IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


‘‘නිරෝධායනය කඩන්නන් කුදලාගෙන යන්න එපා‘‘

(ඉන්දිකා රාමනායක)

මුව ආවරණ නො පැලඳ තැන තැන රැඳී සිටින පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඔසවාගෙන රැගෙන යාම මින් ඉදිරියට සිදු නොකළ යුතු බවට පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා විශේෂ චක්‍රලේඛයක් මගින් සියලුම උසස් පොලිස් නිලධාරීන් දැනුවත් කර ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.

මේ ආකාරයෙන්ම පුද්ගලයන් ඔසවාගෙන යාමේදී ඔවුන් අතර ආසාදිතයකු සිටියහොත් පොලිස් නිලධාරීන්ට ද එය ආසාදනය වීමට අවදානමක් ඇති නිසා මෙම පියවර ගත් ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

එසේම මෙලෙස අත්අඩංගුවට ගන්නා පිරිස එකම රථයක් තුළ එක්රැස් කිරීමෙන් තවත් පිරිසකට ඒ ආසාදනය වීමේ හැකියාවක් ඇති බවටද පොලිස්පතිවරයාගේ චක්‍රලේඛයෙන් සඳහන් වෙයි.

මින් ඉදිරියට මුව ආවරණ නොමැතිව තැන තැන රැඳී සිටින පුද්ගලයන් ඔසවා ගෙන නොයන ලෙසටත්, අත්අඩංගුවට ගන්නා පිරිස් එකම රථයක එක්රැස් නොකරන ලෙසටත් පොලිස්පතිවරයා වැඩිදුරටත් දැනුම් දී ඇත.

 



අදහස් (21)

‘‘නිරෝධායනය කඩන්නන් කුදලාගෙන යන්න එපා‘‘

චතුර Saturday, 15 May 2021 02:07 AM

මම මේ විවෙිචනය කරනවා නෙවෙයි. අදහසක් දක්වනවා විතරයි. කරන සේවය අපි අගය කරනවා. ඒත් ඔබතුමාලා තීරණ ගන්නවා ඊට පහුවදාම ඔබතුමාලම ඒ තීරණ වෙනස් කරනවා. මුලින් තීරණ ගන්නකොට ඔය පිළිබඳව ඔබතුමාලා හිතල බැලුවනම් මෙහෙම වෙන්නේ නෑ නේද? දැනටමත් පොලිස් නිලධාරීන් කී දෙනෙකුට මෙ රෝගය මේ නිසා පැතිරෙන්න ඇති ද? ඇයි මේ වගේ පොඩි දෙයක්වත් හරියට සැලසුම් කරල කරන්න බැරි. ඉදරියටවත් නිවැරදි තීරණ ගන්න ඔබතුමාලට ශක්තිය ධෛර්ය ලැබේවා.

:       5       113

RaveendraSaturday, 15 May 2021 02:24 AM

ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය. ඒ කෙසේ වෙතත් අප රටේ පුරවැසියන් වශයෙන් අප අපගේ පුරවැසි යුතුකම, පුරවැසි වගකීම ඉටුකරන්නේද යන්න අපගේ හදවතට එකඟව හිතන්නේ නම් මෙවන් භයානක ව්‍යවසනයකදී කෙසේ හැසිරෙන්නේද යන්න නීතියෙන් හෝ වෙනත් ක්‍රමවේදයකින් කියාදිය යුතු නොවන්නේය යන්න අපගේ හැඟීමයි. එබැවින් මෙවන් බෝවෙන රෝගයක් හමුවේ "අප බුරුවන්" ලෙස හැසිරෙන්නේ නම් අපව කුදලාගෙන නොව ඉන්දියාවේ පොලිස් නිලධාරීන් අඟල් දෙකේ දෙක පොලුවන් මිනිසුන්ට හතර හන්දි කැඩෙන්න නෙළුවා සේම ක්‍රියාකිරීම වරදක් නොවන බවත් කිව යුතුයි.. තවද මාධ්‍ය මගින්ද මෙවන් සිද්ධීන් වෙඩිල්ල කර ප්‍රසිද්ධ කිරීමත් වරදක් නොවේද?

