IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


සරත් චන්ද්‍රසිරි දිවි රඟ මඩලින් බැසයයි

(ඩයනා උදයංගනී)

ප්‍රවීණ රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (4) අලුයම අභාවප්‍රාප්ත විය.

ඔහු මියයන විට 57 හැවිරිදි වියෙහි පසුවිය.

වේදිකා, සිනමා හා ටෙලිනාට්‍ය රැසකට රංගනයෙන් දායක වූ ඔහු 'පබා' ටෙලි නාට්‍යයේ සමගිපුර වසන්ත ආදී ජනප්‍රිය චරිත රැසකට පණ දුන්නේය.

 



අදහස් (22)

සරත් චන්ද්‍රසිරි දිවි රඟ මඩලින් බැසයයි

ගයාන් පෙරේරා Saturday, 04 December 2021 07:42 AM

ඉතාම කණගාටුදායක පුවතක්. ඔහු සැබෑ දක්ෂයෙක්. සුබ ගමන්...!!!

:       0       11

Dhammasiri Himi Saturday, 04 December 2021 07:52 AM

අපේ සාහිත්‍ය කලාවන්ට නරකම කාලයක්. මේ විදියට එක දිගටම කලාකරුවන් ජීවිතය හැරගිය කාලයක් මගෙ මතකයට එන්නේ නෑ. පාලකයින් වගේම රටවැසියන්ගේ අධාර්මික පැවැත්ම මීට එක හේතුවක් කියලයි මට හිතෙන්නේ. ඊයෙ මදුර මුදලාලි ගියා. අද ටිකිරි බණ්ඩාර. අපි ආයෙත් කවදා එවැනි රසාස්වාදයක් ලබන්නද? මරණය අපි හැමෝටම උරුමයි. ඒත් මෙහෙම වෙන එකනම් දරාගත නොහැකියි. සහෘද කලාකරුවාණනි, ඔබට නිවන් සුව...!!!

:       0       11

Nuwa Saturday, 04 December 2021 07:53 AM

ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සු... ලද දේ සිත සතුටින් විඳ වෙසෙන මිනිස්සු... පොළවේ මිහිසයනේ ගොඩ නැගූ මිනිස්සු... කරුමේ කිම වඳවෙන හිරු සදිසි මිනිස්සු... පොළවේ බිම අහසේ ඉම බෙදෙන ලෝකයේ දහමේ ගුණ පත්ඉරු තුළ නිදන යාමයේ ඉඳහිටි සපැමිණ සිත් සතන් සැනසූ කරුමේ කිම වඳවෙන මල් සදිසි මිනිස්සු... ඉතිරී ගිය ඉසුරින් නෙතු වැසුණු කාලයේ දිවියේ දුක විඳිනා දන නොදුටු ලෝකයේ සෙත්කවි සේ ළඟසිට සිත් සතන් සැනසූ කරුමේ කිම වඳවෙන සඳු සදිසි මිනිස්සු.. කරුමේ කිම වඳවෙන හිරු සදිසි මිනිස්සු. කරුමේ කිම වඳවෙන මල් සදිසි මිනිස්සු...

:       0       10

Nalin Saturday, 04 December 2021 08:17 AM

ඔබට නිවන් සුව ලැබේවා..!!!

:       0       14

දාස Saturday, 04 December 2021 08:32 AM

අපි හරි අවාසනාවන්තයි... අපිව පිනවපු මෙවැනි දක්ෂයින් අප හැරයෑම..!

:       0       11

නාමල් බේබි Saturday, 04 December 2021 08:33 AM

අපට සිටිය විශිෂ්ටතම චරිතාංග නළුවෙක්. ඔබතුමාට නිවන් සුව ලැබේවා...!

:       0       12

Sirinimal Karunarathna. Gampola Saturday, 04 December 2021 08:38 AM

දයාබර සොහොයුරාණෙනි., අප සැමට දුක, ශෝකය උරුමකර අප සිත්ගත් සියල්ලෝම අප හැරදා නික්ම යයි. ලෝක දහම එයම තමයි. ඉතාමත් කෙටි භවයකදී සසර ගමන නිමාකිරීමට හැකිවේවා..!!! අජරාමර නිවන් සුවය හිමිවේවා..!!!

:       0       10

Buddika Saturday, 04 December 2021 08:44 AM

සුන්දර මිනිස්සු නොකියාම යන්න යද්දී දැනෙන කම්පනය ප්‍රබලපයි. දක්ෂ කලාකරුවෙක්... ඔබට නිවන් සුවය ලැබේවා..!!!

:       0       11

Bamunuarachchi Saturday, 04 December 2021 08:51 AM

බොහොම කණගාටුයි. මම සත්තකින්ම දුක්වෙනවා. ඔබට නිවන් සුව ලැබේවා...!!!

:       2       11

BamunuarachchiSaturday, 04 December 2021 01:30 PM

මට මගේම කෙනෙක් නැති වුණා වගේ දැනෙනවා...

:       1       5

මහසෙන් Saturday, 04 December 2021 09:36 AM

මීට පෙර දින සම්පත් තෙන්නකෝන්.... අද සරත් චන්ද්‍රසිරි... කරුමේ කිම වදවෙන මල් සදිසි මිනිස්සු...!!!

