IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


‘‘ත්‍රස්තවාදී ප්‍රචණ්ඩත්වයක් නැවත කිසි දිනෙක ශ්‍රී ලංකාවේ සිදු වන්නේ නෑ‘‘

ලොව සියලුම ස්වෛරී රාජ්‍යයන් හි ප්‍රමාණය හෝ ශක්තිය නොසලකා සාධාරණ ලෙස පහසුකම් සැලසිය යුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වන සැසිවාරය අමතමින්අද (22)රාත්‍රියේ ප්‍රකාශ කළේය .

ත්‍රස්තවාදී ප්‍රචණ්ඩත්වයක් නැවත කිසි දිනෙක ශ්‍රී ලංකාවේ සිදු නොවන බවට සහතික වූ ජනාධිපතිවරයා ගෝලීය ත්‍රස්තවාදය ජය ගැනීමට බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීමේ ජාත්‍යන්තර සහයෝගීතාවක් අවශ්‍යයි ද කීවේය

කොවිඩ් වසංගතය කළමනාකරණය කිරීමට ශ්‍රී ලංකාව සාධනීය පියවර රැසක් ගත් බව ලෝක නායකයන් හමුවේ කී ජනාධිපතිවරයා කොවිඩ් වසංගත තත්වයෙන් උගත් පාඩම් හුවමාරු කරගැනීමට ශ්‍රී ලංකාව කලාපීය දැනුම් කේන්ද්‍රයක් බවට පත් කිරීමට අපේක්ෂා කරන බවද කියා සිටියේය .

සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථික අවිනිශ්චිතතාව යෙන් මිදීමට ජාත්‍යන්තර යාන්ත්‍රණයක් අවශ්‍ය යැයි කී ජනාධිපති රාජපක්ෂ මහතා ආර්ථිකය නැවත පණ ගැන්වීමේ හා ජාතික සංවර්ධන වැඩ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේදී ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගය ශ්‍රී ලංකාව සාදරයෙන් පිළිගන්නා බවද සඳහන් කළේය.

ජනවාර්ගික ආගම් හෝ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සියලු ශ්‍රී ලාංකිකයන් සඳහා සමෘද්ධිමත් සුරක්ෂිත අනාගතයක් ගොඩ නැගීම තම රජයේ ප්‍රමුඛ අරමුණ බව කී ජනාධිපතිවරයා ඒ සඳහා පියවර රැසක් ගෙන ඇති බවද කීවේය .

තිරසරභාවය යනු ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිපත්ති රාමුවෙි ප්‍රධාන අංගයක් ඇයිද, කාබන්හරණයට සහාය වීමේ හදිසි අවශ්‍යතාව ශ්‍රී ලංකාව අවබෝධ කරගෙන සිටින බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කීවේය .

බුදුන් වහන්සේගේ ඉගැන්වීම අනුව පරිසරය ආරක්ෂා කිරීමේ වගකීම පිළිබඳ මනා දර්ශනයක් ශ්‍රී ලංකාව සතු යැයිද ඔහු සඳහන් කළේය .

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76වැනි සැසිවාරය නිව්යෝක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී පෙරේදා(22) ආරම්භ වූ අතර, එහි දෙවැනි දිනය වූ ඊයේ ජනාධිපතිවරයා සමුළුව ඇමතීය .

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව, අධිකරණය සහ එහි ඇති ස්වාධීන ව්‍යවස්ථාපිත ආයතනවලට තම කාර්යයන් හා වගකීම් ඉටුකිරීම සඳහා සීමා රහිත අවකාශයක් තිබිය යුතු යැයිද ජනාධිපතිවරයා සඳහන් කළේය .

