IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


වෛද්‍යවරයෙක් ඇමැති ප්‍රසන්නට ප්‍රතිකාර නොදී ආපසු යවයි

(රේඛා තරංගනී ෆොන්සේකා)

ප්‍රතිකාර ලබා ගැනීම සඳහා කොළඹ පෞද්ගලික රෝහලක ගිය මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කමින් ඔහු ආපසු හරවා යැවු සිද්ධියක් එම රෝහලෙන් වාර්තා වෙයි.

ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා පුද්ගලික රෝහලේ චැනල් සේවයට ගෙව් මුදලද දී  ප්‍රතිකාර කිරීම් ප්‍රතික්ෂේප කර ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කළ බව කියන මහාචාර්ය රනිල් ජයවර්ධන මහතාගෙන් අප කළ විමසීමකදී මෙසේ කීය.  පුද්ගලික රෝහලේ හෙදියට ඒ රෝගියාව බලන්න බෑ කීවා  මිස වෙනත් කිසිවක් එම අවස්ථාවේ සිදු වූයේ නෑ.

හෙදිය ප්‍රසන්න රණතුංග මහතාව දැනුවත් කරන්නට ඇති.  ඒ අනුව ඔහු රෝහලෙන් පිටව යන්නට ඇති..

ඉන්ධන නැතිව,විදුලිය නැතිව ඉහල ගිය බඩු මිල සමග දුක් විදින ජනතාව අරගල කරමින් ඉල්ලන දේ නොඇසෙන සේ සිටින අමාත්‍යවරුන් බැලීමටවත් සිතන්නේ නෑ.

ප්‍රසන්න රණතුංග මහතාට මීට පෙර අවස්ථා දෙකකදී  ප්‍රතිකාර ලබා දුන්නා.  මෙවර  පැමිණ තිබුණේ තුන්වෙනි වතාවටයි.

මේ වන විට ජනතාව මහමග දුක් විඳිනවා.  මේ පිළිබඳව අදාල අමාත්‍යවරු අවධානය යොමු කළ යුතු බවද පැවසීය.

දේශපාලනඥයා යනු තවදුරටත් විශේෂිත පුද්ගලයකු නොවේ. ඔවුන්ට විශේෂත්වයක් දී සැලකීම මින් ඉදිරියට සිදු නොකිරීමට විශේෂඥ වෛද්‍යවරු තීරණය කර තිබෙනවා.

ප්‍රසන්න රණතුංග මහතා සමග පුද්ගලික විරුද්ධත්වයක් නෑ. දේශපාලඥයන් රජයේ රෝහල්වලට යොමු කළ යුතු බව පැවසීය.

මෙම සිදුවීමෙන් ඇතැමෙක් වෛද්‍ය ආචාර ධර්ම කඩ වූයේ යැයි හුවා දැක් වුවත් එවැනි කිසිදු වෛද්‍ය ආචාර ධර්මයක් කඩ වන්නේ නෑ.  ඒ මහතා අමාත්‍යවරයා සිටියේ හදිසි ප්‍රතිකාර අවශ්‍ය තත්ත්වයක නොවෙයි.

 



අදහස් (26)

වෛද්‍යවරයෙක් ඇමැති ප්‍රසන්නට ප්‍රතිකාර නොදී ආපසු යවයි

කිරි පුතා Sunday, 08 May 2022 10:36 AM

ජනතාවට බොහෝ ආදරේ නම් චැනල් සේවාව මිල අඩුවටත්, රජයේ රෝහල් රාජකාරියට හරියටමත් කළ යුතුව ඇත. නැත්නම් මෙවැනි දේ තවත් එක් රඟපෑමක් විතරක් වේ..

:       13       73

Gamini Ranasinghe Sunday, 08 May 2022 10:42 AM

දොස්තර වරයෙකුට තමුන් පිළිකුල් කරන හෝ තරහක් හෝ ඇති කෙනෙකුට හදිසි අවස්ථාවකදී හැර ප්‍රතිකාර කිරීම ප්‍රතික්ශේප කළ හැක. එසේ කළ යුත්තේ එම අතිශය පිළිකුල හෝ තරහ නිසා අපක්ෂපාතීව, කිසිඳු බැඳීමක් නොමැතිව තීරණ ගැනීමට නොහැකි වීමට ඉඩ තිබෙන බැවිනි. දොස්තර කෙනෙකු තම පවුලේ අයට සාමාන්‍යයෙන් ප්‍රතිකාර නොකරනුයේද එවැනි හේතු මතයි...

