IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


වෛද්‍යවරුන් 60 ගෙදර යැවීම හොඳයි

 

(යොහාන් භාසුර)

සෙසු රාජ්‍ය සේවකයන් මෙන්ම වෛද්‍යවරුන් ද වයස 60 දී විශ්‍රාම ගැන්වීමට  රජය ගෙන ඇති තීරණය වඩාත් හොඳ තීරණයක් බවත් එය තරුණ වෛද්‍යවරුන්ගේ වෘත්තිය අනාගතයට වඩා සුබදායි බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතා අද (2) පැවසීය.

වෛද්‍යවරු වයස 60 න් විශ්‍රාම ගැන්වීමෙන් සෞඛ්‍ය සේවය කඩාවැටෙන්නේ යැයි ඇතැමුන් ගෙනයන ප්‍රචාරය නොමඟයැවීමක් බව කී වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතා තරුණ දක්‍ෂ දෛ්‍යවරු විශාල පිරිසක් රට තුළ සිටින බව ද සඳහන් කළේය.

වෛද්‍යවරු 200 පමණ පිරිසක් මෙම විශ්‍රාම ගැන්වීමේ තීරණයට සහය පළකරමින් ලිපියක් යොමුකර ඇති බවත් රට තුළ කිසිඳු අයුරකින් විශේෂඥා වෛද්‍යවරුන්ගේ හිඟයක් ඇති නොවන බවත් වෛද්‍ය බෙල්ලන මහතා කීය.

කොළඹ, ගාල්ල සහ මහනුවර ආදි ප්‍රදේශවල සේවය කරන ඇතැම් විශේෂඥා වෛද්‍යවරු එම ප්‍රදේශ අතහැර යෑමට දක්වන අකමැත්ත හේතුවෙන් විශ්‍රාම වැටුප 63 දක්වා ඉහළ දමන ලෙස ඉල්ලීම් කරන බවත් මෙම ඉල්ලුමට රජය ප්‍රතිචාර නොදැක්විය යුතු බවත් ඒ මහතා වැඩි දුරටත් කීය. 



අදහස් (16)

වෛද්‍යවරුන් 60 ගෙදර යැවීම හොඳයි

de silva Sunday, 02 October 2022 08:36 PM

දොස්තරලාට විශ්‍රාම ගිහින් දිගින් දිගටම පුද්ගලික රෝහල්වල සහ චැනල් මධ්‍යස්ථානවල සේවය කරන්න පුළුවන්...

:       1       3

මධුසංඛ Sunday, 02 October 2022 09:15 PM

ඔබතුමාම නේද ගිය අවුරුද්දෙ කිව්වේ වෛද්‍ය විශ්‍රාම වයස අවුරුදු 65 කරන්න කියලා. 63 කලහම කිව්වා ඒක මදියි 65 කරන්න කියලා. දැන් 60 කරපු එක හොදයි කියනවා. දිව කියන අවයවයේ අස්ථි නැති නිසා කමක් නැහැ. වෛද්‍යවරුන් රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගිහින් පූර්ණ කාලීනව පුද්ගලික වෛද්‍ය සේවයේ යෙදෙන්න පටන් ගනියි. තව පිරිසක් රට යාවි. සල්ලි තියෙන කෙනාට කොහොමත් ප්‍රශ්නයක් නෑ. දුප්පත් මනුස්සයෙක්ට දක්ෂ වෛද්‍යවරුන්ගේ සේවය නොමිලේ ගන්න තියෙන අවස්ථාව නැති වෙන එක විතරයි මේකෙන් වෙන්නෙ.

:       3       5

""වෙද නලාව"" Sunday, 02 October 2022 09:52 PM

මැරෙනකම්ම වෙද නලාව විශ්‍රාම නොයන දක්‍ෂ උගත්කම....!

