(විනීතා එම් ගමගේ)
සමාජ මාධ්‍යවල මේ දිනවල සැරිසරන වීඩියෝ පටයක දැක්වෙන ඊශ්‍රායල් ජාතික කාන්තාවක තවත් කාන්තාවකට මහ මඟ පෙරලාගෙන පහර දෙන වීඩියෝ පටයේ දැක්වෙන කාන්තාව ශ්‍රී ලාංකික කාන්තවකැයි මේ වනවිට හෙළීවී තිබේ.
ඇයට පහර දෙද්දී තවත් කාන්තාවක එය වීඩියෝ ගත කර මුහුණු පොතට එක්කර ඇති අතර පසුව ඇය එම කාන්තාව ගෙන් තොරතුරු විමසා තවත් වීඩියෝවක් මුහුණු පොතට එක්කර තිබේ.
මෙසේ පහර කන කාන්තාව ශ්‍රී ලාංකික කාන්තාවක වන අතර ඇය ගම්පොල පදිංචිකාරියක බවත් අවිවාහක තැනැත්තියක බවත් පැවැසේ.
වසර 14 ක් තිස්සේ ඊශ්‍රායලයේ සේවය කරන ඇය වසර හතකට ආසන්න කාලයක් වීසා රහිතව සේවයේ යෙදෙන බව ඇය පවසා ඇත.
ඇය තාවකාලිකව නිවෙස්වල සේවය කරන බවත් එසේ සේවයකළ නිවෙසක 86 හැවරිදි කාන්තාවකට සාත්තු කර ඇති අතර මාසික වැටුප ඉල්ලන්නට ගිය අවස්ථාවේ මෙසේ පාරට ඇදගෙන විත් පහර දී ඇතැයි මේ සිද්ධිය සම්බන්ධව සොයා බලා ඒ පිළිබඳ ලංකාදීපයට තොරතුරු ලබා දුන් ඊශ්‍රායලයේ සේවය කරන තවත් ශ්‍රී ලාංකික කාන්තාවක වන නාලිකා බේරුවලගේ මහත්මිය පැවැසුවාය.
මේ සම්බන්ධව ශ්‍රී ලංකා විදේශසේවා නියුක්ති කාර්යංශයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරි සහ මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙනිය මහතාගෙන් කළ විමසීමක දී ඔහු කියා සිටියේ ඒ පිළිබඳ කිසිවක් මෙතෙක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයට වාර්තා වී නැති බවය.
කෙසේ වෙතත් මේ සම්බන්ධව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් වාර්තාවක් ගෙන්වා ගෙන අවශ්‍ය පියවර ගන්නා බව ද ඔහු කියා සිටියේය.
කෘමි නාශක කළවම් කළ කල් ඉකුත් විමට ආසන්න කෝටි 15ක් පමණ වටිනා විස පාන්පිටි ගෝනි 10.000ක ආසන් ප්‍රමාණයක් ගනේවල්පොළ ප්‍රදේශයේ විශාල ගබඩාවක සඟවා තිබියදී සොයාගත
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ලක් කතකට ඊශ්‍රායලයේදී පහර දෙන වීඩියෝවක් අන්තර් ජාලයේ
Kumara Sunday, 02 May 2021 01:16 PM
ඉතාම කණගාටුදායක තත්වයක්...
Nihal Sunday, 02 May 2021 01:28 PM
බටහිර රටවල මේ වර්ගයේ කට්ටිය වීසා නැති අයගෙන් වැඩ අරගෙන ගෙවන්නේ නෑ.. මොකද නීති මගින් කටයුතු කරන්න බැරි නිසා රටක් නැති කාලේ දුක්විඳපුවා 1ක් මතක නෑ...