IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


බුද්ධිමතුන් රට හැරයාම නැවැත්විය යුතුයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

වෛද්‍ය සහ ඉංජිනේරු සිසුන් ලංකාවේ මුදලින් ඉගෙන ගෙන පිට රට යාම ගැන පාර්ලිමේන්තුවේ දී එකතු වී සාකච්ඡා කොට යම් පිළිතුරක් සෙවිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

වෛද්‍ය පීඨ එක ශිෂ්‍යයෙක්  වෙනුවෙන් ලංකා ආණ්ඩුව ලක්ෂ හැටක්  වියදම් කරන බව කී ජනාධිපතිවරයා එලෙස වියදම් කරන්නේ ලංකාවේ ඉන්න කියා යැයි පැවසීය.

පුහුණු කර විදේශ රටවලට යැවූ කණ්ඩායම් ගැන බැලූ විට  ඒ රටවල් අපට දෙන ආධාර වලට වඩා අප ඒ රටවල් වලට දෙන ආධාර වැඩි බවද  ජනාධිපතිවරයා කීය.

මොන ආණ්ඩුව තිබුනත් මේ ප්‍රශ්නය බලපාන අතර මෙි ප්‍රශ්නයට පිළිතුරක් සෙවිය යුතු බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. 



අදහස් (97)

බුද්ධිමතුන් රට හැරයාම නැවැත්විය යුතුයි

sena Tuesday, 29 November 2022 03:28 PM

ආර්ථිකේ හදන්න ඕන අය බණ කියනවා.. බණ කියන්න ඕනෑ අය ආර්ථිකය හදන්න යනවා. ඒක නිසා ඉංජිනේරුවන්ට වැඩත් නෑ, පඩිත් නෑ... දොස්තරලාට වැඩ තියෙනවා... පඩි නෑ. පිළිතුර දෙකේ පන්තියේ ළමයිනුත් දන්නවා සර්...

:       3       22

kasunThursday, 01 December 2022 01:11 PM

දොස්තරලගෙ වැඩ තියෙන මනුස්සයට වැඩ තියෙනව. බහුතරයකට වැඩ නෑ. මාසෙටම දවස් 6 යි වැඩ. දත් දොස්තරල බහුතරයක් දවල් 12 න් පස්සෙ ඉන්නෙ ප්‍රයිවට් එකෙ. ලක්ශ ගනන් අතිකාල ගන්නව. සහ ගහන අපරාද

:       1       3

sharm warn Tuesday, 29 November 2022 03:42 PM

පිළිතුරක් තියෙනවා. හරි ජනාධිපතිවරණයක්/ මැතිවරණයක් තියලා හොරුන් නොවන ආණ්ඩුවක් පත්කරගන්න මිනිස්සුන්ට ඉඩදෙන එක... ඔහේගේ ඔල්මොරොන්දම් ක්‍රියාකලාපයට පින් සිද්ද වෙන්න තමයි මේ රටේ උගත් පරපුර මෙහෙම රටෙන් යන්නේ... පුළුවන් නම් ඒකටත් අරගලය හින්දා කියන්නකෝ... දන්නේ එච්චරයිනේ..!

:       4       41

අබිලින් Wednesday, 30 November 2022 07:00 PM

කොහෙද මිනිහො උඹ හිටියෙ.මේ මිනිහා එක් ආසනයක් තියගෙන අභියෝගය බාරගෙන කටයුතු නොකලානම් මොකද වෙන්නෙ කියලා හිතන්න උඹට මොළයක් නැතිවීම ගැන කණගාටුයි එදා රනිල් අගමැති වෙලා පසුව ජනාධිපති නොවුනානම් මොනවා වෙයිද ඇත්තටම රට මෙතරම් ප්‍රපාතයකට වැටුනෙ කියන්න බැහැ තමුන් අදහන දේශපාලුවො මොනවා කලත් ඒ දේශපාලුවො හරි අනෙක් දේශපාලුවො වැරදියි කියන නුඹලා වැනි එවුන් සිටිනතාක් මේ රටනම් හදනවා බොරු

:       13       2

pakeer Tuesday, 29 November 2022 03:56 PM

පිලිතුර තමයි, උබල හොරකම් කරන එක නවත්තපල්ල, මෝඩ බුරු හරක්ට මේක පාලනය කරන්න දෙන්නෙ නැතුව, උගත් මිනිස්සුන්ව දාගෙන, නීතිය රැකෙන විදිහට මෙක පාලනය කරපල්ල. නැතුව උන්ට නීති දාන්න ගිහි වැඩක් නැහැ.

:       56       294

sharm warnTuesday, 29 November 2022 04:47 PM

මෙතන ඩිස්ලයික් 2ක් දාලා තියෙන්නේ හොරකමින් ජීවත් වෙච්චි අය වෙන්නැති.. ශුවර් එකටම...

:       5       31

sugathTuesday, 29 November 2022 05:09 PM

වෛද්‍යවරුන් සඳහා රට තුල වසර පහක සේවය අනිවාර්ය කල යුතුයි.

:       53       98

Dil PereraTuesday, 29 November 2022 09:32 PM

පකීර්, ලංකාදීපෙන් පාඨක අපිට ලබාදී ඇති මේ අදහස් දැක්වීමේ නිදහස මෝඩ අදහස් දක්වා නැති නොකරන්න. ඔබට සුගත් නමින් දක්වා ඇති පිළිතුර කොතරම් වටින්නේද? දේශපාලකයින් අවලාද දක්වමින්, ජනතාව ප්‍රදර්ශනය කරනුයේ " සමාජය නම් අවංකයි, දේශපාලකයින් හොරුන්" යන්නයි. නමුත් රටේ සිදුවන අපරාධවලින් කීයක් දේශපාලකයින් අතින් සිදුවෙනවද? කොමනක් රටේ ජනතාව කරන්නේද යන්න තේරුම් ගෙන ශිස්ට පුරවැසියෙක් ලෙස ජීවත් වෙන්න.

:       46       21

senaWednesday, 30 November 2022 10:36 AM

සංක්‍යාත්මකව දේශපාලකයින් කරන අපරාධ අඩු වෙන්න පුළුවන් නමුත් ඒවා අති විශාලයි .අපේ රට මේ තරම් නින්දා සහගත තැනකට පත් උනේ දේශ පාලකයෝ කරපු අපරාධ නිසා කියන එක ඔබට තේරුනේ නැති උනාට මේ රටේ පාසල් දරුවෝ පවා දන්නවා

:       1       44

pakeerWednesday, 30 November 2022 11:34 AM

දිල් පෙරේරා, මේ දක්වා ඇති අදහස, ඔබට මෝඩ අදහසක් විය හැකිය... එය ඔබ මේ ප්‍රශ්නය දෙස දකින ආකාරයයි. සිවිල් සමාජයක් සෑදීමට නීති අවශ්‍යයි. එම නීති රැකීමට යම්කිසි ක්‍රමවේදයක් අවශ්‍යයි. නමුත් එන නීති අත්තනෝමතිකව කඩ කරන අයගේද බලය ඇති පිරිසයි. එනම් දේශපාලකයන් සහ ඔවුන්ගේ අතවැසියනුයි. සමාජය ගොඩනැගීමට ආදර්ශ අවශ්‍යයි.., අවවාදවලට වඩා. තවද නීතිගරුක සැවොම කැමැතියි, නිදහස් සුඛිත, මුදිත දේශයක වාසය කරන්න.. ඉතින් ඔවුන් කැමැති තැනක වාසය කිරීමට ඇති අයිතිය නැවැත්වීමට ඔබට පුළුවන්ද?

