IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


ඉන්ෆ්ලුවෙන්සා ‘ඒ ‘ වෛරසය රට පුරාම

(අමල් වික්‍රමරත්න)
 
දකුණු පළාතේ පැතිර යමින් ඇති ඉන්ෆ්ලුවෙන්සා " ඒ "රෝගය පසුගිය මාස කිහිපයේ දිවයිනේ අනෙකුත් ප්‍රදේශ වලට පැතිර ගොස් ඇතිබවට තොරතුරු වාර්තාවි ඇතිබව සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ අධ්‍යක්ෂ වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය පැවසුවාය.


විශේෂයෙන්   කොළඹ, ගම්පහ  දිස්ත්‍රික්කවල සහ දිවයිනේ සියලුම දිස්ත්‍රික්කයන්වල රෝහල් වලින්  ඉන්ෆ්ලුවෙන්සා වයිරසය ආසාදනය වූ රෝගීන් වාර්තාවී ඇති බවද ඇය වැඩි දුරටත් පැවසීය.මෙම වයිරසය  පැතිරයතත් රෝගය පාලනය කිරීමට අවශ්‍ය පියවර මේ වන විටත් ගෙන ඇතැයිද ඇය පැවසූවාය.


උණ, හිසරදය, සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස , උගුරේ වේදනාව වැනි ස්වශන ආබාධයක් ඇත්නම් වඩාත් සැලකිලිමත් වන ලෙසත් සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගෙන් වහාම ප්‍රතිකාර ලබාගැනීමට කටයුතු කරන ලෙසත් ඇය ජනතාවට දන්වා සිටී.
 
විශේෂයෙන්ම හුස්මගැනීමේ අපහසුව සමග උණ බැස නොයාම දිනකිහිපයක් තිබේනම් වහාම රජයේ රෝහලකට ඇතුළත්වන ලෙසද ඇය දන්වා සිටී.රෝගය වැළදී ඇති තැනැත්තන් අනෙකුත් නිරෝගී අයගෙන් වෙන්ව සිටීම මගින් රෝගය ව්‍යාප්තිය වලක්වා ගත හැකිබවද පබා පලිහවඩන මහත්මිය පැවසුවාය.

 



අදහස් (4)

ඉන්ෆ්ලුවෙන්සා ‘ඒ ‘ වෛරසය රට පුරාම

නුමා Monday, 18 June 2018 09:25 AM

ජපානයේ ඉන්ෆ්ලුවන්සා දරුණුවට තිබෙනවා. නමුත් වාර්ෂික එන්නත් මගින් පාලනය කරලා තියෙන්නේ. ඉක්මණින් එවන් එන්නතක් හඳුන්වා දෙන්නේ නම් හොඳයි. විශේෂයෙන්ම කුඩා ළමුන්ට...

:       0       14

ranga Monday, 18 June 2018 10:05 AM

මහමුදලි තුමා කිව්වේ 95% පලනය කරලා තියෙන්නේ කියලා... දැන් මොකද කියන්නේ?

:       69       40

sathyapala Monday, 18 June 2018 01:00 PM

සුළඟින් පැතිරෙන රෝගයක් නිසා මැඩපවත්වන්න අපහසු ඇති. නමුත් සෞඛ්‍ය බලධාරින් මෙය මැඩ පවත්වන්න අවශ්‍ය පියවර ගන්නා බවක් පෙනෙන්නේ නැහැ. විශේෂයෙන්ම මේ රෝගය ගැන කරන දැනුවත් කිරිම් නිසිලෙස වෙන බවක් පෙනෙන්නට නැහැ. එය තමයි මේ මොහොතේ ඉතාම වැදගත් කාරණය ලෙස මා දකින්නේ.

:       0       1

ranjan Tuesday, 19 June 2018 02:25 AM

සෞඛ්‍ය ඇමති මාද්‍ය ඉදිරියට ඇවිල්ල රටේ ප්‍රශ්න ගැන කතා කරනවා. තමන්ට අදාල විෂය හරියට කරන්නේ නෑ ඉස්සල්ලම ඇමති අයින් කරන්න ඕන. දකුණේ තියෙද්දී නිසි පියවරක් ගත්තනම් රටටම ව්‍යාප්ත වෙන්නේ නෑ. දැන්වත් බොරු කයිය නොගහ ජනතාව දැනුවත් කරලා මේක මැඩ පවත්වන්නට පියවර ඉක්මනට ගන්න ඕන.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොහොට්ටුවේ ජනපති අපේක්ෂක මැයි රැළියේදී එළියට
2024 අප්‍රේල් මස 23 162 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මැයි රැළියේදී ප්‍රකාශයට පත් කරනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග වලින් පැවසේ.


දියතලාව අනතුරු ගැන සොයන්න යුද හමුදාවෙන් විශේෂ කමිටුවක්
2024 අප්‍රේල් මස 23 115 0

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රෝස් තරගාවලිය අතරතුර සිදුවූ අනතුර සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීම සදහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත 7 දෙනකු ගෙන


චමරි අතපත්තු ලෝකයේ පළමු තැනට එයි
2024 අප්‍රේල් මස 23 466 1

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා, සුපිරි පිතිකාරී චමරි අතපත්තු ලෝක කාන්තා එක්දින පිතිකාරීයන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකරගැනීමට සමත්ව


අනුර දුන් දිනවල සජිත්ට වැඩලු
2024 අප්‍රේල් මස 23 560 8

සමඟි ජන බලවේගයේ නායක විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර යෝජිත විවාදයට ජාතික ජන බලවේගය දුන් දිනවල


චීන කොමියුනිස්ට් පක්ෂයත් අනුර කුමාර හමුවෙයි
2024 අප්‍රේල් මස 23 417 1

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ජනතා විම


චීටා බළකාය යාල පීරයි
2024 අප්‍රේල් මස 23 1802 0

පොලිස් විශේෂ කාර්ය බළකාය විශේෂ පුහුණුව ලත් චීටා බළකායේ නිලධාරීන් විසින් අති නවීන ඩ්‍රෝන කැමරා උපයෝගී කරගෙන යාල අධි ආරක්ෂිතය තුළ සිදුකළ මෙහෙයුමකදී ගි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 273 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1619 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1508 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site