:       0       12

jagath Saturday, 04 December 2021 10:22 AM

දක්ෂ කලාකරුවෙක්... ඔබට නිවන් සුව පතමි..!!!

:       0       12

පොඩි ලමයා Saturday, 04 December 2021 11:10 AM

මහසෙන් මහත්මයා, හේතුව තේරෙනකොට පරක්කු වැඩි වෙයිද?

:       0       3

මහසෙන්Saturday, 04 December 2021 01:06 PM

මොනවා කරන්නද? ඉන්න ඕන මිනිස්සු යනවා. යන්න ඕන එවුන් ඉන්නවා...

:       0       7

BamunuarachchiSunday, 05 December 2021 06:31 PM

යවනවාද? තියාගන්නවාද? කියන එක තීරණය කරන්නේ ඔබවත්, මමවත් නොවෙයි. එක්කෝ දෙවියන් නැතිනම් පෙර කර්මය. එතකොට පාස්කු ප්‍රහායෙන් ගිය අය කාගේ වුවමනාවටද ගියේ? දෙවියන්ගේ වුවමනාවටද? නැතිනම් පෙර කර්මයටද? දෙවියන්ට වුවමනා නිසා ගියා නම් ඔයතරම් ම්ලේච්ඡ විදිහට දෙවියන් වැඩකරන්නේ ඇයි? එහෙව් දෙවියන්ගෙන්ද මිනිස්සු පිහිට පතන්නේ...?

:       0       0

Mohan Saturday, 04 December 2021 11:53 AM

ඔබට නිවන් සුව ආදරණීය සොයුර..!!!

:       0       6

Bunny Preena Saturday, 04 December 2021 12:00 PM

බොහොම කණගාටුදායක පුවතක්... මියගියත් මිනිස්සුන්ගේ හදවත්වල සදාකල් ජීවත් වෙන්නේ කලාකරුවන්, කලාකාරියන්ම පමණයි. පවුලේ අයට මගේ බලවත් ශෝකය ප්‍රකාශ කරමි. ඔබට නිවන් සුව පතමි.

:       0       8

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 04 December 2021 12:04 PM

රඟපෑම ඇඟේම තිබූ, අප සැමගේ හදවත් සැනසූ දයාබර කලාකරුවාණෙනි, ඔබට නිවන් සුව....!!!

:       0       11

Hemantha kumara Saturday, 04 December 2021 02:41 PM

අනිච්ඡා වත සංඛාරා, ඔබට නිවන් සුව...!!!

:       0       3

Raveendra Saturday, 04 December 2021 04:26 PM

ඔබට නිවන් සුව අත්වේව...!!!

:       0       1

විජිත් Saturday, 04 December 2021 05:31 PM

අපට හිටිය තවත් විශිෂ්ඨ රංගන ශිල්පියෙක්.. ආයෙත් නොඑන්නම යන්න ගිහින්.. ඒ ටෙලිනාට්‍යක ෆැන්ටසියකින් නොවෙයි. ඇත්තටම සුබගමන් සරත් චන්ද්‍රසිරි මහත්මයාණෙනි... ඔබට නිවන් සැප ප්‍රාර්ථනා කරන්නම්...

:       0       2

ගමේ එකාලා Saturday, 04 December 2021 06:46 PM

අපේ ආදරණීය කලාකරුවන් අප අතහැරයාම හරිම කණගාටුදායකයි. ඔබ අන්තිමට රඟපෑ රැහේ ටෙලි නාට්‍ය මතක් වෙනවා. සොඳුරු කලාකරුවාණෙනි, ඔබට අමාමහ නිවන්සුව අත්වේවා...!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නිවෙස් බිඳින ළමා කල්ලියක් අල්ලයි
2024 අප්‍රේල් මස 18 613 0

මුහුණු ආවරණය කර අත් ආවරණ පැළඳ නිවස බිදුම් කරන බාලවයස් කාර කල්ලියක සාමාජිකයන් තිදෙනකු කහතූඩුව පොලිස් අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පො


නරක් වූ සිරුරු දෙකක් කලුතර නිවසක
2024 අප්‍රේල් මස 18 629 3

සැක කටයුතු අන්දමින් මියගිය බවට සැකකරන කාන්තා මළ සිරුරු දෙකක් කළුතර නිවසක් තුළ තිබී සොයාගත් බව කළුතර දකුණ පොලිසිය පවසයි.


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 461 1

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


සිව් හැවිරිදි දරුවාට සීනි කරිඤ්ඤං පොවලා
2024 අප්‍රේල් මස 18 622 0

අවුරුදු හතරක දරුවකුට සීනි කරිඤ්ඤං පොවන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අසල්වැසි නිවසයක 52 හැවිරිදි කාන්තාවක් හිඟුරුකඩුව පොලීසිය විසින් අත්අඩංගුව


දවසේ කාලගුණය
2024 අප්‍රේල් මස 18 75 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්


මගී වලියෙන් බදුලු දුම්රිය පැයක් ප්‍රමාද වේ
2024 අප්‍රේල් මස 18 920 0

බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රි තැපැල් දුම්රියට හැටන් දුම්රිය ස්ථානයේදී ගොඩවීමට ගිය මගින් පිරිසක් සහ දුම්රිය මැදිරියක සිටි මගීන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 188 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1478 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1388 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site