:       2       19

මහජනයාTuesday, 29 November 2022 09:45 PM

දේශපාලකයන් හා නිලධාරීන් රට වල පල්ලට ඇද දැමීමේ ප්‍රතිපලයක් ලෙස IT ක්ෂේත්‍රයේ බුද්ධි ගලනය දැන් සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩි වෙලා. මෙම වුර්තිකයන් රටට අවශ්‍ය ඩොලර් ටික ලබාදීමට ඍජුවම දායක වන කොටසක්. දක්ෂයින් අඩුවීම නිසා මෙම ඩොලර් ලබාදෙන ආයතන නොබෝ දිනකින් මෙම රට අතහැර යනවා. මදි හරියට විදුලිය වැනි අත්‍යවශ්‍ය යටිතල පහසුකම් අඛණ්ඩව සැපයීමට අපොහොසත් රාජ්‍යක්. දැනටමත් මෙරට ගැන උපරිම විශ්වාසය තබා මෙරට සිට පමණක් ක්‍රියාත්මක වූ ආයතන වෙනත් රටක මෙහෙයුම් පටන්ගෙන. රටේ තීන්දු තීරණ ගන්න අමන රැල මෙන් නොව ඔවුන් මෙම තත්වයන් හොදින් අධ්‍යනය කරනවා. අවසානයේ අපට ලැබෙන ඩොලර් ප්‍රමාණය තවත් අඩුවනවා. ප්‍රතිපල තව වසර කිහිපයකින් බලාගත හැක.

:       1       26

Fernando Tuesday, 29 November 2022 03:58 PM

ලංකාවෙ දේසපාලුවෝ.. වගේම පරිපාලකයොත් මේකට වග කියන්න්ඩ ඔනි විශේයෙන් සෞඛය අමාත්‍යංශයෙ

:       5       174

පිටිගල මිලානෝ Tuesday, 29 November 2022 04:03 PM

ඔය නාකි සහ හොරු සෙට් එකම රට හැර යන්න. එතකොට උගත්තු රට හැර යන එක නවතියි.

:       27       203

rangana26 Tuesday, 29 November 2022 04:10 PM

ලංකාවේ IT ක්ෂේත්‍රයේ විශාල පිරිසක් ලංකාව අතැරලා යනවා . එකට ලොකුම හේතුව අලුත් 36% අදායම් බද්ද .

:       24       168

fairoos Tuesday, 29 November 2022 04:30 PM

ඒතකොට දේශපාලකයන්ට කරන වියදමට පිලියමක් නැද්ද?මෙ කාලකන්නි දේශපාලකයන් තොලන්චිවෙලා ගියොත් ඔක ඉබෙම නවතියි

:       5       139

BamunuarachchiTuesday, 29 November 2022 08:12 PM

අපේ දේසපාලඥයින්ට අපි වියදම් කරන්නම්. උඹලා ගම්මිරිස් මල්ල ඇරගෙන තොලොංචි වෙයල්ලා. සෞධි අරාබියාවත් මොවුන්ව භාර ගන්නේ නැහැ. යන්න වෙන්නේ ඇෆ්ගනිස්තානයට.

:       33       8

Hafeel Tuesday, 29 November 2022 04:30 PM

එහම කියන්නට ජනතාවගෙන් ප්‍රතික්ෂේප කල ඔයාට අඩු තරමින් මේ දුරයේ ඉන්න සදාචාරයක්ද? කප්පම්කරුවන්, දුෂිතයන්, ජනතාවගෙන් ප්‍රතික්ෂේප කල පරාජිතයන්ව ඉහල තනතුරුවලට පත් කරන විට, ඒ අයට දොස් කියල හරියනවද? පහුගිය මහ මැතිවරයෙදී ජනතාවගෙන් ප්‍රතික්ෂේප කල පරාජිතයන් සේරම අද මෙයාගේ උපදේශක. මේවා හරිද?

:       28       135

saman Tuesday, 29 November 2022 04:50 PM

රට හැර යනවා නම ලක්ෂ 60* පොලිය ගෙවන්න කියන්න ඕනේ. විශ්වවිද්‍යාලයට ඇතුල් වෙද්දී ඔවුන්ගෙන් මෙවැනි වගවීමකට අත්සනක් ගතයුතුයි. රට ට ඕනේ බුද්ධිමතුන් පාසල් හරහා හොයාගෙන, ඔවුන් බුද්ධිමතුන් කරාට පස්සේ රට යනවා නම් ඔවුන්ගේ රටට ආපසු දෙයක් ලැබිය යුතුමයි. රටේ බිහිවන බුද්ධිමතුන්ට සාපේක්ෂව රැකියා අවස්ථා නොලැබෙන්නේ ,රටට ආයෝජන ගෙන එන්න පාලකයින් අසමත්වන නිසා ( පාලකයින්, BOI නිලධාරින් දොළ පිදේනි ඉල්ලීම හරහා ගොඩක් ආයෝජන පිට යන එක ප්‍රසිද්ධ රහසක් ) .මේ තත්වෙට රටේ පාලකයින් ඍජුව වගකිවයුතුයි

:       20       89

නිමල් Tuesday, 29 November 2022 04:51 PM

මෙයා කතා සාප්පුවක් විතරයි

:       11       91

Martin Tuesday, 29 November 2022 04:54 PM

මුන් ඔක්කොම හොරකන්කර අනිත් වෘත්තිකයන්ට ජීවත් වීමටවත් බැරි පරිසරයක් ගොඩ නගා දැන් බොරුවට කෑ ගහනවා. පල් හොර හැත්ත.

:       10       128

ChainWednesday, 30 November 2022 08:47 AM

සම්පුර්ණ ඇත්ත.

:       2       22

nilanthaThursday, 01 December 2022 02:30 PM

විශේෂයෙන්ම දොස්තරලා වෙන වෘත්තිකයෙක්ට ඔලුව උස්සන්නම දෙන්නෙ නෑ. තනිකරම කුහකයො..

:       0       0

saman Tuesday, 29 November 2022 04:58 PM

සමහරු රටේ බදු නිසා පිටරට යන්ට බලනවා. ලංකාවේ මිනිසුන්ට අදායම් බදු ගෙවා පුරුද්දක් නැහැ. හිතාගෙන ඇති පිට රට ගියාම බදු නොගෙවා ඉන්ට පුළුවන් කියා.

:       55       42

නිමේෂ් Wednesday, 30 November 2022 08:25 AM

ඒගොල්ලෝ යන රටවල උද්ධමනය 100% වෙලා නැහැ , මේහෙට වෙලා බොරුවට රනිල් ල මහින්දලා හදපු උත්දමන බදු ගෙවාගෙන අමාරුවෙන් ජීවත්වෙන්නේ මොක්දටද ?

:       2       32

SirisomaWednesday, 30 November 2022 08:58 AM

මචන් 36% නෙවෙයි 50% වුනත් බදු ගෙවන්න අපි කැමති, ඒ බදු රටේ සංවර්ධනයට, ජනතාවගේ ජීවන තත්වය උසස් කරන්න යොදවනනම්. නැතිව අපි දුක් විඳලා හොයන සල්ලි හොරු රැලක් නඩත්තු කරන්න දෙන්න අපිට පිස්සුවක් නෑ. පාර්ලිමේතුවේ 225 යි වුන්ගේ හත් මුතු පරම්පරාවයි, කිසිම තේරුමක් නැති රටේ ආදායමෙන් 70%-80% වග කියන අතිරික්ත රාජ්‍ය සේවක අයිස් ගහන එවුන් සෙට් එකයි නඩත්තු කරන්න බදු මුදල් ගෙවන්න කව්රුත් කැමති වෙන්නේ නෑ. කොම්පැනි ටිකත් වැහිලා ගිහාම තොපි උඩ බලාගෙන ඉඳපියව් මෝඩ හැත්ත.

:       1       42

ganegoda Wednesday, 30 November 2022 10:06 AM

පාලක හොරුන්ව ජීවත් කරවන්න ,කවුද කැමති ආදායම් බදු ගෙවන්නැ?