:       0       0

GayaSaturday, 15 May 2021 07:35 AM

සහතික ඇත්ත. අපි ඔයාලට ගොඩක් ගරු කරනවා. නමුත් තීරණ ගද්දී දුරදිග බලන්න ඔනෑ. යුද හමුදාව වෙදකමට දක්ෂ නැහැ. දෙගොල්ලන්ම එකතුවෙලා ගන්න තීරණ හරියට ගන්න.

:       0       15

Lanka Saturday, 15 May 2021 02:16 AM

බල්ලගේ වැඩේ බූරුවා කරන්න ගියාම ඔහොම වෙනවා. රේන් කෝට් එකයි මාස්ක් එකයි තොප්පියයි දාගෙන පොලිස් නිලධාරීන් මිනිසුන්ව කුදලන් යන හැටි දැක්කම තේරෙනවා මෙවැනි දේවල් ක්‍රියාත්මක කරන්න අණ දෙන්නෙ කොයි තරම් මෝඩ නිලධාරීන් ද කියල. මේවායින් අමාරුවේ වැටෙන්නේ ඒවා කරන්න වෙන අනිත් නිලධාරීන්ව. ගෝලීය වසංගතයක් වන කොරෝනා පාලනයේ මුල් පුටුවේ ඉන්නෙත් රෝග පාලනයේ විද්‍යාත්මක පැතිකඩ ගැන මෙලෝ දෙයක් දන්නෙ නැති හමුදාව.

:       1       20

සුධීර Saturday, 15 May 2021 02:16 AM

ඉන්දියාවේ වගේ කස පහර ගහන්න. හොඳට මතක තියෙයි එතකොට.

:       3       7

Bamunuarachchi Saturday, 15 May 2021 02:18 AM

ඔව් නීති කඩන්නන් වඩාගෙන යන්න. නැතිනම් කකුල් දෙකෙන් ඇදගෙන යන්න. දණහිසෙන් ඉහළට උස්සන්න එපා කිව්ව අයගේ අදහස මොකක්ද?

:       0       0

Bamunuarachchi Saturday, 15 May 2021 02:20 AM

නිරෝධායනය කඩන්නන්ට වාහනය පෙන්නලා ඉන්දියානු ක්‍රමයට සැලකුවොත් නරකද?

:       0       0

Raveendra Saturday, 15 May 2021 02:43 AM

"මහ කකුළුවෝ පොඩි එවුන්ට කෙලින් යන්න කියලා දෙනවා" අන්න ඒ වගේ තමයි දැන් ලංකාවේ සර්ලා කරන්නේ...

:       0       0

sidath Saturday, 15 May 2021 03:23 AM

ඕක ඉතින් ඕනම පොඩි එකෙක්ට තේරෙන දෙයක්.. ඇයි පොලිස් නිලධාරින්ට ඒ සරල දේ නොතේරෙන්නෙ කිය්න එක ප්‍රශ්නයක්.. ඔහොම කුදලගෙන යාම නිසාම කී දෙනෙකුට අනීවාර්තේ කොරෝනා බෝවුනාද දන්නෑ...

:       0       0

Almeida Saturday, 15 May 2021 03:37 AM

කලොත් ගොන් කතාවක්ම තමයි.

