IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට කණකොකා හඬයි?

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයකට මුහුණදී සිටින අතර ශ්‍රී ලංකාව පුරා මරණ, රෝහල් ගත කිරීම් සහ නිවාස ගිනි තැබීම් වාර්තා වන බැවින් අත්‍යාවශ්‍ය කරුණකට හැර ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින්නැයි නවසීලන්ත රජය එරට පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියි.

එසේම ඕස්ට්‍රේලියානු රජයද  ශ්‍රී ලංකාව පුරා ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වීමත් ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටීමත් හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට පෙර දෙවරක් සිතා බලන්නැයි  එරට පුරවැසියන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

නවසීලන්ත රජය සහ ඕස්ට්‍රේලියානු රජය ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක උපදේශනය අද (11) යාවත්කාලීන කළේය.

"ශ්‍රී ලංකාවේ ඇතිවී තිබෙන ආර්ථික අර්බුදය සහ ප්‍රචණ්ඩකාරී තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට පෙර දෙවරක් සිතා බලන්නැයි ඕස්ට්‍රේලියානු පුරවැසියන්ගෙන්  ඉල්ලා සිටී.විරෝධතා පවතින ප්‍රදේශ කිහිපයක ප්‍රචණ්ඩකාරී සිදුවීම් වාර්තා වී ඇත. එම නිසා ශ්‍රී ලංකාවේ සිටින ඕස්ට්‍රේලියානු පුරවැසියන් සෙනග ගැවසෙන ස්ථාන සහ විරෝධතා හැකිතාක් මගහරින්න. මාධ්‍යයෙන් ලබා දෙන යාවත්කාලීන කිරීම් පිළිබඳ අවධානයෙන් සිටින්න"යැයි ඕස්ට්‍රේලියානු රජය විසින් යාවත්කාලීන කරන ලද ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක උපදේශනයේ සඳහන් වේ.

"ශ්‍රී ලංකාව පුර ප්‍රචණ්ඩ සිදුවීම් වාර්තා වේ. ඒ අතර මරණ,රෝහල් ගත කිරීම්,නිවාස ගිනි තැබීම් සහ දේපල විනාශ කිරීම් වේ. ශ්‍රී ලංකා බලධාරීන් හදිසි නීතිය ප්‍රකාශයට පත් කර ඇත.ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය කරුණකට හැර සංචාරය කිරීමෙන් වළකින්නැයි නවසිලන්ත පුරවැසියන්ගෙන් ඉල්ලා සිටී. ශ්‍රී ලංකාවේ සිටින නවසීලන්ත ජාතිකයින් ජනතාව එක්රැස් වෙන ස්ථාන සහ විරෝධතා හැකිතාක් මග හරින්න"යැයි නවසීලන්ත රජය යාවත්කාලීන කරන ලද ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක උපදේශනයේ සඳහන් වේ.



අදහස් (3)

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට කණකොකා හඬයි?

Kule Wednesday, 11 May 2022 11:15 AM

මංකොල්ලකාරයින්ගෙන් ප්‍රවේසම් වෙන්න කියන්න අමතක වෙලා..!

:       4       16

පව් රට Wednesday, 11 May 2022 01:44 PM

විදේශිකයෝ 47,500ක් එන්න බලාපොරොතුව හිටියා.. ජූලි මාසයේ පෙරහැර කාලයට යුරෝපා රටවලින්... සංචාරකයින්ගේ දේපල මංකොල්ලකෑම් පළවූ නිසා යාමට නුසුදුසුම රට ලංකාව කියලා හංවඩු ගැහිලා නිසා මාලදිවයින ඒ සඳහා තෝරාගෙන...!

:       0       9

MO77Wednesday, 11 May 2022 02:28 PM

ඇත්තටම ජර්මන් යුවල නැවති සිටි තැන ඔවුන්ගේ ගෙයක් නෙමෙයි. ඒක හෝටලයක්...

:       3       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 298 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 65 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 627 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 653 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1084 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1014 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1532 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1426 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site