IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


හාල් මිලට ඇමැති දෙපළක් හැප්පෙති

( ක.ග. කරුණාරත්න)

රාජ්‍ය ඇමැතිවරුන් වන සිරිපාල ගම්ලත් සහ රොෂාන් රණසිංහ යන මහත්වරුන් අතර වී සහ සහල් මිල ගණන් සම්බන්ධයෙන් පෙරේදා උණුසුම් වචන හුවමාරුවක් ඇතිවිය.

තරුණ හා ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්‍ෂ මහතා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු හා වී ගොවීන්ගේ ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමට පොළොන්නරුවට  පැමිණි අවස්ථාවේදී රාජ්‍ය ඇමැතිවරුන් දෙදෙනා අතර මෙම මත ගැටුම ඇතිවිය.

වී මොල් හිමියන් වී කිලෝව රුපියල් 60 ට මිලදී ගෙන සහල්වලින් අධික ලාභයක් ලබන බව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා එහිදී පැවැසූ අවස්ථාවේ රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා ඊට එරෙහිව අදහස් දැක්වීම නිසා මෙම වචන හුවමාරුව ඇති වූ අතර අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මැදිහත්ව එය සමථයකට පත්කළේය.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති කිහිපයක ප්‍රගතිය සොයා ලැබූ නාමල් රාජපක්ෂ මහතා ඉන්දීය රජයේ පරිත්‍යාගයක් ලෙස පොළොන්නරුව කදුරුවෙල ඉදිවන ත්‍රෛභාෂා සංහිඳියා පාසල නිරීක්ෂණය සඳහා පැමිණි අවස්තාවේ ගොවි නියෝජිත පිරිසක් ඇමැතිවරයා හමුවීමට පැමිණ සිටියහ.

වී කිලෝවක රජයේ සහතික මිල වැඩිකරන ලෙස ඉල්ලමින් ගොවි නියෝජිතයන් එහිදී ඇමැතිවරයාට ලිපියක් බාරදුන් අතර ඇමැතිවරයා එහිදී පැවසුවේ රජය වී කිලෝවක සහතික මිල රුපියල් 50 ක් දක්වා වැඩිකර ඇති බවයි.

එම මිල කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව කී ගොවි නියෝජිතයෝ නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 65 ක් සහ කීරි සම්බා කිලෝවක් සඳහා රුපියල් 75 ක මිලක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කළහ.

සහල් මෝල් හිමියන් වී කිලෝව රුපියල් 60 බැගින් මිලදී ගනිමින් සිටියත් පසුගියදා රජය මගින් සහල් මෝල් වැටලීම නිසා ඔවුන් දැන් එම මිලට වී නොගන්නා බවද ගොවීහු ඇමැතිවරයාට පෙන්වා දුන්හ.

රාජ්‍ය ඇමැති රොෂාන් රණසිංහ මහතා එම අවස්ථාවේ ‘‘තමුන්නාසේලාගේ ඉල්ලීම සාධාරණයි. ඔවුන් 60 ට ගත්තට 60 ට සරිලන ගාණකට නෙවෙයි ලොකු ලාබයක් තියාගෙනනේ හාල් දෙන්නේ’’ යැයි පැවසීය.

එම අවස්ථාවේ ඊට එරෙහිව අදහස් දක්වමින් රාජ්‍ය ඇමැති සිරිපාල ගම්ලත් මහතා වැරදි අර්ථ නිරූපණ කරන්න එපා. හැටට අරගෙන තමයි එකසිය පහට දුන්නේ යැයි කීය.

ඒ අවස්ථාවේ දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිවූ අතර නාමල් රාජපක්ෂ ඇමැතිවරයා රොෂාන් රණසිංහ මහතාට සන්සුන්වන ලෙස උපදෙස්දී එය සමථයකට පත් කළේය.

ගොවි ජනතාවගේ මෙම ඉල්ලීම රජයට ඉදිරිපත්කර විසඳුමක් ලබාදෙන බව එහිදී ප්‍රකාශ කළ නාමල් රාජපක්ෂ ඇමැතිවරයා ආණ්ඩුව ගොවීන්ට අසාධාරණයක් කරන්නේ නැතැයිද කීවේය.

