IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


‘සජිත් අගමැති වෙනවානම් සහය දෙනවා‘

(ඩයනා උදයංගනී)

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍යධූරය භාරගෙන ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් එයට සහය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් බව එහි මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජ‍යසේකර මහතා පැවසීය.

ජනාධිපතිවරයා ඉවත්වන තුරු අගමැතිධූරය භාර නොගන්නා බව කියමින් නොසිට කඩිනමින් එම වගකීම භාරගෙන රට ස්ථාවර කිරීමට පියවර ගන්නැයි සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලා සිටින බව ද දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

මේ අවස්ථාවේ ජනාධිපතිවරයා ද ඉවත් වුවහොත් රට අරාජික වනු ඇතැයි ද හෙතෙම පැවසීය.

ජයසේකර මහතා මේ බව පැවසුවේ කොළඹ පිහිටි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මූලස්ථානයේදී අද පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි. 



අදහස් (16)

‘සජිත් අගමැති වෙනවානම් සහය දෙනවා‘

රට්ටා Wednesday, 11 May 2022 01:24 PM

ජාතිද්‍රෝහියෙක්...!

:       3       12

saman Wednesday, 11 May 2022 01:27 PM

ජනාධිපති ඉඳලත් රට අරාජික වුණ එක හිටියත්, නැතත් වෙනවද?

:       4       17

you protect me I support you theory Wednesday, 11 May 2022 01:27 PM

ඩීල් දාලා හොරාකාපුවාගෙන් බේරෙන්න නේද සොරි්‍යෝ..? අනුරට දුන්නොත් ඔයාලා ඔක්කොම ලොස්.. දැන් අපිට ඕනේ හොරු නැති, මැරයෝ නැති දේශපාලනයක්. මැරයින් ටික දැන් සල්ලන්... හොරු ටික ඉක්මණට සල්ලන් කරනවාමයි..

:       9       25

Mama Wednesday, 11 May 2022 01:28 PM

තවත් රට අරාජික වීමට දෙයක් නැත. ගෝඨාභය ඉවත්වන තෙක් රටම අරාජික බවින් නිදහස් කළ නොහැක. මෙයා ඉවත්වන තෙක් කිසිවකු වගකීම් බාර ගැනීමෙන් ප්‍රයත්නයක් නැත.

:       4       22

SAMAN PUTHA Wednesday, 11 May 2022 03:01 PM

යහපාලනේ කාලේදී අනුරලා, අරලිය ගහ මන්දිරයට වෙලා හොරාකාපු හැටි අපි දැක්කනේ. ඔය ගෙවල් ගිනිතියන, වාහන ගිනිතියන ජඩ වැඩ කරන එක. ජෙප්පන්ගේ තියරිය තමයි.

:       9       19

MO77 Wednesday, 11 May 2022 02:11 PM

ජයසේකර මහත්තයෝ ඔයාලා හැමදාම කිව්වේ බොරු.. අද කියන්නේත් බොරු. ඔබ ජනාධිපති ඉවත් වුනොත් මොකද වෙන්නේ? කථානායකතුමා ජනාධිපති ලෙස පත්වෙනවා. සජිත් අගමැති වෙන්න ඕනේ නෑ. පාර්ලිමේන්තුවෙන් තුන් දෙනෙක් නම් කරලා, රහස් ඡන්දයෙන් එක්කෙනෙක් තෝරාගන්න පුළුවන්. හර්ෂ ද සිල්වා, ඩලස් අලහප්පෙරුම, සුමන්දිරන් වගේ නම් තුනක් යෝජනා කරන්න පුළුවන්. ඔවුන් තුන් දෙනාගෙන් කෙනෙක් වත් ඡන්දයෙන් අගමැති ලෙස තෝරා ගන්නත්. මේ කට්ටිය තාම බොරු බේගල් ඇදෙබාමින් මිනිස්සු නොමඟ යවනවා.

:       6       18

fairoos Wednesday, 11 May 2022 02:29 PM

එහෙම කොහොමද ඔයාලා කියන්නේ? නන්දසේන ගියාට පස්සේ තමයි ආණ්ඩු හදන්න ඕනේ..

