IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


කොටිකාවත්තේ කුඹුරකට කුණු දැම්මා යයි පරීක්ෂණයක්

(නිමන්ති රණසිංහ)

කොටිකාවත්ත මුල්ලේරියාව ප‍්‍රාදේශීය සභාව මගින් කොටිකාවත්ත සෝමාදේවි විද්‍යාලය පිටුපස පිහිටි ‘කජුගහ කුඹුර’ නැමැති කුඹුරු ඉඩමකට අනවසරයෙන් කුණු බැහැර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප‍්‍රදේශවාසීන්ගේ පැමිණිල්ලකට අනුව පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි වැල්ලම්පිටිය පොලීසිය අද (19) කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ කරුණු වාර්තා කර ඇත.

මෙම සිද්ධියට අදාළව වැල්ලම්පිටිය පොලීසියේ ස්ථානාධිපති ප‍්‍ර. පො. ප. සම්පත් සංජීව මහතා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ නො. 239/1, අයි. ඞී. එච්. පාර, කොටිකාවත්ත ලිපිනයෙහි පදිංචි විජයමුණී අජිත් පුෂ්පානන්ද සිල්වා මහතා විසිනි. මෙහි වග උත්තරකරු ලෙස පොලීසිය විසින් නම් කර තිබුණේ කොටිකාවත්ත මුල්ලේරියාව ප‍්‍රාදේශීය සභාවේ ලේකම් තනතුර දරන්නාය.

කොටිකාවත්ත මුල්ලේරියාව ප‍්‍රාදේශීය සභාව මගින් කොටිකාවත්ත සෝමාදේවී විද්‍යාලය පිටුපස පිහිටි මෙම කුඹුරු ප‍්‍රදේශයට කිසිදු නිත්‍යානුකූල පදනමකින් සහ අවසරයකින් තොරව ප‍්‍රදේශයේ කැළි කසල බැහැර කිරීමෙන් පාසලේ අධ්‍යාපනය ලබන දරුවන්ට මෙන්ම නගර මධ්‍යයේ ජීවත්වන ජනතාවට විශාල  පීඩාවක් ඇති වී ඇතැයි පවසයි.

මූලික සාක්ෂි කැදවීම සදහා සිකුරාදා (21) යළි නඩුව කැදවීමට නියමිතව ඇත. 



අදහස් (2)

කොටිකාවත්තේ කුඹුරකට කුණු දැම්මා යයි පරීක්ෂණයක්

menna Wednesday, 19 April 2017 12:26 PM

අයියෝ ලංකා. කාලා බීලා එතනම අසුචි කරන ජාතියක්ද? ලැජ්ජයි.

:       12       25

nishan Thursday, 20 April 2017 01:15 AM

නීතියේ හැටියට කුඹුරු වලට කුණු දැමීම නෙවෙයි කිසිම අයුරකින් ගොඩ කිරීම තහනම්. ඒකවත් දන්නේ නැද්ද ප්‍රාදේශීය ලේකම්?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1820 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 923 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 732 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 352 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 619 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 559 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1407 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site