සියලුම ජනතාවගේ සමෘද්ධිය වෙනුවෙන් නීති, නියාමන, පරිපාලන හා අධ්‍යාපන ක්ෂේත්‍රයන්හි පුළුල් පතිසංස්කරණ කෙරෙහි තම රජයේ අවධානය යොමු කර ඇති බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

 



අදහස් (54)

‘‘ත්‍රස්තවාදී ප්‍රචණ්ඩත්වයක් නැවත කිසි දිනෙක ශ්‍රී ලංකාවේ සිදු වන්නේ නෑ‘‘

චමින්ද ජයනාත් ජයසූරිය Wednesday, 22 September 2021 11:37 PM

කොවිඩ් වසංගතය කළමනාකරණය කිරීමට ශ්‍රී ලංකාව සාධනීය පියවර රැසක් ගත් බව ලෝක නායකයන් හමුවේ කී ජනාධිපතිවරයා කොවිඩ් වසංගත තත්වයෙන් උගත් පාඩම් හුවමාරු කරගැනීමට ශ්‍රී ලංකාව කලාපීය දැනුම් කේන්ද්‍රයක් බවට පත් කිරීමට අපේක්ෂා කරන බවද කියා සිටියේය .... අයියෝ එතකොට මහත්මයා රටේ ආර්ථිකය ....

:       80       33

senaFriday, 24 September 2021 02:50 AM

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සැසිවාරය සාම වසරකම පවත්වන්නේ අගෝස්තු නොව සැප්තැම්බර් මාසයේ බව සදහන් කල යුතු වෙමු. ජනාධිපතිවරයා ගේ කතාව වැරදි ආකාරයට ලියා දෙනු ලැබුවේ කවුද ?

:       0       2

Perera Thursday, 23 September 2021 12:09 AM

ත්‍රස්තවාදය කොයි හැටි වෙතත් ,ප්‍රචණ්ඩත්වය ආණ්ඩුව හිතේ හැටියට කරගෙන යනවා

:       150       59

සිරිබිරිස් Thursday, 23 September 2021 12:32 AM

ඒක වෙන්න ඇති කෑලෑ කපල ගිනිතියන කොට දන්නේ නෑ වගේ ඉන්නේ . තමන්ගෙ ඇමැති කෙනෙක් හිරගෙදර ගිහිල්ල නටපු නාඩගම මතක නැතෙයි .

:       3       71

බද්රානි Thursday, 23 September 2021 02:34 AM

මහා මොලකරුවන්ම තමයි මේ රටේ බෝම්බ පිපිරෙනවද නැද්ද යන්න තීරණය කරනු ලබන්නේ.. මහමොලකරුවන් තමයි එකිනෙකට ගැටෙන අන්තවාදී ත්‍රස්ත කල්ලි දෙකක් ඇති දැඩි කරනු ලබන්නේ. නමුත්, මහමොලකරුවන් හට වාසි වෙන පැත්තක් හා අවාසි පැත්ත ඔවුන් විසින්ම නිර්මාණය කරනු ලබනවා. රටේ ජීවත් වෙන පුරවැසියන් දෙකඩ කිරීමට. මහා මොළකරුවන් හට අවාසි වෙන පැත්තට යොමුවෙන අඥානයින් අවසානයේ ඔවුන් නොදැනුවත්වම විනාශ වෙන අතර අනෙක් පාර්ශවය විවිධ වරප්‍රසාද වලින් පිදුම් ලබනවා. දෙපැත්තේම පුජ්‍ය පාර්ශවය මීට සම්බන්ධයි. අවසානයේ තමන්ගේ කාර්යය ඉටුකර ගත් පසු මහමොලකරුවෝ, ලෝකෙටම ඇහෙන්න සද්දෙට වැදි බන දෙසනවා.. අනේ සාදු!! කාටද ආඩම්බර??

