IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


රවී රිමාන්ඩ් කළේ ඇයි

(මනෝප්‍රිය ගුණසේකර)

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී විත්තිකරුවන් සිදුකළ ක්‍රියාවන් හේතූවෙන් රජයට විශාල පාඩු සිදුව ඇති බවත් ඒ හේතූවෙන් මහජනතාව මේ වන විටත් කැළඹීමෙන් පසුවන හෙයින් මෙම නඩුවේ සියළුම විත්තිකරුවන් නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ් බාරයට පත් කරන්නැයි නීතීපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලෙන් ඉල්ලා සිටියාය.

රජයට රුපියල් කෝටි 3700 ක පමණ පාඩුවක් සිදුකළ බවට හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 11 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ අධිචෝදනා පත්‍ර විත්තිකරුවන්ට බාරදීමෙන් අනතුරුව විත්තිකරුවන් රිමාන්ඩ් කිරීමට ඉල්ලීමක් කරන්නේද යන්න විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල පැමිණිල්ලෙන් විමසා සිටි අවස්ථාවේදී ඊට පිළිතුරු දුන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලෙන් එලෙස ඉල්ලා සිටියාය.

මෙම බැඳුම්කර වංචා නඩුව විභාග කිරීම සඳහා අගවිනිසුරුවරයා විසින් පත් කරන ලද දමිත් තොටවත්ත (සභාපති) මංජුල තිලකරත්න සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ (17) කැඳවනු ලබු අවස්ථාවේදී එලෙස ඉල්ලා සිටියාය.

කොළඹ මහාධිකරණ ලේඛාධිකාරිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහි අධිචෝදනා දැන්වීම් පසුගිය 12 වැනිදා අත්සන් කිරීමෙන් අනතුරුව අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් විත්තිකරුවන්ට සිතාසි නිකුත් කොට තිබු අතර ඒ අනුව විත්තිකරුවන් එකොළොස් දෙනාගෙන් විත්තිකරුවන් 09 දෙනෙකු අධිකරණයේ පෙනී සිටියහ.

2016 මාර්තු මස 12 වැනිදාත් මාර්තු මස 03 වැනිදාත් අතර කාලයේ කොළඹදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ භාණ්ඩාගාර බැදුම්කර නිකුතුවේදී භාන්ඩාගාර බැඳුම්කර වංචා කිරීම සඳහා පොදු අරමුණක් සහිතව කටයුතු කිරීම ඒ අනුව 2016 මාර්තු 29 වැනි දා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කළ බැදුම්කර වෙන්දේසියේදී රුපියල් බිලියන 36.89 ක් බැදුම්කර සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම එමඟින් රජයට පාඩු සිදු කිරීම, ඒ සඳහා අධාර අනුබලදීම ඇතුළු චෝදනා 32ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා ඇත.

මෙලෙස චෝදනා නඟා ඇත්තේ පර්පචුවල් ටේ‍රෂරීස් සමාගම, හිටපු මුදල් අමාත්‍ය රවීන්ද්‍ර සන්දේශ් කරුණානායක හෙවත් රවී කරුණානායක, ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති ලක්‍ෂමන් අර්ජුන් මහෙන්ද්‍රන්, එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් ඕෂධී පළිසේන, එම සමාගමේ සේවකයින් වන චිත්‍රා රංජන් හුලුගල්ල, මුත්තුරාජා සුරේන්ද්‍රන් සහ අජහාන් ගාර්දිය පුංචිහේවා ශ්‍රී ලංකා මහා බැංකුවේ නිලධාරීන් වන එස්. පදුමනාභන් සහ ඉන්දික සමන් කුමාර නමැත්තන්ය.

විත්තිකරුවන්ට එරෙහි චෝදනා ඔප්පු කිරීම සඳහා සාක්කිකරුවන් 59 දෙනෙකු හා ලේඛණ 127 ක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව නීතීපතිවරයා අධිකරණයට දැනුම් දී ඇත.

මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී නඩුවේ 03 වැනි විත්තිකරු ලෙස නම් කොට සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ 09 වැනි විත්තිකරු ලෙස නම් කර සිටින අජාන් ගාර්දිය පුංචිහේවා නමැත්තන් හැර සෙසු සියළුම විත්තිකරුවෝ අධිකරණයේ පෙනී සිටියහ.

