(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පිළියන්දල මකුලුදූව කෝටිපති ව්‍යාපාරික නිවසකින් අද (27) දහවල් රුපියල් කෝටි දෙකකට අධික වටිනා වටිනාකම රන් භාණ්ඩ සහ විදේශ මුදල් තොගයක් සොරාගෙන ගොස් ඇතැයි පිළියන්දල පොලිසිය කියයි
පැමිණි සොරුන් නිවසේ අල්මාරියේ තිබූ පවුම් හැත්තෑවකට අධික රන් භාණ්ඩ සහ යුරෝ මුදල් මෙලෙස සොරාගෙන ගොස් ඇත.
අල්මාරියේ රහස් ලාච්චු වෙ තැන්පත් කර තිබූ රන් භාණ්ඩ සහ විදේශීය මුදල් එලෙස සොරාගෙන ගොස් ඇත
සොරකම සිදු වන සිදුවන අවස්ථාවේදී නිවසේ කිසිවෙකු සිට නැතැයි ද පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත
සොරකම සඳහා පැමිණි පුද්ගලයන් කූඩුවල රඳවා සිටි සුනඛයන් කූඩුවල දොරවල් විවෘත කර පිටතට යවා සොරකම සිදුකර ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත
ව්‍යාපාරික නිවස පිළිබඳව හොඳින් දන්නා පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් මෙම සොරකම සිදුකර ඇතැයි පොලිසිය සැක කරයි
සොරකම පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා පොලිස් නිල සුනඛ යන් සහ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් ද යෙදවීමට නියමිත ය
පිලියන්දල පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රන්ජිත් මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිනේෂ් හෙට්ටිආරච්චි මහතා පරීක්ෂණ පවත්වයි
ජාතික හා ආගමික සංහිඳියාවට හානි කිරීමේ චෝදනාට වසර හතරක සිරදඩුවම් නියවී වැලිකඩ බන්ධනාගරයේ සිරදඩුවම් විදින බොදුබල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානස
කෘමි නාශක කළවම් කළ කල් ඉකුත් විමට ආසන්න කෝටි 15ක් පමණ වටිනා විස පාන්පිටි ගෝනි 10.000ක ආසන් ප්‍රමාණයක් ගනේවල්පොළ ප්‍රදේශයේ විශාල ගබඩාවක සඟවා තිබියදී සොයාගත
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ව්‍යාපාරිකයාගේ ගෙට පැන කෝටි 2 ක රන්බඩු-විදෙස් මුදල් සොරාගෙන
Lalith Wednesday, 28 September 2022 08:44 AM
පිළියන්දල මගේ ගෙදර පවුන් 30 සහ මුදල් හොරකන් කරලා දැනට මාස 9 පසුවී ඇතත්, පිළියන්දල පොලිසියෙන් තවම සොයාගෙන නැත.
P.D Goonawardene Wednesday, 28 September 2022 11:38 AM
මෙයා හොරුන්ට පූජා කරන්නම තමා ඔච්චර ධනස්කන්ධයක් ගේ අස්සේ තියාගෙන ඇත්තේ... නැත්නම් ඔය බැංකුවල තියෙන්නේ සේප්පුව... ඒකේ කෑල්ලක් අරගෙන දැම්මා නම්, අදටත් ඒ බඩු තමන් ළඟ... සල්ලි තිබුණාට මොලේ නැහැ.
KAUTILYA. Wednesday, 28 September 2022 03:24 PM
අපේ සිංහල ඇත්තෝ මුදල් උපයන්න හරිම සූරයි, දක්ෂයි, ඒත් ඒ සම්පත් කළමනාකරණයේ දී නම් දුර්වලතාවයක් දැක්වීම කණගාටුයි.