:       207       77

Lion Thursday, 23 September 2021 06:07 AM

අපිත් හිතාගෙන හිටියෙ එහෙම තමයි ,නමුත් පාස්කු සිද්ධිය අපි වැරදි බව පෙන්වා දුන්නා.එහි පිටු පස සිටින අපරාධකරුවන් තාම නිදැල්ලෙ. ඔබලා බලයට ආවේ මේ ප්‍රහාරය මුල්කරගෙන, මාස කිපයකින් මෙම ප්‍රහාරයෙ නිර්මාතෘන් අල්ලනව කිවත් ,අවුරුදු දෙකකට පසුවත් ඔවුන් තාම නිදැල්ලේ.වීරසේකර උන්නැහේ මහ මොලකරු අත්අඩංගුවට ගත්ත කීවට,හිටපු නීතිපති කිව්වෙ ප්‍රහාරයේ කුමන්ත්‍රන කරුවො තාම නිදැල්ලෙ කියල.ඔබ තුමා මේ ප්‍රහාරයේ සුල මුල නිවැරදිව සොයා අපරාධ කරුවන්ට ඳඩුවම් දීමට කටයුතු නොකොලොත් ,රටේ ජනතාව, රද ගුරුතුමා ජාත්‍යන්තර ප්‍රජාවගෙන් මේ ප්‍රශ්නය නිරාකරණය කර ගැනීමට මැදිහත් වන ලෙස ඉල්ලා සිටීම ,යුක්ති සහගත බව නිසැකයෙන්ම පිලිගන්නවා ඇත.

:       185       59

Raveendra Thursday, 23 September 2021 06:47 AM

"පරිසරය ආරක්ෂා කිරීමේ වගකීම පිළිබඳ මනා දර්ශනයක් ශ්‍රී ලංකාව සතු යැයිද ඔහු සඳහන් කළේය" . මෙම වාක්‍ය අපට නම් කිසිසේත්ම පිළිගත නොහැකිය. අප රටේ පරිසරය විනාශ කිරීමට මූලිකවම මෙන්ම ඍජුව කටයුතු කරන්නේ පක්ෂ බේදයෙන් තොරව "පට්ටියේ මිහරකුන් 225 සහ ඒ ඒ මීහරකාගේ ඇම්බට්ටයන්ය." දැන් විපක්ෂ ගාලේ ලැග ඉන්න මීහරකුන් බලයේ ඉන්න විට කලෙත් එයම නමුත් දැන් "බොරු පරිසර ආදරවන්තයන්ය".....

:       7       127

Nihal Thursday, 23 September 2021 07:51 AM

පළමුවන ලෝක යුද්ධයේ මිත්‍ර පාර්ශවයේ ජයග්‍රහනෙන් පසුව එන්ගලන්ත අගමැතිත් ප්‍රකාශකලා "ජර්මනියට නැවත කිසි දිනෙක යුද්ධයක් කිරීමට නොහැකියි" කියා.

:       86       26

ase Thursday, 23 September 2021 08:07 AM

‘‘ත්‍රස්තවාදී ප්‍රචණ්ඩත්වයක් නැවත කිසි දිනෙක ශ්‍රී ලංකාවේ සිදු වන්නේ නෑ‘‘---- ජනාධිපති "සන්නද්ධ හමුදා රටපුරා කැඳවීමට ජනපතිගෙන් විශේෂ ආඥාවක් " ------- කතානායක මෙයින් පෙන්නුම් වෙන්නේ ජනතා මර්දන ක්‍රියාවලියෙ ආරම්භය ද ???

:       113       46

Siriwardan.k Thursday, 23 September 2021 08:50 AM

නියමයි සුබ පැතුම්.!

:       47       129

Bamunuarachchi Thursday, 23 September 2021 09:11 AM

ත්‍රස්තවාදී ප්‍රචණ්ඩත්වයක් නැවත කිසි දිනෙක ශ්‍රී ලංකාවේ සිදු නොවන බවට සහතිකයක් ඔබතුමාද දෙන්න එපා . අනික් පක්ෂ බලය ඉල්ලන්නේ ආගම්වාදී හා දේශපාලන ත්‍රස්තයින්ට රිසිසේ ඉන්න දෙන පොරොන්දුව පිට.