අර්ජුන් මහේන්ද්රන් සහ අජාන් ගාර්දිය පුංචිහේවා නමැති විත්තිකරුවන් විදේශගතව සිටින හෙයින් ඔවුන්ට මෙම නඩුවේ සිතාසි බාර දීමට නොහැකි වූ බව රහස් පොලිස් නිලධාරීන් අධිකරණයට දැනුම් දී තිබිණි.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය අධිකරණය අමතමින් මෙම නඩුවේ ඇමණුම් හා ලේඛණ විශාල ප්‍රමාණයක් ඇති හෙයින් එම ඇමණුම් හා ලේඛණ මේ අවස්ථාවේදී අධිකරණයට ගෙනැවිත් නොමැති බවත් ඉදිරි නඩු දිනයේදී එම ඇමණුම් හා ලේඛණ විත්තිකරුවන්ට බාර දීමට අපේක්‍ෂා කරන බවත් මේ අවස්ථාවේදී විත්තිකරුවන්ට එරෙහි අධිචෝදනා පත්‍ර ඔවුන්ට බාරදීමට නියම කරන්නැයි ඉල්ලා සිටියේය.

ඒ අනුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් විත්තිකරුවන්ට අධිචෝදනා පත්‍ර බාරදුන්හ.

නඩුවේ 02 වැනි විත්තිකාර හිටපු මුදල් අමාත්ය රවී කරුණානායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශ්‍රවින්ද්‍ර ප්රනාන්දු මහතා කරුණු ඉදිරිපත් කරමින් විත්තිකරුට ලබාදී ඇති චෝදනා පත්රය සමඟ ඇමුණුම් නිසි පරිදි ලබා දී නොමැති හෙයින් එය අසම්පූර්ණ චෝදනා පත්රයක් වශයෙන් පිලිගන්නැයි ඉල්ලා සිටියේය.

මේ අවස්ථාවේදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පැමිණිල්ල අමතමින් විත්තිකරුවන්ට ඇපදීම සම්බන්ධයෙන් පැමිණිල්ලේ ස්ථාවරය කුමක්දැයි විමසීය.

ඊට පිළිතුරු දෙමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය අපරාධ නඩු විධාන සංග්රහයේ 450(6) වැනි වගන්තිය යටතේ නීතිපතිවරයාගේ අනුමැතියකින් තොරව මෙවැනි නඩුවක විත්තිකරුවන්ට ඇප දීම නොකළ යුතු බව සඳහන් කොට ඇතැයි කීවාය.

මෙම චෝදනාවන්ට අදාළ සිද්ධියේදී රුපියල් බිලියන 36.98 ක මුදලක් රජයට පාඩු වී ඇතැයිද මෙම නඩුවට පාදක වන අපරාධය තුළින් මෙරට ජාතික ආර්ථිකයට මෙන්ම සාමාන්ය ජන ජීවිතයට දැඩි අගතියක් සිදු වී ඇතැයිද මෙම අපරාධය සිදුවන සමයේදී නඩුවේ දෙවන විත්තිකරු රටේ මුදල් අමාත්යවරයා බවත් අදිකරණයේ පෙනී නොසිටින නඩුවේ තුන්වන විත්තිකාර අර්ජුන් මහේන්ද්රන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් කටයුතු කළ බවත් කීවාය.

මුදල් ඇමති සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා යනු රටේ ආර්ථිකය පරිපාලනය කරන ප්රධාන පුද්ගලයින් දෙදෙනෙකු බවත් ඔවුන් මහජන විශ්වාසය උපරිමයෙන් දිනාගෙන කටයුතු කළ යුතු වුවත් ඔවුන් මෙම අපරාධයට දායක වී තිබෙන ආකාරය පිරික්සීමේ දී ඔවුන් මහජන විශ්වාසය අපගමනය වන ආකාරයෙන් කටයුතු කර ඇතැයි ද කී නියෝජ්ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය රවී කරුණානායක මහතා මුදල් ඇමතිවරයා වශයෙන් කටයුතු කරන අතරතුර විත්තිකාර පර්පචුවල් ටේ‍රෂරීස් සමාගමේ මුදලින් ‘මොනෑක්’ නිවාස සංකීර්ණයෙන් නිවාස දෙකක් ලබා ගැනීම තුළින් ඔවුන් අතර තිබු සම්බන්ධය මොනවට පැහැදිලි වන්නේ යැයි කීවාය.