:       0       0

Anjana Saturday, 15 May 2021 05:29 AM

නීති කඩන අයට කනට ගහන්නම ඕනෑ. ඔය හැතිකරය තමයි අවුරුදු කාලේ මාස්ක් නැතුව බස්වල ගියේ ආරක්ෂක හා සෙක්‍ය අංශයේ අයවළුන් පමණයි නීති රැක්කේ ව්ශේෂයෙන් දුරගමන් බස් වල මම දැක්කා ගොන් ගෑනු නාම්බෝ මාස්ක් එක ගලවගෙන බස්වල ගියා අපි කිව්වාම ඇහුවේ නෑ. කියන දේ මේ අයට තේරෙන්නේ නැත්නම්, මානුෂීය විදිහට හදන්න බැරි නම් අමානුෂීය විදිහට කණ පැලෙන්න ගහන්න අවසර දුන්නා නම් ඔය කොරෝනා ප්‍රශ්ණ ඔව්චර දරුණු වෙන්නේ නෑ. කාලකණ්ණින්ව හුරතල් නොකර..

:       0       0

සිරිබිරිස් Saturday, 15 May 2021 07:10 AM

ඔහොම අල්ලලා වාහනය ඇතුළට දාන විදියට අමානුෂික ගතියක් තියනවා .

:       4       15

amila Saturday, 15 May 2021 08:11 AM

මෙක ඇවිල්ලා මැණියන්ගේ නීති තියෙන රටක්නේ... මෙ නියෝගය දුන්නේ මොකද දන්නේ නැහැ. එතකොට මිනීමරුවෝ මංකොල්ල කාරයෝ වත් මෙච්චරකල් උස්සගෙන යනවා අපි දැකලා නැහැ. කියන එක අහන්නේ නැති අය ඇයි උස්සගෙන යන්නේ...? ඛෙල්ලෙන් අල්ලලා ඇදගෙන යන්න පුළුවන්නේ...

:       5       3

Prase Saturday, 15 May 2021 08:19 AM

දියුණු වුණු රටවල්වල හොද කළාම සහ විදි ඔනෑ තරම්... අපේ අය කෙරුවොත් කරන්න ඉන්දියන්, බංග්ලාදේශ, පාකිස්තාන 3 වැනි ලෝකයේ රටවල වැඩ...

:       1       14

රනේ Saturday, 15 May 2021 09:23 AM

මොනව වුණත් පොලීසිය මීට වඩා හැම විටම තදින් ඉන්නව නම් හොඳයි. විශේෂයෙන්ම මාර්ග නීති වගේ තැන්වලදි පොලීසිය ලිහිල් වැඩියි.

:       9       2

ase Saturday, 15 May 2021 09:25 AM

පොලිස්පති සහ අජිත් රොහන මහතගේ අවධානය පිනිස ! නීතිය කාටත් එකද ? "මිතුරු මිතුරියන් පිරිසක් සමග මාතලේ සංචාරක බංගලාවක සති අන්ත නිවාඩුව ගතකිරීම සඳහා ගිය ඇමති දියණියක කූඩැල්ලන් කෑම නිසා අසාධ්‍යව දඹුල්ල රෝහලට ඇතුලත් කර ඇතැයි වාර්තාවේ. මේ වනවිට ඇය දඹුල්ල රෝහලේ ITU (Intensive care unit ) ඒකකයේ ප්‍රතිකාර ලබයි. කූඩැල්ලන් විසින් ලේ උරා බීම නිසා බරපතල ලෙස අසාධ්‍ය වූ ඇමති දියණියව වහාම රෝහල වෙත රැගෙන විත් ඇත්තේ ඇමතිවරයාගේ ප්‍රභූ ආරක්ෂකයින් විසිනි. අදාල ඇමතිවරයා කුරුණෑගල දිස්ත්‍රීක්කය නියෝජනය කරන අයකු බව පැවසේ. ඇමති දියණිය ඇතුළු පිරිස මෙසේ විනෝද චාරිකාවක් ගොස් ඇත්තේ, රජය විසින් සංචරණ සීමා පනවා ඇති මොහොතකදී වීම විශේෂ කාරණයකි."