:       50       218

BamunuarachchiThursday, 23 September 2021 04:27 PM

ඒ සහතිකයේ සිටි නිසයි පාස්කු ප්‍රහාරය නවතා ගන්න ඉදිරිපත් නොවුනේ කියා හිතෙන්නේ මට විතරද?

:       3       62

ලමය Thursday, 23 September 2021 09:45 AM

ඔව් ෆොන්සේකා මහත්තයට පින්සිද්ද වෙන්න.

:       31       83

samasith ramanayaka Thursday, 23 September 2021 10:36 AM

මෙතුමා කොහොමද ඒක කියන්නේ.

:       97       45

රවීන්ද්‍රFriday, 24 September 2021 07:02 AM

පරිසරය ආරක්ෂාකිරීමේ වගකීම පිළිබඳව මනා දර්ශනයක් ශ්‍රී ලංකාව සතුයැයි කියන ඔහුම සිංහරාජය හරහා මහා මාර්ගයක් ඉදිකිරීමට සැලැස්වීමත් වැව් බැමි වල ඇවිදින මංතීරු සැකසීම හා අලිමංකඩවල් හරස් කරමින් මහා පරිමානයෙන් කැලෑ එලිකරද්දී නිහඩව සිටීමත් දර්ශනයේ තරම මනාව පෙන්වා දීමක් නොවන්නේද.?

:       2       4

kamal Thursday, 23 September 2021 10:38 AM

"ශ්‍රී ලංකාව කලාපීය දැනුම් කේන්ද්‍රයක් බවට පත් කිරීමට අපේක්ෂා කරන බවද කියා සිටියේය." ඔව් ඔව් ලෝකේ අනිත් රටවල් දන්නේ නැහැ කොහොමද හරියට ණයක් ගන්නේ කියලා.

:       95       53

Ratne Thursday, 23 September 2021 10:50 AM

ඒ කියන්නේ, ඇතැම් මැති ඇමති හා ඔවුන්ගේ නෑදෑ, හිතමිතුරු කැල වෙතින් සිදු විය හැකි දූෂණ, වංචා, ප්‍රචන්ඩ ක්‍රියා හැරුණු විට, වෙනත් කණ්ඩායම් විසින් ත්‍රස්ත ප්‍රචන්ඩ ක්‍රියා සිදු කිරීම වළක්වන බව ප්‍රතිඥා දී ඇති බවයි.

:       131       47

Nuwan Thursday, 23 September 2021 11:11 AM

ඔව් ඉතින් කරන්න ඕන වැඩේ කරගත්තනේ

:       111       28

Oshan Thursday, 23 September 2021 11:16 AM

කරපු කට්ටිය කවුද කියලා කවුරුත් දන්නවනේ දැන්.

:       61       14

ganegoda Thursday, 23 September 2021 11:23 AM

හැමදාම එකම බෑනේ .ඔය යුද්ධ ගැන කියමින් ජනතාව බයකරපු කාලේ ඉවරයි .දැන් ජනතාවට අවශ්‍ය කන්න බොන්න අඳින්න ,නිදහසේ ජීවත් වෙන්න පමණයි

:       120       31

BamunuarachchiThursday, 23 September 2021 04:22 PM

සිංහල ජාතිය ගැන කතා කරනකොට ඉන්දියාවෙන් ආව විජයන් කියන කල්ලතෝනියා ගැන කියනවා කවදා කතා කලත් සිංහල ජාතියේ දෙවන පැවැත්ම ආරම්භ උන එක ගැන කියන්න ඕනේ. 2005 පෙරළිය නොවුනානම් අද රටින් 2/5 සිංහලයාට නැහැ. මේ වෙනකොට රටම ඒ කාලේ හිටපු පාමංකඩ අලිමංකඩ නොදන්නා ගොයියා කිව්වේ මේ යුද්දය දිනන්න බැහැ කියලා.