:       0       23

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 29 November 2022 05:09 PM

පොහොට්ටු හොර නඩය රටම හොරා කාලා රට බංකොලොත් කළා.ඔබතුමා බලයට ඇවිත්,හොරකමට එරෙහිව පාරට බැස්ස අයට නීතිය තදින් ක්‍රියාත්මක කළා. ඒත්,හොරුන් අල්ලන්න කිසිදු පියවරක් ගත්තේ නැහැ.රට කෑ හොරුන් තවමත් දඬුවම් නොලැබ රටේ මුදල් වලින් විශේෂ ආරක්ෂාව ලබමින් සුර සැප විඳිනවා.රටේ ජනතාව නොමැරී මැරෙමින්,අපා දුක් විඳිනවා.මිනිසුන් හාමතේ සිටින, බදු බරෙන් මිරිකී සිටින මෙවන් රටක උගතුන් රට හැර නොගිය හොත් නේද පුදුමය වන්නේ.

:       7       81

Nimal Tuesday, 29 November 2022 05:11 PM

225 යි, පළාත් සභා, ප්‍රාදේශීය සභා හොර සෙට් එකයි දූෂිත නිලධාරීන් ගොඩයි රට යැව්ව නම් ඔක්කොම හරි

:       4       52

Dil PereraTuesday, 29 November 2022 10:12 PM

නිමල්,ඔබගේ කියමන සම්පුර්ණ ඇත්ත .නමුත් ඒක වුනොත් ,රටේ කිසිම මනුෂ්‍ය ජීවිතයක්වත් ඉතුරු වන්නේ නැත .හේතුව මුළු සමාජයම හොරුන්

:       0       12

බද්රානි Tuesday, 29 November 2022 05:13 PM

උගත් කිව්වට, ඉතින් ලංකාවේ ඉගෙන ,ගත්තා නම් ඉතින් බහුතරයක් ඒ අය පල් මෝඩයෝනේ..ලංකාවට ලොක්කෝ උනාට ලෝකෙට ගියාම, ලෝකෙට නොගැලපෙන ගෝත්‍රික පැවතුම් ඇති මෝඩයෝ. ඒ කොහොම උනත් පුළුවන් කමක් තියනවා නම්, ඕනෑම කෙනෙක් මේ අපායෙන් පැන ගන්න තමයි උත්සහ කරන්නේ. අවසානයේ බල්ලන්ටම ගිය රටේ බල්ලෝ රැලක් පමණයි ඉතුරු වෙන්නේ..

:       16       61

කාලිංගTuesday, 29 November 2022 07:59 PM

පපුව කුණු වෙච්ච අපතයෙකුට වඩා බල්ලෙක් කොච්චර වටිනවාද ?

:       11       11

බද්රානිWednesday, 30 November 2022 10:12 PM

කාලිංග බල්ලාගේ එතන කුණු වෙලාද? අනේ පව්! ඔයාගේ පශු වෛද්‍යවරයාට පෙන්වන්න. කොහොමත් ඔය බලු කුක්කෝ ඉන්නවා නේද? ස්වාමියා ඉදිරියේ නැට්ට බඩ යට ගහගෙන හිටියට මිනිස්සුන්ව කන්න පන්නනවා. ඒ මදිවට අතන තුවාලත් කරගෙන.. හරිම වසයි ඉතින්...

:       2       4

විපරමා Tuesday, 29 November 2022 05:14 PM

ලංකාවේ උගතුන්ට ,සුදුස්සන්ට සුදුසු තැනක් දෙනවද? කිසිම උගත්කමක් සුදුසුකමක් නැති අට පාස් උනුත් පාර්ලිමේන්තුවේ .උන්ගේ උන්ට ,,හෙන්චයියන්ට සබාපතිකම්, තනතුරු දීලා වෙච්චි හරිය රටට කෙළවපු හැටි ලෝකෙම දන්නවා .වයිද්‍ය සිසුන් වෙනුවෙන් ආණ්ඩුව ලොකු මුදලක් වැය කරනවා නම් හරියට වැඩක් ගන්ඩ තිබුනා.රටම හොරාකාලා විනාශ කරපු දුශිත දේසපාලුවෝ ගැන කිසිම අවුලක් නැතුව ඇති .

:       1       66

Mokaata Kiyannada Tuesday, 29 November 2022 05:19 PM

නවත්තන්න ඕනේ? කඩා වට්ටපු සහ නැවතිල තියෙන ගොඩනැගිලි කර්මාන්තයට පිලියම් යොදනු. වාස්තු විද්යග්න්යන්, ඉන්ජිනේරුවන් සහ ඇස්මේන්තුවරුන් ඔක්කොම රට දාල යනව අනිත් රටවල් වලින් තියෙන ඉල්ලුම නිසා. අපේ රටේ වග කිවයුත්තන් තාම බුදි.

:       0       17

සඳුන් Tuesday, 29 November 2022 05:31 PM

මෙතන වෛද්‍ය හෝ ඉංජිනේරු විශේෂයක් නෑ. අවස්ථාව ලැබුණු හැම කෙනාම බලන්නෙ රට පනින්න. ඇත්තටම දශක ගනනාවක සිටම දකින නාකි හම්පඩ හොරු රැලක් බංකොලොත් කළ රටක, උප නූපන් දරුවන් ගේ අනාගතය සුන්නත් දූලිකල රට.ත. අමාරුවෙන් උපයාගත් සොච්චමටත් නහුතෙට බදු ගසන රටක තවත් ජීවත් වන්නේ කිනම් මෝඩයෙක් ද ?

:       0       22

කිරිපුතා Tuesday, 29 November 2022 05:37 PM

ඔව් ජනතා මුදලින් ඉගෙන ගත්තම රටට සේවයක් කිරීමට ඔවුන් බැඳී ඉන්නවා. රටේ සල්ලි වලින් ඉගෙනගෙන වෙනත් රටකට පදිංචියට ගියාම අර වියදම් කරපු සල්ලි රටට නෑ. ඔහුගේ සේවයත් නෑ. මේ සඳහා නීතිමය පියවරක් ගත යුතුයි

:       19       8

Shashika519 Tuesday, 29 November 2022 05:57 PM

බටලන්දට අරන් ගිහින් කුලී හේවා පොලීසීය දම්මලා සාකච්ඡා කරමු

:       3       6

Sarsth Silvs Tuesday, 29 November 2022 06:52 PM

අවුරුදු 35 කටත් වැඩි කාලයක් පාර්ලිමේන්තුවේ ඉදලා රටට කෙලපු එවුන් ඉන්නකං මේ රටේ කිසිම කෙනෙකුට බලාපොරොත්තු තාගත නොහැකිය.

:       3       14

sashini Tuesday, 29 November 2022 07:19 PM

ඒකටත් හමුදාව දාලා මැඩ පවත්වන්න. ‌

:       2       8

AB Tuesday, 29 November 2022 07:24 PM

වෛද්‍ය සහ ඉංජිනේරු සිසුන් ලංකාවේ මුදලින් ඉගෙන ගෙන පිට රට යාම පිලිබඳ අර්බුදය ඉන්දියාව සහ චීනයේ ද තිබේ. නමුත් මේ වනවිට ඉන්දියාව සහ චීනය සාර්ථකව පියවරෙන් පියවර දක්ෂයන් රටින් පිටවීම අවමකරගමින් සිටී . දෙවනුව ඉනදියාව සහ චීනය ඔවුන්ගේ ආර්ථික සංවර්ධනයට අවශ්‍ය පුද්ගලයන් ( ඉන්දියානුවන් / චීන ජාතිකයන් ) නැවත ඔවුන්ගේ මවු රටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙලක් තිබේ, ඉහල වැටුප් ලබා දී තිබීම කරතිබේ. විශේෂයෙන් චීන ජාතිකයන් උසස් අදයපනයෙන් පසු නැවත චිනටය යාම සිදුවිය.ඉන්දියානු ජාතකයන් මේවනවිට රටින් පිටවීම අඩුවක් දක්නට ලැබේ එයට හේතුව නම් විදේශය ආයෝජන නිසා ඉහල වැටුප් සහිත රැකියා බිහිවීම වේ. ඇමෙරිකානු සහ යුරෝපිය,වෙනත් විදේශය investments විශාල වශයෙන් එම රටවලට ගෙන්වා ගනිමින් සහ රජයේ ආයතන පුද්ගලික කරණය කිරීම මත ඉහල වැටුප් ලබාදීම සිදුවේ. විදේශීය investments අවශ්‍ය tax, infrastructure පහසුකම ලබාදී තිබේ.