මෙම විත්තිකරුවන් ඇප මත මුදා හරිනු ලැබූවොත් ඔවුන් අධිකරණයට ගෙන්වාගැනීම සම්බන්ධයෙන් බරපතළ ගැටලුවක් මතු විය හැකි බවත් මෙම නඩුව ආරම්භ වීමෙන් අනතුරුව විත්තිකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොටුව මහේස්ත්රාත්වරයා වරෙන්තු නිකුත් කළ නමුත් එම වරෙන්තුව නිකුත් වී දින හතක් යනතුරු ඔවුන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වන සේ සැඟවී සිටි බවත් පැවසු හරිප්‍රියා ජයසුන්දර මහත්මිය ඔවුන් යළි එළියට පැමිණියේ ඔවුන් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණයෙන් රිට් ආඥාවක් ලබාගැනීමෙන් අනතුරුව යැයිද කීවාය.

විත්තිකරුවන් කළ මෙම අපරාධය හේතුවෙන් ජාතික ආර්ථිකයට මෙන්ම ජන ජීවිතයට ද දැඩි අගතියක් සිදු වූ බවත් ඒ හරහා රටේ පොලී අනුපාතය ඉහළ ගිය බවත් මේ තත්වය නිසා විශාල මහජන කැළඹීම් හටගත් බවත් එම මහජන කැළඹීම් මේ වන විටත් පවතින්නේ යැයිද බැදුම්කර වංචාවට සම්බන්ධ වූවන්ට දඬුවම් දෙන්නැයි මහජනතාව මේ අවස්ථාව වන විටත් දිගින් දිගටම ඉල්ලීම් කරමින් සිටින්නේ යැයිද කී හරිප්‍රියා ජයසුන්දර මහත්මිය මෙවැනි සියලු හේතූන් මත මෙම සැකකරුවන් ඇප මත මුදා හැරීම සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 450 (6) වගන්තිය යටතේ නීතිපතිවරයා සිය අනුමැතිය පළ නොකරන්නේ යැයිද කීවාය.

පොදු දේපළ පනත යටතේ මෙම නඩුවෙන් විත්තිකරුවන්ට චෝදනා එල්ල කර ඇතැයි කී නියෝජ්ය සොලිසිර් ජෙනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය එවැනි තත්වයක් තුළ සුවිශේෂී කරුණු නොමැතිව ඔවුන්ට ඇප ප්‍රධානය කිරීමට අධිකරණයට හැකියාවක් නැතැයිද කීවාය.

හිටපු මුදල් අමාත්ය රවි කරුණානායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශ්‍රවින්ද්‍ර ප්රනාන්දු මහතා කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකනිය්ට එරෙහිව ඉදිරිපත් කොට ඇති චෝදනාවන්ට ඇප නියම කිරීමට මෙම අධිකරණයට බලයක් ඇතැයි කීය.

තම සේවාදායකයා කිසිදු අවස්ථාවක අධිකරණය මගහැර පලාගොස් සිටි පුද්ගලයකු නොවන බවත් අසාධාරණ ලෙස තමන් අත්අඩංගුවට පත්වීම වළක්වා ගැනීම සඳහා ඔහු නීතියෙන් ඇති අයිතිය මත අභියාචනාධිකරණයේ පිහිට පැතූවේ යැයි කී ශ්‍රවින්ද්‍ර ප්රනාන්දු මහතා මෙම අපරාධයට සිදු වූ සමයේ තම සේවාදායකයා යටතේ මහ බැංකුව හා වෙනත් රාජ්ය බැංකු පාලනය වූ බව පැමිණිල්ලෙන් පැවසුවත් ඒ සියළු චෝදනා පදනම් විරහිත බවත් මහ බැංකුව හෝ වෙනත් බැංකු කිසිවක් තම සේවාදායකයා යටතේ පැලනය වුයේ නැතැයිද කීය.

වර්තමානයේ යම් යම් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නීතිපතිවරයා රූපවාහිනියෙන් ජනතාවට කරුණු කීම ඔහුගේ විනෝදාංශයක් බවට පත්වී ඇතැයි කමන්ට හිතෙන්නේ යැයි කී ජනාධිපති නීතිඥ ශ්‍රවින්ද්‍ර ප්රනාන්දු මහතා තම සේවාදායකයා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තරම් කිසිදු සාධාරණ හේතුවක් නොමැති හෙයින් ඔහු ඇප මත මුදාහරින්න්නැයි ඉල්ලා සිටයේය.

විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා ඇතුළු සෙසු නීතීඥවරන්ද කරුණු ඉදිරිපත් කරමින් අධිකරණයෙන් නිකුත් කළ සිතාසි වලට අනුව මෙම අධිකරණයේ පෙනී සිටින තම සේවාදායකයින්ට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියහ.

සවස 4.15 ට පමණ දෙපාර්ශවයේ කරුණු දැක්වීම් අවසන් වු අතර එම කරුණු දැක්වීම් සැළකිල්ලට ගත් විනිසුරු මඩුල්ල තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සවස 5.00 දක්වා කල් තැබිණි.

ඉන් අනතුරුව සවස 6.00ට පමණ යළි රැස්වු විනිසුරු මඩුල්ල මේ සම්බන්ධයෙන් දෙකට එත වශයෙන් බෙදුණු තීන්දුවක් ප්‍රකාශයට පත් කරන බව දැනුම් දුන්නේය.

ඒ අනුව මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා එක් තීන්දුවක්ද මහාධිකරණ විනිසුරුවරුන් වන දමිත් තොටවත්ත සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන මහත්වරු තවත් තීන්දුවන්ද ප්‍රකාශයට පත් කළහ.

මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා මුලින්ම සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පොදු දේපළ පනත යටතේ ඇප නියම කිරීමේදී ඇප පනත අදාළ නොවන බව සඳහන් කළේය.

ඒ අනුව නීතීපතිවරයාගේ අනුමැතියකින් තොරව මෙම නඩුවේ විත්තිකරුවන්ට ඇප ලබාදිය නොහැකි බව සිය තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කළ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඒ අනුව මෙම විත්තිකරුවන් රිමාන්ඩ් බාරයට පත් කළ යුතු බව සඳහන් කළේය.

මහාධිකරණ විනිසුරුවරුන් වන දමිත් තොටවත්ත සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන මහත්වරු ඉන් අනතුරුව සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පොදු දේපළ පනත යටතේ ඇප නියම කිරීමේදී ඇප පනත අදාළ වන බව සඳහන් කළේය.

ඇප පනත යටතේ මෙම නඩුවේ විත්තිකරුවන්ට ඇප නියම කිරීම සඳහා සුවිශේෂි කරුණු අවශ්‍ය වුවත් මෙම නඩුවේ විත්තිකරුවන් වෙනුවෙන් සුවිශේෂි කරුණු ඉදිරිපත් කොට නොමැති බවත් සඳහන් කල විනිසුරුවරු ඒ අනුව විත්තිකරුවන් රිමාන්ඩ් බාරයට පත් කළ යුතු බව සඳහන් කළේය.

මෙම නඩුව ලබන 23 වැනිදා යළි කැඳවීමට නියම කළ විනිසුරු මඩුල්ල විත්තිකරුවන් එදින තෙක් රිමාන්ඩ් බාරයට පත් කළේය.



අදහස් (15)

රවී රිමාන්ඩ් කළේ ඇයි

Senarath Thursday, 18 March 2021 03:21 AM

මේ චෝදනාවට වැරැදිකරුවන් වන උදවියට දඬුවම් පමුණුවලා විතරක් මදි. ඒ අලාභය හැකිතාක් දුරට මොවුන්ගෙන් අයකර ගන්නත් ඕනේ. ඒ මුදල් මහජනතාවගේ මුදල්.

:       0       53

Kamal KoyralaThursday, 18 March 2021 10:32 AM

ඔව් ඔව් සහතික ඇත්ත

:       1       3

Bandula Thursday, 18 March 2021 05:46 AM

ඇයි රනිල් වික්‍රමසිංහ... ඔහු මේකේ ප්‍රධාන චරිතයක්නේ...

:       2       47

Hafeel Thursday, 18 March 2021 06:51 AM

රනිල් රාජපක්ෂලාට කරපු කැපවීමට රනිල්ට එහෙම කරාවිද? අද රාජපක්ෂලා මෙහෙම රජ සැප විඳින්නේ රනිල් නිසා. මේ වෙලාවේ නිදොස්කොට නිදහස් වෙන්න, රනිල් නඩු ටික අවුරුදු පහක් ඇදලා දුන්නු එක මදිද?

:       3       37

Hafeel Thursday, 18 March 2021 05:58 AM

දැනට දේශපාලකයින් කිහිප දෙනෙක් බන්ධනාගාර ගත වෙලා. ඒ නිසා යොවුන් පාර්ලිමේන්තුව වගේ, දේශපාලන අපරාධකරුවන් වෙනුවෙන් බන්ධනාගාර තුළ නව පාර්ලිමේන්තුවක් පටන්ගත්තා නම් හොඳයි...

