IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


‘‘ඉදිරි සති තුන තීරණාත්මකයි‘‘

(සුජිත් හේවාජුලිගේ )

කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගැනීමේදී ඉදිරි සති තුන තීරණාත්මක බව කොවිඩ් පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය .

සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර ජනතාව හැසිරුණු ආකාරය අනුව මේ දිනවල එහි ප්‍රතිඵල ලැබෙමින් තිබෙන බව කී යුද හමුදාපතිවරයා අවුරුද්දෙන් පසු දින කීපයේ දී ජනතාව හැසුරුණු ආකාරයේ ප්‍රතිඵල ඉදිරි සති දෙකේදී දැකගත හැකිවනු ඇතැයි ද සඳහන් කළේය .

සෞඛ්‍ය මාර්ගෝපදේශ අකුරටම පිළිපදින ලෙසද විශාල වශයෙන් සෙනඟ ගැවසෙන ස්ථානවලට යෑමෙන් වළකින ලෙසද තමා මහජනතාවගෙන් මහත් ඕනෑකමින් ඉල්ලාසිටින බව ඔහු කීය .

සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර ඇතැම් ජනතාව ගේ හැසිරීම ඉතා නරක තත්ත්වයේ තිබූ බව ද යුද හමුදාපතිවරයා පැවසීය .

 



අදහස් (15)

‘‘ඉදිරි සති තුන තීරණාත්මකයි‘‘

සිරිබිරිස් Saturday, 24 April 2021 11:34 AM

තුනක් මොකටද? අපි සතියෙන් කියන්නම්...

:       67       48

abcSaturday, 24 April 2021 04:06 PM

ඉදිරි සති තුන තීරණාත්මක පමණක් නොව ඉදිරියට කොරෝනා නිසා සිදුවන්නේ කුමක්ද කියා කිසිවකුට කිව නොහැකිය. එමනිසා නුවරඑළිය වසන්ත සමයේ ක්‍රීඩා සැණකෙළි සියල්ල නැවත දැනුම් දෙනතුරු නවතා දැමීමට කටයුතු නොකර එහි පැමිණෙන ජනතාවට දෝෂාරෝපණය කිරීමෙන් ඵලක් නැත. දෙවනුව මහනායකවරුන් සමග සාකච්ඡා කොට සියලු පූජනීය වන්දනා ප්‍රදේශ කටයුතු, පොහොය කටයුතු සියල්ල තවකාලිකව නැවතීම සහ අයාලේ යන්නා වූ දේශපාලකයන් මුව ආවරණ නොමැතිව පිරිස් සමග පැමිණ කරන්නාවූ වොයිස් කට් ලබාදීමද නතර විය යුතුවේ. මේ සියල්ල සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත ක්‍රියාත්මක කිරීමට සිදුවූ බව ප්‍රකාශ කරන්න. ඒ සමගම රටේ ජනතව සෞඛ්‍ය උපදෙස් පිළිනොපදින්නේ නම් ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව ඔවුන්ට බලාගන්නා ලෙසත් දැනුම් දෙන්න..

:       0       0

ජයන්ත Saturday, 24 April 2021 11:35 AM

ඔව් ඉදිරි සති තුන තීරණාත්මකයි. වරාය නගරය චීනයට විකුණන කන් කොරෝනා ගැන කියකියා ජනමතය වෙනස් කරයි. උද්ඝෝෂණ නතර කිරීමයි මේ කරන්නේ... මැයි දිනය තහනම් කිරීම අනෙක් කාරණය...

:       114       39

janahitha UAESaturday, 24 April 2021 03:15 PM

වරාය නගරය හෝ දේශපාලනය අදාළ නැහැ. කිසිම බේදයකින් තොරව ඉතා දරුණු ලෙස ලෝකයම නැවත තර්ජනයකට ලක්වෙලා ගුවන් තොටුපළවල් ද වසාගෙන යනවා අසල්වැසි ඉන්දියාව විශේෂයි.

:       12       80

PrasadSaturday, 24 April 2021 04:41 PM

මේ මොහොතේ ලංකාවේ භයානක තත්වයක් නැහැ. මැයි 05 වෙනකොට ආණ්ඩුව ආපහු පරණ තැනට යනවා. උද්ඝෝෂණ, මැයි දිනවලින් ගැලවෙන්න.... නොහැකියාව වහගන්න.

