IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


‘කාබනික හුටපටෙන් මගේ දේශපාලන ගමන විනාශ වුණා‘

(අංජුල මහික වීරරත්න)

කාබනික වගා වැඩසටහන  ක්‍රියාත්මක කරන්න ගොස් තමාගේ වසර 32ක දේශපාලන ජීවිතය විනාශ වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

මහ කන්නයේ කාබනික වගා වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ගොවීන්  කරන චෝදනා අසාධාරණ නැතැයි ද කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.

කරුණු මෙසේ වුණත් කාබනික වගා වැඩසටහන රටටත්  ජනතාවටත් ඉතා වැදගත් වූ වැඩපිළිවෙළක් නිසා තමා ඉදිරියටත් එම වැඩපිළිවෙළ සාර්ථක කර ගන්නට ජනාධිපතිවරයා හා රජය සමඟ කැප වෙන බවද කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.

ගොවි සංවිධාන ජාතික බලමණ්ඩලය සමඟ  කෘෂිකර්ම  අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

 



අදහස් (34)

‘කාබනික හුටපටෙන් මගේ දේශපාලන ගමන විනාශ වුණා‘

පිටිගල මිලානෝ Wednesday, 12 January 2022 01:05 PM

මෙවැන්නන්ගේ දේශපාලන ගමන් වලට බාධක පැනවීම බුද්ධිමත් පුරවැසියාගේ සහ මාධ්‍යකරුවාගේ වගකීමකි.

:       3       150

mayaThursday, 13 January 2022 04:42 AM

කලින් කිව්වේ නියම දෙයක් කියලා. දැන් කියවෙනවා “කාබනික හුටපටය“ කියලා.

:       0       0

Shahiwal Wednesday, 12 January 2022 01:08 PM

රටට කරපු විනාශයට දරුවන්ටත් හෙනගහනවා. බැලුවේ තමුන්ගේ කොමිෂන් විතරයි. කරපු එක වැඩක් කියන්න සතයක්වත් කොමිෂන් නොගෙන. ඔබ ගැන අපට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ...

:       3       128

Mahesh Wednesday, 12 January 2022 01:12 PM

දේශපාලන ගමන නෙවෙයි, තමනුත් ඉතා ඉක්මණින්ම විනාශ වෙනවා නොඅනුමානයි.

:       1       109

Buddika Wednesday, 12 January 2022 01:35 PM

මේ වගේ මිනිස්සු පාර්ලිමේන්තුවට එව්ව මහනුවර දිස්ත්‍රික්ක මිනිස්සුත් මේවාට වගකිව යුතුයි. අමතරව චෝදනා ලැබූවෙක්...

:       2       91

kamal Wednesday, 12 January 2022 01:42 PM

හානේ, ඒක තමයි අපිටත් දුක.. රටට කරපු විනාශය ගැන නෙමෙයි... හුස්ම යන අවසාන මොහොතේත් තමන් ගැනම විතරයි.

:       2       69

fairoos Wednesday, 12 January 2022 01:43 PM

"ජනාධිපතිවරයා හා රජය සමඟ කැප වෙනවලු‘‘ දැන් කරලා තියෙන හරිය මදැයි... තවත් බංකොළොත් කරන්නේ නැතිව තොලොංචි වෙලා යන්න.

:       2       83

Willow Drive Wednesday, 12 January 2022 01:48 PM

රටත්, පක්‍ෂයත් කෑවා...!

:       2       55

Hafeel Wednesday, 12 January 2022 02:07 PM

ඔයාගේ දේශපාලන ගමන කොහොම වුණත්, ඔයා දුප්පත් ගොවීන්ගේ අනාගතයත් විනාශ කළා. ඔයාගේ දේශපාලන ගමන විනාශ වුණේ කියලා කියන්නේ ඊළඟ පරාජයයි.

:       1       64

Sanath Wednesday, 12 January 2022 02:08 PM

කාලකණ්ණි වැඩ තමයි කරන්නේ... නාවලපිටිය මිනිස්සුන්ගේ ඔලුව කෑවා.

:       2       55

Prabha Wednesday, 12 January 2022 02:10 PM

අගමැති සිහිනේ බොද වුණාට මොකද? කොමිස් එක හැටියට ලැබුණා නම්...!

:       1       53

මහසෙන් Wednesday, 12 January 2022 02:13 PM

වාචාලකමයි, පණ්ඩිත කමයි, බොරු කීමේ හැකියාවයි තිබූ පලියට මේ වගේ ඇමැතිකම් කරන්න හැකිනම් පහුගිය කාලේ වූ දේවල් සහ කියූ දේවල් සමග මේ රට සුරපුරයක් වෙන්න ඕනෑ. තමුන්ගේ ඉවර වුනේ දේශපාලන ජීවිතේ. මේ යන විදියට රට්ටුන්ගේ ඉවර වෙන්නේ ජීවිත...

:       2       57

sam Wednesday, 12 January 2022 02:36 PM

මෙයාගේ මේ නොහැකියාව මේ කාගේ පිටින්ද දාන්න හදන්නේ...?

:       1       50

සේනක~ඉතාලිය Wednesday, 12 January 2022 02:38 PM

කරන්න දෙයක් නැහැ මහත්තයෝ, කණගාටුවෙන් වුණත් කියන්න තියෙන්නේ ඔබතුමන්ලාගේ අවසාන කාලය ළඟා වුණාම ඔය වැනි දේවල් රටේ ජනතාව අතර පිළිකුලක් ඇතිවෙනවා. නමුත් රටේ අවාසනාවද, අපේ අවාසනාවද දන්නේ නැහැ. රටේ මිනිස්සු තාමත් වහල් බවින් මිදිලා නැහැ...