:       7       17

sashi Wednesday, 11 May 2022 02:37 PM

අනේ යන්න.. දැන් ඇති සැප වින්දා... ඔබලාගේ දේශපාලනය දැන් මේ රටෙන් ඉවර කරන්න ඕනෑ.

:       2       17

බීබීසි ප්‍රවෘති Wednesday, 11 May 2022 02:59 PM

ලෝකය පිළිබඳව මනා දැනුමක් ඇත්තා රනිල් පමණයි..! එය බීබීසි ප්‍රවෘත්තිවල පවා කිව්වා.. හේතුව අවුරුදු 27ක දේශපාලන පලපුරුද්ද පක්‍ෂ මාරු නොකර එකම පක්‍ෂයේ [අලියා] ඉඳලා .. පස් වතාවක් අගමැති ධුරය දරපු රටේ ඉන්න එකම දේශපාලන උගතා.. දක්‍ෂ, ඉංග්‍රිසි කථිකත්වයක් ඇති රටවල් සමඟ බියක් නැතිව සාකච්ඡාවලට තර්කානුකූලව අදහස් ඉදිරිපත් කළහැකි, කෙටියෙන්ම එහි සඳහන් කළේ ළඟඳී ඩ්‍රයිවින් ටෙස්ට් පාස්වුණු රියැදුරෙකුට අධිවේගයේ බයක් නැතිව වාහනයක් පදින්න, හසුරුවන්න ඉඩදෙන්න පුළුවනිද කියලා..?

:       10       12

මැක්ස් Wednesday, 11 May 2022 03:00 PM

මේ කොමෙන්ට් අප්පුහාමිලාට වෛරය, ක්‍රෝධය හැර වෙනත් ව්‍යවස්ථාමය දැනුමක් තියෙනවද?

:       1       17

kasun Wednesday, 11 May 2022 03:17 PM

ජවිපෙ එකට නැතුව ඕනෑ කෙනෙක්ට දුන්නට කමක් නෑ. ඔය ගිනි තියන ඒවත් වැඩියි. කරන්නේ කවුද කියලා හිතාගන්න පුළුවන්. 88/89 කාලේ වගේ පුරුදුයිනේ.

:       4       14

dishan Wednesday, 11 May 2022 03:18 PM

සුමන්දිරන් කියන LTTE මනුස්සයාට අගමැතිකමත් දෙන්න කියන හරක් ඉන්නවනේ අප්පා මේ රටේ...

:       11       12

siddu Wednesday, 11 May 2022 03:20 PM

රජ හොරුන් කියන්නේ මේ වගේ අයට තමයි..

:       0       8

naleen Wednesday, 11 May 2022 03:28 PM

ඇත්තටම අපේ රටට හොඳ උගත්, බුද්ධිමත් අගමැතිවරයෙක් පත් කරගන්නම බැරිද? මේකට එන්නේම මෝඩයින්නේ... මොන කරුමයක්ද ? එක මෝඩයෙක් යනකොට තව මෝඩයෙක්... මේක මහා අවාසනාවන්ත රටක්...

:       1       4

pakeer Wednesday, 11 May 2022 03:41 PM

රට අරාජික කළේ අපූරු සහෝදරයෝ..! මොවුන් හිටියත්, නැතත් දැන් බඩු බනිස් වෙලා තියෙන්නේ..!

:       1       5

විපරමා Wednesday, 11 May 2022 06:37 PM

තමුන් වතාවක් කිව්වා මතක නැද්ද අනුන්ගේ කූඩාරම් වලට ඔලුව දාන්න යන්නේ නැහැ කියලා? යූඇන්පීයේ ඉඳලා පැනලා ගිහින් අන්තිමට සාටකයාගේ කරේ එල්ලුණු හැටිත් අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. අවස්ථාවාදී දූෂිත, බලලෝභී, බඩගෝස්තරවාදී දේශපාලුවන්? ලැජ්ජයි... .

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 461 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 998 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 1149 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 752 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 201 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1900 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1638 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site