IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ශිවන්‍යා සොයාගිය දැරියන් මවුපියන් බාරයට

(පැතුම් දර්ශන)

රූපවාහිනි නාලිකාවක දිනපතා විකාශය වන ප්‍රසිද්ධ ඉන්දියානු ටෙලි නාට්‍යයක චරිත දෙකක් වන ශිවන්යා සහ ෂේෂා සියසින් දැක බලා ගැනීම සදහා ඉන්දියාවට යාමට නිවසෙන් පැන ගිය ගැහැණු දරුවන් තිදෙනකු හොරොව්පොතාන නගරයේ දී අද (31) දහවල් සොයාගත් බව හොරොව්පොතාන පොලිසිය කියයි.

දරුවන්ගේ දෙමාපියන් විසින් පොලිසියට සිදුකරණ ලද පැමිණිල්ලකට අනුව සිදුකරන ලද විමර්ශනයකදී එලෙස පොලිස් භාරයට ගනු ලැබුවේ හොරොව්පොතාන, පහල කුබුගොල්ලෑව,ඉදිපිටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 8, 12, සහ 13 යන වයස් සීමාවන්වල පසුවන ගැහැනු දරුවන් තිදෙනෙකි.

අද (31) අලුයම 4:30 ට පමණ මෙම දරුවන් දෙමව්පියන්ට හොරෙන් නිවසින් පැන ගොස් ඇති බව පොලිසිය කියයි.

නිවසේ සිට කිලෝමීටර් දෙකක් පමණ වල් අලි ගහන කැලෑවක් මැදින් දිවෙන මාර්ගයක වැලිමුවපොතාන හන්දිය දක්වා පාගමනින් පැමිණ ඇති දරුවන් එතනදී ත්‍රිකුණාමලය සිට යාපනය බලා ගමන් කළ ලංගම බස් රථයකට අළුයම පහයි හතළිස් පහට පමණ ගොඩ වී ඇති බව පොලීසිය කියයි.

පසුව එම බස් රථයෙන් කැබිතිගොල්ලෑව නගරයට පැමිණි ඇති දරුවන් යළි කැබිතිගොල්ලෑවේ සිට කහටගස්දිගිලිය නගරය දක්වා දිවෙන බස් රථයකින් කහටගස්දිගිලිය නගරයට පැමිණ තිබේ. මාර්ගය වැරදුනු බව දැනගත් ඔවුන් යළිත් කාහටගස්දිගිලිය නගරයෙන් හොරොව්පොතාන බලා දිවෙන බස් රථයකය නැග  හොරොව්පොතාන  නගරයට පැමිණ යාපනයට යෑම සදහ  යාපනය බස් නවත්වන ස්ථානයෙ සිටියදී අද  (31) දහවල් 10:30 ට පමණ පොලීසිය විසින් සොයාගෙන තිබේ. 

කලක සිට ශිවන්යා බැලීමට තමන් සැලසුම් කර තිබුණ බවත් ඔවුන් සිටින්නේ ඉන්දියාවේ බැවින් ඉන්දියාවට යෑමට ආසන්නම නගරය යාපනය බව යහලුවෙකු පැවසූ නිසා මුලින්ම යාපනය නගරයට ගොස් බෝට්ටුවකින් ඉන්දියාවට යාම තම අරමුණ වූ බවත් පොලිස් භාරයට ගත් දරුවන් ප්‍රශ්න කිරීමේ දී පවසා ඇත. ඊට පෙර දෙමවුපියන්ගේ ඡංගම දුරකතන භාවිත කර ඉන්දියාව පිහිටි ස්ථානය පිළිබඳ  අවබෝධයක් තමන් ලබා  සිටි බවද පවසා ඇති ඔවුන් ඒ සඳහා දීර්ඝ කාලයක සිට මුදල් එකතු කර ලග තාබාගෙන සිටි බවද  පොලිසියට   පවසා තිබේ.

පොලිස් භාරයට ගත් දරුවන් ඔවුන්ගේ දෙමව්පියන් ගෙන්වා දැඩිව අවවාද කිරීමෙන් පසු යලි භාර දිමට කටයුතු කර තිබූ අතර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නවීන් ඉන්ද්‍රජිත් දායානන්ද මහතාගේ අධීක්ෂණය යටතේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගාමිණී ජයවර්ධන, ළමා හා කාන්තා කාර්යාංශයෙ ස්ථානාධිපතිනි සැරයන් (1801) රංජනී,(35911) පුෂ්පකුමාර,(55687) රාජපක්ෂ,කාන්තා පොලිස්(8595) සංජීවනී යන නිලධාරීහු සිද්ධියට අදාළ පරීක්ෂණ සිදු කළහ.



