IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


විදුලි කාර්මිකයාගේ දෑත් කපාගෙන යයි

(රේඛා තරංගනී ෆොන්සේකා )

මොරටුව කොරලවැල්ල ප්‍රදේශයේ මහ මඟ දී දෙනෝදහක් බලා සිටියදි තියුණු ආයුදයක් රැගෙන ආ පුද්ගලයකු සහසික ලෙස විදුලි කාර්මිකයකුගේ දෑත්  කපා  රැගෙන  යන අයුරු ඒ ආසන්නයේ ඇති ආරක්ෂක කැමරාවක සටහන්ව ඇත.

මෙම කැපුම් තුවාල ලබා ඇත්තේ මොරටුව  කොරලවැල්ල ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

මෙම පහර දීම සිදු වූ සැණින් ප්‍රදේශවාසීන් 1990 ගිලන් රථ සේවාවන් ඔස්සේ තුවාලකරු පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පැවසීය.

තුවාලකරුගේ  නිවැසියන් මොරටු පොලිසියට කළ පැමිණිල්ලට අනුව විමර්ශන ආරම්භ කර ඇති අතර වෙන් වූ අත් කොටස්  සැකකරු විසින් රැගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි.

තමාට පහරදුන් සැකකරු පිළිබඳ තොරතුරු  තුවාලකරු ලබා දී ඇති අතර ඔහු සිද්ධිය වූ වහාම ප්‍රදේශයෙන් පලා ගොස් ඇතැයි පොලීසිය පැවසී ය.

විදුලි කාර්මියයාගේ දෑත් වැලමිටට පහළින් ශරීරයෙන් වෙන්වන සේ කපා ඇති අතර වෙන් වූ කොටස් පහරදුන් පුද්ගලයා විසින්ම රැගෙන ගොස් ඇත.

එසේ රැගෙන  ගිය අත් කොටස් සොයා පොලිස් විමර්ශන ආරම්භ කොට ඇතැයි පොලිසිය පවසයි.

රෝහල් ආරංචි මාර්ග පවසන ආකාරයට කපා වෙන් වූ කොටස් තිබුණේ නම් එය  බද්ධ කිරීමට හැකියාව පැවතුණු බව ද සෞඛ්‍ය අංශ පවසයි.

 



අදහස් (30)

විදුලි කාර්මිකයාගේ දෑත් කපාගෙන යයි

amara Wednesday, 22 March 2023 12:28 PM

මේ මෘගයා මරා දැමිය යුතුයි!

:       1       148

Lalla Wednesday, 22 March 2023 12:31 PM

මිනිස් වේශය ගත් තිරිසනුන්. මොකක් හෝ පලිගැනීමක්.....

:       0       132

C.K.Lankaputhra Wednesday, 22 March 2023 01:12 PM

මෙහෙම මිනිසුන් ඉන්නා රටකද දෙවියනේ අපි මේ ජීවත් වෙන්නේ. මෙහෙම මිනිසුන් හැදෙන හේතුව සොයා ගන්න ක්‍ර්‍ර්‍රමයක් ඇත්තටම නැද්ද?

:       3       97

චින්තක Thursday, 23 March 2023 10:10 AM

බුදු දහමේ තියෙන තෙවැනි සිල්පදය කැඩුවොත් ඔහොම වෙන්න පුළුවන්

:       1       6

de silva berlin Wednesday, 22 March 2023 01:25 PM

මෙවැනි පුද්ගලයෙකුට නඩුවක් කියලා තීන්දුවයක් දෙන්න අපේ රටේ වසර 10-15 ක් ගතවෙනවා. මේ කාලය තුළ ඔහුට ඇප ලැබෙනවා. එම කාලය තුළදි ඔහු විවිධ ආකාරයෙන් අපරාධ තවදුරටත් කරනවා. කුඩු සලිඳු, හරක්කාටලා බිහිවෙන්නේ එම නිසා. රට හදන්න නම් මුලින්ම අධිකරණ ක්‍රියාවලිය වේගවත් කරන ක්‍රමවේදයකට යන්න ඕනි. අධිකරණ වලට අවශ විනිසුරුවනු ප්‍රමාණය වැඩි කර රසායනාගාර වැනි දේවල් වලට අවශ්‍ය පහසුකම් වැඩි කළ යුතුයි.

:       0       135

ලුම්බිණි Wednesday, 22 March 2023 01:56 PM

මූ නම් සදාකාලිකව හිරේ දැමිය යුතු මෘගයෙක්.

:       0       76

janaka Wednesday, 22 March 2023 02:00 PM

සිදුවීම ඉතාම ඛේදජනකයි. හේතුවකුත් ඇති ඉතිං.