:       12       40

mahee Sunday, 08 May 2022 10:54 AM

මේවා අරගලය දියාරු කරන්න, අපව එපා කරවන්න දේශපාලකයින්ට අනුකම්පා සීන් එකට යවන්න ගහන කූඹිගේම් එකක වැඩ. අපි ඔක්කෝම වැඩ දාලා මේවාට එන්නේ පාලකයින් එළවන්න. හැබැයි මේ දොස්තර මහත්තයා බෙහෙත් දීලා නැත්තේ වාහන පර්මිට් දුන්නේ නෑ කියලා...

:       21       17

janahitha UAESunday, 08 May 2022 03:20 PM

එය ඔබගේ විශ්වාසය පමණි. එය සත්‍යය අභිබවා ගියත් සත්‍යය එලෙසම පවතිනවා.

:       9       30

Almeida Sunday, 08 May 2022 11:02 AM

ඔබතුමා කළ දේ හරි... ඕක තමයි වෙන්න ඕනෙ අද රටේ. ජීවිත අවදානමක් තිබ්බා නම් තමයි හොඳ නැත්තේ. මෙතන එහෙම එකක් නෑ. යවපු එකම තමයි හොඳ...! 

:       57       22

චන්දන Sunday, 08 May 2022 07:34 PM

එල්ටීටීඊ අයටත් ප්‍රතිකාර කරපු රටක් මේ... මේ වෛද්‍යවරයා වෛද්‍ය ආචාරධර්ම බිඳ හෙලා තිබෙනවා.. හතුරන්ටවත් ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කරන්න වෛද්‍යවරුන්ට බැහැ. මොහුට විරුද්ධව වෛද්‍ය සභාව පියවර ගත යුතුයි. වත්මන් උද්ඝෝෂණ කඩාකප්පල් කරන වැඩක් මේ.

:       6       37

අරගල රාළ Sunday, 08 May 2022 11:13 AM

සියලු ශ්‍රී ලාංකිකයින් එකම විදිහට දුක් විඳිද්දී හැමෝම තමන්ගේ විරුද්ධත්වය හැකි සෑම විදිහටම දේශපාලකයින්ට විරුද්ධව දැක්විය යුතුයි. මේ දොස්තර මහතා කළ දේ පැසසිය යුතුයි. ඇයි මේ වගේ පොලීසියටත් හමුදාවටත් වැඩකරන්න බැරි? හදවතට එකඟව වැඩකරන්න කාලේ හරි..

:       54       28

Karl Sunday, 08 May 2022 11:26 AM

නියමයි වෛද්‍යතුමා...! අපේ ආචාරය...!

:       48       31

Dharmatileke Sunday, 08 May 2022 11:33 AM

මින් ඉදිරියට පාර්ලිමේන්තු මන්ත්‍රී කියන්නේ පුස් වෙඩිල්ලක්... දොස්තර මහත්තයා සහ රෝහලේ සේවක මණ්ඩලය ගැන බොහොම ආඩම්බරයි.

:       49       37

ravin Sunday, 08 May 2022 11:36 AM

අවුරුදු ගණනාවකට ඉස්සෙල්ලා කරන්න තිබුණු වැඩක්. නූගතුන් ඉදිරියේ උගතුන් පාච්චල් නොවිය යුතුය. උගත්කම ලෝකයේ කොහේ ගියත් පවතියි. නූගතුන් පමණක් මෙහෙ රජකරති.

:       47       33

යෝගා Sunday, 08 May 2022 11:38 AM

මිනිස්සු වේගයෙන් තිරිසන්නු වෙමින් පවතියි.

:       30       70

හේරත්Sunday, 08 May 2022 03:14 PM

දේශපාලකයාට ප්‍රතිකාර නොකරමු. වෛද්‍යවරයාගේ කථාවෙන් එය ඉතා පැහැදිලි වේ..

:       42       22

මැක්ස් Sunday, 08 May 2022 12:08 PM

කොන්දොස්තරලාත් මීටවඩා ආචාරධර්ම රකිනවා.

:       38       73

ගමේ එකාලාSunday, 08 May 2022 06:06 PM

කොයි රටේද දන්නේ නැහැ. ඔය කියන අය ඉන්නේ?

:       23       7

සනත් Sunday, 08 May 2022 12:36 PM

රෝගියා කවුරු වුණත් ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරයා සතු යුතුකමක් හා වගවීමක්... දැන් මේ රටේ පහත් තත්ත්වයට වැටී නැත්තේ කවුරුන්ද යන්නයි ප්‍රශ්නය..?. මහජන මුදලින් පඩිගන්න නැවත මහජන මුදල් පුද්ගලික චැනෙල් වලින් කොල්ලකන මේ අයට කියන නමක් යෝජනා කරමු.

