IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


සතුන් මැරීමේ ආදීනව පෙන්නා දුන් හිමිනමට පහරදී මරලා

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

ඇළේ සිටින මාලුන් ඇල්ලීම පාප ක්‍රියාවක් බවට අවවාදයක් කළැයි උරණ වී 85 හැවිරිදි හිමි නමකට පොලු වලින් පහර දී ඝාතනය කර ඇතැයි වැලිගම මූලස්ථාන පොලීසිය පවසයි.

මෙම පහර දීම ඉකුත් 29 වැනි දින සිදු කර ඇති අතර දින 16 ක් මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වැලිගම ගොවියාපාන කපුවත්ත ශ්‍රී විවේකාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී තිත්තගල්ලේ දේවානන්ද හිමියෝ එසේ අපවත් වූහ.

පහරදුන් බව කියන තරුණයන් 05 දෙනකු සැක පිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

දේවානන්ද හිමියන් පුරුද්දක් ලෙස විහාරස්ථානය පිටුපස ඇලේ මාළුන්ට බත් දැමීම කාලයක සිට සිදු කර ඇත.

පසුගිය 29 වැනි දා එම ස්ථානයේ රැදී සිටි තරුණයෙකු මාලු ඇල්ලීමට පටන් ගෙන තිබෙන අතර උන්වහන්සේ එය දැක එහි ආදීනව පෙන්වා දී තිබේ.

ඒ පිළිබඳව උරණ වු සැකකාර තරුණයා තවත් පස් දෙනකු සමග පැමිණ හිමිනමට පහර දී තිබෙන බව පොලීසිය කියයි.



අදහස් (22)

සතුන් මැරීමේ ආදීනව පෙන්නා දුන් හිමිනමට පහරදී මරලා

Mr Don Monday, 17 May 2021 10:23 AM

අනේ මෙහෙම පව්කාර තිරිසන්නු

:       2       169

පූජා. Monday, 17 May 2021 11:02 AM

"පිපෙනා මලකට - ගලනා දොලකට..,දැනෙනා බුදුගුණ නොදැනෙන මිනිසුනි.., කොයි ලොව යන්නේ - මරණින් පස්සේ.., පින් පවු එනවා අපි පසු පස්සේ...." .දිය මත කිමිදි, කිමිදී පිහිණන මාලුන්ට., අහසේ නිදහස්ව පියාඹන සියොතුන්ට ආහාර පිඩක් දමා ඔවුන් ඒවා කමින්, තම කුසගින්න නිවා ගන්නා හැටි බලා සිටින විට සිතට දැනෙන සැහැල්ලුව කෙතරම්ද.? අපි ආදරය කරන එවන් සතුන්ට, කිසිවකු හිරිහැරයක්, පීඩාවක් කරන විට ඊට විරුද්ධ වීම ජීවිතයෙන් වන්දි ගෙවන්නට තරම් විශාල වරදක්ද.?

:       4       198

neil rohitha Monday, 17 May 2021 11:08 AM

අබුද්ධස්ස කාලේ ලබුත් තිත්තයි රාලේ...

:       0       0

jagath Monday, 17 May 2021 11:12 AM

මරණීය දණ්ඩනය නියම කළයුතුයි. මෙවන් තිරිසනුන් ප්‍රසිද්ධියේම එල්ලා මැරිය යුතුයි.

:       0       0

Raveendra Monday, 17 May 2021 11:23 AM

මෙවන් පාපතරයන්ට ඉක්මණින් අදාළ දඬුවම් ලැබේවා...!!!

:       0       0

Thilak Monday, 17 May 2021 11:29 AM

අනේ දෙවියනේ මගේ රටට මේ මොකද වෙලා තියෙන්නේ.. ! මිනිස්සු තිරිසන් වෙලා...

:       0       0

Sarath Monday, 17 May 2021 11:42 AM

මේකට වගකියන්න ඕනේ මේ තිරිසන් වැඩේ කරපු අයගේ දෙමව්පියන්.. හැබැයි ස්වාමීන් වහන්සේට තිබුණා ළමයින්ගේ ගෙදරට ගිහින් හොඳ නරක පෙන්නලා බණ දේශනා කරන්න. එහෙම වුණා නම් තත්වය මීට වඩා වෙනස් වෙන්න ඉඩතිබුණා. මේක මුලු රටේම ප්‍රශ්නයක්... හෙට තවත් මේ වගේ දෙයක් අහන්න වෙනවා.

