IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


හදිසි ඡන්දයක් ගන්න හැටි ටිල්වින් කියයි

(සුමිත් පොතුපිටිය)

මැතිවරණයක් එනතුරු වසර තුනක් ජනතාවට බලා ඉන්න බෑ. ඒ නිසා සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂණයකින් මැතිවරණයක් ලබගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද වාද්දුවේදී පැවසීය.

දැන් මේ රටේ තියෙන තත්ත්වය වසර තුනක් තියා මාස තුනක්වත් දරාගෙන ඉන්න ජනතාවට බෑ. ඒ නිසා කරන්න ඕන මේ හොර නඩය එලවලා අපි ආණ්ඩුවක් හදන්න ඕනෑ. හදන්න ඕන කම තිබ්බට අපිට ඡන්දයක් ඕනෑ. ඒත් වසර තුනකට පොතේ ඡන්දයක් නෑ.

පොතට අනුව ව්‍යවස්ථාවට අනුව ඡන්දයක් එන්නේ තව අවුරුදු තුනකින්. එපමණ කාලයක් ජනතාවට මේ දුක දරාගෙන අර්බුදය මැද්දේ ඉවසන් ඉන්න බෑ.

ඒ නිසා මේ පාර්ලිමේන්තුවට බැහැලා පලයල්ලා කියලා එලවන්න ඕන. අවුරුදු පහකට ආපු ගෝඨාභය එලෙව්වා නම්, මහින්ද රාජපක්ෂ එලෙව්ව නම් අපිට ඒක කරන්න බැරි නැහැ යනුවෙන් ද පැවසීය

 



අදහස් (7)

හදිසි ඡන්දයක් ගන්න හැටි ටිල්වින් කියයි

Bamunuarachchi Monday, 19 September 2022 06:55 AM

මේ හාදයාට අමතක වෙලා 2020 දී ඔහෙලාවත් උද්ඝෝෂණ නැතුව එලෙව්වා. ජෙප්පන්ට ඉතුරු වුනේ තාප්පවල පාප්ප ගාන සෙට් එක විතරයි. නලින් හේවගේ වාදපිටියේ බැටදුන්නේ රනිල්ට ඉස්සර ඝෝඨාභයට. ජෙප්පන් වලිගෙ ගිනිතියා ගත්ත හනුමා වගේ රට ගිනි තියතිය පනිනවා.

:       0       3

ගොන්තරේ Monday, 19 September 2022 07:06 AM

ඔව් කබල රත්වෙලා තියෙන වෙලාවේ රොටිය පුච්චගන්න ඕනෑනේ?... ඉන්න අයයි ඔයගොල්ලොයි දෙගොල්ලන්ම නැතුව හොරකම් නොකරන රට ගොඩගන්න සැලැස්මක් තියෙන කට්ටියක් ආවොත් තමයි හොඳ. පහුගිය අවුරුදු තිහේදි වසරකට 20,000 ක් පිටරට අධ්‍යාපනයට යනවා. ඒ කියන්නේ එක වෙලාවක ළමයි 80,000 ක් පිටරට ඉගෙන ගන්නවා. වියදම ඩොලර් බිලියන දෙකයි. අවුරුදු තිහට අද මුදලින් ඩොලර් බිලියන හැටයි. රටේ ණය ඩොලර් බිලියන 55 යි. 1989 සිට පෞද්ගලික විශ්ව විද්‍යාලවලට කරන්න නොදුන්නේ ඔය අය තමයි. සල්ලි තියෙන අය පිටරට ඉගෙන ගන්න කොට සල්ලි නැති අය මැද පෙරදිග, ත්‍රිරෝදරථ වලට යොමු වුනේ ඔය ගොල්ලො නිසයි. සටන් කරන්න තිබුණේ දුප්පතුන්ටත් පුද්ගලික විශ්ව විද්‍යාල වලට යන්න සිසු ණය ක්‍රමයක් ඉල්ලලා. ඒත් කලේ ආයතන රජයට ගන්න උද්ඝෝෂණය කරන එක. අවුරුදු 30 පුද්ගලික විශ්ව විද්‍යාල ඇතිවුණා නම් අද පිටරට අයත් මෙහෙ එනවා. ඒ වෙනුවට අපේ අය බංග්ලාදේශයට යනවා. මහින්ද ගැන පස්සේ රටේ ආර්ථිකයට ලොකුම හානිය කලේ ඔය ගොල්ලන්. තියෙන පුද්ගලික ඒවා ටිකත් වස්සලා, වැඩ වර්ජනය කරවලා පුද්ගලික ආයතන ටිකත් වස්සවන්න ඔයගොල්ලන්ට ඡන්දෙ දෙන්න මිනිස්සු මෝඩ නොවෙයි කියලා මම හිතනවා.