අදහස් (17)

ශිවන්‍යා සොයාගිය දැරියන් මවුපියන් බාරයට

Don Friday, 31 December 2021 05:54 PM

සල්ලිත් එකතු කරගෙන නම් තියෙන්නේ... දැන් තියෙන්නේ දෙමව්පියන්ට ඒ දරුවන්ගේ බලාපොරොත්තුව ඉටුකරලා දෙන එකයි. මට ඔහොම උත්සාහවන්ත දරුවෝ හිටියා නම් මම ඒ දේ කරනවා.

:       73       26

කුමාරි Saturday, 01 January 2022 01:26 AM

ඒ දෙමව්පියන් එච්චර මෝඩ නැතිවෙයි.. Tv බලන්න දෙන්නේ නැතිවෙයි... මින් පස්සේ.

:       0       4

HerathSaturday, 01 January 2022 08:36 AM

මේ වගේ මෝඩ අය වීරයින් වගේ පෙනෙන ඔබ වැන්නන් සිටීම ගැන කණගාටු වෙමි. මුලින්ම මේ ළමයින්ට කියලා දියයුතුයි නාට්‍ය වල පෙන්වන දේ සහ සැබෑ ලෝකයේ සිදුවන දේ වෙනස් බව... නාට්‍ය යනු රසවින්දනය සඳහා කරන නිර්මාණ බව... නාට්‍යවල සිටින නළුනිළියන් සැබෑ ලෝකයේදී වීරයන් නොවන බව. මේ ළමයින්ගේ පූරුවේ වාසනාවකටයි... මේ ගමනේදී අනතුරක් නොවුනේ...!!!

:       0       9

Nuwan Saturday, 01 January 2022 01:26 PM

වැඩේ බොළඳ වගේ පෙනුණාට ප්ලෑනක් ගහලා වැඩේට බැහැපු එක අගය කරන්න ඕනෑ. මේ ළමයි හරි අරමුණකට යොමුකළොත් හොඳ වැඩ්ඩන් වේවි ඉස්සරහට...

:       0       3

HerathSaturday, 01 January 2022 01:44 PM

මේ වගේ මෝඩ අය වීරයො වගේ පෙනෙන අයත් සිටීම ගැන කනගාටු වෙමි. මුලින්ම මේ ළමයින්ට කියලා දියයුතුයි නාට්‍ය වල පෙන්වනදේ සහ සැබෑ ලෝකයේ සිදුවන දේ වෙනස් බව. නාට්‍ය යනු රසවින්දනය සදහා කරන නිර්මාණ බව. නාට්‍යවල සිටින නලු නිලියන් සැබෑ ලොකයේදී වීරයන් නොවන බව. මේ ලමයින්ගෙ පූරුවේ වසනාවකටයි මේ ගමනෙදි අනතුරක් නොවුනේ.

:       1       5

Nuwa Friday, 31 December 2021 06:31 PM

අමුම අමු මොංගල් ටෙලිනාට්‍ය බැලුවාම මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. අපි හොරොව්පතාන පැත්තෙ රූපගත කරපු කතා බැලුවා හරිම සුන්දරයි ඒ කාලේ... දැන් හොරොව්පතානේ ළමයි බයිලා බලලා පිස්සු නටනවා... 1980 දශකයේ ඉපදුණු අය තමයි මට හිතෙන විදියට සැබවින්ම සුන්දර කාලයේ අවසානය ගතකළේ. ඊට පස්සෙ ඉපදුණු අය ටික්ටොක් පැළැන්තියේ අය...

:       1       10

SaranapalaSaturday, 01 January 2022 01:50 PM

එතකොට අපි පොඩි කාලේ බලපු නයිට් රයිඩර් මොංගල් නෙමෙයි ද

:       1       5

මහසෙන් Friday, 31 December 2021 07:57 PM

මෙන්න සමාජයේ සිදුවන එහෙත් මතු නොවන සැබෑ ඛේදවාචක. මුදල් ඉපැයීම පමණක් ප්‍රමුඛකර කිසිදු හරයක් නොමැති කසි කබල් ඉන්දීය නාට්‍යවල අවසාන ප්‍රතිඵලය. මේ ළමයින්ගේ මනස කෙතරම් දූෂණය කර ඇතිද කියලා හිතාගන්න පුළුවන් නේද?

