කමින්ම තරගය පැරදුනා කියලා.

කාටද මේ ඇගිල්ල දික්කරන්නේ.කුමාර සංගක්කාරටයි මේ කියන්නේ. තරගය පාවාදුන්නයි කියන ක්‍රීඩකයාගේ නම කියන්නේ නැහැ. ක්‍රීඩකයින් අපහසුතාවයට පත් කරන්නෙත් නැහැලු.

නමුත් එදා ටීම් එකේ කැප්ටන් කුමාර සංගක්කාරයි.උප නායක මහේල ජයවර් ධනයි. ලසිත් මාලිංග, තිලකරත්න දිල්ශාන් ,මුත්තයියා මුරලිදරන් වැනි ක්‍රීඩකයොත් මේ ටීම් එකේ හිටියා.

රජයේ ඇමතිවරයා දැන් කියන්නේ මොකක්ද මේ ක්‍රීඩකයින් හිටපු ක්‍රිකට් කණ්ඩායම අවසන් මහා ක්‍රිකට් තරගය පාවා දුන්නා කියලා. ඕනකමින්ම අවසන් මහා තරගය පැරදුනා කියලා .

මම පැහැදිලිවම කියන්න කැමතියි 2011දි ලෝක කුසලාන අවසන් මහා තරගයේදි සිදුවුණා යැයි කියන සිද්ධිය ලෝක ක්‍රිකට් කවුන්සලයේ දූෂණ මර් ධන ඒකකයට ඇයි එදා පැමිණිලි නොකළේ.  

ඒ ක්‍රිකට් ඒකකයේ ප්‍රධානියා වන මාෂල් මහත්තයාට එදා පැමිණිලි නොකළේ.මේ ඔක්කොම පිටු පස්සේ මොකක්ද තියෙන්නේ. රජයට ඕන කරලා තියෙනවා මේ කොරෝනාවෙන් රට වැටි තියෙන ප්‍රපාතයෙන් ගොඩගන්න බැරි රජය වැඩ බැරි ආණ්ඩුව අකාර්‍යක්ෂම ආණ්ඩුව නන්නත්තාර ආණ්ඩුව ඒ ඇත්තෝ හදනවා මේ මැතිවරණ සමයේ කොරෝනාවෙන් විපතටපත් ජනතාවත් ආර් ථිකයවත් නොවේ 2011 ලෝක කුසලානය තරගය  කරා රටේ ජනතාවගේ අවධානය යොමුකරන්න .

මැතිවරණ වේදිකාව ඒ දෙසට යොමුකරවන්න . මෙන්න අරමුණ මම පැහැදිලිව කියනවා කුමාර සංගක්කාරලා ,මහේල ජයවර්ධනලා, තිලකරත්න දිල්ශාන්ලා ,ලසිත් මාලිංගලා,මුත්තයියා මුරලිදරන්ලා ඇතුලු 2011 අපේ ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමට මඩ ගහන්න එපා.අපහස කරන්න එපා.බොරු කතා හදන්න එපා.

ඒ අයගේ චරිතය ඝාතනය කරන්න එපා.අනුන්ගේ චරිතය ගැන  චරිත සහතික දෙන්නට පෙර කරුණාකර යන්න කණ්ණාඩියක් ඉස්සරහාට යන්න. හොදින් බලන්න තමන්ගේ අඩුපාඩු දිහා.තමන්ගේ අඩුපාඩු හදාගෙන ඕන අනුන්ගේ අඩුපාඩු දිහා බලන්න.

හදිසියේම 2011දි ලෝක කුසලානය මේ ඇමතිවරයාට මතක්වුනේ ඇයි. එතකොට කවුද ක්‍රීඩා ඇමතිවරයා. මේ වගේ බොලද දේශපාලන උප්පරවැට්ටි අපි හෙළා දකිනවා. අපි කවදාවත්ම විශ්වාස කරන්නේ නැහැ අපේ වීරෝධාර ක්‍රිකට් ක්‍රීඩකයින් තරග පාවාදෙනවා කියලා. එහේම ක්‍රිකට් ක්‍රීඩකයෝ අපේ රටේ නැහැ.

අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ අභිමානය හැල්ලු කළ මේ ඇමතිවරයාට අපේ විරෝධය පල කරනවා.ඒ වාගේම ඒ ක්‍රිකට් ක්‍රීඩකයින්ට මෙයින් යම් අපහසුතාවක් ඇති වුණානම් අපේ කණගාටුව ප්‍රකාශ කරනවා.

