(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
තමන්ගේ පරිගණක සහ ලැප්ටොප් පරිගණක ගිනිගෙන විනාශ වී ඇති හෙයින් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සූම් රැස්වීමට සහභාගීවීමට නොහැකි බව පක්ෂ නායකයන් කිහිප දෙනෙකු කතානායකවරයාට දැනුම් දී ඇතැයි වාර්තා වේ.
තමන්ගෙ නිවාසවලට අරගලකරුවන් පහරදී ගිනි තැබීම නිසා පරිගණක සම්පූර්ණයෙන්ම විනාශවූ බවද ඔවුන් සඳහන් කර ඇත.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට තීරණය කරනු ලැබුවේ පක්ෂ නායකයන්ට පාර්ලිමේන්තුවට පැමිණීමට නොහැකි තත්ත්වයක් උද්ගතවීම නිසාය.
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
පරාටේ නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 02 වැනිදා පැවැත්වේ.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
පාස්කු ඉරිදා දින (31) විශේෂ දේව මෙහෙය වෙනුවෙන් දේවස්ථානවල ආරක්ෂාවට ආරක්ෂක අංශ නිලධාරීන් 6837 ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහ
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘පරිගණක ගිනි අරන්: සූම් රැස්වීමට එන්න වෙන්නෑ‘
Sam Wednesday, 11 May 2022 12:29 PM
නමුත්, ඔවුන්ට ජංගම දුරකථන පාවිච්චි කරන්න පුළුවන්නේ..?
සුජිත් පල්ලේවත්ත Wednesday, 11 May 2022 04:21 PM
මේ අයව ආයෙත් වැරදිලාවත් චන්දය දීලා පාර්ලිමේන්තුවට එවන්න එපා... තමන්ට සිදුවූ හානි සියල්ලම මහජන මුදලින්ම පියව ගන්නවා නියතයි. ඒ බව නොදත් මෝඩ වැසියන් නිරපරාදේ දේපල විනාශකර දැම්මේ හරියට 80 දශකයේ මෙවැනිම වැඩ කල අයගේ ජාන වලින් පැවත එන පරම්පරාවට අයත් අය යයි මොනවට විදහාපාමින්ද.
Just saying.. Wednesday, 11 May 2022 12:32 PM
නොකෙරන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටෙකුත් ටිකක් ඕනෑලු. සූම් ෆෝන් එකෙන් එන්න පුළුවන්. නිකන් කිව්වේ.. නැත්නම් ළඟම නැණසළ වෙත එන්න.
de silva Wednesday, 11 May 2022 12:34 PM
සූම් කරන්න මහ පරිගණතයක්ම අවශ්‍ය නෑ... ජංගම දුරකථනයෙනුත් පුළුවන්.. ඔවුන් හදන්නේ බොරු කියමින්, කල් මරමින් ප්‍රශ්නෙන් මග අරින්න.
SURANJAN FERNANDO Wednesday, 11 May 2022 12:40 PM
ඇයි ෆෝන් එකෙන් කරන්න පුළුවන්නේ?
ranjithWednesday, 11 May 2022 01:23 PM
පේනවා නේද මේ බැරෑරුම් අවස්ථාවේ මහජන නියෝජිතයෝ මොන්ටිසෝරි ළමයි වගේ හැසිරෙන විදිහ..!
සුනෙත් Wednesday, 11 May 2022 01:45 PM
පොඩි එවුන් ඔන්ලයින් පංති කරන්නේත් මොබයිල් එකේ සූම් වලින්. කාවද ගොනාට අන්දන්නේ...? කවුරුවත් රටට ආදරය අය නෙමේ... ආදරයක් තියෙන අය මොන විදිහකින් හරි රටේ තියෙන ප්‍රශ්නවලට පිළිතුරු හොයනවා.
Ruwan R Wednesday, 11 May 2022 01:49 PM
කාටද මේ බොරු කරන්නේ..? දැන් ඉන්න පොඩි ළමයිවත් මේවා කියලා රවට්ටන්න බෑ..
fairoos Wednesday, 11 May 2022 01:54 PM
කල් මරලා කොහොම හරි අවුරුදු 5 ම හිටියොත් පෙන්ෂන් එක අරගන්න තමයි දඟලන්නේ...
Nikuka Wednesday, 11 May 2022 02:01 PM
ජංගම දුරකථනත් ගිනි අරන්ද?
Santha Wednesday, 11 May 2022 02:27 PM
දැන් මුකුත් කියන්න බැහැ. තව කාලයක් කල්ලියක් ඔවුන්ට නිදහසට කරුණු හදා දුන්නා. වැඩේ ඇදෙන තරමට ඔවුන් කැමැතියි...
sabriya Wednesday, 11 May 2022 02:34 PM
ජංගම දුරකථන හරහා සූම් රැස්වීම් තියන්න බැරි ඇයි?
Romesh Wednesday, 11 May 2022 02:38 PM
මේ අය කතාකරන්නේ ඔරැකල්, ස්මාර්ට්, ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වගේ ලොකු දේවල්.. ස්මාර්ට් වොච් එකෙන් හරි ඔන්ලයින් එන්න. මේ ප්‍රශ්නවලට විසඳුම් තියෙන්නේ පාර්ලිමේන්තුවේ මිසක් බංකර්වල නෙමෙයි.
Anil Wednesday, 11 May 2022 03:01 PM
පහුගිය කාලේ ඉස්කෝලෙ ළමයි ඔන්ලයින් ඉගෙන ගත්තේ පරිගණකවලින් නෙමෙයි. අම්මලා, තාත්තලා ණයවෙලා අරන් දුන්නු ස්මාර්ට් ජංගම දුරකථන වලින්. ඉස්කෝලේ යන පොඩි එකාගෙන් අහන්න ෆෝන් එකෙන් සූම් එකට ලොග්වෙන හැටි කියලා දෙයි.
siri Wednesday, 11 May 2022 03:07 PM
ඇති ඔයින් ගියා. ආණ්ඩුව බේරාගන්න අවසන් සටනට පැමිණි සමහරු මහපාරේ වැනිවැනි ගියේ උපන් ඇඳුම පිටින්. සමහරු බේරේ. තවත් සමහරු බේරේ. දැක්කේ නැද්ද?
අරුණ Wednesday, 11 May 2022 05:19 PM
බබාලා පව්... අහිංසක මිනිස්සු..!
sriyal Wednesday, 11 May 2022 07:09 PM
මෝඩයින් පාර්ලිමේන්තුවට යවලා දැන් මොකද වෙලා තියෙන්නේ?
Bandusena Wednesday, 11 May 2022 08:25 PM
මහජනතාව ඔය හැම කෙනාටම ලැප්ටොප් අරන්දෙයි. හදීසි අවශ්‍යතාවයක් නිසා ඉක්මණට නම් ටික දෙන්න කල්දාන්න එපා...!