 

 



අදහස් (33)

හාල් මිලට ඇමැති දෙපළක් හැප්පෙති

සෙනෙවිරත්න Sunday, 12 September 2021 07:57 PM

මේ වගේ සංකීර්ණ ප්‍රශ්නයක් පේමන්ට් එකේ කතා කිරීමෙන්ම මේ තුන්ගොල්ලන්ගේම මොලේ තරම පේනවා...

:       5       80

sisilMonday, 13 September 2021 06:30 AM

මේ ඇමතිලා වේලාසන කතාවෙලා, ජනතාව ඉදිරියේ මාධ්‍යත් ගෙන්නා ගෙන කරන බොරු රංගන

:       0       28

සොරිසේන Monday, 13 September 2021 07:55 AM

මේ වගේ සංකීරණ ප්‍රශ්න පේමන්ට් මුලින්ම ගෙනිච්චේ අපේ සර්.

:       0       19

sachith Sunday, 12 September 2021 07:59 PM

තවත් එක නාට්‍යයක්...

:       2       71

අබිලින්Sunday, 12 September 2021 09:10 PM

නාට්‍යයයේ නම හැටනව ලක්ෂෙ කිව්වොත් නරකද

:       7       44

Jay Sunday, 12 September 2021 08:04 PM

නාට්‍ය සහ රංග කලාව...

:       4       56

sirisena Sunday, 12 September 2021 08:10 PM

සිරිපාල ගම්ලත් සහ රොෂාන් රණසිංහ අපි පාර්ලිමේන්තුවට පත් කළේ මහජන ප්‍රශ්න විසඳන්න සඳහායි. නමුත් රටේ ප්‍රශ්න පසෙකට දමා මේ දෙන්නා හැප්පෙනවා. මේ හැප්පෙන්නේ ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ සැබෑ ප්‍රශ්න සඳහා නම් නොවේ. මේ දෙන්නා උත්සාහ කරන්නේ පොලොන්නරුවේ වීරයා මම "පොර මම" බව මාධ්‍ය ඉදිරියේ ප්‍රදර්ශනය කිරීමට පමණි. අප රටේ ජනතා ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට මොවුන්ට හැකිද? පොළොන්නරුවේ ජනතාව මෙවැනි පොරවල් යළිත් පාර්ලිමේන්තුවට පත්කරන්නේද? තීන්දුව ජනතාව සතුයි...

:       3       74

RaveendraMonday, 13 September 2021 06:36 AM

ඇත්තෙන්ම ඔබගේ අදහස් නිවැරදිය. අප නම් සදහන් කරන්නේ "තොපි" දෙන්න විතරක් නොව "තොපි 225ම " කා මරා ගත්තත් කිසිදු ගැටළුවක් නැත එමගින් රටේ මහජනතාවට සෙතක් සැලසෙනවා නම්...

:       3       16

Don perera Sunday, 12 September 2021 09:21 PM

මේ නාට්‍ය දැක්කම මෝඩයන්ට හරි සතුටුයි

:       3       36

SL Sunday, 12 September 2021 09:35 PM

වී කිලෝවට 30ක් දෙද්දී වැඩි කරන්න කියල කීව 60 කරා ආයෙත් අඬනවා. කීරි සම්බා වී කිලෝව 60-65 අරගෙන කීරි සම්බා හාල් කිලෝව විකුනන්නේ 225 ට.

:       1       46

de silva Sunday, 12 September 2021 10:53 PM

හාල් මාෆියාව සමග වැලි මාෆියාව

:       1       38

විජේ Monday, 13 September 2021 12:32 AM

රොශාන් රනසිංහගේ ව්‍යාපාර මොනවාදැයි මම නොදනිමි. නමුත් නිපුන සම්බා සිරිපාල ගම්ලත්ගේ බව දනිමි. ලංකාවේ සහල් මිල පාලනය ඩඩ්ලි සිරිසේනට හා සිරිපාල ගම්ලත්ට රිසි සේ කලහැකි බව විශ්වාස කරමි. එහෙමපිටින්ම සහල් ව්‍යාපාරය ඇත්තේ ඔවුන් දෙදෙනා සතුවය. මොවුන් මෙතෙක් මේ ව්‍යාපාරයෙන් පමනක් උපයා ඇති අති විශාල ධනයෙන් මෙවන් අසීරු අවස්ථාවක මුලු රටටම නොමිලේ සහල් සැපයිය හැකි බවයි මගේ හැගීම.