මේ වගේ බාල බොලද දේශපාලන උපක්‍රමයන් දාලා රටේ ජනතාවගේ ප්‍රශ්න අමතක කරන ඇමතිවරුන් අපේ රටේ ඉන්නවායි ඇසීමත් අපිට හරි කණගාටුවක්. දේශපාලනයට ක්‍රීඩාව ගාවා ගැනීම පිළිබඳවත් අපිට ඇත්තේ දැඩි පිලිකුලක්.

 



අදහස් (18)

‘’ක්‍රිකට් ක්‍රීඩකයින්ට එල්ල කළ චෝදනාව හෙළා දකිනවා’’

Shan Saturday, 20 June 2020 09:52 AM

වෙදිකාවට නැගලා අනුන්ගෙ බයිලා ගහනවා. ඉදිරියට මහජනතාවට කෙරෙන දෙයක් ගැන කතා කරන්නෙම නැහැ. උදාහරණයකට අපේ ජනාධිපතිතුමාව අරන් හැදෙන්න බලන්න.

:       2116       1614

ranaSunday, 21 June 2020 06:38 AM

එදා කී එක්දෙයක් වත් කරලද?

:       0       0

sam Saturday, 20 June 2020 10:18 AM

ඉස්සෙල්ලා හරීන්ගෙන් අහන්න හෙළා දකින්න එපාද කියලා.. හරීන් තමයි හොරුන් අල්ලන පනත ගෙනාවෙ.. ඔහු පවා කියන්නේ ඔය කතාව ගැන විමර්ෂණයක් කරන්න කියලා..මට පේන්නේ සජිත්ට වඩා හරිනු සුදුසුයි කියලා නායකකමට... සෑම දෙයක්ම හොදින් සොයාබලා කටයුතු කිරීම නායකත්වයේ ලකුණක්...

:       240       213

Wasudewa Saturday, 20 June 2020 10:20 AM

මෙක තනිකරම දේශපාලන උප්පරවැට්ටියක්..ඔබ හරි සජිත් තුමෝ...මෙ මහින්දානන්දට දැන් එල්ලෙන්න වැලෙ වැල් නැහැ. මොකක් හරි සෙල්ලමක් දාලා හරි මහජනතාව චන්දයෙන් රවටන්න තමයි හදන්නේ... ඔබතුමාලා හොරකම් නැති පිරිසිදු දේශපාලනයට මහජනතාව ඉතිහාසගත විශාල චන්ද ප්‍රමාණයකින් දිනවනවා. සජිත් තුමෝ ඔබට ජය...!!!

:       1067       1437

ජගත් Saturday, 20 June 2020 10:24 AM

සජිත් ගෙ කතා නං හරි නැහැ . එයාට ගොඩාක් දේවල් හදාගන්න තියනවා . ඇත්තෝ වගේ කතා හරි නැහැ .

:       417       208

හේමාල් Saturday, 20 June 2020 10:48 AM

අපි ක්‍රිකට් ලෝලීන්. පැහැදිලිවම ඒ මැච් එක ගැහුවෙ නැහැ. අත හැරියා. මතක් වෙන කොටත් දුකයි ඒ ගැන. ඒත්, පාවා දීමක් ගැන මින් කියවෙන්නේ නැත.

:       0       117

lal Saturday, 20 June 2020 12:40 PM

මැච් එක වික්ක බව අපි එදාම කිව්වා. කෝ ඉතින් මුන් ඇහුවෙ නැහැනේ...

:       54       89

ධනා Saturday, 20 June 2020 02:34 PM

දැන් අය එහෙමයි කියලා මෙයාව බලයට ගේන්න තරං අපිට පිස්සු නෑ

:       1113       1145

liyanage Saturday, 20 June 2020 05:38 PM

එක්සත් ජාතික පක්ෂයෙන් පිටව ගිය සජිත් ඇතුළු කණ්ඩායම සිරිකොත මන්දිරයට පැමිණීම පිළිබද සිහින මවන්නේ මන්ද ? සජිත් වටා සිටින ආර්ථික විශේෂඥයින් , නීති විශාරදයන් සහ වෙනත් අයගේ උපදෙස් මත නායකත්වයට සහ බලයට කෙටි මාර්ග සොයාගොස් සජිත් මේවනවිට දේශපාලන ගමනාන්තයේ අවසානය දකිමින් සිටි.

