IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


සීනි, පරිප්පු, අල, ලූණු මිල පහළට

(නිමල කොඩිතුවක්කු)

පරිප්පු, සීනි, අල, ලූණු , මිරිස් ආදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල සැලකිය යුතු ලෙස පහළ බැස ඇතැයි පිටකොටුව වෙළඳ සංගමයේ විධායක කමිටු සාමාජික දේව පුරන් මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව රුපියල් 600 ක්ව පැවති පරිප්පු තොග මිල  රුපියල් 410ක් ලෙසත්, රුපියල් 330ක් පැවති සීනි තොග මිල රුපියල් 270 ක් ලෙසත්, රුපියල් 215 ක් ව පැවති අර්තාපල් තොග මිල රුපියල් 150 ක් ලෙසත් රුපියල් 600ක් ව පැවැති සුදු ලුණු තොග මිල රුපියල් 420ක් ලෙසත්  රුපියල් 180ක් ව පැවති රට ලුණු තොග මිල රුපියල් 130 ලෙසත් රුපියල් 1900ක් ව පැවැති මිරිස් කිලෝව රුපියල් 1300ක් ලෙසත් මිල පහළ බැස ඇතැයි ඔහු සඳහන් කළේය.

ඩොලරයක මිල ස්ථාවර වීම සහ බැංකු මගින් ඩොලර් නිකුත් කිරීම හේතුවෙන් මෙලෙස අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පහළ යාමට හේතු වී ඇතැයිද ඔහු තවදුරටත් කීවේය.



අදහස් (46)

සීනි, පරිප්පු, අල, ලූණු මිල පහළට

jayasekara Thursday, 04 August 2022 04:38 PM

සතුටුයි, එදා වේලවක්වත් කන්න බැරිව හිටපු මිනිස්සුන්ගේ මුණේ හිනාවක් ඇති. අපිටත් මේක දරාගන්න බැරි වුණා. අනේ ඒ මිනිස්සු බඩගින්න දුරුවේවා, රට පලතුරු, චීස්, බටර්වල මිලත් අඩු වුණා නම් හරි. මොකද අපිට නැතත් පොඩි දරුවන් ආස කෑම ටිකක් කන්න ලැබෙනවනම්. අරගල, විප්ලව දිගටම කළානම් මේ සහන නොලැබෙන්න තිබුණා කියලා මටනම් හිතෙන්නෙ. සාමකාමී මුල් නිර්පාක්ෂික අරගලකරුවන්ට ස්තූතියි

:       37       163

ලක්සිරි පැරිසියේ Friday, 05 August 2022 12:13 AM

මම හිතන්නෙ මෝලේ අමාරැවක් තියෙනවා .. මට පුලුවන් උදව්වක් කරන්න පුලුවන්

:       21       20

දාසFriday, 05 August 2022 04:52 AM

පත්තරෙ හුගවෙලාවට බඩු අඩුයි හැබැයි ගන්න ගියාම මිල වෙනස් , පත්තර කාරයො තමයි අඩුකරන්නෙ .

:       5       29

lankaputhaFriday, 05 August 2022 11:03 AM

පොල් පරාලෙකින් බිම වැටෙන්නම ගහලා... ඊට පස්සේ 2,2 රීප්පෙකින් ගහද්දි හිනා වෙන්න ඕනෑද?

:       4       19

jayasekaraFriday, 05 August 2022 03:01 PM

ඔබතුමාගේ අදහස්වලට ගරුකරමි. ඒ ඔබේ අදහස.. මම දැම්මේ මගේ අදහස... ස්තුතියි මට වෙච්ච පොල්පරාල අනුග්‍රහය ගැන දුක් වුණාට...

:       2       9

kamalFriday, 05 August 2022 02:38 PM

කන්න දෙනවා නම්, බොන්න දෙනවා නම් ප්‍රභාකරන්ට වුණත් රට...!

:       9       13

suneth hemantha Thursday, 04 August 2022 04:40 PM

මේ වාසිය පාරිභෝගිකයට නිසි පරිදි ලැබෙනවද නැද්ද කියලා හොයලා බලන්න ඕනෙ.

:       2       136

Rishad Thursday, 04 August 2022 04:41 PM

සිමෙන්ති මිලත් අඩු කරන්න

:       2       102

මැක්ස් Thursday, 04 August 2022 04:55 PM

ස්තුතියි ගෝඨාභය මහතාණෙනි.

:       86       109

SethuhamiThursday, 04 August 2022 07:19 PM

මේ වගේ අඥානයන් පිරිසක් සිටින තාක් මේ රට හදනවා බොරු

:       69       64

DamindaThursday, 04 August 2022 09:04 PM

ඒක ඇත්ත

:       44       37

NaushiFriday, 05 August 2022 01:59 AM

ගෝඨාභයට ස්තුති කළේ ඉල්ලා අස්වූ හින්දා වෙන්නැති...