:       0       36

Perera Thursday, 18 March 2021 06:26 AM

රවිව රිමාන්ඩ් කළේ බයියන්ගේ සිත් පිනවන්න..!!! 

:       2       23

MaheshThursday, 18 March 2021 07:28 AM

ඇත්තටම රවී ඉන්නේ නිරෝධායනයේ. නිරෝධායනයෙන් පස්සේ ගෙදර. බයවෙන්න එපා. එයා හිරේ යන්නේ නැහැ. ඒක තමයි ඩීල් එක.

:       3       25

Bamunuarachchi Thursday, 18 March 2021 06:41 AM

ඔව්, අපි කොමිසමේ සාක්ෂිවලට අවදානය යොමුකරගෙන සිටියා. අපි දැක්කා අපේ රාජ්‍ය බැංකු අඩපන වෙන ආකාරයේ කටයුතුවලට රටේ මුදල් ඇමති හැටියට මොහු වැඩි පොලියකට ලංසු ඉදිරිපත් කිරීමට උපදෙස් දුන්නු ආකාරය...

:       4       11

elakiribandara Thursday, 18 March 2021 07:00 AM

නිසැකයෙන්ම සිරගත කළ යුතුයි.

:       0       8

Rata Perata Thursday, 18 March 2021 07:03 AM

මේ අධිකරණයම පොදු දේපළ යටතේ, සොහොන් සල්ලි මංකොල්ලකරු අත් අඩංගුවට ගන්න නියෝග කළේ නැත්තේ ඇයි?

:       4       15

BamunuarachchiThursday, 18 March 2021 11:17 AM

ඒවා මෙතනට අදාළ නැත. ඒවාට නීතිමය කටයුතු නොකර ඔහෙලා අවුරුදු 5ක් බලයේ ඉඳලා බම්බු ගැහැව්වාද?

:       4       4

Neela Thursday, 18 March 2021 07:11 AM

මෙහෙමත් කියයිද? රාජපක්ෂවරුන් කළ වංචා හා අපරාධ හේතුවෙන් ජාතික ආර්ථිකයට මෙන්ම ජන ජීවිතයට ද දැඩි අගතියක් සිදු වූ බවත් ඒ හරහා රටේ දරිද්‍රතාවය ඉහළ ගිය බවත් මේ තත්වය නිසා විශාල මහජන කැළඹීම් හටගන්නා බවත් එම මහජන කැළඹීම් මේ වන විටත් පවතින්නේ යැයිද සීනි හා තෙල් වංචාවලට සම්බන්ධ වූවන්ට දඬුවම් දෙන්නැයි මහජනතාව මේ අවස්ථාව වන විටත් දිගින් දිගටම ඉල්ලීම් කරමින් සිටින්නේ යැයිද හරිප්‍රියා ජයසුන්දර මහත්මිය කීවාය...

:       5       16

Raveendra Thursday, 18 March 2021 07:30 AM

ලෝකයේ සිටින ජරාම මෙන්ම වචනයේ අර්ථයෙන්ම අවංක මුදල් ඇමතියෝ සිටියෙත් මේ ලංකාවේය. උදාහරණ ලෙස ආචාර්ය ඇන් එම් පෙරේරාය මහත්මයා.. ලෝකයේ හොඳම මුදල් ඇමතියෝ යනු "කොහොමත්ම පට්ට හොරුන්ය". එවන් පාදඩ හොරුන් සිටින්නේත් මේ ලංකාවේය. මුන්දෑ නිදියනකොටත් ටයි කොට් කබා ඇගේ ඔතාගත් මේ රවී එයට හොඳම උදාහරණයකි.

:       3       10

siri Thursday, 18 March 2021 08:31 AM

"අර්ජුන මහේන්ද්‍රන් කනෙන් අල්ලාගෙන ඇදගෙන ඇවිත් දඬුවම් දෙනවා" කියලත් කිව්වා නේද? එයා කොහෙද දන්නේ නෑ නේද?

:       1       8

MDD Thursday, 18 March 2021 05:35 PM

අර්ජුන් මහේන්ද්‍රන් කියන්නේ රනිල්ගේ පුද්ගලයෙක්... අර්ජුන එනකම් රනිල්ව අත්අඩංගුවට ගත යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 671 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 250 0

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 309 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 281 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 475 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 4048 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1416 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site