:       7       27

සෙනෙවිරත්න Thursday, 23 September 2021 07:48 PM

ඒක හරි

:       2       1

ganegodaThursday, 23 September 2021 07:58 PM

එහෙම සිදු නොවේවා කියා ප්‍රාර්ථනා කරනවා

:       0       0

BamunuarachchiFriday, 24 September 2021 04:39 PM

ඔබත් මමත් එසේ නොවෙවා කියා සිතු පමණින් එසේ නොවී තිබෙන්නේ නැහැ. එසේ නොවීමට සිංහල අපි වගබලා ගතයුතුයි.

:       1       8

Harsha Thursday, 23 September 2021 11:27 AM

පළමුවන ලෝක යුද්ධයේ මිත්‍ර පාර්ශවයේ ජයග්‍රහනෙන් පසුව එංගලන්ත අගමැතිත් ප්‍රකාශ කලා "ජර්මනියට නැවත කිසි දිනෙක යුද්ධයක් කිරීමට නොහැකියි" කියා. නමුත් ඉන් අවුරුදු කීපයකට පස්සෙ ජර්මනිය දෙවන ලෝක යුද්ධය ආරම්භ කලා.

:       64       18

kamal Thursday, 23 September 2021 12:48 PM

ඔබට ජය වේවා

:       22       95

Kalpa Thursday, 23 September 2021 01:37 PM

හම් හම් හම්.....එතකොට කොටි නැගිටිනවා කියලා චන්ද වලට නටන්නෙ...කොහොමද ...??? ජාතිවාදය ආගම්වාදය...අයින් කරොත්..එන චන්ද වලදි ගොඩක් ලොකු ප්‍රශ්නයකට මුන දෙන්න වේවි....

:       59       14

Hema Thursday, 23 September 2021 01:49 PM

ඔහු කියවන්නේ ඝර්ෂණ රචකයෙකු විසින් ලියන ලද කතාවක් පමණි.

:       64       19

ලුම්බිණි Thursday, 23 September 2021 02:13 PM

කියන කොට නම් අපූරුයි. කරන කොට වෙනස් වෙන එක තමයි ප්‍රශ්නේ.

:       56       33

fairoos Thursday, 23 September 2021 02:16 PM

දිවුරුම් දෙනකොට කිව්වේ වෙනක් එකක්, දැන් වෙන එකක්

:       88       17

BamunuarachchiFriday, 24 September 2021 07:19 AM

ඒ කියපුවා ඔබලා ප්‍රශ්නයක් කර ගන්න එපා. කියපු හා කරන දේවල් ඔබලාට අදාළ නැහැ. අපිට ඒවා ප්‍රශ්න නොවෙයි.

:       4       27

වන්දිබට්ට බමුණාSaturday, 25 September 2021 12:09 AM

ඒවා ප්‍රශ්න වෙන්නේ කොහොමද? දැන් අපිට මාර සැපක් තියෙන්නේ. යුද්ධය විකුණන්නේ නැති තැනක් රාජපක්ෂලාට නැත. තව රාජපක්ෂ පරම්පරා කීයක් ඕක විකුණාවිද? මැතිවරණයේදී ගමේ වේදිකාවලත් විකුණා අවුරුදු පතා ජාත්‍යන්තරයෙත් විකුණනවා.

:       0       0

BamunuarachchiSunday, 26 September 2021 05:23 PM

මොන අන්ඩර දෙමලද කතා කොරන්නේ. විකුනන්නේ ගන්න මිනිස්සු ඉන්න නිසානේ. එදා රාජපක්ෂලාට බේරගන්න බරිඋනානම් අද තත්වය මොකක්ද? එහෙනම් ඓ.එස්ජී..ඒ ගිවිසුම, අන්තර් ස්වයන් පාලන අධිකාරිය කියන ගිවිසුම් ක්‍රීයාත්මකයි නේද? ප්‍රබාකරන් රටේ 2/5 පාලනය කරනවානේද? පබාකරන් සහ අනුගාමිකයින් සමුල ඝාතනය කරලා මුලුරටම් සිංහලයා සතුවීම සුද්දාගෙන් නිදහස් උනා වගේම සැමරිය යුතු දෙයක් ලෙසයි මම දකින්නේ. ගුණමකුවෝ කොහොම හිතුවත් එය අපිට අදාළ නැහැ.