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Monday, 17 May 2021 12:17 PM

අනේ... සිල්වත් භික්ෂූන් වහන්සේ නමකට සිදුවූ දෙයක්. දුසිල්වතුන් නම් දේශපාලන සරණං ගච්ඡාමි. ඒ අයට හරි වාසියි.

:       0       0

udara Monday, 17 May 2021 12:48 PM

කරපු අයව එල්ලා මරන්න...!!!

:       0       0

Karunarathna Gampola. Monday, 17 May 2021 01:08 PM

සියලු සත්වයෝ.. නිදුක් වේවා..!!! නිරෝගි වෙත්වා..!!! සුවපත් වේවා!!! යැයි ප්‍රාර්ථනා කළත්, උන්වහන්සේ කළ කර්මයක් පලදුන් බව බුදු දහම අනුව වැටහී යයි. ඊට මැදිහත් වූ පාපතරයෝ කරගත් අකුසලය කෙතරම්ද? එවැනි පාපතරයන් නිසා වර්තමානයේ ලෝකයටම බලපා ඇති ව්‍යයසන කෙබඳුද? මුගලන් මහ අරහතුන් වහන්සේට කර්මය පළදුන් ආකාරය දහමේ පැහැදිලි කොට තියෙනවා. අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නිවන් අවබෝධයම වේවා...!!!

:       0       0

Sri Lanka Monday, 17 May 2021 01:10 PM

මාස්ක් එකක් ගන්න සල්ලි නැතිව පාරේ යන දුප්පත් මිනිස්සුන්ගේ කන පලලා හිරේ දාන රටක මේ වගේ දේවල් අරුමයක්ද? ඔබතුමාට නිවන් සැප ලැ‍බේවා..!!!

:       0       0

විපරමා Monday, 17 May 2021 02:08 PM

මේ පව්කාරයෝ කරගෙන තියෙන්නේ මහා පවක්....

:       0       14

බද්රානි Monday, 17 May 2021 02:57 PM

කුමන හේතුවක් මත හෝ මිනීමැරීම නම් කිසිසේත් අනුමත කරන්න බැහැ. නමුත් ඉතින් කුසගින්නෙන් සිටින මිනිසුන් ජලයේ වෙසෙන මාලුවෙක් මරාගෙන කෑම වරදක් ලෙස දකිනවා නම්, ඒකත් එක්තරා පාප කර්මයක්ම තමයි. කරදිය හෝ මිරිදිය මත පාපයේ ආදීනව දකින මිනිස්සු සිටින රටේ කරවල හා උම්බලකඩ රස කරමින් වළඳන හැටි දැක්කාම හිනා නොවී ඉන්නේ කොහොමද? තමන් නොකා නොබී හෝ අනුන්ට දාන ධර්ම දෙන විට, දන් වළඳන අයට අනෙකාගේ කුස ගින්න නොදැනීම ගැන පුදුම විය යුතු නැහැ. මම නම්, කියන්නේ මේ යන විදිහට කුසගින්න නිවා ගැනීමට මිනීමස් නොකා, මාලුවෙක් මරාගෙන කෑමේ වරදක් නොමැති බවයි. සමහර විට මගේ මේ අදහස දැක කිපෙන අය හාල්මස්සෙක් වත් නොකන කුකුල් මස් නොකියා ඒ වෙනුවට "චිකන්" අනුභව කිරීමට ප්‍රථම තම හෘද සාක්ෂියෙන් විමසිය යුත්තේ, තමන් ජීවිතයේ උපාසකයින් මෙන් රඟපානවාද එසේ නැත්නම්, සැබෑ ලෙසම අව්‍යාජව ජීවත් වෙනවාද යන්නයි...

:       27       7

Nimal Monday, 17 May 2021 03:30 PM

මෙවැනි තරුණයින් තිරිසන් වීමේ සම්පූර්ණ වගකීම පැටවෙන්නේ දෙමාපියන්ටයි.