:       0       11

AB Tuesday, 29 November 2022 07:26 PM

ලංකාවේ අදයපනය ලබා විදේශ රටවල් වෙත උසස් අදයපනය සදහා පිටවන සියලු දෙනා නැවත රටට පැමිණ වසර 5 - 10ක් පමණ ලංකාවේ සේවය කලයුතු බවට සහ එම පුද්ගලයාට විසා ලබා ගැනීමේදී කිසිදු ආකාරයකට එම රටෙහි පදිංචි විය ලබාගැනීමට නොහැකි බව එම රටවල් ( සියලු යුරෝපිය රටවල්, US, Canada, australia

:       9       4

BaaaraDayiya Tuesday, 29 November 2022 07:29 PM

උඹ ඉන්නවනේ රනිලෝ අනිත් ඔක්කොම බුද්ධිමතුන්ට හරියන්න. ඒක හින්දා උන් ගියාට කමක් නැහැ.

:       2       12

මිස්ටර් බීන් Tuesday, 29 November 2022 07:34 PM

රට යන එවුන්ට වෙඩි තියපං... බඩගිනියි කියලා කෑගහන එවුන්ටත් වෙඩි තියපං.. බෙහෙත් පෝලිං තෙල් පෝලිං... ගෑස් පෝලිං වල ඉන්න එවුන්ටත් වෙඩි තියපං.... . රස්සා නෑ කියන එවුන්ටත් වෙඩි තියපං.... හොරකං කරන එවුන් ඇරෙන්න අනික් ඔක්කොටම වෙඩි තියපං... එතකොට හරි...

:       2       20

sunil Tuesday, 29 November 2022 07:55 PM

වැඩ බැරි හිට්ලර් රට පාලනය කරනතුරු මේ තත්ත්වය වෙනස් ‌කරන්න බැරිවෙයි.

:       2       12

D edirisinghe Tuesday, 29 November 2022 07:55 PM

බහුතර චන්ද බලයක් නැති අයටද ජනාධිපති විය නොහැකි ලෙස නීති සකස් විය්ස්‍යුතූයි.

:       2       14

Bamunuarachchi Tuesday, 29 November 2022 08:02 PM

එනිසයි අපි කියන්නේ උසස් අද්‍යාපනය නොමිලේදෙන්න එපා කියලා.

:       18       7

Bamunuarachchi Tuesday, 29 November 2022 08:14 PM

සිංහල අපි පවුල ලමයි දෙදෙනාට සීමා කරගෙන අනාගත සිංහල දරුවන්ට රැකියා පහසුකම්, වෛද්‍ය පහසුකම්, අද්යාපන පසසුකම් ඉතිරි කරනවා. අනෙක් අය හාවුන් වගේ පැටව් හදලා උන්ගේ ළමයි අපි ඉතිරිකරන පහසුකම් භුක්ති විඳිනවා. සුළු ජාතීන්ට පවුල ළමයි දෙදෙනාට සීමා කර ගන්න නීති හදන්න. දෙදෙනාට වැඩි උනොත් නොමිලේ වෛද්‍ය පහසුකම්, අද්යාපන පසසුකම් දෙන්න එපා රැකියා දෙන්න එපා. මොවුන්ට රටින් පිටවෙන්න පහසු කරන්න.

:       17       7

fairoosWednesday, 30 November 2022 03:07 PM

ඔබලා වගේ ජාතිවාදයෙන් පෙළෙන අය ඉන්න රටක් මෙහෙමවත් ඉතුරුවෙලා තියන එක පුදුමයි. වැහිකාලෙ එහෙම එළියට බහින්න එපා. සොබාදහමින් පඩිසන් ලැබේවි...

:       4       8

BamunuarachchiWednesday, 30 November 2022 08:02 PM

මොනවද බොල ඔයකියන්නේ මගේ ජාතිවාදය මුලුරටම සිංහල කරන්න වත් මුලු රටම බෞද්ද කරන්නවත් නොවේ. අපේ ජාතිවාදය දෙමල්ලු වෙනම රටක් ඉල්ලන එක හා හම්බය මුළු රටම මුස්ලිම් කරන එක නවත්තන්න. ත්රුනාද. ඒ ජාතිවාදය අපිට ඉගැන්නුවේ අපේ ගුරු හාමුදුරුවරු. දැන් ඉන්නේ හමබයාගේ වටලප්පම කන හාන්දුරුලා. මගේ ජාතිවාදය ගැන කතාකරන්න එපා මම කියන ඒවා වැරදී කියපන්. එකයි සිද්ද වෙන්න ඕනේ. කුරානයේ කියලා නැද්ද මුලුලොකෙම මුස්ලිම් කරන්න කියා? ළමයි පුළුවන් තරම් වදන්න කියලා? තව කියන්න තිබෙනවා. වැස්ස දවසට එලියට යන්නේ කුඩයක් අරගෙන. පෙනෙනවානේද මුස්ලිම් මිනිස්සු ඉන්න සෑම රටකම ත්‍රස්තවාදය නැතිනම් යුද්ද. ඇයි සොබාදහමෙන් පඩිසන්දෙන්නේ අල්ලාට බැරිද පඩිසන් දෙන්න

:       5       2

බද්රානිFriday, 02 December 2022 07:48 PM

සියල්ල දන්නවා යයි ලොකුවට සිතාගෙන සිටින ළිං මැඩි බක පණ්ඩිතයින්, සද්දේ දාන්නේ නම් සිංහයින් කියලා හිතාගෙන තමයි... ඒත්, ඉතින් එළියට ඇසෙන බකබක හඬ නම් නීරසයි. මේ මඩවල ඇතුළේ ගෙම්බන් බහුතරයක් වුණාට ලෝකෙට ගෙම්බන් අතළොස්සයි. අනික කිසිම වටිනාකමකුත් නැහැ. ඒ නිසා ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න. තේරුණාද බමුණු ආරච්චි?

:       0       0

බද්රානිThursday, 01 December 2022 03:09 PM

අනේ යනවා බමුණුආරච්චි මෙතන පහරන්නේ නැතිව. අනුන්ට ඉරිසියා කරමින්, කුහකකම් කරමින් ජීවිතය විඳවන ඔහෙලා දන්නේ අන්‍ය ජාතිකයින්ට ගරහන්න පමණයි. සිංහල කාන්තාවන් අරාබියට විකුණගෙන කන ගමන් ලංකාවේ මුස්ලිම් ජාතිකයින්ට අපහාස කරනවා. ඇමරිකාවේ හා බටහිර රටවලින් හිඟමන් යදින ගමන් සුද්දන්ට බනිනවා. එදා උතුරේ ද්‍රවිඩ ජාතිකයින්ට පරිභව කළා. උතුරේ වගාකළ ළුණු, මිරිස්, මිදි දකුණේ නිකමුන්ට විකුණා දියුණු වුන ඔවුන්ටත් ඉරිසියා කළා. ඔවුන්ගේ දේපොළ කොල්ල කෑවා. අවසානයේ යුධ වදින තත්වයකට ඔවුන්ව පත්කලා. එදා හිටපු ඇති දක්ෂ වෛද්‍යවරු ඇතුළු දක්ෂ වෘතිකයින් මේ රටට අහිමි කර ගත්තා. අර මොකක්ද කසා ගන්න නියපොත්තක් නැති උනාට කටවල් වල උජාරු පම්පෝරිය නම් අඩුවක් වෙලා නැහැ. අන්‍ය ජාතියට තබා තමන්ගේ ජාතියටවත් ගරු කරනවද, මේ අමන සිංහලයින්. අනෙකාගේ පීඩාව, තමන්ගේ ඉල්ලමක් කරගෙන ගානක් කඩාගෙන සතුටු වෙන එකනේ කරන්නේ.