:       8       57

Harischandra Wednesday, 22 March 2023 02:09 PM

කොහොම වුනත් මෙහෙම එවුන් බෙරගන්න මාවවුලො රංචුපිටින් එවි ඉතින් කොහොමද රටක් හදන්නෙ.

:       3       54

පිටිගල මිලානෝ Wednesday, 22 March 2023 02:14 PM

සාදුලා බණ කියනකොට නම් කියන්නේ මේ පින් බිමේ උපදින්නේ බොහෝ පෙර පින් ඇති අය පමණක් බවයි. එතකොට ප්‍රංශයේ ඉතාලියේ නෝර්වේ වැනි රටවල උපදින්නේ පව්කාරයෝද? එහෙමනම් ඔහොම කියන සාදුලාම චාන්ස් එකක් ලැබුන ගමන් ලංකාවෙන් පැනලා වෙන රටවල පන්සල් පටන් අරන් ඒ රටවලම සැපසේ ජීවත්වෙන්නේ ඇයි?

:       125       64

සුජිත් පල්ලේවෙලත් Wednesday, 22 March 2023 04:32 PM

සාදුලා කියන බණයි. බුදුන් දේශනාකල බණයි වෙන්වෙන්ව හඳුනා ගන්න.එවිට ඔබට සත්‍ය මාර්ගය කරා ඉක්මණින් යා හැක...ගොඩාක් සාදුලා බණ වලට වදාරන්නේ ගිහිගෙහි සැප විඳීය හැකි ක්‍රම බැවින් ඒවා බුදු බණ නොවන බවද අවබෝධ කරගන්න.

:       7       55

සමරාWednesday, 22 March 2023 04:57 PM

එහෙනම් පිටිගලින් ඉතාලියේ මිලානෝ පැත්තටත් ඔය කියන ජාතියේ එවුන් පැනලා ඇති. මොනවා නැතත් උපන් බිමට ගරහලා අලුත් තැනට වඳින ජරා වැඩ නම් අඩුවක් නැති එවුන් මිලානෝ පැත්තේ ඉන්නවා වගේ. අනික කොරලවැල්ල කියන්නේ බෞද්ධ ප්‍රදේශයකම පමණක් නෙවෙයි. ඒ නිසා ඇයි මේ හොයලා නොබලා බුද්ධාගමට අපහාස කරන්නේ. ඔබ බෞද්ධයෙක් නොවෙයි නම් කරුණාකර තමුන්ගේ වැඩක් බලාගන්න.

:       3       9

RamsnWednesday, 22 March 2023 05:53 PM

මෙතන කොහෙද කියන්නේ මේ බෞද්ධයන්ගේ ප්‍රශ්නයක් කියලා? කොරලවැල්ල කියන්නේ බෞද්ධ හා ක්‍රිස්තියානි දෙකොටසම සමව ජීවත්වෙන ප්‍රදේශ. ඔබටත් හොඳයි ඉස්සෙල්ලම අපක්ෂපාති ලෙස හිතන්න ඉගෙනගත්තොත්. ඒ වගේම සාදුලගේ බණ ඇත්තනම් ඔබ වගේ යහපත් හිතුවිලි හිතන්න බැරි අය මේ පින්බිමේ ඉන්නේ නැතුව තුරන් කරනවා වෙන්නත් පුළුවන් නේද.

:       2       5

SenakaWednesday, 22 March 2023 06:18 PM

සාධුලාට බනින්න ඉස්සෙල්ලා බලන්න සිද්ධිය වෙලා තියෙන්නේ කොහේද කියලා හොඳේ. මේ මොරටුව කොරලවැල්ල. කතෝලික මිනිස්සු තමයි ඉන්නේ. මේක කරල තියෙන්නෙත් ඒ ජාතියේ එකෙක්. හැබැයි බෞද්ධයො විදියට අපි නම් මෝඩ නෑ එක මෝඩයෙක් කරපු වැඩකට සමස්ථ කතෝලික පල්ලියටම බනින්න. ඒකයි බෞද්ධයන්ගෙයි තමුන්නාන්සෙලගෙයි වෙනස.