:       0       1

ruwan Monday, 19 September 2022 08:54 AM

මේ මිනිස්සු නම් පුදුම මිනිස්සු. මෙච්චර රට අමාරුවෙන් ගොඩ එන්න හදනකොට මේ අයට ඕනෑ බලය ගන්න. මිනිස්සුන්ට ඕනෑ ඡන්ද නෙවෙයි.. මේ රට පොඩ්ඩක් හරි උඩට ගන්න.

:       0       1

Santhu Monday, 19 September 2022 08:59 AM

වසර තුනක් තියා මාස තුනක්වත් දරාගෙන ඉන්න ජනතාවට බෑලූ, මොනවද මේ කියවන්නේ? විකාර වෙලාද? මහඡනතාව එලෙව්වේ රාඡපක්ෂලාව නෙවේ... අවුරුදු 60 කට ඉහත ඡේවිපෙයි.

:       0       1

Susantha Gamhewage Monday, 19 September 2022 09:25 AM

හරි අවුලක් නැහැ... ඔබ අනුරකුමාර, විජිතලාල් උදැල්ලක් නොඅල්ලන ලොකු ගොවියා විද්‍යා නලින්ද හරිනි වසන්ත හා නම් නොකියැවුණු සියලුම දෙනා ඉදිරි පෙළින් යන්න. අපි එනවා මීටර් 700න් පසුපසින්... මොකද ඔබලා කතා කියලා ⁣කොල්ලෝ ටික ඉස්සරහට දාලා කුලප්පු කරලා ඔබලා ඉඳියි. පට්ටම පසුපසින්... එතකොට ඔබලා පළමු පෙළ, දෙවන, තෙවන පෙළ දරුණු මරණීය ප්‍රහාරයට හෝ පසුපස ප්‍රහාරයට ලක්වෙන්නේ නැහැ. අන්න ඒකනිසා ඔබලා ළඟ තියන භාණ්ඩත් අරන් වරෙව්.. පළමු පෙළට මොකද ගෝඨාභය හමුදා ප්‍රධානියෙක් වුණත් එපා එපා... වෙඩි තියන්න එපා... මම යන්නම් යන්න කියලා ගියාට කවදාවත් රනිල් වික්‍රමසිංහ යන්නේ නැහැ. යවනනත් බැහැ. යන්නෙත් නැහැ. අන්න ඒකනිසා අපිට කාගේවත් වතගොත වැඩක් නැහැ 2025 දිත් අපිට හිතුණොත් අපි මිනිහාටම තමයි ජන්දේ දෙන්නෙත් ඕන දෙයක් වෙන්න කියලා ගෝඨාභය එළවලා වේචිචි හරිය හොඳටම ඇති ජල බිල, විදුලි බිල, වැට් බදු, පුද්ගල බදු සමාජ ආරක්ෂණ බද්ද තවත් එක එක බදු කාලා එපාවෙලා ඉන්නේ... ඒකනිසා ඔබලා ටික එන්න. පළමු පෙළින්ම පළමු පෙළ මරණීය හමුදා ප්‍රහාරයට අහුවෙන්න...!

:       0       2

Demi Monday, 19 September 2022 10:26 AM

මෙච්චර කාලයක් දේශපාලනය කරලා මේ රටට කරපු දෙයක් නැහැනේ. ඉක්මණින් ඡන්දෙ ඉල්ලන්න බෑ කියලා ඔහෙලම උසාවියෙන් නියෝග ගත්තා මතක නැතෙයි. එදා රනිල් පප්පාට ගොට්ට ඇල්ලුවා අමතකෙයි සර්...!

:       1       10

API IDIRIYATA Monday, 19 September 2022 03:50 PM

මෙි රටට මෙි කපටි නරි රංචුව කරපු දෙයක් තියනවද?

:       1       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 71 1

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 1571 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 480 1

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 557 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 420 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 583 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site