:       0       13

KamalFriday, 05 August 2022 06:50 AM

ගෝටාභය රටින් පැනල ගිහින් දැන් රනිල් ජනපති වෙලා ඉන්නෙ කියල නොදන්න අයත් ඉන්නව ඒ කියන්නෙ.

:       30       18

gaming01 Friday, 05 August 2022 11:07 AM

ඔහේ මොනවගේ මත්ද්‍රව්‍යද පාවිච්චි කරන්නේ?

:       22       10

පුරවැසියා..... Thursday, 04 August 2022 06:52 PM

අසාමාන්‍ය ලෙස ආහාර පාන ඇතුලු සියලුම ද්‍රව්‍ය මිල ගණන් ඉහළ නංවා ඇති බැවින් මේ සම්බන්ධයෙන් සොයා බැලීමක් විය යුතු අතර ආහාර පාන ඇතුලු සියලුම භාණ්ඩවල මිල වැඩි කිරීම පිණිස පාරිභෝගික සේවා අධිකාරියෙහි අනුමැතිය ඇතිව සිදු කිරීමේ ක්‍රමවේදයක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගත යුතුයි.

:       1       16

අනුර Thursday, 04 August 2022 09:24 PM

එතකොට සිල්ලර් මිල කොහොමද ? මට මතකයි මේ අවුරුද්දේ ජනවාරි මාසේ පරිප්පු කිලෝ 1 ක සිල්ලර් මිල තිබ්බේ රුපියල් 250 ක්

:       1       56

Perera Friday, 05 August 2022 12:48 AM

ඔය අපායේ ඉන්ටර්වල් එකද?

:       0       4

C.S.A.KUMARA Friday, 05 August 2022 08:12 AM

අඩුකරන ලද මිල පාරිභෝගිකයන්ට ලැබෙන්න පාරිභෝගික අධිකාරිය ගම්වල කඩගැන හොයලා බලන්නත් ඕනෑ.. නැතිනම් ඒ කඩවල මිල අඩුකරන්නේ නැහැ. දවසේ පඩිගන්න අය ගමේ කඩෙන් බඩුගන්න නිසා ඒ අයටත් අඩුකරපු වාසිය ලැබෙන්න වැඩකරන්න අධිකාරිය වගබලාගන්න....

:       0       5

Dilan pushpa kumara Friday, 05 August 2022 08:16 AM

මාළු අල්ලන්න යන්න භූමිතෙල් නැති නිසා මාළු මිල තව තෙල්වලට නිසි විසඳුමක් එනකන් මාලු මිල තව ඉහළට...

:       0       5

Aan lakshika Friday, 05 August 2022 09:55 AM

එදා වේල හොයාගෙන කන මිනිස්සුන්ගෙ මුහුණට පොඩි සිනහවක් එයි

:       2       7

ධම්මිකා මාරසිංහ Friday, 05 August 2022 10:11 AM

මේ වගේ අඩු කරන්න

:       1       6

සේනක ඉතාලිය Friday, 05 August 2022 10:43 AM

හැමදාම කරන සෙල්ලම ආයිත් පපටන් අරගෙන තියෙන්නේ.දැන් ඉතින් අනිවාර්යයෙන්ම චන්දයකට යන්න ඔනි.මිනිස්සු සනසන්නට කරන වැඩ,මෙිවට අහුවෙන මිනිස්සු කලින් හිටියා.දැන්නම් අඩුයි.අවුරුදු හැත්තෑ හතරක් තිස්සේ කලෙ මෙි සෙල්ලම තමයි."භාණ්ඩවල මිල දෙසියකින්,තුන්සියකින් වැඩි කරලා,ඊට පස්සෙ රුපියල් පනහකින් අඩු කරනවා.පොනිල් රාජපක්ෂ මහත්තයෝ තමුන්නාන්සේලා ගොබිබයො වුණාට රටේ ජනතාව ගොබ්බයෝ නෙමෙයි කියන එක මතක තියාගත්තොත් හොඳයි .

:       16       25

athuraFriday, 05 August 2022 05:32 PM

මහත්තයෝ, රනිල්ගේ කාලේ බඩු ගණන් කියලනේ ඔහෙලා විරුවෙක්ද කවුද කියලා කෙනෙක් බලේට ගෙනාවේ...

