IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ශ්‍රීලනිපයේ 24 දෙනා එජාපය හදන ආණ්ඩුවකට එක් වෙන්නේ නෑ - මහින්ද අමරවීර

(විනීතා එම් ගමගේ)

ආණ්ඩුවේ මැති ඇමතිකම් දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 24 දෙනා එක්සත් ජාතික පක්ෂය හදන ආණ්ඩුවකට කිසිසේත්ම එක් නොවන බව ස්ථිර යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

මෙය රට  ගැන ප්‍රශ්නයක් යැයි කී අමාත්‍යවරයා රට අස්ථාවර වීමට ඉඩ නොතැබීම තම කණ්ඩායමේ මතය යැයි පැවසීය. හිටි හැටියේ ඉවත්ව ගිය 16 දෙනා යැයි කියූ දැන් 15 දෙනාගේ කණ්ඩායමට සිදුව ඇත්තේ කුමක්දැයි විමසිය යුතු බව ද හෙතෙම කියා සිටියේය.

ඉරිදා පත්තර බැලූ විට ආණ්ඩුව පසුදාම පෙරළෙනු ඇතැයි සිතෙන නමුත් එලෙසින් ආණ්ඩු පෙරළන්නට හැකියාවක් ඇත්දැයි තමන් නොදන්නා බව අමරවීර මහතා කීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් සාදාගන්නට තමන් ද කැමති අතර එය කළ යුතු විධිමත් ක්‍රමයක් පවතින්නේ යැයි ද හෙතෙම කියා සිටියේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයට තබා එක්සත් ජාතික පක්ෂයටත් තනිව ආණ්ඩුවක් හැදිය නොහැකි යැයි කී අමාත්‍යවරයා මේ යථාර්ථය සියලු දෙනා වටහා ගත යුතු යැයි ද ඔහු පැවසීය.

පළාත්  පාලන ඡන්දය පැවැත්වූ නව ක්‍රමයේ යම් යම් අඩුපාඩු පැවතියත් මනාප වලින් තොරව කටයුතු කරන්නට  ලැබීම හා කාන්තාවන් විශාල පිරිසකට එහි අවස්ථාව ලැබීම යන කරුණු  එහි ප්‍රයෝජන යැයි අමරවීර මහතා කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ කාන්තාවන්, කාන්තා නියෝජිතවරියන්ට ඡන්දය දෙන්නට අකමැති බව පෙනෙතියි කී ඇමති අමරවීර එම තත්ත්වය වෙනස් කිරීමට කාන්තා නියෝජිතවරියන් පියවර ගත යුතු බව ද සඳහන් කළේය.

ඉදිරි පළාත් සභා මැතිවරණයේදීත් මේ ආකාරයෙන්ම  කාන්තාවන්ට වැඩි අවස්ථා ලැබෙන පරිදි කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් අද පළාත් පාලන ආයතනවල දකින  මුහුණු පාර්ලිමේන්තු මැතිවරණයකදී ද දක්නට හැකි වේවායි තමා සිතන බවත් අමරවීර මහතා තවදුරටත් පැවසීය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තා සංවිධානය විසින් බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරියන් වෙනුවෙන් සංවිධානය කොට තිබූ වැඩමුළුවක් අමතමිනි. මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ සහයෝගයෙන් මෙම වැඩමුළුව පැවැත්විණි.



අදහස් (4)

ශ්‍රීලනිපයේ 24 දෙනා එජාපය හදන ආණ්ඩුවකට එක් වෙන්නේ නෑ - මහින්ද අමරවීර

Kumar Tuesday, 23 October 2018 01:02 PM

එතකොට දැන් හදාගෙන ඇමැතිකම් අරගෙන ඉන්නේ...

:       0       1

OMG Tuesday, 23 October 2018 01:46 PM

කවුරු කොහොම කිව්වත් ලොකු කුට්ටි දෙනකොට විලිබිය විකුණලා පැති මාරු කරනවා... අපි දන්නේ නැත්ද බල්ලාවත් යන්නේ නැහැ කියලා බල්ලව තියලා හාම්පුතා මාරුවෙච්ච හැටි හා අප්පච්චි මැරුණා කියලා අනිත් පැත්තට කරක් ගැහුව හැටි... මේවා ලංකාවේ දේශපාලනයේ ටොයිස් වැඩ...

:       5       10

1sumith Tuesday, 23 October 2018 03:18 PM

කවද්ද මෙරට සංවර්ධනය කරන්නේ? අනේ මන්දා මෙහෙමත් රටක්...

:       0       19

benat Tuesday, 23 October 2018 03:48 PM

දැන් එතකොට ඔය මොන ආණ්ඩුවට එකතුවෙලාද කටු කන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 255 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 956 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2386 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1630 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 957 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 2214 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1444 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site