:       3       7

උපාසක Thursday, 23 March 2023 08:50 AM

උඹ කියන්නේ ඉතාලි, ප්‍රන්ශේ කියන්නේ දිව්‍ය ලෝක කියලද. අනේ උඹ වගේ මිනිහෙක්. ඔහේ ඉන්න මිනිස්සුන්ට පෙර කරපු මොකක් හෝ පිනකට කන්න, බොන්න ලැබිලා ඇති නමුත් එතනින් ඒ පිණ ඉවරවෙයි. " සන්තුශ්ට් පරමන් ධනං " කියලා දහමේ තියෙනවා. යාන, වහාන, ලොකු ගෙවල් දොරවල්, ඇතිවෙන්න සල්ලි තිබුනත් සිතේ සතුටක් නැති ජීවිතේ මොකටද. අපේ රටේ ගොඩක් මිනිස්සු දෙවේල කාල හිටියත් පව්ලේ පිරිස සමඟ සතිටින් ඉන්නවා. පිනක්, දහමක් කරන්න ඕනේ තරම් අවස්ථා තියෙනවා. දැන් දැන් මිනිස්සුන් ආගම, දහම අතහැරලා මුදල් හොයන්න මුල් තැන දෙන නිසා ටික, ටික පිරිහෙමින් යන්නේ. මේකත් එවැනි නින්දිත වැඩක්. මෝඩයෝ හිතන්නේ සල්ලි තිබුනා කියන්නේ මනුෂ්‍ය ජීවිතේ අංග සම්පුර්ණයි කියලා. ඊට වඩා ලොකු දෙයක් කරන්න පුළුවන් ජීවිතයක් තමයි මේ ලැබිලා තියෙන්නේ. කාල, බීල, ළමයි හදලා මැරිලා යනවා කියන්නේ තිරිසන් සත්තුත් ඔය ටිකම තමයි කරන්නේ. මිනිස්සු

:       2       9

ඉතාලි කාරයෙක්Thursday, 23 March 2023 01:08 PM

පිටිගල හිටපු එකෙක් මිලානෝ ගිය නිසා පිටිගල පැත්තේ නුවණක්කාර මිනිසුන්ගේ ප්‍රතිශතය ඉහළ ගියාලු.

:       2       4

sarath Wednesday, 22 March 2023 02:52 PM

මොහු අදිකරනයට ඉදිරිපත් වුනොත් මස 3 ඇප ලබෙනව , නඩුව අහන්න අවමවශයෙන් අවුරුදු 10 වත් යනව, සමහරු මෙවනි අමානුශික දේවල් කරන්නෙ අපරද ලොකයෙ ප්‍රසිද්ධියක් ලබාගන්න , ඇප ලබුනට පස්සෙ කල්ලියක් හදාගෙන කුලියට මිනි මරමින් කප්පම් ගමින්, කුඩු ජාවාරම් මෙහෙයවමින් විශාල මුදලක් උපයන්ව , එම මුඩල් වලින් පෙරකදෝරුවන්ට ගෙවිම් කරනව, සාක්කිකාරයො නිහඩ කරවන්න වියදම් කරනව , මෙකට විසදුම සැකකරුට ඇප නොදී මාස කිපෙකින් මෙම නඩු විසදීමට ක්‍රම වෙදය සැකසිම.

:       0       32

kapila Wednesday, 22 March 2023 03:00 PM

මෙවැනි අපරාධ කිරීමට අද මිනිසුන් බය නැත්තේ ඒවාට නිසි දඬුවම් නැති නිසයි.

:       1       35

අනුර Wednesday, 22 March 2023 03:40 PM

මෙවැනි සංවේදී ඡායාරූප පුවත්පත් වල පල නොවන්නේ නම් සුදුසු යැයි හැඟෙයි

:       5       32

ruwan Wednesday, 22 March 2023 04:19 PM

මරන දන්ඩනය අවශ්‍ය මෙන්න මෙඑ වගෙ එවුන් මරල දාන්න

:       0       3

අයියොසාමි Wednesday, 22 March 2023 04:20 PM

අල්ලයි. මානසික ආබාදක් තියෙන නිසා කරපුදෙයක් කියයි. පොඩි දඩුවමක් විදි. වැඩේ එතනින් ඉවරයි. වැරැද්දක් කරල අහු උනාම මනසික් ආබදයක් තියෙනව කියල හොරට ඔප්පු කරලා බේරේනතාක් කල්. මේවා හදන්න බැහැ.

:       0       31

Senadeera Wednesday, 22 March 2023 06:20 PM

මුන්ව වෙඩි තියලා මරන්න.. තිරිසන් විදිහට....

:       0       3

රාලහාමි Wednesday, 22 March 2023 08:00 PM

ඔය තිරිසන් සතා සමහරවිට නීතියෙන් බේරෙන්න පුළුවනි, නමුත් මිනිහාට උරුම දඬුවම ඒ කියන්නේ ඔහුගේ අත්දෙක කපාදමා පමණක් අවසන් විය යුතු නැත.ඒ සඳහා පොලියක් වශයෙන් ඔහුගේ කකුල් දෙකත් කපා වෙන්කළ යුතුය. ඒ දඬුවම අපි අනාගතයට බාර කරමු.