:       6       4

වර්ණකුලසූරිය Friday, 05 August 2022 08:09 PM

සේනක ඉතාලිය, රටේ ජනතාව ගොබ්බයින් නොවූවා නම් අද තත්ත්වයට රට පත්වෙන්නේ නැහැ. ගොබ්බයින් රවටා ගැනීම පමණයි පාලකයින්ට අවශ්‍ය වුනේ. ඒ තුළ ඔවුන්ගේ පැවැත්ම ගෙනගියා. පාලකයින් සහ ඔවුන්ගේ සගයින් ධන කුවේරයන් වෙන්නත්, රටත් ජනතාවත් හිඟමනට පත් වෙන්නත්, හේතුව අද වනවිට මේ ගොබ්බ ජනතාව යන්තම් තේරුම්ගෙන ජනතා අරගලයක යෙදීම සතුටට කරුණක්. එහෙත් රාජකීය සහ වලව් බලපරාක්‍රමය යටපත් කිරීම මේ අරගලකරුවන්ට හැකිවේද යන්න සැක සහිතයි...!

:       0       0

ganegoda Friday, 05 August 2022 11:03 AM

පත්තරේ මේවගේ දේවල් කියවන්න ලැබුණට, වෙළෙඳපලේ සහ කඩවල්වල නම් එහෙම දෙයක් දකින්න නැහැ...!

:       0       13

Vijitha Friday, 05 August 2022 11:18 AM

මේ කාරණය හොඳින් අධ්‍යයනය කළොත් වෙළෙඳ මාෆියාව හා සම්බන්ධ දේශපාලන ජාතික බලවේග තේරුම්ගන්න පුළුවන්...!

:       2       11

sharm warn Friday, 05 August 2022 11:40 AM

මේකෙ කිරිබත් කන්න හදන අයගේ පවුල්වල බැංකුවක වැඩකරන කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් ඇත්ත දැනගන්න. බැංකුවලින් ඩොලර් නිකුත් කරන්න පටන් අරගෙන කියලා බොරු කියන්නේ ඇයි? හොඳට බලන්න..? මේ කියන භාණ්ඩ වැඩි ප්‍රමාණයක්... ඉක්මණින් විනාශ වෙන ඒවා. අල, ළූණු, පරිප්පු කියන්නේ කල්පයක් තියාගන්න පුළුවන් දේවල් නෙවෙයි... මේ වෙලා තියෙන්නේ අර සිමෙන්තිවල මිල බැස්ස වෙලාවේ වෙච්චි දේ ඉතුරු ටික... මේවා කුණු වෙන්න, ගුල්ලෝ ගහන්න කළින් ඉවර කරගන්න ගණන් බස්සලා... පොඩ්ඩක් අවදියෙන් ඉන්න..!

:       2       14

එසඳ Friday, 05 August 2022 12:14 PM

දාහකින් වැඩි කරලා පනහක් අඩු කළාම හරි.

:       0       11

samantha Friday, 05 August 2022 01:37 PM

මේක බොරුවක් මම දැන් පරිප්පු ගත්ත නාරහෙන්පිට සතොසෙන් 1 ක්ග් 675ක් ..පොඩ්ඩක් ගිහිල්ලම බලන්න.

:       0       11

Dami Friday, 05 August 2022 01:46 PM

මේ කමෙන්ට් කරන බහුතරයක් කිසිම දේක හොඳක් දකින්න බැරි ජෙපි මානසිකත්වයකින් ඉන්නෙ, බඩුවල ගණං අඩුවෙනව නං මේ රටේ ජීවත් වෙන ආණ්ඩුවේ පඩි නොගන්නා අපේ ස්වශක්තියෙන් ජීවිතේ ගෙවන අපිට තේරුම් ගන්න පුලුවන් කොච්චර දෙයක්ද කියල

:       13       8

kamalFriday, 05 August 2022 02:45 PM

අනේ ගොනෝ, බඩුමිල අඩුවෙන්නේ රටේ ආර්ථිකේ ශක්තිමත් වෙලා... රුපියලේ අගේ ඩොලරයට සාපේක්ෂව ඉහළ ගිහින් නෙමෙයි. ආණ්ඩුව නැවත වතාවක් ජනතාව ගොනාට අන්දවන්න මතු පරම්පරාවන් උගස් තියලා රටේ ආර්ථිකේ උගස් තියලා පාඩුවට බඩු විකිණීම නිසයි. නැතුව රටේ ආර්ථිකේ ශක්තිමත් වෙලා නිසා නෙමෙයි...

:       4       12

demiFriday, 05 August 2022 03:04 PM

එතකොට ඔබ කියන්නේ බඩු හැමදාම ගණන් වුනාට කමක් නැහැ කියලද? අරගලේද ඉන්නේ. ඒකට නම් පිනට කන්න දෙනවානේ...!

:       6       6

podi moleFriday, 05 August 2022 03:41 PM

මෙයාගේ මොලේ අලි බෙටිද කොහේද?