:       0       6

BamunuarachchiThursday, 01 December 2022 06:30 PM

මට ඔයගැන කතා කොරන්න දෙයක් නැහැ. කියන්න තිබෙන්නේ නොදන්නා මගුල් කතා නොකර හිටින් කියලා.

:       4       0

අබරන් Tuesday, 29 November 2022 08:23 PM

නොමිලේ උසස් අධ්‍යාපනය ලබා දීම නවත්වන්න. තමන්ගේ දියුණුව වෙනුවෙන් තමන්ගේ කැමැත්ත උඩ වෘතිය සුදුසුකම් ලබාගැනීමේදී රටේ මිනිස්සුන්ට එහි වියදම දැරීමට බල කිරීම තනිකර අසාධාරණ ඉල්ලීමක් . මොකද උසස් අධ්‍යාපනය ලබා ගන්නවද නැද්ද කියල තීරණය කරන්නේ තනි පුද්ගලයකේ තමන්ගේ දියුණුවට, නැතුව සමාජය නෙවෙයි. දෙවනුව උසස් අධ්‍යාපන අවස්ථාව මොන ක්‍රමය යටතේ වත් සියලුම දෙනාට සමානව ලැබෙන්නේ නැහැ සහ අවශ්‍යත් නැහැ. ඒ නිසා තමන්ගේ දියුණුව උදෙසා කරනු ලබන උසස් අධ්‍යාපන තීරණයට වියදම් දරන්න රටේ සමස්ත ජනතාව බැඳී නැහැ. දැන් වෙනවා වගේ අනිත් මිනිස්සුන්ගේ වියදමෙන් උසස් අධ්‍යාපනය ලබා ගැනීම සහ දේශපාලකයන් රටේ මුදල් කොල්ල කෑම අතර කිසිම වෙනසක් නැහැ. ඒ නිසා සුදුසුම දේ තමයි කැමති අයට තමන්ගේ වියදමින් උසස් අධ්‍යාපනය ලබාගෙන තමන්ගේ දියුණුව තමන්ට ඕන විදියට ලබා ගෙන කැමති රටක කැමති වෘතියක් කරගෙන ජිවත් වීමයි.

:       6       12

චන්දිම Wednesday, 30 November 2022 04:00 PM

ඔය වගේ කතා කියන්නේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගන්න බැරිවෙලා ඉගෙනගත්තු මිනිස්සු ගැන ඉරිසියාවෙන් ඉන්න උදවිය. තමන්ට කුඩා කාලේ ඉගෙනගන්න එකේ තියෙන වටිනාකම නොතෙරිච්ච එකට ඉගෙනගත්තු එකාට වල කපන්න හදනවා. ඒ මදිවට ඉස්සරහට ඉගෙනගන්න ඉන්න එවුන්ටත් වල දාන්න හදනවා. බැරි සිල් නොගනින් අබරෝ.

:       6       6

අබරන් Wednesday, 30 November 2022 07:53 PM

අධ්‍යාපනය වටින හින්දා තමයි නිකන් දෙන්න එපා කියන්නේ. ඔයාගේ ඔය පිනට කන්න තියෙන කැත කම්මැලි පුරුද්ද ඇත ඇරගන්න. නිදහස් අධ්‍යාපනය කියලා දෙයක් නැහැ... නිදහස් අධ්‍යාපනය කියන්නේ තනිකරම සෙළවෙන මනසට. ඔයාගේ ඔය බොළඳ වාමාංශික මනසට නොමිලේ දෙන අධ්‍යාපනය කියන්නේ හරියට හින්දු ආගමේ පූජනිය ගවයා වගේ. හැබැයි මේ අබරන්ට ඒක එහෙම නැහැ. මොකද අධ්‍යාපනය, සේවයට වටිනාකමක් තියෙනවා කියලා දන්නා හින්දා. මොකටද ළමයෝ මේ අබරන් බැරි සිල් ගන්නේ? අබරන්ට විභාග සමත් වෙනවා කියන්නේ කජු කනවා වගේ වැඩක් දරුවෝ... දැනට දෙස් විදෙස් අධ්‍යාපන ක්ෂේත්‍රවල සේවය කරන අබරන්ට ඔයාගේ වගේ කුහක මිනිස්සුන්ගේ මෝඩ උපකල්පන වලට උත්තර දීලාම ඉවරයක් නැහැ. විභාග සමත් වුණාට විතරක් මදි. ළිං පතුලෙන් ගොඩට ඇවිත් බලන්න. ළිං පතුලේ ඉඳලා පෙනෙන අහසට වඩා ඇත්තටම අහස ගොඩක් විශාලයි....!

:       3       6

චන්දිම Thursday, 01 December 2022 07:37 AM

අනේ උගත් බුද්ධිමත් අබරන් මහත්මයාණනි, කරුණාකර කියන්න මේ රටේ නාගරික ගම්බද දක්ෂතා තියෙන නමුත් දුප්පත් දරුවන්ට උසස් අධ්‍යාපනය මුදල් දීලා ලබා ගන්න දැනට තියෙන හෝ ඔබතුමන් විසින් යෝජනා කරන ක්‍රම වේදය කුමක්ද කියාලා. එතකොට මේ අපි දන්නේ නැති ඔය වාමාංශික මනසවල් ගැන කරනවට වඩා වටිනවනේ නේද? ඔබරන් තුමත් තමන්ගේ අතින් විය හියදම් කරගෙන ඉගෙනගෙන ඔය දෙස් කෙසේ වෙතත් විදෙස් වල ඉන්නේ නම් අපේ කිසිම අමනාපයක් නැහැ. පුළුවන් නම් ඩොලර් ලංකාවට එවනවත් ඇති. හොඳයි ඉතින්.

:       2       1

අබරන් Thursday, 01 December 2022 05:12 PM

අනේ ඉගෙනීමේ වටිනාකම දන්නා, ඉගෙනගන්න අයට වල නොකපන චන්දිම මහත්මයාණෙනි....ඔයත් අධ්‍යාපනය නොමිලේ ලබා නොදිය යුතුයි කියන මතයේ ඉන්න අය ඉගෙනගන්න අයත් එක්ක ඉරිසියාවෙන් පෙලෙන කණ්ඩායමක් ලෙස අර්ථකථනය නොකිරීමත් වටිනවා නේද? උසස් අධ්‍යාපන අවස්ථා සැමට අනිවාර්යයෙන්ම කිසිම බෙදයකින් තොරව ලැබිය යුතුය. එකෙන් කියන්නේ නැහැ එවැනි සමානාත්මතාවයක් ඇති කිරීමට එකම විසදුම නොමිලේ අධ්‍යාපනය ලබා දීම කියලා. එකේනේ කට්ටිය ඉගෙනගෙන රට ගියානම් ලංකාවට ඩොලර් එවන්න කියන්නේ. යම්කිසි පුද්ගලයෙක් උසස් අධ්‍යාපනයක් ලබා ගැනීමෙන් පස්සේ අපේක්ෂාව ඉහල ආර්ථික දියුණුවක් ලබා ගැනීමයි. නැත්තන් මැරීගෙන ඉගෙන ගත්ත එකෙන් වැඩක් නැහැනේ. තමන් ලබා ගත් පාඨමාලාව වෙනුවෙන් මුදල ආපසු ගෙවන්න පුද්ගලයෙක්ට අවස්ථාව සහ කාලය තියෙනවා. බොහොම සරලව කිව්වොත් මුදල් ගෙවීම අධ්‍යාපනය ලැබීමට පෙර හෝ පසුව කැමැත්ත සහ ආර්ථික ශක්තිය මත සිදු කල හැකියි.

