IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


විරෝධතාවක් හේතුවෙන් ලෝටස් පාර වහයි

(ඉන්දිකා රාමනායක සහ ළහිරු හර්ෂණ)

 
ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාවක් හේතුවෙන් අද(29) කොළඹ කොටුව ලෝටස් පාර වසා ඇති බව පොලිසිය කියයි.

උද්ඝෝෂණයේ නිරත වු රැකියා විරහිත උපාධිධාරීන්ට දෙවැනි වරටත් පොලිසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.

විරෝධතාකරුවෝ  ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා ගමන් කරමින් සිටිති.

පොලිස් කැරලි මර්දන කණ්ඩායම්, අධි පීඩන ජල ප‍්‍රහාරක රථ එම ස්ථානයට කැඳවා ඇති බව පොලිසිය කියයි.

ඡායාරූප - ළහිරු හර්ෂණ

වැඩිදුර ඡායාරුප නැරඹීමට පිවිසෙන්න

රැකියා විරහිත උපාධිධරයන්ගේ විරෝධතාවයට දෙවැනි වරටත් කඳුළු ගෑස්

 



අදහස් (9)

විරෝධතාවක් හේතුවෙන් ලෝටස් පාර වහයි

සේන Monday, 29 July 2019 07:44 AM

කිසිම රජයක් බැඳිලා නෑ එහෙම රැකියා දෙන්න. මේක කාලය කාදැමීමක්. උපාධිය තිබුණට කමක් නෑ පොඩි තැනකින් පටන් ගන්න. ඊට පස්සේ ඉහළට යන්න පුලුවන්. නැත්නම් තමන්ගේ ම ව්‍යාපාරයක් පොඩියට පටන් ගන්න. මම පිටරටකට ආවේ ඒ නිසයි. කාලය කා දැමුවොත් අපි වයසට යනවා.

:       0       195

ranaMonday, 29 July 2019 11:02 AM

මේ ඈයෝ ඉල්ලන්නේ රජයේ රස්සා, උපරිම නිදහසනේ..! වැඩ වෙලාවේ ළමයි ගෙනෙන්න. කඩේ යන්න... අනිත් සියලුම දේ කරගත හැකි වෙන රස්සාවක් කියන්න. එන්න මම ඉන්න ගමට, ඔබට සියැසින් දැකගත හැකියි.

:       0       2

RaveendraMonday, 29 July 2019 12:12 PM

සේන මයා වෙත, ඔබගේ අදහස් නිවැරදිය... ඔබ අප සැමගේ බදුමුදල්වලින් නිදහස් අධ්‍යාපනය ලබා ඔබ මෙන් අපද එහි උපරිම ඵල නෙලාගෙන අපගේ ලක්මවට කිසිදු බරක් නොවී ඇය වෙනුවෙන් මෙන්ම අපගේ පවුලේ සුඛවිහරණය වෙනුවෙන් මේ මොහොතේත් සේවය කරන්නෝය... අප අපගේ ලංකා මාතාවට කිසිවිට ණය නැත. අප නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන වැඩිදුර අදාළ විෂයන් පිළිබඳව ලෝකයට ඔබින ලෙස අපගේම මුදලින් අධ්‍යාපනය ලබා ඉහළ වැටුප් ලබමින් ජීවත් වන්නේ අපගේ සුන්දර ලක්මවගේ පිහිටෙන් එහි උපන් නිසාය.. (අප මෙම උපාධිදාරීන්ව හෑල්ලු කරනවා නොව..) මොවුන් ලබාගත් උපාධිය සමගින් වර්තමානයට ගැලපේද නොගැලපේද යන්න අවංකව සිතිය යුතුය. "දැනට රටේ පවතින අධ්‍යාපන ක්‍රමය නවලෝකයට ඔබිනවද? නොවෙනවද? නොතේරෙන ගොන් රැලක් අධ්‍යාපන ඔස්තාර්ලා ලෙස සිටින" මෙවන් අවධියක මෙවැනි උද්ඝෝෂණ තවත් දශක කීපයක් යනතෙක් අප රටේ තිබිය හැකිය.

:       0       29

marikkar Monday, 29 July 2019 08:04 AM

පොදු ජනතාවට කරදරයක් නොවෙන ආකාරයට සියලුම විරෝධතා සහ පෙළපාලි පැවැත්විය යුතුයි.

:       0       18

Cisco Monday, 29 July 2019 08:21 AM

කොහේ තියෙන ජලයද අප්පා!!!

:       0       25

Asanka Monday, 29 July 2019 08:25 AM

ඔව්, නැගෙනහිරදී ගුටි කාලා තුවක්කුත් නැතිකරගෙන බස්නාහිර අයට වතුර බැරිනම් ගල්වලින් ගහපල්ලා...

:       15       5

lion Monday, 29 July 2019 09:20 AM

තමුන් දැනගන්න ඕනේ රැකියාවකට ඉල්ලුමක් තියෙන දෙයක් ඉගෙනගන්න. මොනවද මේ කරන පිස්සු වැඩ...?

:       1       54

Amila Monday, 29 July 2019 10:42 AM

නෝන්ජලයෝ නායකයින් වුණාම හැම හාල්පාරුවම උද්ඝෝෂණය කරනවා. එකෙක්, දෙන්නෙක් එලොව යැව්වා නම් ආයේ ඔය විකාර නෑ. අනික මොවුන් රැකියා විරහිත උපාධිදාරීන්ලු. තව ටික දවසකින් කියාවි බඳින්න කෙනෙකුත් හොයලා දියව් කියලා... ඊට පස්සේ කියාවි ළමයෙකුත් හදලා දියව් කියලා. වැඩකට නැති කුණුගොඩවල් ඉගෙනගෙන රටේ මහජනයාට ඇනයක් වෙලා තියෙන පිරිසක්... මේ වගේ ගෝතයින්ට රජයේ රැකියා දුන්නාම රාජ්‍ය සේවයත් ඉවරයි. මේ වගේ අය තමයි වැඩ නොකර පිස්සු නටන්නේ රාජ්‍ය සේවයේ... අනික මේ වගේ හරක්ට උපාධි දුන්න උන්ටත් ගහන්න ඕනෑ මඩු වලිගයෙන්...

:       0       6

Appuhami Monday, 29 July 2019 06:32 PM

මේ ළමයින්ට දොස් කියලා වැඩක් නැහැ.. පාලකයින් දැනගත යුතුයි. ඵලදායී විෂය පථයන් හඳුන්වා දී , ඒ හරහා මේ ළමයින්ගේ ශක්තිය මේ රටේ සංවර්ධනයට යොදාගන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නුවරඑළියේ ස්ටෝබෙරි ගමක් හදයි
2024 අප්‍රේල් මස 25 0 0

ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.


ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 484 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 870 1

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 743 2

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 1004 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 778 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 308 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1684 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site