:       13       47

Rasika Monday, 13 September 2021 11:56 AM

සම්පූර්ණ ඇත්ත. මේ අය පාර්ලිමේන්තුවට ඇවිල්ලා කරන්නෙත් තමන්ගේ වැඩ කොටස කරගන්න එකයි. මේ හැමෝම රජයෙන් ණය අරගෙන දැන් ට්‍රිලියන පතියන් වී හමාරයි. දැන් ගොවි ජනතාව අවුස්සනවා වී මිලදී ගන්නෑ කියලා. රජයෙන් මේ වෙලාවේ කරන්න ඕනේ මේ වී පොඩි වැඩි මුදලකට මිලට ගැනීමයි...

:       1       8

බද්රානි Monday, 13 September 2021 01:24 AM

දැන් බලාගෙන ගියාම මේ කෝලම් නරඹනවට වඩා වෙන දෙයක් නැහැනේ අපට?

:       0       9

විජේ Tuesday, 14 September 2021 07:40 AM

බද්‍රානිට විකල්පයක් තියනවද???

:       1       2

dhamneth Monday, 13 September 2021 07:47 AM

පාලන මිලට වැඩියෙන් වී මිලදී ගන්නවනම් පාලන මිලක් අවශ්‍ය නැහැ. ඒ නිසා පාලන මිල ඉවත් කර කන්න දෙක තුනක් බලමු මොකද වෙන්නේ කියල

:       0       4

දිසා...... ගම්පහ. Monday, 13 September 2021 08:33 AM

ගොවීන්ගෙන් රජය වී මිලදී ගැනීම පවතින මිල වැඩි නොකළ යුතුයි. මන්ද රජය වී ගොවියන් සේම පාරිභෝගිකයින්ද සුරැකිය යුතුයි. ඔය හඬ නගන ගොවීන් සහ අනෙක් අය මෝල් කරුවන් වෙනුවෙන් පමණක් පෙනී සිටින අයයි. දැනටත් සහල් මිල ගණන් අධික වුවත් පාරිභෝගිකයින් උද්ඝෝෂණය කරන්න යන්නේ නැහැ. විඳ දරාගෙන සිටිනවා...

:       0       4

Rakitha Monday, 13 September 2021 09:08 AM

පොහොර් නිකන් දීලා වතුර නිකන් දීලා රුපියල් 50 හාල් අරගෙන තව මොනවා කරන්නද?

:       1       8

සමිත සේනක අලුත්ගමගේ. Monday, 13 September 2021 09:33 AM

මා කිසිදු දේශපාලන උවමනාවකින් පෑන මෙහෙයවන කෙනෙකු නොවෙයි.එය කෙසේ වෙතත්, මට සිතෙනා අයුරින් කිවහොත්, මේ ප්‍රශ්නයට ප්‍රධානම හේතුව වශයෙන් සිතිය යුතු වන්නේ,වී මෝල් හිමියන් හා තරඟ වැදී වී තොග මිලට ගෙන රටට බත සැපයීමට රජයට නොහැක්කේ මන්ද යන්නයි. වෙළෙඳ ඇමතිවරයාගේ පටන් රාජ්‍ය යාන්ත්‍රණයේ ඇති දුර්වලතාව මෙයින් හොඳහැටි ඔප්පු වෙනවා නොවේද ? මෝල් හිමියන් හා කරට කර සටන් කොට දිනීමට රජයට හා වෙළෙඳ ඇමැතිට නිසි අයුරින් ව්‍යාපාරික නුවණක් නැති බව නොවේද ? එසේ තිබුණේ නම්,ප්‍රශ්ණය විසඳීමට මේජර් ජෙනරාල් වරුන්ගේ සේවය අවශ්‍ය නොවනු ඇත.අමිහිරි සත්‍යය එයයි.