:       0       3

sampath Friday, 31 December 2021 11:33 PM

මෝඩකමේ සීමාවක් තියෙන්න ඕනේ... වල් අලි හතරවටෙන්.. තමන්ගේ අධ්‍යාපනය පැත්තක තියලා මේ වගේ මෝඩ දේවල් කළාට පරිවාස භාරයේ තියන්නයි වටින්නේ. පොලිසිය මේ සම්බන්ධව අධිකරණයට කරුණු වාර්තා කරානම් ශිවන්‍යා බලාගන්න තිබුණා , තමන්ට ඕනෙකෙනෙක් බලාගන්න ඕනෙ නම්...නිදහස් අධ්‍යාපනයෙන් හරියට ඉගෙන ගන්න. ඊට පස්සේ ශිවන්‍යා ඔයගොල්ලන් බලන්න වුණත් එයි.

:       1       3

අප්පුහාමි Saturday, 01 January 2022 03:45 PM

සම්පත්, මෝඩකමේත් සීමාවක් තියෙන්න ඕනෑ... රජයටත් නැතිතරම් සැලසුම් කිරීමට හැකි මෙවැනි දරුවන් පරිවාසයේ තබා විනාශ කරන්න හිතන්නවත් එපා. මම එම දෙපාර්තමේන්තුවේ වැඩකළ කෙනෙක් හැටියට කියන්නේ... කරන්න තියෙන්නේ මේ දරුවන් නිසියාකාරව දැනුවත් කිරීමයි...

:       0       4

කිරි පුතා Saturday, 01 January 2022 04:41 AM

ටෙලි නාට්‍යවලින් ළමා මනස විකාර කරලා. ඒවා රස වින්දත් අසත්‍ය සහ රඟපෑම් පමණක් වග දරුවන්ට ඒත්තු ගැන්විය යුතුයි. දෙමාපියන් කකුල් පුටු උඩ තියාගෙන වැඩ පාලු කරගෙන ටෙලිනාට්‍ය නරඹනකොට ළමයින්ට සත්‍ය පහදන්නේ කොහොමද?

:       0       2

Samantha Saturday, 01 January 2022 06:57 AM

අඩුම තරමින් මෙහෙම දක්ෂ දරුවන්ට එම නිළියන් සමග කථාකරන්නවත් අවස්ථාවක් සලසා දුන්නොත් යහපත් වේවි...!!!

:       2       3

DM Saturday, 01 January 2022 09:27 AM

මේ තමයි බාල ඉන්දියානු ටෙලි නාට්‍ය අපේ රුපවාහිනී චැනල් වල පෙන්වන එකේ විපාක. දෙමව්පියනුත් මේවට ඇබ්බැහි වෙලා ඉන්නේ. අපේ ළමයි මේ චැනල් වල පෙන්වන දේවල් වලට ඇබ්බැහිවෙලා වෛරයෙන්, තරහින්, පලි ගැනීම් සාමාන්‍ය දේවල් විදිහට සිතා ගෙන ඉන්නේ.

:       0       3

Bunny Preena Saturday, 01 January 2022 10:33 AM

ළමා ලෝකය හරිම සුන්දරයි.. මේ දරුවන් 03 දෙනාගේ උත්සාහය හොඳ ළමා කතාවකට වස්තුබීජයක් වේවි...!!! කවුරු හරි චිත්‍රපටියක් හදයිද දන්නේ නැහැ..

:       5       1

ඇත්තSunday, 02 January 2022 10:15 AM

මෙහි භයානක පැත්ත වැඩිහිටියන්ගේ ලෝකය දායාද කළ දෙයක්. මේ දරුවන්ගේ අධිෂ්ඨාන ශක්තියෙන් ඔවුන් හරි මගට යොමු කිරීමට බුද්ධිමත් වැඩිහිටියන් නිවසේ සිටී නම් මේ දරුවන් තමන්ට සහ රටටම වැඩදායක පුරවැසියන් වනු ඇත. කාටහරි කුඩු, ගංජා විකුණා මඩිය තරකරගත් ප්‍රභූන් ඉන්නා මේ රටේ මේ අහිංසක දරුවන් ආරක්ෂා සහිතව පොලීසියට යොමුකළ රියදුරු මහතුන් ඇතුළු සියළු දෙනාට ගරුත්වය හිමිවිය යුතුයි...

:       0       2

fairoos Sunday, 02 January 2022 01:47 PM

දෙමව්පියන් මීටවඩා සැලකිලිමත් වෙන්න ඕනේ... පව් අහිංසක ළමයි.

:       0       1

දනුක Sunday, 02 January 2022 06:02 PM

හත වසරේ, අට වසරේ ළමයි ඔච්චර ගොන්, සුරංගනා වැඩ කරන්නෑ. වෙන මොකක් හරි ගෙදර ප්‍රශ්නයක් නිසා පැනලා ගිහින් අහුවුණාම බොරුවක් කීවා වෙන්නත් පුළුවන්...

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 54 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 156 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 424 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 679 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 278 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 146 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1672 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1530 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site