:       0       0

ලුම්බිණි Saturday, 24 April 2021 01:47 PM

ඔබතුමා පාලකයින්ගේ වැරදි වලට මහජනතාවට දොස් කියනවා වගෙයි.

:       71       44

Nihal Saturday, 24 April 2021 02:03 PM

පොර කකා අවුරුදු කද්දි තීරණාත්මකයි කියලා හිතුනේ නැද්ද?

:       46       29

පොඩි මල්ලි Saturday, 24 April 2021 02:28 PM

සර්.. ඔබතුමා කියපු අපේ රටේ බුද්ධිමත් ජනතාව සෞඛ්‍ය අංශ, පොලිසිය, කියපු විදිහට මේ දීර්ඝ නිවාඩුව කොහේවත් යන්නේ නැතුව ගෙවල් ඇතුළටම වෙලා කාලය ගෙවනවා. මේ වනවිට නුවරඑළිය, අනුරාධපුර, කතරගම වැනි නගර ජනශුන්‍ය තත්වෙන් තියෙන්නේ... කිසිම සංචාරකයෙක් නැතුව.. අපි සති තුනෙන් කොරෝනා තුන්වෙනි රැල්ල සාර්ථකව නිම කරනවා...

:       62       23

sachith Saturday, 24 April 2021 02:38 PM

ඉදිරි සති 03 හරියට කළමනාකරණය කරන්න තිබ්බා. මේ දවස් 03 හරියට පාලනය කළා නම්... දකින්න ඇතිනේ නුවරඑළියේ ඉන්න මහසෙනඟ...

:       41       33

Dimz Saturday, 24 April 2021 03:29 PM

මෙයා යුද්ධය ප්ලෑන් කරානම් හොදටම තියෙයි. කෝ අවදානම ට සූදානම ?

:       0       0

gamage Saturday, 24 April 2021 03:53 PM

ප්‍රභූ පැළැන්තියේ අය මුඛ ආවරණ නැතිව නුවර එළියේ අශ්ව රේස් තියන එකත් ගොඩක් තීරණාත්මක වෙන්න ඇති නේද මහත්තයෝ..?

:       0       0

Pri Saturday, 24 April 2021 04:44 PM

ඇයි දැන් ඔබතුමන්ලා ඔහොම කියන්නේ? ලංකාවේ මිනිස්සුන්ට එපා කිව්වට වැඩක් නැහැ. දැක්කා නේද? චාරිකා ගිහින් හිටපු සෙනඟ.. ඇයි රට වහන්නේ නැත්තේ... එතකොට තමයි තේරෙන්නේ, දැන් පරක්කු වැඩියි. මොනවා කරන්නද? පව් මිනිස්සු... මැරෙනවා ....

:       0       0

Ashan Saturday, 24 April 2021 11:47 PM

අපේ මිනිස්සුන්ගෙ හැටි දන්න නිසා අවුරුදු කාලේ දැඩි නීති දාන්ඩ තිබුනා. ඒ කිසිවක් නොකර දැන් මිනිසුන්ට බැනල වැඩක් නෑ. නිදහස දුන්නම කොයි රටෙත් මිනිස්සු එලියට යනවා. හැම රටකම රජයන් නීති දාල මිනිස්සුන්ව හිර කරන්නෙ ඒකයි. දැන් ප්‍රමාද වැඩියි

:       0       1

purawesiya Sunday, 25 April 2021 01:29 AM

වරාය නගර පනත සම්මත කරගන්න තෙක් මේ රට තීරණාත්මකයි කොරෝනා ඒක ඉස්සරට දාලා අපි හැම පනතක්ම සම්මත කරගනිමු .. අපි මේ පිට තියලා මැයි දින පෙළපාළි තහනම් කරමු නේද

:       1       1

Rata Perata Sunday, 25 April 2021 06:16 AM

සති තුන විතරක් නෙමෙයි නන්දසේන මහතා ඇතුළු මේ රජය ඉන්නකල්ම අපේ රට තිරණාත්මකයි

:       1       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 603 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 1344 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 1560 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 918 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 243 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 2055 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1640 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site