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 23 September 2021 02:22 PM

එහෙම කොහොමද වසර කිහිපයකට පමණක් බලයට පත්වූ ජනපති කෙනෙකු කියන්නේ.හමුදාවත් දාගෙන රටේ සදාකාලිකවම බලයේ ඉන්න හිතාගෙන වෙන්නට ඇති මෙහෙම කියන්නේ. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් අහන්නට ඕනෑ කියන්නේ,මෙන්න මේ වගේ වෙලාවට තමයි. සීනිබෝල වචන කියන්න හා අහගෙන ඉන්න නම්,හරි ආසයි.ඒත්, යථාර්ථය එතරම් සුන්දර නැහැ. සීනිබෝල පැණි රස වුවත්,එයින් කුසගිනි නිවන්නට බැහැ.

:       88       18

රට වැසියා Thursday, 23 September 2021 02:33 PM

ලෝකෙට පරකාසේ - ගෙදරට මරගාතේ, ඊනියා එක්සත් ජාතීන්ටම හොඳ කථා!

:       59       14

සේනක Thursday, 23 September 2021 02:39 PM

නැ නේන්නමි, උන්ට පඩිදීපු හාම්පුතාලට කන්ට්‍රෝල් ඇති.

:       79       12

amila Thursday, 23 September 2021 02:41 PM

ඇමරිකන් කාරයෝ හිතනවා ඇති මේවට අපි කොහෙන්ද හිනා වෙන්න ඕන කියලා

:       54       21

බද්රානි Thursday, 23 September 2021 03:32 PM

එතකොට, ඥානසාර හිමි මීට දින කිහිපයකට කලින් පැවසුවා, ඕනෑම අවස්තාවක නැවත මේ රටේ බෝම්බයක් පිපිරීමට ඉඩකඩ තිබෙන බව. ඒ සඳහා උන්වහන්සේට සාක්ෂි තිබෙන බව. මේ කතාව ජනාධිපති තුමා දන්නවද? ලංකාවේ බුද්ධි අංශ නොදන්නා තොරතුරු ඥානසාර ස්වාමින් වහන්සේ දන්නේ කොහොමද?

:       35       3

ගමේ එකාලාFriday, 24 September 2021 06:48 PM

එයාට දිවැස් තියෙනවා .අනාවැකි කාරයොත් ඔය නා නා ප්‍රකාර කතා කියන්න්නේ ?

:       6       0

Nuwa Thursday, 23 September 2021 04:02 PM

ත්‍රස්තවාදී ප්‍රචණ්ඩත්වයට වඩා මිනිස්සු රවට්ටල බලයට ඇවිත් රට විනාශ කරන එවුන් දරුණුයි. ත්‍රස්තවාදී ප්‍රචණ්ඩත්වය නිතරම නෑ. දේශපාලන ප්‍රචණ්ඩත්වය හාල් ඇටේ ඉඳලම තියෙනවා

:       37       9

Samantha Italy Thursday, 23 September 2021 04:42 PM

ජයවේවා අපේ ජනාධිපති තුමාට. හිරේ ඉන්න ඕන උන් එලියේ, එලියේ ඉන්න ඕන උන් ඇතුලේ. දුප්පතාට පට්ට නීති ,බලවතාට නීතියක් නැති.බඩගින්නට එක වේලක් කන්න පේරුම්පුරන ම්නිසුන් ඉන්න අසිරිමත් ලංකාව ගැන ඔය කියපු දෙවල් අහලා පිටරට මිනිස්සුන්ට හිනායන තැන හොයා ගන්න බැහැ. ණ ය වාරිකයක පොලිය ගෙවාගන්න තව ණය ගන්න රටක්. අනේ මගේ රටට ගිය කලක්.