:       0       13

රාසික් Monday, 17 May 2021 03:46 PM

මතට ලොල්වී ජීවිතේ ගෙවන උන්ට තමන්ගේම අම්මා, සොයුරියන් නොපෙනේ. එහෙව් තරුණ සමාජයක් අද තියෙන්නේ. අාගමක්, ධර්මයක් ගැන හරියට අවබෝධයක් නැති අමනයින්ට දෙන්න ඕනෑ මරණ දඬුවමයි. ඔන්න මේ අයව තමයි අායුධ පෙන්නන්න එක්ක යන්න ඕනෑ. දැං නැද්ද මේවාට කතාකරන්න සංගයා වහන්සේලා ඉදිරිපත් වෙන්න. පිංලන්තේ සුදුහාමුදුරුවන්ව මැරුවා. අදටත් එ් සම්බන්ධව මෙලෝදෙයක් දන්නේ නැහැ. තව කීනමක් නම් මැරුවාද? එක ජඩ මාධ්‍යයකින්වත් උලුප්පලා පෙන්නුවේ නැහැනේ. දෙවියන් සිටිනවා. සොබාදහම විසින් දඞුවම් ලැබේවි. දිට්ඨ ධම්ම වේදනීය කර්මය පඩිසන් දෙනවා නියතයි.

:       0       13

Ajar Monday, 17 May 2021 04:05 PM

මේක මුස්ලිම් කෙනෙක් කළා නම් කොහොමට හිටීවිද?

:       5       5

මැක්ස් Monday, 17 May 2021 04:47 PM

අවුරුදු 85 ක මනුස්සයකුට පහර දෙන්න මේ අය මොනතරම් බියගුලු තිරිසනුන් වෙන්න ඕනෑද? ඒකත් එකටම කුඩු ගහලා නැත්තං කසිප්පු හෝ අරක්කු බීලා ඉන්න ඇති. අර කොස්ගොඩ තාරකලා ගිය පාරෙ යවන්න බැරිද මුං?

:       0       14

vidya Monday, 17 May 2021 07:31 PM

පූජා, ඔබ සඳහන් කළ ගීතය ඇසෙන කොට මගේත් කඳුළු ආවා. භික්ෂූන් වහන්සේ කෙනෙකු තමන්ගේ ජීවිතය අනුන් වෙනුවෙන් කැපකොට මෙවැනි කුරීරු අන්දමකට පහර කෑමට ලක්වෙන්නට තරම් මිනිසුන් කුරීරු වුණේ කොහොමද? මිනිසුන් වියරු වෙලාද? අසරණ වෙලාද? ඒ මිනිසුන් ගැන අපි නොදනිමු. මිනිසුන් මසුන් අල්ලන්නට ඇත්තේ ආහාරපාන හිඟකමකටද? අසරණ කමකටද? දේවානන්ද හිමියන් වහන්සේ ධර්මාවබෝධය ඇතිවෙන්නට කරුණු පහදා දෙනවිට මිනිසා කෝප වුණේ කොහොමද? මැදුම් පිළීවෙත කොතැනද? දේවානන්ද හිමියන් හට අති උතුම් නිදහස ලැබේවා. සංසාර ගමනේදී මෙවැනි විපතක් නොවේවා..!!!

:       0       15

Demuni Uduwara Monday, 17 May 2021 10:54 PM

රාජා භවතු ධම්මිකෝ...!!! 

:       4       6

ලුම්බිණි Tuesday, 18 May 2021 12:25 AM

මිනීමැරීමේ චෝදනා යටතේ මේ අය ජීවිතයේ ඉතිරි කාලය හිර ගෙදරකට ගාල් කළ යුතුයි.

:       0       15

lasantha Tuesday, 18 May 2021 03:29 AM

පව් කරන්නා මෙලොවත් තැවේ, පරලොවත් තැවේ... අනුන්ට උපදෙස් දීමේදී බොහෝ ප්‍රවේසම් විය යුතුයි.

:       0       14

sanjeeva Tuesday, 18 May 2021 08:40 AM

පුළුවන් නම් හදන්න කතාවක්... මේ හිමිනමව අපවත් කෙරුවේ අබෞද්ධයින් කියලා.

:       6       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 114 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 67 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 154 2

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 1886 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 534 1

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 643 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site