:       2       1

ranjith Sunday, 02 October 2022 10:25 PM

සෞඛ්‍ය සේවය කඩා වැටෙනවා නම් 63ක් විශ්‍රාම ගියත් කඩා වැටෙනවානේ... මේවා බොරුකතා... ඇතුළෙන් දක්ෂයින් බිහිවෙන ලෝකයට අපි ජීවත් වෙන්නේ... නිකන් විහිළු කතා මේවා...!

:       0       3

Prase Sunday, 02 October 2022 11:56 PM

ලංකාවට එක නීතියක්... වහාම අස්වෙලා යන්න. ගිලිහීම අපිට පඩි ගෙවන්න බෑ...

:       1       1

60 වෙනස.... Monday, 03 October 2022 12:10 AM

සුදු ඇඳුම අඳින රාජ්‍ය සේවය කරන "හෙළු" විරු හා "හෙද" විරු කොටස් දෙකක් ලංකාවේ ඇත.! හෙළ විරුවන් වෙද නලාවෙන් රටට විශාල සේවයක් කර බොහෝ ජීවිත ගොඩදමා වයස 60 වුනාම විශ්‍රාම යයි..! ඒත් දියවන්නාවේ හෙළු විරු උඩ සාක්කුවේ දාගෙන ඉන්න පෑනෙන් අත්සන ගහලා බොහෝ ජීවිත අසරණ කරදමා වයස 60 වෙලත් විශ්‍රාම නොයයි..

:       1       3

nimal solangaarchchi Monday, 03 October 2022 05:14 AM

බහුතරයක් තරුණ වෛද්‍යවරුන් සහ ඇතැම් විශේෂඟ වෛද්‍යවරුන් බහුතරයක් ඉන්නෙ ගෙවල් වල සහ පුද්ගලික රොහල් වල තමා. සේවා මුර කිය කිය මාසෙට දවස් 10 ක් වත් වැඩට යන්නෙ නෑ. ඒ උනාට අතිකාල ඔක්කොම ගන්නව. ඒකට තමා අනිත් සියලුම සේවවල ක්‍රියාත්මක උනත් මේ ගොල්ලො ඇඟිලි සලකුණු යන්ත්‍ර ගේනවට විරුද්ද. විශේෂයෙන්ම බහුතරයක් දන්ත වෛද්‍යවරු 8-12 විතරයි රෝහලෙ ඉන්නෙ. සති අන්තවලත් ගෙදර. පඩිය ලක්ෂ 2 යි. හොරට අතිකාල දා ගෙන. හැබැයි අතැම් රොහල් වල වෛද්‍ය හිඟයක් තියෙනව. හොරට ඉන්න අය එවට දැම්මනම් හරි. නැත්තම් ඒ රෝහල් වල කාර්යය මණ්ඩලය පඩියට වැඩිය සේවයක් කරනව

:       0       11

Sunil Monday, 03 October 2022 07:14 AM

මේ ප්‍රකාශය කළ අය වෛද්‍ය සේවයේ සිටින තාක් රෝගීන්ට දෙවියන්ගේ පිහිටයි.

:       1       3

සඳුන් Monday, 03 October 2022 08:33 AM

මොහු වගකීම් විරහිත ප්‍රකාශ කරන වෛද්‍ය වෘත්තියටම නිගා දෙන ආත්මාර්ථකාමී චරිතයක්. හොඳට බැලුවොත් මෙයාට ඉහලින් සිටින වෛද්‍යවරුන් කිහිපයක් විශ්‍රාම ගැන්වීමේ පෞද්ගලික අවශ්‍යතාවක් ඇති.

:       1       4

කිරිපුතා Monday, 03 October 2022 09:48 AM

ඇති යන්තම් ධනාත්මක දෙයක් කිව්වා. තරුණ වෛද්‍ය වරුන්ට වැඩ කරන්න ඉඩ දීලා මැරෙණකම් සියල්ල බදාගෙන ඉන්න අය ගෙදර යන්න එපැයි. ⁣ජනතාවට ඔය තරම්ම ආදරේ නමි නොමිලේ සේවය කිරීමේ හැකියාව තියෙනවනෙ.