:       3       4

kamalFriday, 05 August 2022 04:25 PM

මේක අරගලේ සම්බන්ධ කාරණයක් නෙමෙයි. මේක බොරු ආර්ථික මවාපෑමක්... ඔය බඩු මිල අඩුවීම තාවකාලික මායාවක්. තවටික දවසකින් ඉක්මණින් කුණුවෙන බඩු ටික පොඩ්ඩක් මිල අඩුකරලා විකුණලා, ඊළඟ කාර්තුවේ දෙගුණයකින් වැඩිවෙනවා. රුපියලේ අගේ ඉහළ යන්නේ නැතුව අඩුවෙන බඩු මිලවල් තාවකාලිකයි. ආණ්ඩුව ආවේශ වුණා වගේ මුදල් අච්චු ගැසීම නිසයි... රුපියලේ අගේ වේගයෙන් පහත බසිනවා. ඒ නිසයි බඩුමිල ඉහළ යන්නේ. රටක් නෙමෙයි තේකඩයක් පවත්වාගන යන්න දන්නේ නැති අය රජ වුණාමයි ඔහොම වෙන්නේ. එකයි මේ අයව පන්නන්න ඕනේ...!

:       1       8

සනත් ගමගේ Friday, 05 August 2022 03:48 PM

මේ රටේ ප්‍රධාන බිස්කට් සමාගම් දෙකක් සෑම සතියකම බිස්කට් මිල ඉතාම ඉහළ ගණන්වලින් වැඩි කරනවා. දරුවෙකුට බිස්කට් එකක් කන්න අරන් දෙන්න බැරි තත්ත්වයක් උදාවෙලා. මෙම සමාගම් දෙක මෙම මිල වැඩිකිරීම කරන්නේ කවර පදනමකින්ද කියලා සොයලා බලන්න තරම් කෙනෙක් නැද්ද?

:       1       4

kamalFriday, 05 August 2022 04:30 PM

බිස්කට් හදන්නේ මොනව‍ායින්ද? තිරිඟුපිටි වලින්... තිරිඟුපිටි ආනයනය කරන්න මොනවාද ඕනේ? ඩොලර් ඕනේ. දවසින් දවස ඩොලරයේ අගේ අඩුවෙනවද? වැඩිවෙනවද? රුපියලට සාපේක්ෂව...? ඛනිජ තෙල් සංස්ථාව වගේ වැඩිය අරන් අඩුවට විකුණන්න පුද්ගලික ආයතනවලට පිස්සු නැහැ...

:       3       5

ganegoda Friday, 05 August 2022 04:37 PM

මහබොරුකාරයා සහ හොරු රැළ... හැමදාම මොකක්හරි ගැලපෙන බොරුවක්...! 

:       0       7

sirimal Friday, 05 August 2022 05:08 PM

ස්තුතියි රනිල් සර්...!

:       3       2

Rohana Friday, 05 August 2022 06:06 PM

මේකත් මිල අඩුවීමක්ද? පසුගිය මාර්තු මාසෙ ඉඳන් රොකට් වේගයෙන් ආහාර මිල ඉහළ ගියා. එහෙම බලනවිට මේක ඉතා සුළු අඩුවීමක් පමණයි. මාර්තු මාසේ පැවැති බඩුමිල ගණන් වලට ආයෙ කවදාවත් එන්න ලැබෙන්නේ නෑ...!

:       1       4

Shanu Saturday, 06 August 2022 10:30 AM

අඩුවෙන එකනම් හොඳයි, ඒ වුණාට කඩවල්වලින් දෙන්නේ නෑ තව අඩුවට...

:       1       1

A.c.s silva Saturday, 06 August 2022 06:48 PM

මාස කීපයකට පෙර, පරිප්පු 130/=, මිරිස් 540/=, අඩුකළා කියන්න මේ ගණන්වලට වඩා අඩුයිද..?

:       1       0

Hansi Saturday, 06 August 2022 08:51 PM

හොඳයි

:       1       0

ගුණසිරි Sunday, 07 August 2022 01:26 PM

හාන්ඩ මිල අඩුවීමක් ගැන කෙසේ වෙතත් මාධ්‍යවලින් GR ආන්ඩුව අසීරුවට පත් කල ප්‍රවනතාව මේ වනවිට වෙනස් කරපු බවක් නම් පේනවා.

:       1       0

Kumari Sunday, 07 August 2022 04:21 PM

තව අඩු කරන්න

:       1       0

Ashley Sunday, 07 August 2022 06:26 PM

අපිට කවපු පරිප්පු ඇති දැන් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු

:       0       1

Stg Tuesday, 09 August 2022 03:59 PM

බලංගොඩ මෙහෙනම් තාම එහෙම එකක් නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 202 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 335 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 896 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 798 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’
2024 අප්‍රේල් මස 19 661 3

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 322 1

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 215 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1530 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1421 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site