:       55       11

Demuni Uduwara Thursday, 23 September 2021 05:03 PM

ඕපාදූපයක් පමණි! මේ වනවට බොහෝ වැඩිහිටියන් හා ළමුන් මන්ද පෝෂණයෙන් පෙළෙති.

:       43       10

Demuni Uduwara Thursday, 23 September 2021 05:10 PM

කැඩපතක් ඉදිරිපිට කියන්න!

:       32       8

sapumal Thursday, 23 September 2021 05:38 PM

බලන්නකෝ ඉතින් අපේ ජනාධිපති උතුමාණන් ඒක ටක්කෙටම කියන හැටි

:       27       6

Nihal Thursday, 23 September 2021 07:18 PM

කියවන්න පටන් ගද්දිම "අද නෙමෙයි හෙට" වගේ දැනුනේ මට විතර ද?

:       32       5

අප්පුවා Thursday, 23 September 2021 07:29 PM

තමන් ගැන ඕනෑවට වඩා විශ්වාස කරන නිසා කෙල වෙනකම් දන්නෙ නෑ ඟානසාර හාමුදුරුවරුන් කීව දේවල් කනකට නොගත්තොත් ලෝකයක් ඉස්සරහා රෙදි ගැලවෙයි ඕං

:       2       53

ranji Friday, 24 September 2021 01:04 PM

මෙදා සැරේ නම් ලේසි වෙන්නේ නැ

:       0       0

Bamunuarachchi Friday, 24 September 2021 05:59 PM

ගලක් ගහලා හැංගෙන මිනිස්සු ඉන්නේ. ඒ වගේ ගොබ්බ කතාවක් කියා පිළිතුරු නොලැබෙන්න හැංගිලා. හැංගිලාද හංගලාද?

:       2       3

Bamunuarachchi Friday, 24 September 2021 06:07 PM

ඒ් විදියට වෙනවනම් වඩාත් හොදයි

:       0       15

රතුපස්වල Friday, 24 September 2021 07:01 PM

අමුතුවෙන් ආයේ මොනවා කියලා සිද්ද වෙන්නද? කරලා තියෙන හරිය හොඳටම මදෑ. සුදු වෑන්, ඝාතන, අතුරුදහන්, මිනීමෝරු, රජකරපු හැටි අපි නොදන්නවා නෙවෙයි...

:       15       0

BamunuarachchiSunday, 26 September 2021 05:46 PM

අන්කොන් වලින් කතා නොකර කෙලින් කියන්නකෝ අපිටත් දැනගන්න. කෙලින් කියන්න බැරි කමක් තිබෙනවා නම් එ්ක ඇත්ත වෙන්න බැහැ.

:       0       15

Demuni Uduwara Friday, 24 September 2021 07:07 PM

ඔබගේ පොරොන්දුව අගය කොට සලකනවා. පාස්කු ඉරිදා ප්‍රහාරය අවසාන ප්‍රහාරයද?

:       4       13

විපරමා Saturday, 25 September 2021 04:51 PM

බලාපොරොත්තු වෙච්චි දේ සිද්ද වෙලා ඉවරයිනේ. සහෝදර සමාගම රජ කරන පවුල් පාලන ආණ්ඩුවක් ඇතිකරපු එකම මදිද?

:       8       0

IS lanka Monday, 27 September 2021 03:27 PM

නැවත ඇති වන තෙක් සිදුවන්නේ නැහැ කිව්වා නම් තමා හරි

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 314 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 729 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 589 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1419 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2897 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1872 2

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 236 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1551 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1454 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site