:       3       2

Prase Monday, 03 October 2022 09:55 AM

ඉක්මනට යවන්න ඔය අය වැඩ කරන්න ප්‍රයිවෙට් ක්ලිනික් වල, රජයේ පඩිය ගන්නව

:       0       2

JAYATH Monday, 03 October 2022 10:55 AM

නොම්මර එකේ මීහරකක් තප්පුලනවා

:       1       3

Shirani Monday, 03 October 2022 11:07 AM

හොදම අදහසක්. සෞඛ්‍ය සේවයට අඅදාල සියලුම අන්ශවල සේවකයන් විශේෂයෙන් මහජන සෞඛ්‍ය නිලධාරීන් MOH වල ඉන්න බොරු කරන සේවකයෝ ගැන වඩාත් සැලකිලිමත් වෙලා ඔවුන්ට වැඩ කිරීමට බැරිනම් අනිවාර්යයෙන් 60 විශ්‍රාම යැවිය යුතුයි

:       2       3

ජගත් ලියනගේ Monday, 03 October 2022 01:39 PM

වයසක වෛද්‍යවරුන් හිතාගෙන ඉන්නේ ඒ ගොල්ලෝ නැතුව ලෙඩ්ඩු මැරෙයි කියලා වෙන්න ඇති නේද? වෛද්‍යවෘත්තියත් දැන් මාෆියාවක්...

:       1       2

fairoos Monday, 03 October 2022 02:34 PM

අනේ මෙයාට කන්න ඕනෑ වුණාම කබරගොයත් තලගොයා වෙනවා. දේශපාලකයන්ට කඩේ ගිහිල්ලා රටට හෙණ ගැහුවත් කමක් නැහැ මේ අයට...!

:       0       2

sampath Wednesday, 05 October 2022 10:28 PM

සෞඛ්‍ය පුද්ගලික කරලා සෞඛ්‍ය රක්ෂනයක් හදුන්වා දුන්නොත් නරකද

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වීරසේන දිවුරුම් දෙයි
2024 අප්‍රේල් මස 24 13 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.එච් නන්දසේන මහතාගේ වියෝවෙන් පුරප්පාඩුවූ එම මන්ත්‍රී ධූරය සඳහා පත් කෙරුණු


යලේ වී වගා සල්ලි ලබන සතියේ සිට ගොවි ගිණුම් වලට
2024 අප්‍රේල් මස 24 74 0

2024 යල කන්නයේ වී වගා කටයුතු සඳහා රජය ලබා දෙන මුල්‍යමය සහනාධාරය ලබන සතියේ සිට ගොවි ගිණුම් වලට බැර කරන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.


පුත්තලම කාති උසාවි විනිසුරුවරයෙක් අල්ලස් දැලේ
2024 අප්‍රේල් මස 24 377 0

දික්කසාද නඩු තීන්දුවකට අදාල දික්කසාද සහතිකය ලබාදීම සඳහා රුපියල් පන්දහසක අල්ලස් ගත් බව කියන පුත්තලම කාති උසාවියේ විනිසුරුවරයයෙක් එම උසාවිය තුළදී අල්


ඇස් රෝහලේ තරුණ වෛද්‍යවරයෙක් මරුට
2024 අප්‍රේල් මස 24 1220 0

කොළඹ ජාතික අක්ෂි රෝහලේ තරුණ වෛද්‍යවරයකු හදිසියේ මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ගවලින් පැවසේ.


යාපනේ කෝවිලක සාරියක් ලක්ෂ 16 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 24 615 0

යාපනය පුන්කුඩිතිව් කන්නකි අම්මාන් කෝවිලේ තිර්ත මංගල්‍ය උත්සවයේදී කෝවිලේ කන්නකි අම්මාන් දේව මාතාව වෙනුවෙන් පුජා කිරීම සදහා වෙන්දේසි කරන ලද සාරියක් ර


පළාත් කිහිපයකට සවස් කාලයේදී වැස්ස
2024 අප්‍රේල් මස 24 98 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යමසහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍ය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 289 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1648 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1521 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site