:       531       372

vinivida Saturday, 20 June 2020 07:15 PM

සමහර වක්‍රව ලියනලද අදහස් පලනොවන්නේ එය කියවීමෙන් ලබන ක්ෂණික තේරුම වරදවා වටහා ගැනීමක් නිසා වන්නට ඇත. නමුත් එම අදහස තුල ගැබ්ව ඇති හරය නිවැරදිව විශ්ලේෂණය කර තේරුම් ගැනීමට නම් වෙනස් ආකාරයකින් පුළුල්ව සිතිය යුතුවේ. කෙසේ වෙතත් එම පලකරන ලද අදහස තුල නම් තිබෙන්න වූ පුද්ගලයන් එය අඩු වැඩි වශයෙන් සිතනු ඇත. එය ඔවුන්ගේ වාසියට හෝ අවාසියට ලියා ඇතිද කියා ඔවුන්ගේ බුද්ධියට වැටහෙනු ඇත. සමහර අදහස් පලකිරීමේදී කෙලින්ම මතය ඉදිරිපත් කළහැකි වුවත් සමහර අවස්ථාවලදී එම මතය වෙනත් ආකාරවලින් කිරීමට හැකියාව ඇතත් එම මතයෙහි හෝ දෝෂාරෝපනයේ ඇති නිවැරදි හරය තේරුම් ගැනීමට බොහෝදෙනෙකු අපහසු බව හැඟී ගොස් තිබේ.

:       0       0

SampathSunday, 21 June 2020 12:29 AM

ඒ විතරක්ද, නයනා කුමාරි දුම්රියද දැන් සජිත් සමග ගමන් කරමින් සිටියි. ඒ තවත් නායකත්ව සිහින දකින්නෙකි. දෙකක් නැහැ... සජිත්ව යවන්න.

:       0       0

SankaSunday, 21 June 2020 05:39 AM

දනා, ඔයා පිළිගන්නවා... දැන් අය එහෙමයි කියලා... ඉතින් ආයේ කම්බ හොරු ටිකම බලයට ගේන්නම හදන්නේ..? සජිත්වගේ හොරකම් නොකළ, දූෂණය, මිනීමැරුම් නැති අවංක, හොඳ කෙනෙක් බලයට ගෙනැල්ලා රටට හොඳක් වුණොත් කොච්චර හොඳද?

:       0       42

Bandara Saturday, 20 June 2020 07:04 PM

ඔයා වේදිකාවට නැගලා හස්ත මුද්‍රාවෙන් අදහස් ප්‍රකාශ කරන්න... කතා කරන්ඩම එපා...

:       0       0

Sarath Saturday, 20 June 2020 10:12 PM

ලෝකෙ හොඳම ක්‍රිකට් කණ්ඩායම වෙලත් ලංකාව එදා ක්‍රීඩාකරපු හැටි අපි බලාගෙන හිටියේ බොහොම වේදනාවෙන්. ක්‍රිකට් ගැන නොදන්නා කෙනෙකුට මේක පෙනෙන්නේ දේශපාලන ගුණ්ඩුවක් විදියට විතරයි. නොදන්නා දෙයකට කට නොදා ඉන්නවා නම් හොඳයි.

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 21 June 2020 02:55 AM

අදාළ කතාව ගැන විමර්ශනයක් කිරීම වැදගත්.. ක්‍රිකට් ක්‍රීඩාවට දේශපාලනය ගාවන්න එපා යයි කිව්වාට, සෑම රජයකින්ම වාගේ එසේ වුණු බව මතකයක් තියෙනවා...

:       0       0

kiri batta Sunday, 21 June 2020 04:34 AM

මහින්දානන්ද මේ ප්‍රකාශය කරන්න හිටියා කල් වැඩියි තමයි. නමුත් ඒක බොරුවක්ම නෙමෙයි. එදා ඔය අවසන් තරගය බලද්දී අයියෝ කියලා හිතුණා. අනික සජිත් මෙහෙම කෑගහන්නේ එයා දන්නේ නැද්ද ICC එක අපේ හොඳ ක්‍රීඩකයන් කීපදෙනෙක් ගැනම විමර්ෂණය කරන බව..?

:       0       0

සෝමාවතී බිසොමැනිකේ Sunday, 21 June 2020 07:18 AM

අරවින්දත් බබෙක් නොවෙයි, ඔවැනි චෝදනා කොච්චර තිබුණාද? 1992 ඔස්ට්‍රේලියාව් ගහපු ටෙස්ට් මැච් එක දිනන්න ඔන්න මෙන්න තිබෙද්දී මෙයා ඕනෑකමින් සරල උඩපන්දුවක් දීලා අවුට් වෙලා ගියා.., පස්සේ ඕස්ට්‍රේලියාව දින්නා. ෂේන් වෝන් කඩුලු 8ක්ද කොහෙද ගත්තා නේද 2 වැනි ඉනිමේ...

:       0       0

isuru Sunday, 21 June 2020 08:57 AM

මේ පිළිබඳව වහාම පරීක්ෂණයක් කළ යුතුමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 1113 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 222 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1219 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1237 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1475 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1343 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1432 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site