:       28       78

SamithaSunday, 08 May 2022 04:20 PM

ඒ විතරක් නෙමෙයි, මේ කියන දොස්තර ලංකාවේ විශ්ව විද්‍යාලයේ නොමිලේ අධ්‍යාපනය ලබා පසුව චැනල් කරලා ලොකුවට හම්බ කරන්නත් ඇති. ප්‍රසන්න රණතුංග කියන්නේ මගේ ප්‍රියතම කෙනෙක් නොවෙයි. නමුත් චැනල් කාරයින් දේශපාලුවන්ට වඩා හොඳ වෙන්නේ කොහොමද කියලත් හිතන්න ඕනෑ.

:       6       17

Sisil Sunday, 08 May 2022 12:38 PM

වර්තමානයේ සිටින සියලුම දේශපාලුවන් තවදුරටත් විශේෂිත පුද්ගලයින් නොවේ. මහාචාර්ය රනිල් ජයවර්ධන මැතිතුමාට ශ්‍රී ලංකා වාසී සියළු මහජනතාවගේ ස්තූතිය...!

:       54       31

Sahan Sunday, 08 May 2022 12:48 PM

අද කී දෙනෙක් මේ දේශපාලුවන්ගේ හොර වැඩ නිසා බෙහෙත් නැතිව අසරණ වෙලා ඉන්නවද? කී දෙනෙක් බෙහෙත් නැතුව මැරෙනවද? බෙහෙත් දීම ප්‍රතික්ෂේප කිරීම හොඳ වැඩක් නොවුණත් මේ අයට මෙහෙම කළේ නැතිනම් හරියන්නේ නැහැ. ඔහුගේ ක්‍රියාව අගය කරමි.

:       44       31

Kumara Sunday, 08 May 2022 01:02 PM

අලුත් රටක් අපි හදමු...

:       37       25

siri Sunday, 08 May 2022 01:40 PM

කවුද කෙනෙක් " පශු වෛද්‍යවරයෙක් ළඟටනේ යන්න තිබ්බේ" කියලා ලියලා තියෙන්නේ මොකද කියලයි මම මේ දස අතේ කල්පනා කරන්නේ...? යකඩ මල්ලට ගුල්ලෝ ගහලද මන්දා අනුරාධපුරේදී ‘හූ‘ කියන්නත් මිනිස්සු පෙළගැහිලා ඔන්න...

:       42       27

රට වැසියා Sunday, 08 May 2022 02:33 PM

රෝගියෙකුට ප්‍රතිකාර නොකර සිටිමට වෛද්‍යවරයෙකුට වෘත්තීය අයිතියක් ඇත. එමෙන්ම ප්‍රතිකාර නොකර සිටීමට බොහෝ තාක්ෂණ කරුණු ද තිබිය හැකියි. නමුත්, මේ සිද්ධියේදි වෛද්‍යවරයා මෙම ඇමැතිවරයාට ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කරන්නේ වෙනත් කාරණා නිසායි. රට වැසියෙකු ලෙස වෛද්‍යවරයාගේ මෙම ක්‍රියාව හෙලා දකිමි. මේ රටේ තිබෙන පාදඩ දේශපාලනය හමුවේ ‌දේශපාලකයාට මෙන්ම වෘත්තිකයාට තමන් මනුෂ්‍යයෙකු බවත් මනුෂ්‍යත්වයත් අමතක වීමට තරම් සිහිවිකල් වී ඇත..

:       25       70

ජුනයිඩ් Sunday, 08 May 2022 02:36 PM

චැනල් වේලාවට අවම වශයෙන් පැය භාගයක්වත් පමා වී එන, චෙක්අප් හැම එකක්ම ලියා දෙන, රෝගියෙකු අතින් නොඅල්ලන, හැමදේම හෙදිය හරහා කරගන්නා, අය උඩ ගිය තරම්...!!!

:       19       60

Nimalka Sunday, 08 May 2022 02:36 PM

අපේ රටට තවත් වැරදි අවශ්‍ය නැහැ.

:       9       39

WCA Sunday, 08 May 2022 05:09 PM

ඇයි මේ ගොල්ලන් දෙන රජයේ සේවාව ලබාගන්න බැරි?

:       30       12

BIRD EYE Sunday, 08 May 2022 06:06 PM

රෝගීන්ට ප්‍රතිකාර කරන්න ගියාම රෝගියාගේ ලොකු පොඩිකම් හොයනවා නම් ඒ වෙදකම බාල්දු කිරීමක්.. හිරෝ වෙන්න ගිහින් සීරෝ වුණු ඩොක්ටර්...

:       13       37

Piyal Sunday, 08 May 2022 07:15 PM

මේ දොස්තර මහත්තයා වීරයෙක්....

:       31       10

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 273 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 781 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 2024 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 2260 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 670 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 289 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 304 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1674 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1534 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site