IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ලොකු ලොක්කන් ස්කෑන් කරන්න ගුවන් තොටට අලුත් යන්ත්‍ර

(අංජුල මහික වීරරත්න)

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ ප්‍රභූ මගී පර්යන්තයේ අධි තාක්ෂණික ස්කෑන් පරීක්ෂණ යන්ත්‍ර සවි කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට  උපදෙස් ලබාදී ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම්වරයා මෙම පියවර ගෙන තිබේ.

ගුවන් මගීන් රැගෙන එන අත්බෑග් පරීක්ෂා කිරීමට කටුනායක ගුවන් තොටුපළේ සාමාන්‍ය මගී පර්යන්තයේ අධි තාක්ෂණික ස්කෑන් යන්ත්‍ර පැවැතිය ද ප්‍රභූ මගී පර්යන්තයේ එවැනි පහසුකම් නොමැති බව රේගු නිලධාරීහු සඳහන් කරති.

එම නිසා විශේෂ මගී පර්යන්තය හරහා එන ප්‍රභූන්ගේ අත්බෑග් පරීක්ෂා නොකෙරෙන බව එම නිලධාරීහු පවසති.

විදේශ රටවල බොහොමයක විශේෂ මගී පර්යන්ත වල මෙන්ම අතිවිශේෂ මගී පර්යන්ත වලද අධි තාක්ෂණික ස්කෑන් පරික්ෂණ යන්ත්‍ර සවි කර තිබේ. එමගින් ගුවන් මගීන් අත්බෑග් වලින්  ගෙන එන නීති විරෝධී භාණ්ඩ සහ බදු ගෙවීමකින් තොරව ගෙනෙන භාණ්ඩ පිටතට රැගෙන යාම වැලකෙන බව රේගු නිලධාරීහු කියති.

ප්‍රභූ පර්යන්තය හරහා නීති විරෝධී භාණ්ඩ ගෙන ඒම වැලැක්වීම සඳහා ජනාධිපති ජනාධිපතිවරයා දුන්  උපදෙස් පරිදි ජනාධිපති ලේකම්වරයා ශ්‍රී ලංකා රේගුවට දැනුම් දී ඇත්තේ මෙම උපකරණ විශේෂ මගීන් හා ප්‍රභූන් පිටවන පර්යන්තයේද සවි කරන ලෙසයි.

ඊට අදාළ වාර්තාවක් ලබා දෙන ලෙස ද ජනාධිපති ලේකම්වරයා  රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත දැනුම් දී තිබේ.

රත්‍රං කිලෝ තුනක් හා ජංගම දුරකතන සමඟ පාර්ලිමේන්තු  මන්ත්‍රීවරයකු රේගුව විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඒ ගැන සොයා බැලූ ලේකම්වරයා මෙම උපදෙස් දී තිබේ.



අදහස් (14)

ලොකු ලොක්කන් ස්කෑන් කරන්න ගුවන් තොටට අලුත් යන්ත්‍ර

දාස Saturday, 27 May 2023 05:12 AM

මෙයාද ස්කෑන් කරන කෙනා, දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ..., ස්කෑන් කරලා අල්ලා ගත්තාම කියයි යන්න දෙන්න කියලා..., එහෙව් කෙනෙක් මේ... හොඳම උදාහරණේ ජපන් තානාපති පගා ඉල්ලුවයි කියලා ගොඨාභයට කියලා දොට්ට දාලා සිරිපාලට නැවත ඇමතිකම දීපු විදිය...

:       7       18

Chathuri Saturday, 27 May 2023 05:54 AM

දැන්ද මතක් වුනේ ඉස්තාලය වහන්න. රට බංකොළොත් වුණාට පස්සේ. ඕවා බොරුවැඩ... ඊට වැඩිය නරකද ගොබ්බ රැලගේ ගෙවල් වලට ගිහින් පෙට්ටගම් ඇරලා බැලුවා නම්...! ඔවුන්ගේ බැංකු ගිණුම් පරික්ෂා කරලා. නීති විරෝධී ලෙස හොරගත් මුදල් දේපල. රාජ සන්තක කරලා. පිංගුත්තර රැල හිරේට දැම්මා නම්... නීතියක් නැති රට... මොන මැෂිම සවිකෙරුවත් වැඩක් නැහැ. කපුටු රල යන එනකොට... ඔය මැදින් වැඩ කරයිද? බොරු වැඩ නොකරන් රනිල්... ප්‍රධාන දේ. රටේ නීතියක් නෑ. තමන්ට ඕන ඕන විදියට ජීවත් වෙන්නේ... වැඩ කරන්නේ තියෙන කෙනා. කලින් හිටපු රටේ නායකයින්... මිනීමරුවන් නිදහස් කරලා. පොකට් පුරෝ ගත්තා. ලෝකයේ දියුණු රටවල් මේ වගේ දෙකේ වැඩ කරයිද?

:       6       16

Nimal Saturday, 27 May 2023 05:54 AM

අශ්වයා පැන්නාට පස්සෙද ස්ථාලේ වහන්නේ. ඕක කළින් හිතුනේම නැද්ද? ඔය පර්යන්තයෙන් එන අය තමයි... ලංකාවේ ඉන්න හොඳම හොරු ටික...