:       1       5

ramani Wednesday, 22 March 2023 08:08 PM

රනිල්ගේ බටලන්දේ වධකාගාරයේ වධකයෙක්ද කොහෙද . ඕකගේ බි ** කපන්න ඕනා.

:       1       4

Rohana Wednesday, 22 March 2023 10:20 PM

මනුෂ්‍ය ඝාතන කැපීමකෙටීම් කරනවුන්ට ඉතාකෙටිකලකින් දඩුවම් දියහැකිපරිදි අපරාධනීති සංශෝධනය විය යුතුමයි. නැත්නම් රටේඇතිවන මෙවැනි අපරාධ වැලැක්වීමට කඩිනම් ක්‍රියාමාර්ග ගතයුතුයි.

:       0       3

පිටරැටියා Wednesday, 22 March 2023 11:06 PM

මිනිසුන් මේ තරම් අමානුෂික උනේ ඇයි? දෙනෝදහක් බලාගෙන ඉන්දලා ?

:       0       2

මිලින්ද Thursday, 23 March 2023 10:23 AM

බේරගන්න ගියාම වෙන්නෙ චුදිතටත් වඩා දඩුවම් විදින්න තමා කෙලවරක් නැතුව වවුලො අහන ප්‍රශ්න නිනිසාත් නිකරුණේ ධනය හා රත්‍රන් සමානයි කියන කාලය අවම වශයෙන් අවුරුදු දහයක් වත් විදවීමට සිදුවීමත් කිසිම කෙනෙක් ඉදිරිපත් නොවීමට හේතුවක් වෙනවා මෙහෙම සාක්ෂි කරුවන් සමාජයට නොපෙන්වා ආරක්ෂා කරන ක්‍රමයක් සැකසීම මගින් මේවා නවතන්න පුළුවන් වේවි

:       0       1

ගුණවර්ධන Thursday, 23 March 2023 12:17 AM

මේ වගේ පහත් නින්දිත අපරාධ දැන් රටේ එන්න එන්නම වැඩිවෙනවා. මේවට හේතු හොයන්න කව්රුවත් මහන්සි ගන්න පාටක් නෑ. මේකට මුලිකම හේතුව . මේකට කව්රු මොනවා කීවත් මේ රටෙ අධ්‍යාපන ක්‍රමයයි. විභාග පාස් කරන අරමුණින් තමයි මේක සැකසිලා තියෙන්නේ. විභාග සියල්ල පාස් කරලා උපාධියත් ගත්තට පස්සේ තමන්ගේ දෙමව්පියොත් ගෙනිහින් දානවා වැඩිහිටි නිවාසෙකට. වැඩිහිටි ගෞරවය, ගුරු ගෞරවය, සදාචාරය, තවකෙනෙකුට උදව්වක් කිරීම ආදී අවම මනුෂ්‍ය ගති දැන් එන්න එන්නම පිරිහෙනවා හැමෝටම එක පේනවා. ආගමක්, දහමක්, සදාචාරයක්‌ නැති අධ්‍යාපන ක්‍රමයකින් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.

:       0       6

Vinditha Thursday, 23 March 2023 08:18 AM

G මම එක පාතාල මනීමරුවෙකුට එරෙහිව සාක්ෂි කරුවෙක්.අපරාධකරු අධිකරණයට ඉදිරිපත් කලේ 1994 මගේ සාක්ෂි විමසුවේ 2019 .එතෙල් අපරාධකරු ඇපපිට අයාලේ . අවුරුදු 25 තුල කොතරම් අපරාධ අසු නොවී කරන්නට ඇත්ද. අපරාධකරු බේරගන්න ඉදිරිපත් වෙන අය කොහොම යැපෙන්න ඇත්ද?අන්තිමේදී ස්වභ ධර්මය විසින් දඬුවම්දී සිහිය නැති මොංගල් අපරාධකරු රෝද පුටුවෙන් උස්සගෙන අධිකරණයට ගෙන ආවේ, කාට මේ අවනඩුව කියන්නද ?

:       0       5

ලොකුවිජේ Thursday, 23 March 2023 09:10 AM

ඕනෙම චන්ඩියෙක්, පාතාලයෙක් කියන්නේ අමුම අමු මෝඩයෝ. ගමේ උනත් ඉන්න චන්ඩි කියන්නේ මහා මෝඩයෝ. උන්ට තේරෙන්නේ නෑ හොඳක්, නරකක් ආවේගයට මුල්තැන දෙනවා. හිතන්න මොලේ අඩුයි.

:       0       4

dasun Thursday, 23 March 2023 11:46 AM

ගරු නීතිපති තුමනි, වහාම මහාදිකරණයේ අදි චෝදනා ගොනු කරන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 384 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 799 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 934 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 655 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 177 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1821 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 282 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1637 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site