:       2       46

Hafeel Wednesday, 12 January 2022 02:58 PM

මෙයාලගේ අවසාන කාලය ළඟා වුණා කියලා කණගාටුවෙන් කියන්න ඕනෑ නැහැ. සතුටින් කියන්න තියන්නේ.

:       1       32

වාසුදේව Wednesday, 12 January 2022 03:39 PM

කෝ... මේ වහල්ලු සහ බයියො ටික..? රවීන්ද්‍ර, බමුණා සභ අර මිලානෝ බයියෝ.... දැන් කට මූට්ටු වෙලා ඇත්තේ...!

:       3       30

de silva Wednesday, 12 January 2022 02:39 PM

දමලා තියෙන කමෙන්ට්ස් බැලුවාම අද හෙටම දේශපාලනයෙන් විශ්‍රාම ගිහින් එංගලන්තයේ ගෙදර පදිංචියට යන එක නුවණට හුරුයි.. නැතිනම් තව මාස 2-3 කින් කන්න නැතිව ප්‍රකෝපයට පත්වන ජනතාව විසින් ඔබට වටකොට පහර දෙනු ඇත.

:       1       46

kamalWednesday, 12 January 2022 03:16 PM

සිංහලයාට බොහොම ඉක්මණට දේවල් අමතක වෙනවා කියලා කවුද කිව්වා නේද?

:       1       26

Ran Wednesday, 12 January 2022 03:18 PM

ඒකනේ... ඉක්මණට හම්බ කරන්න ගිහින් වැඩේ අනාගත්තා නේද? අර කෝච්චියේ රස්සාව කරගෙන හිටියානම් කිසිඅවුලක් නෑනේ... හොඳට හම්බකරගෙන සැපෙන් ජීවත්වෙන්න තිබුණා. ඒ බඩු දැන් හරි ගණන්...

:       0       26

duminda Wednesday, 12 January 2022 03:39 PM

විනාශ වුණු ලක්ෂ ගණනක් ගොවි පවුල් ගැන කවුද වගකියන්නේ...? මෙයාට උතුරන්න සල්ලි...!

:       0       37

Sunil Wednesday, 12 January 2022 04:07 PM

රටේ කෘෂිකර්මාන්තය වනසලාම දැම්මා.

:       0       34

මෝ Wednesday, 12 January 2022 04:23 PM

ජනතාව ඉස්සරහ බොරුවට අඬන්න එපා. ඔය කතාව නන්දසේනට කියන්න. තියෙන ගොන්කමට කිසිම පරීක්ශණයක්, නිරීක්ෂණයක් නොකර පෝර නැවැත්තුවා. මොකද කාබනික අසූචි පෝර චීනෙන් ගෙනැවිත් ගහන්න පුලුවන් කොමිස් කුට්ටියට කෑදර වෙලා. ගොවියන්ගේ සාපය ඔබට වැදෙනවාමයි...

:       0       27

Chandima Wednesday, 12 January 2022 05:00 PM

දෙවියෝ බලලා.. මේ වෙච්චි දේ මොනතරම් හොඳ දෙයක්ද? දැන්වත් රටට වැඩක් ඇති දෙයක් කරලා ජීවත් වෙන්න බලන්න.

:       0       18

Bishan Wednesday, 12 January 2022 05:24 PM

තමාට විනාශය ගැන දුක්වෙනවා. රටට වුණු විනාශය මෙයාගේ දේශපාලන ගමන වගේද? මේ වගේ ගොන් තකතීරු තීරණ ගන්නා අයව දේශපාලනයෙන් අතුගාලාම දාන්න ඕනේ...

:       0       18

kalum Wednesday, 12 January 2022 05:54 PM

මීළඟට එන රජයක් යටතේ අනිවාර්යයෙන්ම හිරේ යන්න ලැහැස්තිවෙලා ඉන්න.

:       0       15

Edie Wednesday, 12 January 2022 06:10 PM

අපේ විදුහලේ නාමය කැත වුනා

:       0       0

casmir Wednesday, 12 January 2022 06:28 PM

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ගැන දැඩි ලෙස කණගාටුයි

:       0       0

ගමේ එකාලා Wednesday, 12 January 2022 06:35 PM

අවුරුදු 32 ක් තිස්සේ දේශපාලනෙන් ගසාකාපුවා ඇතිනේ පරම්පරා ගාණකට ඇති වෙන්ඩ

:       0       0

Upali Aluthgama - GALPAYA Wednesday, 12 January 2022 06:43 PM

තව අන්දන්න හේතු හොයනවද?

:       0       0

Kumara Wednesday, 12 January 2022 10:24 PM

මෙයාව සභාවට යවපු යට දැන් සනීප ඇති.

:       0       0

Demuni Uduwara Thursday, 13 January 2022 06:17 AM

ඔබලා අහිංසක ගොවීන් සමඟ සෙල්ලම් කළ නිසා රජය ඉල්ලා අස්විය යුතුයි!

:       0       0

lakvidu Thursday, 13 January 2022 08:01 AM

මොන පිස්සුද ලබන චන්දෙනුත් මෙයා එනවා.

:       0       0

ජනතාව Thursday, 13 January 2022 09:44 PM

එහෙම සිත් තැවුල් එන්නෙ ආත්මයක් ගැන විශ්වාසයක් ඇති අයට. ආගමික ස්ථානවලට ගියාට මේ මිනිස් ආත්මය තුල ඕනෑම බොරුවක්, වංචාවක් කරන්න හැකි කෙනා තුළ පසුතැවිලි ඇති වෙන්නෙ නෑ.

:       0       0

Siri Sunday, 16 January 2022 11:00 AM

සාමදානයේ සැතපෙන්න!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 866 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 1966 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 2259 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 1174 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 307 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 2323 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1644 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site