:       0       0

අබරන් Thursday, 01 December 2022 05:15 PM

ඔය ඩොලර් එවන්න කියල ඉල්ලන අය ඉන්න රටවලත් අධ්‍යාපනය මිනිස්සු ලබන්නේ මුදල් ගෙවලා. ඒ දියුණු රට වලත් දරිද්‍රතාවයෙන් පීඩා විදින අය ඕන තරම් ඉන්නවා (ඒ රටවල් සුරංගනා ලෝක නෙවෙයි). ඒ කියල ඒ අයට නොමිලේ අධ්‍යාපනය ලබා දෙන්නේ නැහැ. නමුත් අධ්‍යාපන අවස්ථාව තහවුරු කරලා තියෙනවා. ඒ අය නොයෙකුත් ක්‍රම වලින් මුදල් ගෙවනවා, විශේෂයෙන්ම අධ්‍යාපනයෙන් පස්සේ සුදුසු රැකියාවක් ලැබීමෙන් පසුව. දුප්පත් වේවා පෝසත් වේවා උසස් අධ්‍යාපනය වෙනුවෙන් මුදල් ගෙවීමට ඕන තරම් සාර්ථක ක්‍රම ඇති කිරීමේ අවස්ථා තියෙනවා. එක තමයි කිව්වේ ලිං පතුලෙන් ගොඩට එන්න කියල. ඒ දේවල් ගැන කතා නොකර මිනිස්සු රට යන එක නවත්තන්නයි, රට ගියපු අයගෙන් ඩොලර් හිඟා කන එක නෙවයි විසඳුම. දුප්පත් කම නැති කරන්න ක්‍රම හදනවා වෙනුවට වෙන්නේ ලංකාව තුල දුප්පත්කම දුෂිත දේශපාලකයෝ තුරුම්පුවක් ලෙස පාවිච්චි කර වවාගෙන කෑමයි. මේ රනිල් උන්නැහෙත් මෙතන කරන්නේ ඒක. මේ බොහොම ටිකයි කිව්වේ...තව හොයල බලන්න මේ පිලිබදව...රට රටවල ඇවිදින්න, රැකියා කරන්න. එකම තැන ඉන්න එපා. මොකද ඒවත් හොඳ පුද්ගල දියුණුව ඇති කරන අධ්‍යාපන අවස්තා. අධ්‍යාපනය කියන්නේ standardized tests (තරඟ විභාග) විතරක්ම නෙවෙයි!!!

:       0       0

sampath Tuesday, 29 November 2022 08:51 PM

ලංකාවේ හොඳ බුද්ධිමතුන් ඉන්නව. නමුත් ඒ් බුද්ධිමතුන්ගෙන් වැඩක් නොගන්න ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. පළවෙනි ඒක සම්ප්‍රධායිකව යල් පැනපු පරිපාලනය ක්‍රමය. දෙවැනි ඒක දේශපාලන තීන්ුද්. කොහොම වුණත් රට හැර යන ඒක ‌ගැන නොව අරට ඉන්න මිනිස්සුන්ගෙන් වැඩක් ගන්න ක්‍රමයක් හදන්න. ඒ්කට මේ පරිපාලන ව්‍යූහය සහමුලින්ම ප්‍රතිව්‍යූහගත කරන්න ඔ්නි. අනෙක් අතට උගත් අයගෙන් නොවෙයි නිදහස් අධ්‍යාපනය අපතේ හැරි අගෙනුයි ඒ් මුදල් අය කරගන්න ඔ්නි. ඉංජිනේරුවෙක් වෛද්‍යවරයෙක් වෙන්න ඔ්නම කෙනෙකුට උත්සහවන්ත වෙන්න පුවන්. A2 යි B1 යි තියන් විශ්ව විද්‍යාලයට යන්න බැරි වීම රටේ ප්‍රශ්නයක්. S 3 කින් යන්න බැරි වීම තමන්ගේ පෞද්ගලික ප්‍රශ්නයක්. කෙසේ වුණත් හැමොට උසස් අධ්‍යෘපනයට අවස්ථාව තිබිය යුතුයි.. මොන ආයතනයෙද උගතුන්ට ඉන්න දෙන්නේ. කෙණෙහිලි කම් කරලා ඒළවලා දානාව. මොකද බහුතරයක් ඉන්නේ පන්දමට ඉහළට ගියපු ඇය. ඒ් මිනිස්සු කරන්නේ ආයතනයත් කාලා උගතුන් බුද්ධිමතුන්ටත් ආයතනය ඒපා කරවීම.

:       0       13

Rohana Tuesday, 29 November 2022 09:03 PM

ලාංකිකයන් රටහැර යාමේ හේතුවට පිලියම් යෙදිය යුතුයි. උගත්කමට දක්ෂතාවට මේ රටේ තැනක් තියෙනවද කියලා පියවි සිහියෙන් කල්පනාකර බලන්න. පන්දමට හිතවත්කම්වලට රැකියා සපයන සමාජයක් තුල මෙවැනි ප්‍රතිඵල බලාපොරොත්තු විය යුතුයි. රැකියාවක් ලැබුනත් ඒක ජීවත්වීමට කිසිසේත් ප්‍රමාණවත් නැත. එකම විකල්පය වන හැකි අය රට හැරගොස් ඒ රටවල දුකක් නැතිව ජීවත්වීමේ පරිසරය අත්කර ගැනීමට බොහෝ අය කැමතියි. ඒ නිසා රටහැර යාම වැලැක්විය නොහැකියි.

:       0       9

Dinesh Tuesday, 29 November 2022 10:58 PM

අපිට තීරණා ගැනීමේ හැකියාව තිබුනානම් අපි ඕවට විසඳුම් දන්නවා.අවාසනාවට අපි බලය දීලා පාර්ලිමේන්තු යවපු කාලකන්නි මේවාට විසඳුම් දන්නේ නෑ

:       1       13

චන්දන Tuesday, 29 November 2022 11:15 PM

තොපිලගෙ කාලක්ණ්නි රොත්ත රට අතෑරලා පලයල්ලා. එතකොට වටිනකමක් තියෙන අය මේ රට අත ඇරලා යන එකක් නෑ

:       2       14

Nimal Silva Wednesday, 30 November 2022 12:09 AM

නූගතුන් පාලිමන්ට් එකට යාමත් නැවැත්විය යුතුයි

:       1       13

Rajangane SaddaFriday, 02 December 2022 01:59 PM

මීට වඩා හොඳයි.... නූගතුන් පාර්ලිමේන්තුවට අහසින් කඩන් වැටෙන්නනේ මහත්තයෝ... ඔබතුමාලා වගේ උගත්තු උඩ දාගෙන ගිහින් දෙන ඡන්දෙන් තමයි එන්නේ...

:       0       0

nihal Wednesday, 30 November 2022 01:12 AM

නොහැකියාවෙන් පෙලෙන උඹ වගේ ‌අය අයින්වෙයව්. ඒතකොට රට නිකම්ම හැදෙනවා.