:       1       18

RaveendraMonday, 13 September 2021 11:19 AM

ඔබගේ වටිනා අදහස් අප හදවතින්ම අගය කරන්නෙමු. ඇත්තෙන්ම විය යුත්තේ එයයි. එලෙසම ඔබගේ අදහස් වලට මෙයද ඇතුලත්වුයේ නම් එය තව තවත් නිවැරදි වනු නියතය.

:       1       7

JAYATH Monday, 13 September 2021 10:25 AM

මේ අයගේ සංදර්ශන

:       0       8

Nuwan Monday, 13 September 2021 11:23 AM

පොලොන්නරුවට මොකටද ජොගින් ට්‍රැක්

:       0       3

api mol Monday, 13 September 2021 01:07 PM

රොෂාන් හරි

:       0       2

avasanava Monday, 13 September 2021 01:09 PM

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ දැවැන්ත සහල් මෝල් දිරාපත් වෙනවා. ඒවා නැති කරල දැම්මේ දේශපාලකයෝ වාසි තකා

:       0       2

Sk Monday, 13 September 2021 01:26 PM

කොරෝනා අස්සේ මෙහෙම රැස්වීමක්.. තියන්න පුළුවන්ද?

:       0       1

Piyal Monday, 13 September 2021 01:45 PM

තණකොල කන මීහරක්ට ඕවා තේරෙන්නේ නැහැ..

:       0       4

aluthge Monday, 13 September 2021 02:23 PM

අනිවාර්යෙන් රජයක් හැටියට රටේ හැම දිස්ත්‍රික්කයකම වී මෝල් පිහිටවලා පුද්ගලික අංශයට තරඟයක් දිය යුතු

:       0       0

වී ගොවියාMonday, 13 September 2021 04:28 PM

රජයෙන් කොරන්නෙ කොහොමද වෘත්තීය සමිති පිහිටුාගෙන අයිතිවාසිකම් ගන්නයි පිකටින් කරන්නයි ගියාම මෝල් වැහෙනවා. රතු අයියලා ඒවාට උඩ ගෙඩි දෙනවා.වී අලෙවි මණ්ඩලයේ තිබුන හාල් මෝල් වැසීමටත් ඒවා හේතුවුනා ඊළගට අලෙවියේ අයියලා ලාභ ගන්න වියලුන වී තෙත ලෙසට කිරනවා .හිතවතුන්ගේ බාල වී වැඩි මිළට ගෙන ගබඩා කරනවා.මණඩලයට පාඩු වෙනවා. රජය යටතේ කොහොම වැඩක් කරන්නද

:       0       1

Naushad Monday, 13 September 2021 02:57 PM

ඔය හාල් මෝල් ටික සුළු ජාතීන්ට අයිති නම් අද බොදු බල සේනා පාරේ ඉදන් බෙරිහන් දෙයි

:       1       5

ගමේ එකාලා Monday, 13 September 2021 04:08 PM

දේශපාලුවෝ රටටම පේන්ඩ කරන්නේ බොරු රඟපෑමක් .මෙයාලව විස්වාශ කරනව බොරු.

:       0       2

chandima Monday, 13 September 2021 05:29 PM

ඇමෙරිකානු මල්ලවපොර තරගයක් වගේ...

:       0       1

sampath Monday, 13 September 2021 11:27 PM

ව්‍යාපාරිකයොත්, ඇමැතිවරුත් එකම වනවිට එකම ප්‍රශ්න කෙසේ විසඳන්නද .කුඩා මෝල් හිමියන් කුඩු පට්ටම් කරපු නිසයි මෙහෙම උනේ .දෙගොල්ලකගේ හරි හාල් සතියක් වර්ජනය කරලා පෙන්නමුද ජනතාව මුදලාලිලාට කෝකා පෙන්නුවනම් මේක හරි යනවා

:       0       3

isuru Wednesday, 15 September 2021 02:19 PM

දේශපාලුවෝ රටටම පේන්ඩ කරන්නේ බොරු රඟපෑමක් .මෙයාලව විස්වාශ කරනව බොරු.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 962 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 194 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1111 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1158 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1422 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1266 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1432 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site