:       7       17

sam Saturday, 27 May 2023 06:46 AM

විදේශ රටවල බොහෝමයක විශේෂ මගී පර්යන්ත වල මෙන්ම අතිවිශේෂ මගී පර්යන්ත වලද අධි තාක්ෂණික ස්කෑන් පරීක්ෂණ යන්ත්‍ර සවිකර තිබේ, ලෝකයේ වෙනත් රටවල දේශපාලකයින් සහ ව්‍යාපාරිකයන් සහ විදේශ තානාපති සේවාවන් සඳහා පැමිණෙන පුද්ගලයින් VVIP- VIP සහ ඔවුන්ගේ පාස්පෝර්ට් කුමක් වුවද, පැමිණෙන සෑම පුද්ගලයකු සහ ඔවුන්ගේ හෑන්ඩ් ලගේජ් අධි තාක්ෂණික ස්කෑන් පරික්ෂණ යන්ත්‍ර තුළ පරීක්ෂාවකින් පසු ලබා දේ... සත්‍ය වශයෙන්ම එම ගමන් බෑග් සියල්ල පරික්ෂා කළයුතු වේ.

:       0       16

Samitha S. Aluthgamage Saturday, 27 May 2023 07:53 AM

දේශපාලකයා ආ ගිය සෑම තැනක්ම හොරකම, වංචාව හා බොරුව නිසා විනාශ වුණා. ඒ වගේම, දේශපාලකයන් නිසා රට, ජාතිය, ආගම හා පාර්ලිමේන්තුවත් වෙනත් බොහෝ තැන් හා දේත් පිරිහී විනාශ වුණා. හොරකම් කරන දේශපාලකයන් ප්‍රභූ පර්යන්තය යොදාගෙන හොරකම් කිරීම නිසා එහි ඇති ගරුත්වයත් නැතිව ගියා. එය දැන් හොරුන් අරක්ගත් පර්යන්තය බවට පත්වුණා.

:       0       26

prasanna Saturday, 27 May 2023 10:39 AM

රටේ හැම තැනම ඉන්නේ හොරු... ලොකු මැෂින් එකක් ගේන්න ඕනෑ කෝටි දෙකක්ම එකවර ස්කෑන් කරන්න පුළුවන්...

:       1       19

Warnasinghe Saturday, 27 May 2023 11:12 AM

මේ යන්ත්‍රත් නොරොච්චෝලේ වගේ හැමදාම කැඩෙන්න ගනීවිද?

:       2       13

C. K. Thalagala Saturday, 27 May 2023 11:16 AM

දැන් ඔය වංචා චෙක් කරන්න ගෙන්නන්න යන යන්ත්‍ර ගෙන්වද්දී හොරා නොකෑවොත්, මගේ කන් දෙක කපලා, මැෂින් එක දෙපැත්තේ එල්ලනවා.. ගොන්පාට් දෙන්න එපා... රේගුවේ අය එක්ක ෂේප් කරගන්න පුළුවන් නම් ඉතිං දේශපාළුවන් අවශ්‍ය දේ කරයි. මැෂින් අසරණයි...!

:       3       10

Roshan Saturday, 27 May 2023 01:05 PM

පාඨකයා මුලා කිරීමට ගෙනා තවත් යෝජනාවක්...

:       3       15

අබිලින් Saturday, 27 May 2023 01:16 PM

මෙපමණ කාලයක් දේශපාලුවන් හා ලොකු ලොක්කන්ට හොරකම් සඳහා ඉඩදී තිබුණු බව පෙන්වා දීමක් කියන්නත් පුළුවන්... හැමදාම පොඩි එවුන්ට ගහන එක තමයි වෙලා තියෙන්නේ...

:       1       8

පුරවැසියා Saturday, 27 May 2023 02:23 PM

අර්ජුන් මහෙන්ද්‍රන්ව ගමන් මල්ලක දාගෙන එන්න අමාරුයි. සිංගප්පූරු ගිය වෙලේ හම්බවුණේ නැතෙයි...

:       3       8

ගමේ එකාලා Saturday, 27 May 2023 04:43 PM

ලංකාවේ ප්‍රභූවරු නැහැ. ඉන්නේ දූෂිත දේශපාලුවෝ, මහාපරිමාණයේ හොරු. මීට කලින් දූෂිත දේශපාලුවෝ මොන මොන දේවල් ගේන්න ඇත්ද?

:       0       6

Shashika519 Saturday, 27 May 2023 05:43 PM

රනිල්ගෙ විශේෂ අමුත්තො එනකොට ඔය යන්ත්‍ර ඕෆ් කරලා පරීක්ෂාවට ඉන්න නිලධාරීන් හැංගෙන්න ඕනි හොදේ.. අර ඇමරිකන් ප්ලේන් එකෙන් ආපු කට්ටිය වගේ

:       0       0

Perera Sunday, 28 May 2023 01:21 AM

මෙහෙම අපතයින්ට ජාවරම්කාරයින්ට හොරුන්ට චන්දෙ දීලා බලයට පත් කරගත්තට රටේ බහුතර 69 ලක්ෂයට හොඳ වැඩේ. විඳව විඳව ඉන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 109 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 1422 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1228 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 713 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1782 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 88 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1546 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1435 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site