:       1       14

Bhante wajirabuddhi thereo Wednesday, 30 November 2022 04:01 AM

ලංකාවේ තැන ඇත්තේ හොරුන්ට සහ දූශිතයන්ට මිස උගතුන් බුද්ධිමතුන්ට නොවේ. මාල හොරු, කුඩු මුදලාලිලා, එතෙනෝල් කාරයෝ වැනි තක්කඩි සහ කම්භ හොරු රට පාලනය කරන විට සමස්ත රටවැසියාම බඩගින්නේ සිටිති. පළමුව රට කන මන්ත්‍රී ඇමති අගමැති ජනපති සහ බහුතරයක් වූ දේශපාලුවන්ගෙන් රට මුදා ගත යුතුය.

:       2       13

senaWednesday, 30 November 2022 11:07 AM

කප්පම්කාරයින් අමතක කළේ මොකද? එයාලා තමයි හොඳින්ම වැජඹෙන්නේ...!

:       1       6

බද්රානිWednesday, 30 November 2022 02:50 PM

අවසරයි, ඒ කියපු හොරුන්ගෙනුත් හොරාකමින් යහතින් පිනටම වැජඹෙන අය ගැන කිසිවක් නොකියන්නේ ඇයි? අනික ඉතින් හොරුන්ට පිරිත් නූල් වලින් අඩුවකුත් නැහැනේ...

:       2       5

Asela Wednesday, 30 November 2022 06:14 AM

ඒක කරන්න ඕන නම් මුලින්ම පාර්ලිමේන්තුවේ ඉන්න නූගත්, මහජනයාගේ ධනය කොල්ලකන, සෙට් එක පන්නලා පෙන්නන්න. රටේ ධනය, මහජනයාගේ ධනය හොරකම් කරපු එවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරලා පෙන්නන්න.

:       0       12

ලුම්බිණි Wednesday, 30 November 2022 07:05 AM

දවල්ද?

:       0       4

Demuni Uduwara Wednesday, 30 November 2022 07:10 AM

Mr. Wickramasinghe, go in front of mirror. You can see one of rulers accountable for these disastrous situations !

:       1       16

රනේ Wednesday, 30 November 2022 07:13 AM

රට අපි හැර ගොහින් නොවැ ආයිබොවං

:       1       11

de silva Wednesday, 30 November 2022 08:26 AM

කරුණාකර ලංකාව තුල පුද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කරන්න ඉඩ දෙන්න .අපි බෙහෙත් ගන්න සල්ලි දීලා නම් සල්ලි දීලා ඉගෙන ගත්තම මොකද වෙන්නේ.අපේ බදු මුදලින් ඉගෙන ගෙන චැනල් කඩ දමාගෙන හම්බ කරනාවා ,එහෙම නොමැතිනම් පිට රට යනවා.අන්තරේට සහ දොස්තර සංගමයට බම්බු ගහගන්න කියන්න.මේක සමාජවාදී රටක් නොවේ.දොස්තරලා සහ දේශපාලකයෝ මෙහෙ සුඛෝපභෝගී ජීවිත ගත කරති

:       4       13

Cham Wednesday, 30 November 2022 08:32 AM

මේ පාර්ලිමේන්තුවේ සිටින හොර දේශපාලකයින් ලංකාව පාලනය කරන තුරු, ලංකාවට නැගිටීමක් නැත.එබැවින් උගතුන්ගේ වටිනාකම,අගය දන්නා රටකට සියලුම උගතුන් වහාම යනඑක තමයි සුදුසු එහෙම නැතිනම් 225 යි ඉතිරි හොර දේශපාලකයොයි උගන්ඩාවටවත් යවන්න ඕන.

:       1       11

චන්දිම Wednesday, 30 November 2022 09:19 AM

ඔන්න ඕක තමයි කියන්නේ ගොන් තකතීරු දේසපාලුවෝ කරන්න දන්නා මගුලකුත් නැහැ .කරන්න පුළුවන් එකාට දෙන්නෙත් නැහැ. ගොන් තකතීරුවෝ හිතන් ඉන්නේ උන් රටේ ලොකුම පුටුවල ඉඳන් රට කාලා විනාශ කරද්දී උගත් මිනිස්සු කියන අය මෙහේ ලතවෙවී ඉඳන් උන්ට නැති නාස්ති කරන්න ධනය උපයලා දෙන්න ඕනි කියලා. ඔහේ ම කල්පනා කරලා බලනවා තමුන් කරපු එක වැඩක් වත් හරිගියාද කියාලා. නැහැ නේද? ලජ්ජා නැද්ද අයිසේ මේ චන්දෙන් බින්දුවට පැරදිලා පිනට ඇවිත් පොර ටෝක් දෙන්න.

:       1       14

naleen Wednesday, 30 November 2022 09:34 AM

රටක් නිවැරදි මගකට එන බවට සලකුණක් හෝ නොපෙනෙන රටක මෙය සිදුවීම අරුමයක් නොවේ . අනෙක් කරුණ දේසපාලුවන්ට සියලු දේ නිකන් ලැබුනට සාමාන්‍ය ජනතාව මෙරට හෝ පිටරට ගොස් මුදල් සෙවිය යුතුය

:       1       15

Chamila Wednesday, 30 November 2022 10:50 AM

රට හැරයාමට හේතුව සොයා ඒකට පිළිතුරු සැපයිය යුතුයි. අපි රැකියා නොමැතිව ගෙවල් වලට වෙලා ඉන්නේ. ඒ හින්දා අපි පිටරට වලට යනවා. අපිට පිං පඩි අවශ්‍ය නැහැ. ව්‍යාපෘති සියල්ල නවතා දමා තිබෙන්නේ, දැනට. ව්‍යාපෘති චීනය සහ ඉන්දියාව මගින් ඔවුන්ගේ සේවකයන් යොදා කරගෙන යනවා. අපිට කියන්නේ ඒ දිහා බලාගෙන ඉන්න කියලද

:       1       11

KwuD ariya chandra Wednesday, 30 November 2022 11:15 AM

මොවුන් හට විශ්ව විද්‍යාලවලින් ඉගෙන ගැනීමට අවස්ථාව ලබාදීමේදී අවුරුදු දහයක් රටේ සේවය කිරීමට agreement අත්සන් කරගත යුතුයි...

:       12       1

Ranil Wednesday, 30 November 2022 12:07 PM

ඔයගොල්ලෝ වගේ සීයලා රට පාලනය කරනකන් රටේ බුද්ධිමතෙක් තියා මෝඩයෙක්වත් රටේ ඉන්නේ නැහැ...

:       1       9

chandima Wednesday, 30 November 2022 12:20 PM

මොකද ඒ...? හරක් රැළකට රජවුණා කියලා හිතෙන්න පටන් ගත්තද?

:       1       8

ච්න්දීම ෆොන්සේකා Wednesday, 30 November 2022 01:00 PM

පිස්සු කියවන්නේ නැතුව ඉන්න. මේ උගත්තු රට රස්සාවල් වලට යන එකට කතා කරනවා. මගේ දරුවා විශ්ව විද්‍යාලේ සිවිල් ඉංජිනේරු උපාධියට ඉගෙන ගන්න ගිහිල්ලා ඔන්න දැන් ඉන්ටර්න් පුහුණුවට සයිට් එකක් හොයා ගන්නවත් නැතුව හද්ද අමාරුවක වැටිලා ඉන්නේ. ඔක්කොම ඉදිකිරීම් නවත්තලා. සිවිල් ඉංජිනේරුවන්ට ඉස්සරහට මෙහෙ රස්සාවල් ඔහේගේ ගෙදරින්ද දෙන්නේ...? මොන කෙහෙල්මලක් වත් දන්නේ නැතුව ඔය එක එකාගෙන් උපදෙස් අරගෙන ඇවිත් පිටරට රස්සාවල්වලට යනඑක ගැන නම් දොඩවනවා.

