(ඩී.කේ.රත්න)
හාලිඇල ප්‍රදේශයට ඇද හැලුණු ධාරානාපාත වර්ෂාවත් සමග හාලිඇල නගරයේ හාලිඇල ගලඋඩ හරහා නක්දකැටිය මාර්ගය අද (14) හවස සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවීමෙන් මෙම මාර්ගය භාවිතා කරන විශාල පිරිසක් දැඩි දුෂ්කරතාවයකට පත්වූහ.
මෙම මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවීම නිසා මෙම මාර්ගයේ පා ගමනින් ගමන් ගන්නා ජනතාව හා මෙම මාර්ගයේ රථවාහන ධාවනයේ යෙදුන පිරිස් දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටි අයුරු දක්නට ලැබිණි.
අලුත් අවුරුදු දිනයේ නෑගම් ගොස් නැවත සිය නිවෙස් කරා පැමිනෙමින් සිටි පිරිස් සහ විවිධ ප්‍රදේශවලට ගමන් ගන්නා පිරිස් මෙසේ දැඩි දුෂ්කරතාවයකට පත්වූහ.
හාලිඇල නගරයේ නිසි කානු පද්ධතියක් නොමතිවීම නිසා වැසි දිනවලදී හාලිඇල නගරය පුරා ගලා යන වැසි ජලය මෙම මාර්ගයට පැමිනීමත් හාලිඇල නගරය ආසන්නයේම පිහිටි වෙල්යායෙන් ගලා එන ජල ධාරාව මෙම මාර්ගයට යටින් ගලා යාමට නිසි ක්‍රමවේදයක් නොමතිවීම නිසාත් මෙම මාර්ගය ජලයෙන් යටවීම සිදුවී ඇතයි නගරවාසීහු කියති.
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි
ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා
ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි
කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.
ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්
බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
හාලිඇල ජලයෙන් යටවේ
මෝ Wednesday, 14 April 2021 05:29 PM
සොබාදහමට එරෙහි වූ කිසිම ජාතියකට සොබාදහම කිසිම සමාවක් නොදේ. සොබාදහම ඉදිරියේ දී අපිට බොහෝ පාඩම් උගන්වනු ඇත. එතෙක් අපි පිස්සුම නටමු...