:       1       15

විජිත් Saturday, 15 May 2021 09:55 AM

පොලිසියේ සිටින මිනීමරු ඝාතකයින් ඔබ කියන දේවල් අහනවා කියලා ඔබ හිතනවා නම් ඒ විහිළුවකි. පොලිසිය බාරයේ සිටින සිරකරුවන්ගේ ජිවිත ආරක්ෂා කිරීම ඔබගේ වගකීමක් බව ඔබ නොදන්නවාද..? කොස්ගොඩ තාරක නම් සැකකරුව තව පැය 24 තුලදී මරාදැමීමට පොලිසියෙන්ම ප්ලෑන් එකක් ඇතිබවත්, ඒ නිසා ඔහුගේ ජීවිතය ආරක්ෂා කරන්න " කියා පොලිසියේ ලොක්කාවන ඔබ වෙත කොස්ගොඩ තාරකගේ නීතිඥයා මරණයට කලින් දින රාත්‍රියේ දැන්වුවා. නමුත් ....ඔබට බයනැති පොඩ්ඩෝ පරණ බොරුවම ගොතලා ..සැකකරුව ඝාතනය කළා. තම බෑනා වන කෙනෙක් පාතාල නායකයා කිරීමට පොලිසියේම ලොක්කෙක් කල මිනීමැරුමක් බව ඔබ දන්නේ නැතිද.?. නැතිනම් ජොබ් එකට බයද...?

:       5       18

KamalSaturday, 15 May 2021 11:24 AM

ඒ මිනිමැරුම තාරකගේ පසමිතුරු කොස්ගොඩ සුජීගේ කෝටි ගාණක කොන්ත්‍රාත් එකක්.

:       6       1

[email protected] Saturday, 15 May 2021 12:39 PM

ඔහොම කුදලාගෙන යාම නීති විරෝධියි, පස්සේ ඕක තේරිලා මිනිස්සු මානව හිමිකම් යයි... කියලා බයවෙලා තමයි ඕක අයින් කලේ.., බොරු හේතු කිව්වාට...

:       1       7

BamunuarachchiTuesday, 18 May 2021 04:02 AM

ඉන්දියාවේ සලකපු විදිහට කවුරුත් මානව හිමිකම් ගියේ නැහැ නේද? අඩුගණනේ විරුද්ධ පක්ෂයවත් මීක් කිව්වේ නැහැ නේද?

:       0       0

Nishan Sunday, 16 May 2021 11:57 PM

සෞඛ්‍ය අංශ වල උපදෙස් අපි කාටත් කලින් ආණ්ඩුවේම ආයතන පිලිපැද්දොත් නරකද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 0 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 30 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


දුම්රිය සාමාන්‍යාධිකාරිගේ මරණයට විවෘත තීන්දුවක්
2024 අප්‍රේල් මස 24 221 0

දුම්රිය සංචාරක බංගලාවක නවාතැන්ගෙන සිටියදී හදිසියේ ජීවිතක්ෂයට පත්වූ දුම්රිය සාමාන්‍යාධිකාරි වික්‍රමසිංහ බණ්ඩාර (58) මහතාගේ මරණයට අදාළ පශ්චාත් මරණ පර


පාරෙදි වෙට්ටු දැම්මැයි එස්.අයි ළමයකුට නෙළලා
2024 අප්‍රේල් මස 24 244 0

පාපැදියකින් ගමන් ගත් දහතුන් හැවිරිදි බාල වයස්කාර දරුවකුගේ හිසට පහර දුන් බව කියන යටවත්ත පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුට එරෙහිව එම දරුවාගේ මව පැමිණි


ලංකාව සමඟ ඉදිරියට යන්න සූදානම්
2024 අප්‍රේල් මස 24 549 0

ලංකාව සමග මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට ඉරානය සූදානම් බව ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා පැවසීය.


චීන කොමියුනිස්ට් පක්ෂය නාමල් හමුවෙයි
2024 අප්‍රේල් මස 24 375 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සහ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍යවරිය වන සන් හෙයාන් සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන් හොන් මහත්ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1671 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site