:       0       11

DM Wednesday, 30 November 2022 02:32 PM

පාර්ලිමේන්තුවේ ඉන්න නූගත් ඕලමොට්ටලයින් ටික රට හැරලා යනවා නම් උගත් මිනිස්සු ටික නිකම්ම රටේ ඉතුරු වෙයි. රටත් හොඳට සංවර්ධනය වෙයි...

:       0       6

Cisco Wednesday, 30 November 2022 03:14 PM

First of all you cunning politicians and corrupts officers leave this country go to hell, then all brains will retain here. No need to stop brain drain then.

:       0       7

kamal Wednesday, 30 November 2022 03:26 PM

බුද්ධිමතුන් රට හැරයාම නැවැත්වීමට නම් බුද්ධිමතුන්ව මෝඩයින් කළ යුතුයි. ඊට පස්සේ ඒ ගොල්ලන්ට විද්වතුන් කියලා ඇමතුවාම හරි...

:       0       5

Bhanu Kumarawadu Wednesday, 30 November 2022 03:27 PM

බුද්ධිමතුන්ට තව බදුගහලා ඔවුන්ට හුස්ම ගන්න බැරි වෙනකන් ගහන්න. හොරුන්ට මහබැංකුවත් කොල්ලකන්න දීපල්ලා, ඔවුන්ට සීනි සත 25ට බදු ගහන්න... එතකොට බුද්ධිමතුන් වැඩිවෙයි ලංකාවේ. මෝඩයින් ඉන්න රටක් පාලනය කරන්න තමයි ඔබලාට පුළුවන්.

:       1       9

Pubudu Wednesday, 30 November 2022 03:48 PM

Politicians are destroying the country and given load to the people. No any social benefits. Now try to take their money by income taxes. It is not suitable. Please re-structure the system and do the needful to rectify the economy in good manner. Then, majority of people will come back to the country.

:       1       4

මේනක Wednesday, 30 November 2022 05:47 PM

මම දන්න විදියට ලංකාවේ වෛද්‍යවරුන් මොන රටට ගියත් වෙනම විභාගවලට ඉදිරිපත් වෙන්න ඕනෑ අතින් වියදම් කරගෙන, ඒවා ඉවර වෙනකම් රැකියාව කරන්න බැහැ. මේවා කරන්න කාලයත් යනවා සෑහෙන. සමහර රට වලින් එහෙම වත් ගන්නේ නැහැ (උදා: සිංගප්පූරුව). ඉන්ජිනේරු, IT අයට වගේ කෙලින්ම රැකියාවට යන්න බැහැ. මම දශක 3ක් පිටරට ජීවත් වුණු කෙනෙක් නිසා කියන්නේ...

:       0       7

chandima Wednesday, 30 November 2022 07:27 PM

රට යන්න එපා කියනවා. ඒ වුණාට රට ගිය අය එවන සල්ලිවලින් බුරියානි කනවා.

:       0       4

chandima Thursday, 01 December 2022 03:06 AM

ලංකාවේ සල්ලි කියන්නේ ඔහෙලගේ සල්ලි නෙවෙයි. කන බොන පරිප්පු ඇටේ පටන් සෑම දෙයකටම ඒ මිනිස්සු ගෙවපු බදු සල්ලි. රටට සතයක් හම්බ නොකොට ජනතා මුදලින් කකා බිබිී රටේ සල්ලි කොල්ලා කන උන් ළමයි රට යවලා උගන්නනවා. ඒ මදිවට ජනතා මුදලින් මළ ගෙවල් මඟුල් ගෙවල්වලත් යනවා. රටේ මිනිස්සු රටෙ යද්දි තමයි රුදාව.

:       0       3

ranjith Thursday, 01 December 2022 10:06 AM

උගත් බුද්ධිමත් පාලකයෝ මේ රටේ බිහිවෙනකම් වෙන රටවල් වල පිළිසරණ බලන මිනිස්සු මේ රටෙන් පිටවෙන එක වළක්වන්න බෑ .මාරුවෙන් මාරුවට හොරු පාලනය කරන රටක් වෙලා මේක

:       0       2

මොට්ටපාල Thursday, 01 December 2022 11:45 AM

බුදුහාමුදුරුවෝ මංගල සූත්‍රයේ මුලින්ම වදාරා තියෙන්නෙ අසේවනාච බාලානං කියලා බාලයන් කියන්නෙ නූගතුන් හොරුන් මංකොල්ලකාරයො කුඩ්ඩො කසිප්පු කාරයෝ පනික්කියෝ වගේ පිරිසට කියලා කියන්න පුළුවන් ඉතින් ලංකාවෙ 2019 වනවිට ලක්ෂ හැටනවයක් ඉක්මවා එහෙම එවුන් හිටියා දැනට ලක්ෂ අනූවක් විතර ඇති .එහෙම එවුන් එක්ක උගතුන්ට බුද්ධිමතුන්ට ඉන්න බැහැනේ තවත් කතාවක් තියෙනවා බල්ලො එක්ක ලැග්ගනම් මැක්කොත් එක්කම නැගිටින්න වෙනවා කියලා ඉතින් කවුද අකමැති එහෙම තැන්වලින් ඉවත්වෙලා යන්න සිතේ සැනසීම සොයන අයට බාධා කරන්න එපා

:       0       2

Dasun Thursday, 01 December 2022 12:07 PM

ලංකාවෙ රජයෙ දන්ත වෙද්‍යවරයෙක්ට උදේ 8-12 පැය 4ක් සේවයකලත් රු.198,000 වැටුප දෙනව. මුලු දවසේම සේවය කරන රජයේ ඉංජිනෙරුවෙකුට දෙන්න රු.72000. ඔන්න හේතුව

:       0       6

nirmaniThursday, 01 December 2022 02:27 PM

සහතික ඇත්ත එයල ඉන්නෙ නිකන්මයි. මගෙ නෑනත් දත් දොස්තර කෙනෙක්. ඉන්නෙම ගෙදර

:       0       4

malsaraa Thursday, 01 December 2022 12:48 PM

ලංකාවේ කොහෙද බං බුද්ධිමත්තු ඉන්නේ. විබාග කට පාඩම් කරලා විබාග පාස් උන උගතුන්ටද මේ බුද්ධිමත්තු කියලා වලිගෙ පාගාගෙන ඉන්නේ. ඉතින් කොහොමද රට හදන්නේ.

:       0       4

banda Thursday, 01 December 2022 01:24 PM

රජයෙ මුදලින් ඉගෙන ගෙන වෙනත් රටවලට යන්න දෙන්න එපා. යනවනම් පුහුනුවට වියදම් වු ගස්තුව සම්පුර්ණණයෙන්අය කර ගන්න

:       1       0

නිමල් Thursday, 01 December 2022 02:55 PM

නීති මගින් ඕක නවත්වන්න බැහැ. ඔබලාට කළ හැකි දේ බොහෝයි. උදා: අපනයනකරුවන් වෙනත් රටවල පාක් කර ඇති සහ දැනටත් කරන අති විශාල විදේශ මුදල් කන්දරාව මෙරටට ගෙන ඊමට බැරීද?

:       0       2

Bakura Saturday, 03 December 2022 09:46 PM

මාලදිවයින වගේ රටවල් වල අනිවාර්යෙන් වසර දෙකක් (මං හිතන්නේ ) රජයට සේවය කරන්න ඕනේ. වැටුප් සහිතව. රට යෑම කෙසේ වෙතත් එහේ පුද්ගලික අංශයේ රැකියා වල වැටුප් වැඩ්යි. අපේ රටේ වගේ ඇඳුම් පවා නොමිලේ දෙන්නේ නෑ පාසල්වල.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1198 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 529 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 463 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 282 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 499 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 468 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1499 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site